ඔව් යාළුවනේ මම දින්නා..
මම හිතුව විදියටම මැණිකේ නෑ නෑ බට්ටිච්චි මගේ උනා. හැබැයි බට්ටිච්චි එක සැරේම මට
දිනුම දුන්නේ නෑ. බට්ටිච්චි හොද ගනං කාරියක් වෙලා. හිටියට වඩා ටිකක් නපුරුත් වෙලා.
බට්ටිච්චිගේ උපන් දිනේ
2015/07/20 නේ. ඉතිං මම උදේ පාන්දර 12 පහුවෙලා ටික වෙලාවකින් ගත්තා ස්කයිප් කෝල්
එකක්. අරගෙන ටික වෙලාවක් කතා කර කර ඉදලා. එක සැරේම කිවා
මැණිකේ මම
ඔයාට ආදරෙයි කියලා...
කෙල්ල ටික වෙලාවක් මගේ
දිහා පුදුම වෙලා වගේ බලං ඉදලා.....
** ඔයා හිතුවද මම රූකඩයක් කියලා. ඔයා මාව එපා කියලා කොච්චර කාලයක් වෙනවද?
දැන් මොකටද මාව ඕනි.. බ්ලා බ්ලා බ්ලා...
අම්මට සිරි. මාව නිකං
කරකවලා අතෑරියා වගේ. කියන්න දේවල් තිබුණත් කටින් වචන පිටඋනේ නෑ. කල එකමදේ තමයි ලැප්
එකයි, ෆෝන් එකයි ඕෆ් කරලා දාලා ඇද බදාගන්න එක. ඇත්තම කීවොත් කාලෙකට පස්සේ මගේ ඇස්
දෙකට කදුලක් ආවා. නිදිමතක් කියලා නාමයක් තිබුණේ නෑ. කොහොම හරී උදේ උනා. ලෑස්තිවෙලා
ඔෆිස් එකටත් ගියා.
9ට විතර ඔෆිස් එකේ කොල්ලෙක් එනවා ඔෆිස්
සීඩීඑම්ඒ එකත් අරං...
සර්ට ගෙදරිං කෝල් එකක්...
කෙලියා නේද මහරජ, ෆෝන්
එක තාම ඕෆ් නේ.. බැලින්නම් ගෙදරින්...
මොනවද දරුවෝ ෆෝන් ඕෆ් කරන් කරන්නේ. දැංම ඕන්
කරනවා. අපි මෙහේ ගිණි පත්තු වෙලා.
අම්මා ගහයි.. නිකං චීන
පටස් කන ලග පුපුරනවා වගේ.
කෑ ගහන්නේ නැතිව මොකක්ද කේස් එක කියලා
කියන්නකෝ අම්මි...
කෑ ගහන්න නෙමෙයි. ෆෝන් එක ඕන් කරලා බලනවා...
කියලා අම්මි ෆෝන් එක
තිබ්බේ කනට ගහන්න වගේ. ෆෝන් එක ඕන් කරලා බලනකොට ඇලට් එනවා හුරේ ගාගෙන. අම්මිගෙං
7යි, මැණිකෙගෙන් 36 යි.. ෆෝන් එක ඕන් කරලා විනාඩි 5ක් ගියේ නෑ. ඔන්න එනවා
මැණිකෙගෙන් කෝල් එකක්.
මොනවද මෝඩයෝ
ෆෝන් එක ඕෆ් කරන් කරන්නේ. මම කොච්චරක් නං බය උනාද..? ඇයි මෙහෙම මට ගින්දර දෙන්නේ.?
යකෝ හෙලෝ කියන්න වත්
හම්බුන්නෑ. මේකි නිකං එක්සප්‍රස් ට්‍රේන් එකක් වගේ කියවං යනවා.
හෝව්...! හෝව්..!! හෝව්...!! මම ඔයාට ගින්දර
දුන්නාද..
නැත්තන්
මෝඩයෝ.. මම කොයි තරං නං බය උනාද ඔයාගේ ෆෝන් එක වැඩ නොකරන කොට, මම ඔයාගේ අම්මිටත්
ගත්තා..
ඔන්න එතකොට තමයි අම්මි
මට උදේ දෙහි කපන්න හේතුව තේරුං ගියේ.
ඉතිං ඇයි ඔයා බය වෙන්නේ.. මම ඔයාගේ කවුද?
ඔයා මගේ කවුද
කියලා මගෙන්ද අහන්නේ මෝඩයෝ.. ඔයා මගේ පන **. මම දැනගෙන හිටියා ඔයා කවදාකම හරි මගේ
වෙනවා කියලා..
