January 18, 2016

අපි සිංහලේ | නරි බුරති - වදින එකෙක්ට වදින්න



මේ වෙනකොට ලංකාවේ පට්ට දේශප්‍රේමින් ටිකක් බිහි වෙලා තියෙන්නේ. කොටින්ම කිවොත් පුරන් අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා, එකී මෙකී නොකී වීරවරයොන්ටත් වඩා පට්ටම පට්ට සෙට් එකක් තමයි ඉන්නේ. නිකමට සෝෂල් මීඩියා වලට ලොග් උනොත් බුරුතු පිටින් බලා ගන්ඩ පුළුවනි.



අළුත්ම ට්‍රෙන්ඩ් එක අපි සිංහ ලේ, සුපිරි සංකල්පයක්. මමත් මගේ අහිංසන පැන්ඩගේ ගහලා තියෙන්නේ. ඒත් මම නිකමට දෙයක් අහන්නම්, ඔය අපි සිංහලේ කියලා ගහන් ඉන්න එව්වොන්ගෙන් කී දෙනෙක්, ආයේමත් ලංකාවේ සිවිල් යුද්ධයක් ඇති උනොත් (දෙවියන්ගේ නාමයෙන් ආයේමත් එහෙම වෙන්ඩ එපා) රට රකින්ඩ ඒවිද?  100 ක් ගත්තොත් 25 දෙනෙක් ඒවි කියලා මම නං හිතන්නේ නෑ.  මග තොටේදී අහිංසකයෙකුට මොකක් හරි අසාධාරණයක් උනොත් ඒකට විරුද්ධව ඉදිරිපත් වෙයිද? වැඩිය ඕනි නෑ.. බස් එකකදි වයසක මනුස්සයෙක්ට සීට් එකක් දෙන්නේ කීයෙන් කීදෙනාද? නිකං පඩ ෂෝ එකට, තමන්ගේ එෆ්බී පේජ් එක හිට් කරගන්ඩ සීන් දානවා. තේරෙන භාෂාවෙන්ම කිවොත් මම නං ඒවට කියන්නේ පුකේ නාඩංග කියලා



මම දෙයක් කියන්නම්. මට නං හිතෙන්නේ ලංකාවේ උන් සේරගේම තියෙන්නේ සිංහ ලේ. ඒක බුද්ධාගම් මනුස්සයා, කතෝලික මනුස්සයා, හින්දු මනුස්සයා, මුස්ලිම් මනුස්සයා කියලා වෙනසක් නෑ. ලංකාවේ හැම එකාම සිංහලේ.

සිංහලේ බුද්ධාගම්,

සිංහලේ කතෝලික,

සිංහලේ හින්දු,

සිංහලේ මුස්ලිම්.



හැබැයි සිංහලේ අපි අතර හරක් ලේ තියන උනුයි, මොංගලේ තියන උනුයිත් ඉන්නවා. අන්න ඒක තමයි මෙතන තියන කොස්ස. දෙයක් අපි කිසි එකෙක්ට කිසිම සාධාරණාත්මක අයිතියක් නෑ කිසිම ජාතියකට ඇගිල්ල දික් කරන්ඩ. මොකද කියනවා නම් හැම ජාතියකම ඉන්නවා ජාතිවාදී නරි පාවාදෙන්නෝ. මතක නැත්නම් මතක් කරගනිල්ලා අපි අතරේ රටට කෙලවන්ඩ සිංහල කොටි හිටියා, ඒවගේම මේ රට රකින්න කර්නල් ලෆිර් ලා වගේ උත්තම පුරුෂයොත් හිටියා.



