මම.

මම.

21014496 ක් වෙච්ච ශ්‍රී ලාංකිය ජනගහන සර්වත්‍ර කුලකයේ

10368207 ක් වෙච්ච පුරුෂ කුලකයේ එක් අවයවයකි
මා හට

ජිවිතයේ ලොකු බලාපොරොත්තු නොමැත

බලාපොරොත්තු නැත්තේද නැත..
මට අවැසි දේ කෙලෙස හෝ සිදු කිරිම

සරලව කියනවා නම් කෙක්කෙන් හෝ කොක්කකෙන් සිදුකිරීම

මාගේ ඇකි ධාරානිපාත වරදකි

බරපතලම වරදක් බැව් මා දන්නා නමුත්

එය

නිවැරදි කර ගැනීමට මා වෙහෙස නොවෙනුයේ මා,

මම ම වන නිසා වෙන්නට ඇත.
මා..

හොද ප්‍රත්‍රයෙක්, සහෝදරයෙක් වෙමි

විටක මිතුරෙකි...

සතුරෙක්, චෞරයෙක්ද වෙමි...

හොද පෙම්වතකුද වේ..

අවැසී වූ විටක

බේබද්දෙක්, සල්ලාලයෙක්ද විය හැක.
තවද,

යමෙකුට මා කරනා දෙය වරදක් ලෙස දකින්නට පුළුවන

එහෙත් මාහට නිවැරදි නම් මා කරනා දෙය කරන්නට දෙවරක් සිතන්නේ නැත

උපදෙස් දී මා නිවැරදි කල නොහැක...
රිදෙන්නට යමක් සිදුවූ වට වරදක් සිදුව ඇති බැව් ප්‍රත්‍යක්ෂ කරගන්නා අතර,

එවිට යම් වෙනසක් සිදු කරමි.

ඒ මමය.
මා හට...

මම මා ම විමට නිරතුරුවම අවැසි වන අතරම
මට ඔබ වීමට අවශ්‍ය නැත...

 

4waran@gmail.com 

August 3, 2015