July 1, 2017

ආයේමත් කෙලා හුටා... | බබාට නම.



හුහ්..! හුහ් හු හු.....හුච්චෑෑෑෑස්.....!!! 
ඉද්දකිං යකූ මේකේ තියන මකුලූදැල්. 
කන පැලෙන්න දූවිලි. යකු මේ බඩකඩිත්තුව ඉදලා හිටලා වත් සුද්ද කරලා දාපිය. බලකෝ මේකේ තියන දහජරාව. සුද්ද කරපිය දැන්මම.

පැය කිහිපයකට පසු...


හරි ඔන්න එහෙනං ආටක නාටක. 

මේ.... නැගිටින්නකෝ. බලන්න 8ත් පහුවෙලා. කෝ කෝ නැගිටින්න නැගිටින්න. අද අර ගමනත් යන්න තියනවානේ....

නිවාඩු දවසේ දෙවියනේ කියලා කණ පැලෙන්න ටිකක් නිදා ගන්න තිබුණු හිනය බොද වෙලා ගියේ හරියට අම්මි දැක්කම කන කීං ගාන්න බිලා හිටියත් වෙරි හිදෙනවා වගේ.

අනේ.. නිවාඩු දවසේ වත් ටිකක් නිදා ගන්න දෙන්නකෝ අම්මී...

මොකක්.. අම්මි... මේ මිනිහෝ... මම උඹේ ගෑණි..! (සුදු නෝනිගේ රතු වෙච්ච මූණ)

කෙලා හුටා.. හරිනේ ටොපිය. 
හරි හරි ඔන්න නැගිට්ටා.. මොකක්ක සුදු යන්න තියනවා කිව ගමන. (මේකිව ෂේප් කරගන්නත්  ඕනිනේ. නැත්නම් බඩු බනිස්)

මොකක්ද අනේ. මම කිවේ අද ඇංජිට දෝනියෙක් හම්බ වෙලා කියලා. අද එයාව බලන්න යමු කිවම ඔයා මාව එක්ක යන්න ප්‍රොමිස් උනේ. යංකෝ....




මොනවා කරන්නද ඉතිං. ඔන්න අපි ගියා කියමුකෝ ඇංජිමේ කුලූදුල් දු සිගිත්ත බලන්න. සිරාවටම ෂෝයි කෙලි පැංචියෙක්. ඇංජි අපේ සුදු නෝනිගේ අතටත් පොඩි එකිව දුන්නා කියන්නකෝ. කොහේද මටත් ඉතිං නිකං ඉන්න බෑනේ. සුදු දෙන්වකෝ මටත් චුට්ටක් කියලා පොඩි එකිව අතට ගන්න හැදුවා විතරය මේ යක්ස කෙල්ල අඩන්න ගත්තේ නැතෑ වහලේ උලූ උඩයන්න.

පොඞ්ඩිව අතට ගන්න අදහස අකුලං ආයේත් පුටුවක් උඩට පතබැවුණා.

මේ ඒක නෙවෙයි ඇංජා.. මොකක්ද දුවගේ නම..?

අනේ ජෙම්ස්. තාම දෝනිට නමක් තිබ්බේ නෑ.. කියන්නකෝ ලස්සන නමක්. 

සිම්පල්නේ.... කෝ බලන්න... ම්ම්ම්ම්... අපි මෙයාට නිල්නෙතු කියමු.

කියලා නිකමට වගේ අපේ සුදු නෝනි දිහා බැලූවේ.

අහෝ දුකකි තිතකි ඉරි ගොඩකි. 
අද නම් මට බඩු බනිස් වෙනවා ෂුවර්ම ෂුවර්ය. සුදු නෝනිගේ ලස්සන සුදු මුණ.....

ආයේමත් කෙලා හුටා...


නිල්නෙතු....
අපි අපේ බබාට දාන්න ප්ලෑන් කරපු නම.



November 16, 2016

අනේ හුකේ නන්නානේ...


ආයුබෝවන්,
බුදුසරණයි, ජේසු පිහිටයි...


හුටා සමාවෙන්ඩ  ඕනි නොදැනුවත් කම නිසා උන වරදට. අපි දැන් කියන්න  ඕනි එහෙම නෙවෙයිනේ. යකෝ මේක අල්ලගේ රටක්නේ.

යේක නිෂා යිතිං අප්පි මෙන්න මෙහෙම කියලා පට්ටං ගමු...

ෂරී....

අස්සලාම් ආලෙයිකුම්. කෝ ඉතිං මටත් ආලෙයික්කුම් ෂලාම් ද මොකක්ද එක කියහං මටත්.

ෂරි....

