July 11, 2015

ඇඩෙනවා තනි ඇහැට..

මේ දවස් වල නං විවේකයක් නෑ අප්පා... මගුලේ චන්දයක් ඇවිත්. ඒ මදිවට එෆ්බි එක පැත්තේ වත් එන්න හිතෙන්නෑ... 
ඇයි යකෝ බලන බලන තැන චන්දේ... 
යකෝ මුංට වෙන වැඩක් නැතිද මංදා... 
බයියොයි, ගොයියොයි, ටොයියොයි කියා‍ගෙන සාටක මාමාටයි, අර මොකක්ද අමුතු ඇදුමක් ඇන්ද මාමිටයි හුරේ කඩේ යනවා. තව රැවුල තියන මාමා කෙනෙකුත් ඉන්නවා දැක්කා. එකසියගානට දේශප්‍රේමියෝ. වැරදිලාවත් යුද්ධයක් ඇවිත් රට වෙනුවෙන් සටන් කරන්න එන්න කියලා කීවොතින් මැක්කෙක්වත්නෑ.
ආච්චිගේ සෙද්ද..!



හොදම සීන් එක ඒක නෙවෙයි.
ලයික්, කමෙන්ට්ස් හිගා කනවා එෆ්බී එකේ. 
විලි ලැජ්ජාවේ බෑ. 
මම එෆ්බී එකේ ඉන්න ෆේක් අකවුන්ට් එකේ ඉන්න එව්වෝ මැසේජ් එවනවා එකසියගානට ලයික් කරපං, කමෙන්ට් එකක් දාපන් කියලා. උඹ ලයික් කලොත් උබ දාන එව්වාටත් ලයික් වැසි වස්සවනවා, මාර කෙලියක් ඒක.



හත්ලාමේ උං එකෙක්ට වත් තේරෙන්නැද්ද මංදා සකර්බර්ග් ගොයියා ලයික් කමෙන්ට් කියලා ඔප්ෂන් දෙකක් දැම්මේ තමන් කැමති නං  විතරක් ලයික් කමෙන්ට් කරන්න කියලා. යකෝ අකමැති දේකට  මොන මගුලකට ලයික් කරන්නද?

යකෝ කොටියා කෑවත් අකමැති මගුලවල් වලට ලයික් කරන්නෑ..


අනික් සින් එක තමයි, 
උපතිංම එන ඩිෆෝල්ට් ටූල් සෙට් එක මූණු පොතට විතරක් වෙනස් කරං, 
හායි මෙයා.., 
අලෝ... 
අනා... කියාගෙන ඉන්න කෙලි රූප දාං ඉන්න උං.
මෙන්න යකෝ උං කුණුහරුප ඉන්බොක්ස් කරනවා.මයිල් ඉස්මයිල් වෙනවා. ඒ වගේ උංට අදාල පිතූරයක් සෙව්වා දාන්න ගූගල් දෙයියා දෙන පිංතූර මේකේ දාන්න බෑ 18 ++ වෙනවා.
(ියැප්කැ - ඔය වචනේ ඉංගිරිසියෙං ගහලා ඉමේජ් සර්ච් කරලා බලන්න ගූගල් දෙයියා උදාහරණ පෙන්නාවි. පොඩි උං සහ බවලත් උදවිය එහෙම බලනවා නෙමෙයි. බලලා ජෙමා වල් ජෙමා කියනවත් නෙමෙයි ඕං..)

හයියෝ ෂල්ලි...!



2 comments:

  1. මොනවද බං මේ බොළද කතා..

    ReplyDelete
    Replies
    1. නැවතත් මෙවැනි එව්වා නොදමමි.ආව ආවේගෙටයි දැම්මේ...

      Delete