1. ඔන්න එකදාස්
නවසිය බර ගනං වලටත් වඩා පට්ටම පට්ට අතීතේ වඩ්ඩෙකුයි, ඇදුම් මසන්නෙකුයි, රත්තරං බඩු
හදන මනුස්සයෙකුයි, ගුරෙකුයි (ගුරුකං එහෙම කරන ඩයල් එකක්) යනවා ගමනක්.... ඔන්න සැට් එක ගමන දුර වැඩි නිසා රෑ
නවතින්න සෙට් කරගන්නවා අම්බලමක්... ඔය අම්බලම තියන ඒරියා එකේ පට්ට සොරු ඉන්න
ඒරියල් එකක්ලු ඈ.... ඉතිං කට්ටිය කතා කරගත්තා තුන්දෙනෙක් නිදා ගන්නත් එක්කෙනෙක්
නැගිටලා ඉන්නත් (නයිට් ඩියුට් - පොයින්ට් ඩියුටි වගේ)
ඔන්න මුල්ම
වාරේ වඩ්ඩාගේ...
මිනිහා කරන්නේ
කම්මැලි කම යන්නත් එකක් අහල පහල තිබ්බ කොට කැල්ලක් සොයාගෙන අඹනවා කෙල්ලෙක්ගේ ප්‍රථිමාවක්...
දෙවනි වාරේ
ඇදුම් මසන්නාගේ...
පොර කරන්නේ
පොරගේ වෙලාව ඇතුලත අර වඩ්වා නෙලපු ප්‍රථිමාවට ඇදුම් මහලා අන්දවනවා...
ඊලගට රත්තරං
බඩු සාදන්නාගේ චාන්ස් එක....
පොර කරන්නේ අර
ප්‍රථිමාවට රත්තරං ආබරණ හදලා පලන්දනවා...
අවසාන වාරේ
ගුරාගේ...
පොර කරන්නේ...
අර ප්‍රථිමාවට දන්න ජිල්මාට් සේරම දාලා පන දෙනවා....
ඔන්න ඊට පස්සේ
තමයි කෙලිය පටං ගන්නේ....
පට්ටම ලස්සන
කෙල්ලෙක්ලු ඕයි...
දැං හතර දෙනා
පොරකනවාලු කෙල්ල බෙදාගන්න...
වඩ්ඩා
කියනවාලු : මෙයාව හැදුවේ මම, ඒ නිසා අයිතිය මට..
ඇදුම් මහන පොර
කියනවලු : උඹ හැදුවට ඇදුම් ඇන්දුවේ මම ඒ නිසා මේකි මගේ
රත්තරං බඩු
හ
දන පොර කියනවලු : ආභරන අන්දලා මෙයාට වටිනාකමක් දුන්නේ මම. ඒ නිසා මෙයා මෙගේ...
දන පොර කියනවලු : ආභරන අන්දලා මෙයාට වටිනාකමක් දුන්නේ මම. ඒ නිසා මෙයා මෙගේ...
අන්තිමට ගුරා
කියනවලු... තොපිලා මොනවා කලත් පන දුන්නේ මම.. ඒ නිසා අයිතිය මට...
ඔන්න දැං එක
කෙලියයිලු ඈ... ඔන්න ඉතිං මේ මල මගුල විසදන්න රටේ රජා දක්වාම ගියාලු... රජාටත් අමු
වහක්ලූ....
ඔන්න ඔය අතරේ
අග බිසව ඇවිත් කීවලු මෙයා අයිති රත්තරං බඩු හදන මනුස්සයාට කියලා. සේරම ෆුල් හින්දුස්ථාන්ලු ඈ...
මං අහන්නේ
කොහොමද එහෙම වෙන්නේ....?
---------------------------------------------
2. ඔන්න පාරක් තියනනවා. ඔය පාරේ අවසානේ කොටස් දෙකකට බෙදෙනවා (එකක් A කියන ගමට යන පාරයි අනික B කියන ගමට යන පාරයි)... ඔය බෙදෙන තුංමං හන්දියේ තියන හට් එකක ඉන්නවා නිවුන්නු දෙන්නෙක් (උන් දෙන්නාම එකම වගේ කියලා හිතන්න ඈ..)
උන් දෙන්නගෙං එකෙක් අලි පචයෙක්. කට ඇරියොත් පවයක්...
අනික් එකා බෙහෙතකට වත් පචයක් නොකියන එකෙක්...
ඔය ඉන්න දෙන්නා පැයෙන් පැයට ඩියුටි මාරු වෙනවා. හරිද...?
හරි එහෙනං...
එකෙක් එනවා B කියන ගමට යන්න පාර අහගන්න. ඒකා දන්නේ නෑ හට් එකේ ඩියුටි ඉන්න එකා ඇත්ත කියන එකාද නැත්තං පචයාද කියලා...
ඒ උනාට ඒ මනුස්සයා එකම එක ප්‍රශ්ණයක් පොයින්ට් එකේ ඉන්න එකාගෙන් අහලා තමන්ට යන්න ඕනි හරි පාර අහගන්නවා...
ඉතිං මං අහන්නේ ඒ මනුස්සයා පොයින්ට් එකේ ඉන්න කෙනාගෙන් අහපු ප්‍රශ්ණෙ මොකක්ද..?
********************************************
උත්තර
1. මුද්ද දාන ඇගිල්ලට මුද්ද දාලා තියෙන්නේ රත්තරං බඩු හදන මනුස්සයා...
2. අහනවා ඔහේගේ සහෝදරයා පෙන්නනේ මොන පාරද කියලා? අහලා ඒ කියන පාර නෙවෙයි අනික් පාරේ යනවා!!

