ලොකු අයියගේ මරණෙ විකුණං
කාලා ඉවර වෙලා ඔන්න අද ආයෙත් මොනවා හරි ලියන්න හිතුනා. :D (කෙනෙක් කියලා තිබුණා මතකයි...)
මම.
21014496 ක් වෙච්ච ශ්‍රී ලාංකියජනගහන සර්වත්‍ර කුලකයේ
10368207 ක් වෙච්ච පුරුෂ
කුලකයේ එක් අවයවයකි
මා හට
ජිවිතයේ ලොකු
බලාපොරොත්තු නොමැත
බලාපොරොත්තු නැත්තේද
නැත..
මට අවැසි දේ කෙලෙස හෝ
සිදු කිරිම
සරලව කියනවා නම්
කෙක්කෙන් හෝ කොක්කකෙන් සිදුකිරීම
මාගේ ඇකි ධාරානිපාත
වරදකි
බරපතලම වරදක් බැව් මා
දන්නා නමුත්
එය
නිවැරදි කර ගැනීමට මා
වෙහෙස නොවෙනුයේ මා,
මම ම වන නිසා වෙන්නට ඇත.
මා..
හොද ප්රත්රයෙක්, සහෝදරයෙක්
වෙමි
විටක මිතුරෙකි...
සතුරෙක්, චෞරයෙක්ද වෙමි...
හොද පෙම්වතකුද වේ..
අවැසී වූ විටක
බේබද්දෙක්, සල්ලාලයෙක්ද
විය හැක.
තවද,
යමෙකුට මා කරනා දෙය
වරදක් ලෙස දකින්නට පුළුවන
එහෙත් මාහට නිවැරදි නම්
මා කරනා දෙය කරන්නට දෙවරක් සිතන්නේ නැත
උපදෙස් දී මා නිවැරදි කල
නොහැක...
රිදෙන්නට යමක් සිදුවූ වට
වරදක් සිදුව ඇති බැව් ප්රත්යක්ෂ කරගන්නා අතර,
එවිට යම් වෙනසක් සිදු
කරමි.
ඒ මමය.
මා හට...
මම මා ම විමට නිරතුරුවම
අවැසි වන අතරම
මට ඔබ වීමට අවශ්‍ය
නැත....
ඔව් ඉතින් ඔයා පොරනේ.......... ගල් මයිනා
ReplyDeleteඅඩේ මම පොරක්ද...? ඔබ තුමා කියනවා නම් වෙන්ට ඇති.
Deleteගල්මයිනා...
ෂා.. ලස්සන නමක් ඕයි...
ඔව් ............ ඒ නම් උඹම තමා...........
ReplyDeleteඅනිවා මචං ගී පවුර
Deleteකැපුවත් මම,මම වෙමි!
ReplyDeleteඔය තේරිලා තියෙන්නේ අපූරුවට...
Deleteමා ගැන මා මිසක වෙන කවුරු දනිත් ද?
ReplyDeleteමා ගැන දන්නේ මා පමණකි
Deleteමාගේ මෑණියන් යම් පමණකුත්
මාගේ මිතුරන් යම් පමණකුත්
මාගේ ආදරණිය ඇය යම් පමණකුත්
මා ගැන දනි...
කිසි විටෙකත් මා
මම විමට උත්සාහ කරනු හැර
වෙනකෙකු වීමට යත්න දරන්නේ නැත.
ආ...මේ උඹද? උඹ ඡේදන කුළක වලට එහෙම අහුවෙනවා නෙමේ...
ReplyDeleteඑව්වට නං අහුවෙන්නේ නැතෝ ම.මා..
Deleteමේ වගේ දේවල් හිතෙන්නේ මාධවීට විතරමද අනේ.....
Deleteමිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)
Deleteකොයි වගේ දේවල්ද...?
ඔය ඉතින් ජෙමා ගැන ජෙමා හිතන් ඉන්න හැටි වෙන්න ඇති නේද? ;D
ReplyDeleteහිහ්..
Deleteඒ මම
සමහර විට, එයා ගැන හිතන්න ඕන විදිය කියල ජෙමා අප ට කියන විදිය වෙන්න ඇති http://syberheartblog.blogspot.com/
ReplyDeleteඇයි මම එහෙම කරන්නේ..
Deleteඔයාලා මම ගැන කොහොම හිතුවත් ඒක මට ගැටළුවක් නෙමෙයි.
This comment has been removed by the author.
ReplyDeleteමම? තවම හිතනවා..
ReplyDelete