ඔන්න ජෙමා පටං ගත්ත තේරවිලි සෙෂන් එක මේ පෝස්ට් එකෙං අවසන්
කරන්න කියලා හිතුවා. ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනෙම නෑ කියලා කියනවානේ.
මේ තේරවිලි සෙෂන් එකේ අවසාන වෙන්නේ අන්දරේ ඒක්ක...
ඕං එහෙනං ඈ....
ප්රශ්ණ කවිය 01
දාර දෙකයි එක නම මුල්කර තැනුවා
දාර දෙකයි එක නම මුල්කර තැනුවා
පාර තිහක් ගැහුවට බයකුත් නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ මගදී දුටුවා
කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ මගදී දුටුවා
(මේ කවිය අන්දරේගේ රජතුමා අන්දරේට කොචොක් එකක් කරන්න කියලා හිතාගෙන අන්දරේට
කියපු තේරවිලි කවියක්ලු. මෙතනදි අන්තිමට රජාම කිච වෙලා තියනවාලු.)
ප්රශ්ණ කවිය 02
එරටත් ඇත මෙරටත් ඇත මෙකී බඩු
එරටත් ඇත මෙරටත් ඇත මෙකී බඩු
දෙවටත් ඇති දිගටත් ඇත මෙකී බඩු
රසටත් ඇත ගැටටත් ඇත මෙකී බඩු
ඔබටත් හැකි ඇත තෝරන්ට මේකී බඩු
රසටත් ඇත ගැටටත් ඇත මෙකී බඩු
ඔබටත් හැකි ඇත තෝරන්ට මේකී බඩු
(මේ කවිය ඇවිල්ලා අන්දරේ කැකිරි
ගමයා කියලා ඒ කාලේ ඉදපු දක්ෂ කවියෙකුට ඉදිරිපත් කල තේරවිලි කවියක්ලු)
ප්රශ්ණ කවිය 03
පෙරත් ගෙනාවේ නාලොව සිට එව්වා
අගත් කඩා ගෙනැවිත් සිටවා වැව්වා
උගත් මහ රජුනි දැන් ඔය මා කිව්වා
දෙතොත් තෝරවා ඔය හපනා ලව්වා
(මේ කවිය ඇවිල්ලා අන්දරේට කැකිරි ගමයා ඉදිරිපත් කරපු තේරවිලි කවියක්ලු.
අන්දරේත් පොර වගේ උත්තරේ කවියෙන්ම දුන්නලු ඈ...)
දාන්න බලන්ටකෝ උත්තර....!!
තේරවිලි ඇති වගේ...
ඔන්න දන්න කස්ටිය එහෙම ඉන්නවා නං උත්තර කමෙන්ට් කරන්ඩ ඈ. මේ පෝස්ට් එක ඉවර
කරන්න කලියෙං අන්දරේ කියපු කවි දෙක තුනක් කොටලා යන්න හිතෙනවා. මොකද කියනවා නං
අන්දරේගේ කවි ඒ තරංම රසවත්.
ඔන්න දවසක් අන්දරේ ගමනක් යනකොට දැක්කලු ලස්සන අඩු කුලේ ගෑණු කෙනෙක්. දැකලා පොර
කට කහනවට වාගේලු ඉතිං මේං මේ කවිය කීවලු ඈ.....
මග ඒ කුඩා මී වනයේ එමට ඇතී
කොයි කොයි මලෙන් මුත් ඹබරුන් රොන් ගනිතී
කොතන උනත් හරිතෙද මැනික රූ ඇතී
රුව ඇත්නම් අඩු කුලයත් කමක් නැතී
කොයි කොයි මලෙන් මුත් ඹබරුන් රොන් ගනිතී
කොතන උනත් හරිතෙද මැනික රූ ඇතී
රුව ඇත්නම් අඩු කුලයත් කමක් නැතී
ඔන්න ආයෙමත් දවසක අන්දරේ ගමනක් යනකොට දැක්කලු සුපිරි පදු ගෑණු කෙනෙක්. දැකලා පොර
කට කහනවට වාගේලු ආයෙමත් ඉතිං මේං මේ කවිය කීවලු ඈ.....