ඔන්න ඇනෝවෙක් අංක 1ට හරි උත්තරේ හැරෙන තැපෑලෙන් දිලා...
ReplyDelete1. කෙල්ල ඔච්චර ලස්සනනං අනිවා රාජ සන්තක කරලා අන්තප්පුරේට ගන්නවා. එතකොට ඇඳුම් නෑ. ඇඳුම් මහන එකාට කට උත්තරත් නෑ. වඩ්ඩට ඔප්පු කරංට බෑ ලී කොටේකිං හැදුවා කියලා කෙල්ලට පණ තියෙන නිසා. ගුරාට ඔප්පු කරංට බෑ කොටේකට පණ දුන්නා කියලා කෙල්ල දැන් පණ පිටිං නිසා. ඉතිරි වෙන්නෙ රත්තරං බඩු ටික විතරයි.
ReplyDelete(විහිළු නෙමේ... ඉන්දියානු ජනකතාවකට අනුවනම් මම අහල තියෙන්නෙ මෙහෙමයි. නිවැරදිද දන්නෑ...
වඩ්ඩා ඇයව බිහිකල නිසා ඔහු ඇගේ මව වෙනවා. ඇයට ඇඳුම් සපයාදුන් ඇඳුම් මසන්නා ඉටු කලේ පියාගේ කාර්යය. පණ දුන්නේ ගුරා. ඔහු ඉටුකලේ දෙවියන්ගේ කාර්යය. මේ තිදෙනාටම ඇය විවාහ කරගන්න බෑ. ඉතිරි වෙන්නෙ රන්කරු)
2. ‘අර අනික් ......ගෙන් ඇහුවොත් ලැබෙන උත්තරේ මොකක්ද?‘ කියලා අහන එකනෙ. ඒක සිම්පල්.
උඹ මේවා එකපාර පබිලිස් නොකරන එකේ වටිනාකම මෙහෙම වෙලාවටයි දැනෙන්නෙ.
1. මුද්ද දාන ඇගිල්ලට මුද්ද දාලා තියෙන්නේ රත්තරං බඩු හදන මනුස්සයා...
Delete2. අහනවා ඔහේගේ සහෝදරයා පෙන්නනේ මොන පාරද කියලා? අහලා ඒ කියන පාර නෙවෙයි අනික් පාරේ යනවා!!
1.ඉස් ඇට් තාම කල්පනා කරමින්
ReplyDelete2. අහනවා ඔහේගේ සහෝදරයා පෙන්නනේ මොන පාරද කියලා?
අහලා ඒ කියන පාර නෙවෙයි අනික් පාරේ යනවා!!
1. මුද්ද දාන ඇගිල්ලට මුද්ද දාලා තියෙන්නේ රත්තරං බඩු හදන මනුස්සයා...
Deleteමතක් වුනා...
ReplyDelete1.රත්තරන් බඩු දාලා බැදගත්ත නිසා
".........පට්ටම පට්ට අතීතේ.... "කිව්වෙ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කල්හි වද්ද ජෙමා
ReplyDeleteඈ..හ්...!! එච්චර දුර කාලේට යන්න එපා යකූ....
Deleteතැල්ල බැඳලා තියෙන්නේ රත්තන් නේද???
ReplyDeleteහම්.... ඒකත් හරි කියලා ගන්න පුළුවං වගේ නේද...?
Deleteරත්තරන් බඩු හදපු කෙනා මුද්දක් දාන්න ඇති. මම හිතන්නේ පලවෙනි එකට උත්තරේ ඒක. :)
ReplyDeleteහරී......
Deleteනිවුන්නු දෙන්නගෙන් කවුරු හිටියත් අහනවා මෙහෙම
ReplyDelete"ඔයා නැතුව මෙතන ඉන්න අනිත් එක්කෙනාගෙන් ඇහැව්වොත් බී ගමට යන පාර මොකක්ද කියලා. එයා මොන පාර පෙන්නයි ද?"
දෙවෙනි ප්‍රශ්නයට උත්තරේ ඒක (නේද?) :)
ඒ පෙන්න පාර නෙවෙයි... අනික් පාරේ යනවා..
Deleteඕක පරන කතවක් නේ....
ReplyDelete1. කෙල්ලෙක් අයිති වෙන්න ඕන ඒ කෙල්ලට වතිනාකමක් දෙන කෙනෙකුට ඒකයි රත්තරං බඩු හදන මනුස්සයාට අයිති
2. ඔයගෙ සහෝදරය හිටියනම් මොන පාරෙන් යන්න කියයිද කියල අහනව. ඊට පස්සේ එයා කියපු පාරෙන් නෙවෙයි අනිත් පාරෙන් යනවා.
1. මුද්ද දාන ඇගිල්ලට මුද්ද දාලා තියෙන්නේ රත්තරං බඩු හදන මනුස්සයා...
Deleteඅනේ ඇති බං...
ReplyDeleteතියන ප්‍රශ්ණ මදිවට තව උඔ තේරවිලි දෙනවා..
(උත්තර දන්නෙ නෑ බං ඒකයි)
ප්‍රශ්ණ නැත්තං ජීවිතෙත් හරියට පරිප්පු නැති හෝටලේ වගේ තියේවි බං
Delete1. මුද්ද දාන ඇගිල්ලට මුද්ද දාලා තියෙන්නේ රත්තරං බඩු හදන මනුස්සයා...
2. අහනවා ඔහේගේ සහෝදරයා පෙන්නනේ මොන පාරද කියලා? අහලා ඒ කියන පාර නෙවෙයි අනික් පාරේ යනවා!!
කෝ ඉතිං ඉක්මණට උත්තර දාලනෙ.
ReplyDeleteහිහි
නොදා හිටිය කියල මොකෝ දන්නෙ 2 ට විතරයි ික්ස්