July 26, 2015

උඹට දැන් සතුටුද..?


උඹ මට වඩා වැඩිමහල් උනේ මාස දෙකකට 
උඹයි මමයි හිටියෙත් ගහට පොත්ත වගේ..
ඉස්කෝලේ ගියේ
වල බැස්සේ
කෙල්ලෝ පස්සේ ගියේ 
කොල්ලෝ එකක්ක වලි දාගත්තේ
ගෙදර හොරා අඩියක් පුඩියක් ගැහුවේ
අපි එකට...
ලොකු අප්පු...

July 24, 2015

යමක් ලිවීමට උත්සාහයක් | Try to write something

ජෙම් මේ දින ටිකේ exam එකක්ට ready වෙනවා. ඒ නිසා මේ දවස් ටිකේ ලියන එකක් නැහැ. මටත් ලියන්න ආසාවක් තියෙන නිසා මමත් ලියන්න හිතුවා. අවධි උන ගමන් ජෙම්ස් ගැන මතක් වුන නිසා එයා ගැනම ලියන්න හිතුවා.

ජෙම්ස්.. නැතිනම් අප්පු. මම ජෙමා කියන නමට ඒ තරම් කැමැත්තක් නැති නිසා මම එයාගේ අම්මි වාගේ අප්පු කියලාම කියනවා හොදේ. මට මුලටම එයාව දකින්ට ලැබුනේ කැම්පස් එකේදි. ඒ වෙලාවේ දී නම් එයා ගැන මට මොනවත් හිතුනේ නැහැ. ඒත් මම නිසා එයා රැග් වෙච්ච එක නම් මට හොදට හිතට කා වැදුණා. මමත් දනේනෙම  නැතිව ආදරයකට පෙරලුණා. එදා මෙදා කාලේ ඇතුලත මට අප්පු ගැන කියන්ඩ තියෙන ප්‍රදානම දේ, අප්පු හරිම කුකුල් කේන්ති කාරයෙක්. ඒ වගේම ගොඩක්ම හිත හොද කෙනෙක්. ඒ වගේම එක්තරා විදියක පිස්සෙක්. හරිම හිතුවක්කාරයෙක්. එ නිසා වෙන්න ඇති අප්පුගේ අම්මි එයාට කියන්නේ හිත හොද පිස්සා කියලා. එමෙන්ම මට හිතෙනවා අප්පු මට හොද මහත්තයෙක් වෙයි කියලාත් මට හිතෙනවා.

Special ම දේ තමයි අප්පු එයාගේ අම්මිටයි තාත්තිටයි පුදුම ආදරයක් තියෙන්නේ. අප්පුගේ තාත්තිත් army officer කෙනෙක්  නැති වෙලා තියෙන්නේ යුද්දෙදි. මෝටර් එකක් වැදිලා කියලා තමයි අප්පු කියලා තියෙන්නේ. අම්මි නං VOG  කෙනෙක්. අප්පුගේ අම්මි නිතරම වගේ කියන දෙයක් තමයි අප්පුත් කවදා හරි අප්පච්චිටත් වඩ ඉහලට යාවි කියලා. මම අප්පුගේ තාත්තා දැකලා තියෙන්නේ photographs වලින් විතරයි. හරිම Glorious Look එකක් තමයි තියෙන්නේ. අප්පුටත් ඒ ආකාරයටම ලැබිලා තියනවා. අප්පු තවමත් එයාගේ තාත්තිගේ අර උස boots තියෙන්නේ එයින් දෙකක් polish කර කර එයාගේ room එකේ තියන් ඉන්නවා ගෙදර.