කද්දී බතට
වැඩියෙන් මාළුවම පතයි
වැද්දී මුවා
දුටුවම හිමියා නොතකයි
සුද්දී එමට
ඇති මුත් බිසවත් ගෙදරයි
පැද්දී
නොබලතත් පද්දා හොඳට හිතයි
ඔන්න දවසක්
අන්දරේගේ රජා අන්දරේව අල්ලපු ගමට පිටත් කරලා ඇරියාලු තණ අස්වැන්න මැනගෙන වරෙං
කියලා. ඉතිං පොර අල්ලපු ගමට ගිහිං
කොට දිග මහත රවුමට උල් වෙච්ච තන
ගැටවට අළුත් හා කල්ගිය පරණ තන
මට මැනගන්න මහ රජුගේන් ලැබුනි අණ
පොට ඔසරිය මෑත් කර පෙන්වන්න තන
ගැටවට අළුත් හා කල්ගිය පරණ තන
මට මැනගන්න මහ රජුගේන් ලැබුනි අණ
පොට ඔසරිය මෑත් කර පෙන්වන්න තන
කියන කවිය
කියලා ගෑණුංගේ තන මනින්න පටාං ගත්තලු...
ඔන්න තවත්
දවසක් අන්දරේ ගමනක් යද්දී දැක්කලු ඉටිකිරිස් කෙල්ලක් නානවා නාන තොටේ.. ඉතිං
අන්දරේගේ කට කොකියනවලු මොකක් හරි කියන්න. ඉතිං පොර කීවලූ.....
හිරකර ඇතත් තන පට තද කරම් බැද
දුරටම මට පෙනුනි නුඹෙ රං තැඹිලි කද
කරදර කරති මට මාගේ කිපුනු මද
නරකද මාත් නාගත්තොත් එකට හිද
මේං මේක තමයි අන්දරේ අන්දරේ ගැනම කිව කවිය...
යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට
මන්තරේ හොඳයි ඉඳ ජප කරන්නට
ගින්දරේ හොඳයි සීතට තපින්නට
අන්දරේ හොඳයි සීපද කියන්නට
මේං මේම කියනවලුනේ අන්දරේ අංතිම හුස්ම හෙලලා තියෙන්නේ....
********************************************
ඔන්න
පිළිතුරු කවි.
පිළිතුරු කවිය 01
දාර දෙකත් එක මැද එක ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන් යාය
ගෙට වැසි කලට කිසි බයකුත් නැතුවාය
මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය
පිළිතුරු කවිය 02
යන්තරේ දමා රස පැණි ගැනීමා
ගන්තෙරේ අයින් වෙසසින් වැනීමා
ගින්දරේ නොයන කෑමක් බොහෝමා
අන්දරේ කිව්වෙ උක් දඬු ගැනීමා
පිළිතුරු කවිය 03
ගැටත් කඳේ ඇත කඳ යයි කඳේ නී
ගිනිත් නොලා දයි කෑ කට රසේ නී
උගත් කැකිරිගම කී බස සැබෑවෙනී
බුලත් දලු නොවෙද අප මහ රජාණෙ නී********************************************
1. නම් ඉවර ෙවන්ෙන් "මහරජ ඉබ්බාය" කියලා වෙග් නම් මතකයි!!!
ReplyDeleteඅනිත්වා දන්නෑ බන්!!
පිළිතුරු කවිය 01
Deleteදාර දෙකත් එක මැද එක ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන් යාය
ගෙට වැසි කලට කිසි බයකුත් නැතුවාය
මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය
පිළිතුරු කවිය 02
යන්තරේ දමා රස පැණි ගැනීමා
ගන්තෙරේ අයින් වෙසසින් වැනීමා
ගින්දරේ නොයන කෑමක් බොහෝමා
අන්දරේ කිව්වෙ උක් දඬු ගැනීමා
පිළිතුරු කවිය 03
ගැටත් කඳේ ඇත කඳ යයි කඳේ නී
ගිනිත් නොලා දයි කෑ කට රසේ නී
උගත් කැකිරිගම කී බස සැබෑවෙනී
බුලත් දලු නොවෙද අප මහ රජාණෙ නී
1. මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය
ReplyDelete2. උක්
3. බුලත්
පිළිතුරු කවිය 01
Deleteදාර දෙකත් එක මැද එක ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන් යාය
ගෙට වැසි කලට කිසි බයකුත් නැතුවාය
මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය
පිළිතුරු කවිය 02
යන්තරේ දමා රස පැණි ගැනීමා
ගන්තෙරේ අයින් වෙසසින් වැනීමා
ගින්දරේ නොයන කෑමක් බොහෝමා
අන්දරේ කිව්වෙ උක් දඬු ගැනීමා
පිළිතුරු කවිය 03
ගැටත් කඳේ ඇත කඳ යයි කඳේ නී
ගිනිත් නොලා දයි කෑ කට රසේ නී
උගත් කැකිරිගම කී බස සැබෑවෙනී
බුලත් දලු නොවෙද අප මහ රජාණෙ නී
1. ඉබ්බා..