ෂාමාන්‍යයන් මං කිෂිම කෙනෙක් විවේචනය කරන්න කෙමති නේ.. ෂරි... යේක යේම උනාට... යේක මට යේම කරන්න වෙනවා.

මොකද මේ වෙනදේවල් දකින කොට ඇහැ කන පියාගෙන ඉන්න බැරි ගතියක් වගේම ලේ රත් වෙනවා වගේ ගතියක් ජෙමාටත් තියනවා.

ඔන්න තවත් එල කොල්ලෙක් මේ වෙනකොට කොළඹ පොලිස් බලූ කුඩුවේ.

November 15, 2016

දිස්නෙ වැඩි එක ලොකුවට බැලූවෙමු


වෙනදට වඩා ලොකුවට පේනවා කියලා කිව්වනේ. ඉතිං ලොකුවට දිස්නේ වැඩියෙන් පේනවා නම් ඉතිං තව මොනවද ඉතිං. දිස්නේ වැඩියෙන් පේන එව්වා නිකංම බලන්නත් බෑනේ.

රවීගේ වඳ පුංචම්මාටත් පුණ්‍යානුමෝදනා කරන ගමං ජෙමයි, බබයි, රමිල අයියයි (අලූත් යාලූවෝ ඩබලක් - ළගදි පැකින් කැඩුවේ) හවස 5ට 5.30ට විතර සෙට් උනා ලොකුවට පේන එක බලන්න. රමිල අයියලයි ගෙදර තමයි සෙට් උනේ. පට්ට මිෂන් එකක්. අපි තුන්දෙනාට එරෙහිව බාඩිනෙට් කියලා චෞරයෙක් (හම්මෝ නයි විස හොද ඇති මම හිතන්නේ මීට වඩා)


සතෙන් සතේ රුපියලෙන් රුපියල බාඩිනෙට් අපි තුන්දෙනාව ආක‍්‍රමණය කරලා. අපි දන්නේම නෑ. සනීපයිනේ. ලොකුවට දිස්නේ වැඩි එක බලනවා තියා, තනි කකුලෙන් නෙවෙයි කකුල් දෙකෙන් හිටං ඉන්නත් අමාරුයි වගේ ජැක් එකක් නැතිව.

නැගිටින්නැද්ද උඹ අද. දැන් අලූත් සෙල්ලමක් පටං අරං. ලෑස්තිවෙලා යනවා කෑම්ප් එකට.

හුටා.. යකෝ අම්මා..
මං කොහොමද කාමරේට ආවේ...(උත්තර නැති ප‍්‍රශ්ණ)
බඩුම තමා...

අම්මගෙන් ටොන් ගානට කුණු බැනුම්. ඔලූව නිකං පොලවේ ගහලා වගේ. කොහොම කොහොම හරි ලෑස්ති වෙලා 4.45 විතර වෙනකොට මාතර බස් ස්ටේෂන් එකට දම්මා ගත්තා ලොකු තාත්තට කියලා. අපරාදේ කියන්න බෑ ලොකු තාත්තා නම් වචනයක් වත් කීවේ නෑ. කාර් එක ඩ‍්‍රය්ව් කරන ගමන් සිගරට් එකක් බොනවද කියලා විතරයි ඇහුවේ.

බැලින්නම් ලොකු තාත්තගේ යාලූවෙක්ගේ ඉන්ටර්සිටියක්. ලොකු තාත්තා මාව බස්සෙකට දාලා මට නින්ද ගියොත් මාව බස්සන්න  ඕනි තැනත් කන්ඩක්ටර්ට (අපරාදේ කියන්න බෑ කොන්දා කොලූවත් හරි හොද එකා. ෂල්ලිත් එපා කීවේ) කියලා බස් එක පිටත් වෙනකම්ම ඉදලා තමයි ගියේ.

හරි දැං පටන් ගන්නම් කතාව.

බස් එකේ සීට් එකේ වාඩි උනයි කියමුකෝ. මගේ සිට් එකේ අනික් පැත්තේ වාඩි උනේ වැඩට යන කෙලි පොඞ්ඩක්. හරිම ස්වීට් කෙලි පොඞ්ඩ. ස්විට් හරි හොට් හරි මොන මගුල උනත් වැඩක් උනේ නෑ සුට්ට වෙලාවක් යනකොට ජෙමා දොයි.

එක සැරේම භූමිකම්පාවක් ආවා වගේ මොකෙක් හරි එකෙක් මාව හොල්ලනවා වගේ දැනුනා. බලනකොට කොන්දා කොලූ

සර් මේ මිස්ගේ ඇගට හේත්තු වෙන්නැතුව නිදියනවද...

අප්පටසිරි දැන්නේ වැඬේ මීටර් උනේ.. ඇය මට සිරියහනාවක් වෙලානේ.
මොනවා කරන්නද සුදු... තාම බඩු වැඩ. තොලී...යීයීයී...