මොනවා උනත් මේ වෙනකොට ඇන්ටි මුස්ලිම් රැල්ලක් ඇතිවේගෙන යනවා වගේත් තේරෙනවා. ඒත් ඒ ඇන්ටි මුස්ලිම් රැල්ලට වඩා වේගෙන් මුසල්මානුවොන්ගේ පැතිරීම ඉක්මන් වෙලා තියනවා. නිකමට හිතලා බලන්ඩ කොළඹ ඉදන් ගාල්ලට යනකොට ගාලු පාරේ කලුතර, බේරුවල, මග්ගොන, අලුත්ගම, බලපිටිය වගේ ටවුන් වල සිංහල කඩ වලට වඩා තියෙන්නේ මුස්ලිම් කඩ. හැබැයි එහෙම වෙන්නත් සිංහල ව්‍යාපාරිකයාත් වග කියන්ඩ ඕනි. නිකමට හිතලා බලන්ඩ සිංහල කඩේකට ඇදුමක් ගන්ඩ ගියාමයි, මුස්ලිම් කඩේකට ඇදුමක් ගන්ඩ ගියාමයි තියන වෙනස. අපේ මිනිස්සු කරන්නේ ඕන නම් බලලා ගනිං නැත්නම් පලයං. ඒත මුස්ලිම් මුදලාලි කරන්නේ අපිට හරියන ඇදුම නැත්නම් වෙන එකක් හරි ඇගේ ගහලා එවන ජාතියේ වැඩ. අන්න එතනයි අපේ කෙල උනේ.



ම්ම්.. මම තව දෙයක් අහන්නම් නිකමට

අපි මාසෙට කීසැරයක් පංසලට යනවද

මාසෙට කීසැරයක් පල්ලියට යනවද

මාසෙක කීසැරයක් කෝවිලට යනවාද...

හිතලා බලන්ඩ අතේ ඇගිලි ගානටත් වඩා අඩුයි නේද, ඒත් මුස්ලිම් මිනිහා..?



වරද තියෙන්නේ අපේ අතේ. කාටවත් ඇගිල්ල දික් කරලා වැඩක් නෑ.



දැන් ඉතිං ගහපියව් ගල්. තෝ කතෝලිකයා. තෝ දන්න මොන ඇටිකෙහෙලක්ද කියලා.



මම දෙයක් කියන්නම් මම ගැන. අපේ බහුතරයක් බුද්ධාගම් අයට වඩා කතෝලික වෙච්ච මම බුදුරාජණන් වහන්සේගේ ධර්මයට අනුව ජිවත් වෙනවා. උන් වහන්සේ දේශනා කරලා තියන ආමිස පූජාවෙන් වගේම ප්‍රථිපත්ති පූජාවෙනුත්.


ඔන්න මම ගියා.

January 14, 2016

PA Chaya හෙවත් පචයා



ඔන්න හා හා පුරා කියලා අද ලියන්ඩ හදන්නේ අපේ සෙට් එකේ ඉන්න සුපිරි බුවෙක් ගැන. සුපිරි කියන්නේ මේකා ගහේ බඩ්ඩක්. ඇත්ත නම කියන්ඩ නම් බෑ. මොකද ඒකා මේ පෝස්ට් එක දැක්කොත් මට බඩු බනිස්. දෙකක් නෑ. කෙසෙල් නැතිව බඩු බනිස්.

මේකාගේ වාස භවන පිහිටලා තියෙන්නේ අම්පාරේ. අම්පාරේ කිවට අම්පාරෙනුත් එහා පට්ට ඩොටේ.

මේකාගේ අම්මා මේකාට රංකිරි කටගාලා තියෙන්නේත් මුලටම බත් කවලා තියෙන්නේත් පට්ටම පට්ට නැකතක. කාක නැකතේ වෙන්ඩ ඕනි මම හිතන්නේ. කියවන්ඩ ගත්තොත් නම් මයික් එක වෙන එකෙක් අරගෙන බොරු. නියම කයිතං. ඒවගේම තමයි කට ඇරියොත් ගල් පැලෙන පචයක්ම තමයි අතාරින්නේ. ඒ වගේම නොදන්න දේකුත් නෑ. දන්න දේකුත් නෑ..

මිනිහ ඇවිල්ලා පට්ට ක්වික් පොරක්. ඔන්න මම උදේ අවදි වෙනවා. වොෂ් රූම් එකට යනවා. එතකොටත් පචයා නිදි. වැඩේ කියන්නේ මම වොෂ් දාන් රූම් එකට එනකොට ඒකා වොෂ් දාන් යුනිෆෝම් ඇදන් ඔෆිස් එකටත් ගිහින්. ඒකාට උදේට නැගිටලා දත් මැදලා නාගෙන යුනිෆෝම් ඇදගෙන රෙඩි වෙන්ඩ උපරිම විනාඩි 5යි යන්නේ.