ReplyDelete2.
3. බුලත්
අර කවි ටික නං පංකාදු පහයි නැද්ද මචෝ අන්දරේ කියන්නෙ ඉතිං දස්ස හිටිවන කයි කාරයෙක් නෙව.. උඹහැ අර මදාවිය වගේ ඩෑල් එකක් ඒ කාලෙත් හිටිය නං පළු යවා ගන්ට අහගන්ට තිබ්බ
හිහි
පිළිතුරු කවිය 01
Deleteදාර දෙකත් එක මැද එක ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන් යාය
ගෙට වැසි කලට කිසි බයකුත් නැතුවාය
මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය
පිළිතුරු කවිය 02
යන්තරේ දමා රස පැණි ගැනීමා
ගන්තෙරේ අයින් වෙසසින් වැනීමා
ගින්දරේ නොයන කෑමක් බොහෝමා
අන්දරේ කිව්වෙ උක් දඬු ගැනීමා
පිළිතුරු කවිය 03
ගැටත් කඳේ ඇත කඳ යයි කඳේ නී
ගිනිත් නොලා දයි කෑ කට රසේ නී
උගත් කැකිරිගම කී බස සැබෑවෙනී
බුලත් දලු නොවෙද අප මහ රජාණෙ නී
බඩුම තමා...
1) ඉබ්බා..
ReplyDeleteතෙරවිලි ටික පොඩි මෙන්ඩට කියලා දෙනවා.
බ්රා කෝ 2යි, 3යි...?
Deleteපිළිතුරු කවිය 01
දාර දෙකත් එක මැද එක ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන් යාය
ගෙට වැසි කලට කිසි බයකුත් නැතුවාය
මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය
පිළිතුරු කවිය 02
යන්තරේ දමා රස පැණි ගැනීමා
ගන්තෙරේ අයින් වෙසසින් වැනීමා
ගින්දරේ නොයන කෑමක් බොහෝමා
අන්දරේ කිව්වෙ උක් දඬු ගැනීමා
පිළිතුරු කවිය 03
ගැටත් කඳේ ඇත කඳ යයි කඳේ නී
ගිනිත් නොලා දයි කෑ කට රසේ නී
උගත් කැකිරිගම කී බස සැබෑවෙනී
බුලත් දලු නොවෙද අප මහ රජාණෙ නී
සම්පූර්ණ හරි උත්තරේ ම.මා දිලා තියනවා... ඒත් මට ඕනි උත්තරේ කවියෙන්ම..
ReplyDeleteනෑ... එක්කෝ කමක් නෑ.. කවියෙන් නැතත් කමක් නැ.
ReplyDeleteදන්න අය උත්තර දාන්ටකෝ..
1. මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය
ReplyDelete2. කැකීරි
3. බුලත්
2යි 3යි නම් ෂුවර් නැතෝ. එකනම් බඩුම තමයි. ඒත් කවිය මතක නෑ බං දැන්.
පිළිතුරු කවිය 01
Deleteදාර දෙකත් එක මැද එක ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන් යාය
ගෙට වැසි කලට කිසි බයකුත් නැතුවාය
මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය
පිළිතුරු කවිය 02
යන්තරේ දමා රස පැණි ගැනීමා
ගන්තෙරේ අයින් වෙසසින් වැනීමා
ගින්දරේ නොයන කෑමක් බොහෝමා
අන්දරේ කිව්වෙ උක් දඬු ගැනීමා
පිළිතුරු කවිය 03
ගැටත් කඳේ ඇත කඳ යයි කඳේ නී
ගිනිත් නොලා දයි කෑ කට රසේ නී
උගත් කැකිරිගම කී බස සැබෑවෙනී
බුලත් දලු නොවෙද අප මහ රජාණෙ නී
රූපේ එකක් දාලා තියනවා ඒකට උත්තරේ හරි..
ReplyDeleteම.මාධවිගේ උත්තර සේරම හරි
මහේෂයා දාලා තියන උත්තර දෙකත් හරි
එල ද බ්රා මෙන්ඩා දාලා තියන උත්තරේත් හරි
කල්යාණ මිත්ර ගේ දෙක වැරදියි
"කල්යාණ මිත්ර ගේ දෙක වැරදියි" මොකක්ද බන් මේ කතාව???
Deleteචී වල් විදියට හිතන්න එපා යකූ
Deleteකල්යාණ මිත්ර දෙවනි එකට දුන්න එක වැරදි කියලා කිවේ..
අවුලක් නෑ ඕනිම එක හරි නේ.. හැක්.
Delete