එයාගේ ගොඩාරියක් ලොකු වැරදි දේ නැහැ. smoke කලා කැම්පස් කාලේ ඉදංම. මම කොයිතම් නම් කිවත් නැවැත්තුවේ නැහැ. ඒත් අප්පුගේ බාප්පගේ දෝනි නිසා එයා ඒක නවත්තලා තිබුණා. එයා එදා මමත් එකක් Skype call එකේදි ඒක කිවාම මම තරම් සතුටු උනේ නැතිව ඇති වෙන කවුරුවත්. අනික් එක තමයි drinks ගන්න එක. ඒකත් එයා ඉක්මනටම නවත්තාවි කියලා හිතනවා. එත් මම ඒක නවත්වන්න කියලා බලපෑම් කරන්නේ නැහැ එයාට. අප්පුම හිතලා නවත්වයි. ඉන් පස්සේ අනික තමයි ඉක්මනට කේන්ති එන එක. දෙයියනේ ඒ වෙලාවට නම් මම හරිම බයයි. කැම්පස් කාලේ ඉදන්ම. අනික් දෙය තමයි මිනිස්සුන්ව ඕනිවට වඩා විශ්වාස කරනෙක. ඒ නිසාම අප්පුට ගොඩක් ලොකු දේ වලට මුහුන දෙන්න සිද්ද වෙලා තියනවා.

අනික් දේ තමයි මම චුට්ටක් වත් කැමති නෑ අප්පුත් ආර්මි එකේ ඉන්න එකට. ඒත් ඒක අප්පුගේ ආෂාව නිසා මමත් එ ගැන සතුටෙන් බලන්න පුරුදු වෙනවා. ඇත්තම කියනව නම් මම ආර්මි එකට බයයි වගෙ. ඒ උනාට අප්පු uniform එක ඇදලා ඉන්න වෙලාවට හරිම හැඩයි. ආඩම්බරයි.

හිතුව තරම් මේක ලියන එක පහසු නැහැනේ අයියො. පැයක් තිස්සේ ලියලත් මෙච්චරයි ලියන්න පුලුවන් උනේ. lectures යන්නත් ඕන. ආයෙත් දවසක ලියනවා.

July 23, 2015

බතාගේ කොත්තුව



හරි.. දැං කියන්න යන සීන් එක උනේ 2009 අවුරුද්දේ විතර. කතාවේ කතා නායකයා බතා (බේබදු ජෙමා පෝසට් එකේ බතා ගැන කියවුනා වගේ මතකයි) ඔන්න අපේ ගමේ හිටිය ලොක්කෙක් නැති උනා. පොර කූරියා ගැහුවේ බේබදු කම නිසා. බැළුවොත් ඇත්නම් කෂිප්පු සෙන්ට් එක ගහගෙන ඉන්නේ.

මොනවා උනත් ලොක්කා ගමේ බැහැලා වැඩ කරපු කෙනෙක් නිසා ලොක්කාගේ මරණෙටත් සෑහෙන්න සෙනග හිටියා. ඉතිං අපි කොල්ලෝ සෙට් එක තමයි රෑ කොඩි දාන්න සෙට් වෙලා හිටියේ. කොඩි දාන අතරතුරේ අපේ බතාට එනවා කොත්තු බඩගින්නක්. ඕක කිවා විතරයි අපි හිටිය ඉතුරු සෙට් එකත් එකෙන්ම ඕකේ...

ඔන්න සෙට් එකම ගියා නයිට් කඩේට. ගාලු පාර අයිනේම තියන එකක්. ඔන්න කට්ටියම කොත්තුත් කාලා ප්ලේන්ටියත් ගහනවා.. මෙන්න යකෝ එක සැරේම බතා කෑ ගහනවා...

ඇකේයියා...!! (බතාගේ කටේම තියන ඌටම ආවේනික වචනයක්)
මොනවද යකෝ මේ හොදි එකේ තියෙන්නේ. මේ ජරාවද බං අපි කෑවේ..

අම්මා ගහයි...!

හොදි දාලා තිබිච්ච එකේ කැරපොත්තෙක්. ඕක දැක්කා විතරයි සෙට් එකටම ඌරු ජුවල්. එකෙක් මුදලාලියාට කේස් එක අදිනවා. තව එකෙක් 119 ගහන්න හදනවා. මුදලාලියා අපිව ෂේප් කරලා යවන්න හදනවා....