මමත් ඉතිං ලාවට පිං හාමි හිනාවක් දාලා ‘අනේ සොරි මිස් හිරිහැරයක් උනා නම්’ කියලා ඉවර කරන්න හම්බුනා විතරයි මගෙ හිතේ.. පිටිපස්සේ සිට් එකේ හිටපු උන්නැහේ කෙනෙක්...

බේබදු කමට කටගොන්නක් බීගෙද කොහේද. ලමයෙක්ට බස් එකක යන්න නෑ... බ්ලා බ්ලා බ්ලා....

'අනේ ඩැඩා.... දැන්  ඕක නවත්තන්' කියලා පිටිපස්ස හැරිලා කියනකොට තමයි දන්නේ ඒ ස්වීටිගේ ඩැඩා... කියලා. අනේ ඉතිං ඩැඩාගේ පුණ්‍යානුමෝදනාවේ බලයෙනුයි, අර ස්වීටිගේ ගැස්සිලි පිප්පිලි වල ආනිසංසෙනුයි ජෙමා ආයෙත් ෂටර් එකට ඔලූව තියාගෙන දොයිය ගත්තා.

ඇගට මොකක්දෝ බරක් බරක් වගේ දෙයක් දැනිලා ෂේප් එකේ එක ඇහැක් ඇරලා බලනකොට,
අනාාා.... පව්ඌෟෟ... අර ස්වීටි සෝයි එකට මගේ උරහිස ඇද කරගෙන දොයි. බහින්නත් තව දුර තියන එකේ ඔන්න ඔහේ හිටපුවාවේ කියලා හිටියා.


කුප්ප කමට නෙවෙයි බොලව්. ස්වීටි ගෙදර ඇදේ දොයියනවටත් වඩා හොදට දොයියගෙන හිටියේ. ඉතිං අවධි කරන එක පව්ඌෟෟ.... නෙ.

සතෙන් සතේ රුපියලෙන් රුපියල බහින තැනත් ලං උනා කියමුකෝ. ඒ කියන්නේ ස්වීටිට දුන්න ට‍්‍රාන්ස්පෝට් සර්විස් එක අවසන් කරන්න වෙලාව ඇවිල්ලා. දැන් ඉතිං ගාස්තුව අය කරගන්නත්  ඕනිනේ. කලූතර හරියේ ඉදං වැල්ලවත්ත කිට්ටුවටම එක්කන් ආවනේ. හිත හදාගෙන ස්වීටිගෙන් ගාස්තු ඉල්ලන්න බෑනේ... ඩඩාගෙන් තමයි ගාස්තු අයකරන්න වෙන්නෙ.

කම්මුලට චූටි තට්ටුකුත් දාලා ස්වීටිව අවදි කරලා (ඒ වෙලාවේ ස්වීටිගේ මූණ දැක්කාම ආයේමත් මට ආනාාා.... පඋඋඋඋ.... කියලා හිතුන.) බෑග් එකත් අරං නැගිටින ගමං...

එක්ස්යූස්මී ඩඩා... ස්වීටිගේ හයර් එක 500යි...  😋

ඒ වෙලාවෙ නම් ඩඩා මං දිහා බැලූවේ තම්බි හරක් දිහා බලනවා වගේ...
එහෙනම් මම මාරු

අහ්... තව ටිකෙන් අමතක වෙනවා. අද අපේ ඇජා ගේ උපන් දිනේ. ඒකාටත් මගේ සුභ පැතුමි.

හුටස්...
ඒ කියන්නේ අදත් බීමක්...


November 14, 2016

මුලටම උරලා බලපු දවස.


ජෙමාටත් උරලා බලන්න  ඕනි කියන ආසාවක් ආවේ ඉංග‍්‍රීසි ෆිල්ම් එකක කොල්ලෙකුයි කෙල්ලෙකුයි උරනවා දැකලා. එදා නිකං මැජික් වගේ. කොච්චර හිත හදාගෙන ඉන්න හැදුවත් ඒ උරපු ඉරිල්ල අමතක කරන්නම බැරි උනා.

බැරිම තැනදී තමයි ජෙමාගේ අඹයෙක් වෙච්ච ප‍්‍රභාතයාට මේ සීන් එක කිවේ. නොකිවට පොරත් ඉදලා තියෙන්නේ උරලා බලන්න ඇතිවෙච්චි ආසාව මැඩගෙන.

දෙන්නා කතා වෙලා වැඬේ කොහොම හරි කරනවාම කියලා සෙට් උනා. දැන් තියන ලොකුම පුරස්නේ කොහොමද බඩුව සප්ලයි කරගන්නේ.