දැන් කියන්නම් ඒකාට පචයා කියන නම රෙජිස්ටර් වෙන්ඩ හේතුව. මේකා මොකක් හරි ට්‍රේනිං එකකට කටාර් වල ඇමරිකන් බේස් එකට ගිහින් තියනවා සති දෙකකට. ඉතිං මේකා කියනවා සුපිරි කතාවක්.

“මචං ඇමරිකන් බේස් එකේ පට්ට වැඩ්ඩෝ බං ඉන්නේ, උං මචං හෙන බිත්තියක් කපරාදුවක් ගැහුව පැය 12න්. සිමෙන්ති කොට්ට 25. බාස් කෙනයි, ගෝලයෝ දෙන්නයි“

අනේ ඉතිං ඕක කියලා ඉවර වෙනකං විතරයි ඒකාට ඉන්ඩ පුළුවන් උනේ. ඊට පස්සේ ඉතිං ඒකා රස පදමට හැදුනු සුපිරි බයිට් එකක්.

ඒ වගේම ඒකා ඇවිල්ලා සුපිරි බඩු කාරයෙක්. (ඒකා කියන විදියට, අපි දන්න තරමින් කෙල්ලෙක්ගේ තියා මැරිච්ච ගැණියෙක්ගේ වත් අතකින් අල්ලා නෑ) ඔන්න දවසක් ඒකා නිවාඩු ගිය දවසක ගිහිල්ලා උන්ගේ පැත්තේ තියන ඩෑම් එකක් ලග නාන්ඩ. ඒ වෙලාවේ එතනට කෙල්ලෝ සෙට් එකකුත් ඇවිල්ලා හිටියලු. කොහොම හරි ඔතන ඉදපු කෙල්ලක් මූට සෙට් වෙලා මූ ඩෑම් එක ලග තිබුණු ලන්දකට කවර් වෙලා අහවල් වැඩෙත් කලාලු. මේකා කියන්නෙත් හොදට ලුණු ඇඹුල් එහෙම දාලා රස කර කර. අපිත් ඉතිං ගොනා සහ තනකොල සේ අහන් හිටියා. ඔය අතරේ හිටියා ඒ පැත්තේම තව ඔෆිසර් කෙනෙක්. ඒකා ටිකක් කල්පනා කර කර ඉදලා කියනවා “සර්, සර් ඔය කියන හරියේ අහවල් වැඩේ කරන්ඩ තියා කවර් වෙලා පම්ප් එකක් වත් කරන්ඩ ප්ලේස් එකක් නෑනේ..“

අනේ ඉතිං නැවතත් කටගැස්ම...!

ඔන්න තවත් දවසක්, මෙස් එකේ පොඩ් බර්ත්ඩේ පාර්ටි එකක්. මේකා කියනවා “මචං අපි ගසමු කරටි කැඩෙන්න, මට නං කිසි ගේමක් නැතිව වොඩ්කා තුන්කාලකට එහා වගකියනවා මචං.“ අපිත් හරි බලමුකෝ කියලා වැඩේ පටාන් ගත්තා. මේකා වොඩ්කා දැම්මා ග්ලාස් එකට. සැන්ඩි දැම්මා කට කපලා, චියර් කලා. ගුඩු ගුඩු ගාලා ඇදලා දැම්මා. ග්ලාස් දෙකයි

එක්කියුස්මි සර්... ඕක් ඕක් ගානවා කියන්නේ පදුරක් එහා පැත්තේ...

අනේ ඉතිං පහුවෙනිදා පචයා පව්....

ම්ම්ම්... මම හිතන්නේ දැනට පචයා චරිතාපදානය නැවැත්තුවා නම් හොදයි.
ඉදිරියේදිත් පචයානුස්මරණ චරිතාපදානයක් ලියවෙයි සමහරවිට.

ගෙහුං එංඤඤං....

January 13, 2016

හුටස් !


යකඩෝ..
ජෙමාගේ තිප්පොලේ තියන දූවිලි, මකුණු දැල් කන්දරාව. සුද්ද පවිත්‍ර කරලා මන්ස්ස වාසයට සුදුසු තැනක් කරලා ගන්ඩ ඕනි. ඇයි හත්වලාමේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25ට පස්සේ බ්ලොගිය පැත්ත පලාතේ පස් පාගලා නෑ. බට්ටිච්චි ලෙසටම නාහේ විදලා තියනවා ඕං...
ගෙහුං එඤ්ඤං..