ඔය සේරම සීන් අතරේ බතා විතරක් සද්දේ වහලා පැත්තකට වෙලා බලං ඉන්නවා.. ඕක චෙක් වෙලා රමිත් මලයාට. පොර මට ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවා බතාව. ඔන්න මටත් වැඩේ නෝට්. මමයි රම්ත් මලයයි බතාව නෝට් කරනවා මැන්ස්ට චෙක්. පොරත් ටික්ගාලා ඇහැක් ගැහුවා... ඔන්න එතකොට තමා තේරුනේ මෙතන මොකක් හරි අටමගලයක් තියනවා කියලා...

කොහොම කොහොම හරි කාපු කොත්තු වලට සල්ලිත් නොදි, මුදලාලියාගෙං ගානකුත් කඩාගෙන සෙට් එක එන්න ආවා. එන අතරතුරේ එකෙක් කියනවා....

නෙද්දකිං යකෝ.. අප්පිරියාවක් නැතිව කොත්තුවක් වත් කන්න කඩයක් නෑනේ බං. අරුංගේ $@##%^$#@% #$%ඔ#$ඔ #$උඔ#$%^@#$% 
(අම්මමෝ නැතිව මුදලාලියාගේ හත්මුතු පරංපරාවම සිරිපාදේ කරුණා කරවනවා අවාරේම)

ඕක අහං ඉදපු බතා...

(නෝන්ඩ් හිනාවකුත් දාලා) ඇයි බං අද කෑව නයිට් කඩේ තියෙන්නේ... ඒකේ කොත්තුවට ගහන්න කොත්තුවක් නෑ...

ඔව් ඉතිං කැරපොතු පේස්ට් එකත් එක්ක නිසා එළටම ඇති... (රමින් මලයාගෙන්)

පිස්සුද යකෝ..! ඒ කැරපොත්තා බිම ගිය එකෙක්... මම ඌට ෂොට් එක දීලා හොදි එකට දැම්මේ...
කට්ටිට ෆුල් අන්දොස්...!!


ඔහොම හිටපියව් තක්කඩි...!!

අම්මා ගහයි බැට් එකෙං කිවලු... අපි එච්චර වෙලා කදේ දාගෙන හිටියේ නයිට් කඩේ ලග තිබුණු බස් හෝල්ට් එකේනේ. කඩේ ගෝලයෙක් අපේ කතාව සේරම අහං ඉදලා. දැං අපිට නෙලන්න පන්නනවා.

හෙහ් අල්ලයි අපේ නැට්ට...!!
සියළු දෙවි දේවතාවුන් සිහිකර රනවේ ගාමිණි තමයි...!





July 22, 2015

වදින එකෙක්ට වදින්න...!!

මම කලිනුත් කිවනේ.. මම බ්ලොග් ලීවේ මම උ.පෙ කරන කාලේ ඉදන්. මට බ්ලොග් ලිවිල්ල එපා උනේ පිස්සු බල්ලෙක් පිස්සු තද උනා වගේ හැම තැනම කක්කා කර කර ගිය නිසා. ගද ගහන්න ගත්ත නිසා. ඉතිං විනෝදෙට ලියපු බ්ලොගේ නිසා හිතේ කේන්තිය ඕන නෑනේ කියන හැගිම ආව නිසා ඒක අයින් කරලා දාලා හිටියා.

ඒත් කාලෙකට පස්සේ ආයෙමත් බ්ලොගයක් ලියන්න ඕනි කියලා හිතුන නිසා පටං ගත්තා මේ ජෙමාගේ හතරවරං. ඒ කලිං වගේ මගේ රියල් නේම් එකෙං නෙවෙයි. ෆේක් නේම් එහෙකිං. කලිං පරිප්පුව මතක නිසාම මුල ඉදංම මොඩරේෂන් ඇක්ටිවේට් කරලා පටං ගත්තේ...

අයින් කරපු බ්ලොග් එකේ වගේම එක සැරේටම ජෙමාගේ බ්ලොග් එකේ පිස්සු බව්වෙක් කක්කි දාන්න පටං අරගත්තා. වෙලාවට මම මොඩරේෂන් දාලා තිබුනේ. මුලටම කක්කා බෙට්ට වැටිලා තිබුනේ ජෙමා ආර්මි ඔෆිසර් කෙනෙක් කියලා පබ්ලිෂ්  වෙච්චි වෙලාවේ. ඒ වෙලාවේ මට අපේ විචාරක සර් කිවා “පුතා දැන හෝ නොදැන උඹ ආර්මි ඔෆිසර් කෙනෙක් කියලා පබ්ලිෂ් වෙච්ච එක සෑහෙන්න අවාසියක්“ කියලා. මට ඒක ඒ වෙලාවේ ගානක් නැති උනාට දැං විචා සර් එහෙම කීවේ ඇයි කියලා දැන් හොදට තේරෙනවා.

July 21, 2015

මීනී මරුවෙක් වීමි...


ඔව් මම මිනී මරුවෙක්...
මම ඌව මැරුවා...
මරලා අඩි 6 කටත් වඩා යටට වැලළුවා...
ආයේ නැගිටලා හමාරයි ඒකා..

තනිකම..!!
ආයෙත් උඹ නැගිටලා හමාරයි..!
---ට්‍රැවලිං ටූ ලබුදූවේ අත්තම්ලාගේ ගෙදර විත් අම්මි







 
ප.ලි 
කාලෙකිං අම්මි ඩ්‍රයිවිං සීට් එකේ. කුරුදුගහහැතැක්ම පිටවීම පසු කරමින්. අම්මිත් සෙල්ලං නෑ. පාගනවා ලෑල්ටම.


 

July 20, 2015

ජිංක චිකා ජිංක චිකා.... මම දින්නා...




ඔව් යාළුවනේ මම දින්නා.. මම හිතුව විදියටම මැණිකේ නෑ නෑ බට්ටිච්චි මගේ උනා. හැබැයි බට්ටිච්චි එක සැරේම මට දිනුම දුන්නේ නෑ. බට්ටිච්චි හොද ගනං කාරියක් වෙලා. හිටියට වඩා ටිකක් නපුරුත් වෙලා.

බට්ටිච්චිගේ උපන් දිනේ 2015/07/20 නේ. ඉතිං මම උදේ පාන්දර 12 පහුවෙලා ටික වෙලාවකින් ගත්තා ස්කයිප් කෝල් එකක්. අරගෙන ටික වෙලාවක් කතා කර කර ඉදලා. එක සැරේම කිවා

මැණිකේ මම ඔයාට ආදරෙයි කියලා...

කෙල්ල ටික වෙලාවක් මගේ දිහා පුදුම වෙලා වගේ බලං ඉදලා.....

** ඔයා හිතුවද මම රූකඩයක් කියලා. ඔයා මාව එපා කියලා කොච්චර කාලයක් වෙනවද? දැන් මොකටද මාව ඕනි.. බ්ලා බ්ලා බ්ලා...

අම්මට සිරි. මාව නිකං කරකවලා අතෑරියා වගේ. කියන්න දේවල් තිබුණත් කටින් වචන පිටඋනේ නෑ. කල එකමදේ තමයි ලැප් එකයි, ෆෝන් එකයි ඕෆ් කරලා දාලා ඇද බදාගන්න එක. ඇත්තම කීවොත් කාලෙකට පස්සේ මගේ ඇස් දෙකට කදුලක් ආවා. නිදිමතක් කියලා නාමයක් තිබුණේ නෑ. කොහොම හරී උදේ උනා. ලෑස්තිවෙලා ඔෆිස් එකටත් ගියා.

9ට විතර ඔෆිස් එකේ කොල්ලෙක් එනවා ඔෆිස් සීඩීඑම්ඒ එකත් අරං...

සර්ට ගෙදරිං කෝල් එකක්...

කෙලියා නේද මහරජ, ෆෝන් එක තාම ඕෆ් නේ.. බැලින්නම් ගෙදරින්...

මොනවද දරුවෝ ෆෝන් ඕෆ් කරන් කරන්නේ. දැංම ඕන් කරනවා. අපි මෙහේ ගිණි පත්තු වෙලා.

අම්මා ගහයි.. නිකං චීන පටස් කන ලග පුපුරනවා වගේ.

කෑ ගහන්නේ නැතිව මොකක්ද කේස් එක කියලා කියන්නකෝ අම්මි...

කෑ ගහන්න නෙමෙයි. ෆෝන් එක ඕන් කරලා බලනවා...