(හම්මට සිරි ආව සන්තෝසෙට
ජෙමාට ඔෆිස් එකේ විසිල් එකක් ගැහුණා කියන්ඩකෝ.) කියලා මේං මේකි අඩනවා හෝගාලා. අඩ
අඩ බට්ටිච්චිම කියනවා මේ අඩන්නේ දුකට නෙමෙයි පැංචෝ දරා
ගන්න බැරි සතුටට.
ඒත් මට ඉතිරි වෙලා
තිබුණා ප්‍රශ්ණයක්. ඇයි බට්ටච්චි මම උපන්දිනේ දවසේ විශ් කරලා ආදරෙයි කිවම මට
බැන්නේ කියලා. ඒක ඇහුවාම එයාගේ උත්තරේ උනේ...
මොඩයෝ බර්ත්ඩේ Gift බර්ත්ඩේ එකට කලිං දුන්නාම ගතියක් නෑ. මාව සර්ප්‍රයිස් කරන්න හිටපු ඔයාම
අන්තිමට මම සර්ප්‍රයිස් කලා..එතකොට තමයි මට මීටඒ උනේ මට මෙහේ 0010 යි 07/20/2015
උනාට එයාලට එහේ ඒ වෙනකොට 07/19/2015 හවස 1500 විතර කියලා.
කොහොමින් කොහොමින් හරි
අන්තිමට මම දිනුවා.. නෑ... නෑ වැරදුනා අපි දිනුවා....
අඩේ පට්ට....සුභපැතුම් දෙන්නටම...
ReplyDeleteතැන්කූ වේවා... තැන්කෝ...
Deleteමූණුපොතේ දාලා තිබුණ මෙසෙජ් එකත් දැක්කා ඈ.
Deleteදකුණේ කොල්ලෙක්..තැන්ක් අ ලොට් අගේන් මලයා..
ආහ්..
අම්මියි, මමයි අද රෑ ගාල්ලේ අත්තම්මලාගේ ගෙදර යනවා. ලබුදූවේ..
හදිස්සියට අයිඩින්ටිටි එකවත් හංගන්න අමතක වුනා නෙව..එනිවේ මං හෙට ගාලු එවෙයි මේ බී...
Deleteආ අයියෙ.. ජෙමික්කි (ජෙමාගෙ අක්කී --> ජෙම් අක්කී --> ජෙමික්කී) නම් මං මේ මුල්ම කමෙන්ට් එක දාන්න ට්‍රයි කොලාට මනාප නෑ වගේ?
@ Dilanka MadhawaJuly 22, 2015 at 12:06 AM
Deleteඅවුලක් නෑ... එල එලස්..
ජෙමික්කි ඔය කියලා තියෙන්නේ මම එයාට උපන්දිනේට මුලිංම විශ් කරන්න ගිහිං අනාගත්ත එක ගැන දිලංක මලයා.. ඇයි මමනේ එතන ලෙසටම අනාගත්තේ....
හෙන ඉක්මනට කලින් එක ටයිප් කොලා බොලාට මුලින්ම විස් කොරන්න ඕනවට..මටනම් හිතෙන්නෙ ඔය ගෑනු ලමයයි ලව් එකට ජෙමා සෙට් වෙන්න ඇත්තෙ මුල්ම දවසෙ වෙච්ච මෙව්ව එකෙන් වෙන්න ඕනෙ....එල එල....සුභ පැතුම් ආයෙමත්...
ReplyDeleteහම්..... කලිං පෝස්ට් එක කලිං ලියලා තිබ්බා.. එයාව සර්ප්‍රයිස් කරන්න ඕනි නිසා. මේ පෝස්ට් එක නං ලීවේ ඩිනර් වලට යන්න කලිං....
Deleteහ්ම්.. සමහර විට එහෙම වෙන්න ඇති. අපේ බැච් එකේ සෙට් එක මේක දැනගත්තාම විසුමක් නං වෙන්නෑ... ගෙදර ගියාමම කියනවා උන්ට ටිකට
Deleteමෙයා මුලම wish එක දෙන්න ගිහින් අනාගට්ටානෙ
Deleteතොලී!
DeleteDilanka MadhawaJuly 22, 2015 at 12:06 AM
Deleteඅඩේ ඇයා සොරියක්....!!??
ජෙමික්කි ඔය කියලා තියෙන්නේ මම එයාට උපන්දිනේට මුලිංම විශ් කරන්න ගිහිං අනාගත්ත එක ගැන දිලංක මලයා.. ඇයි මමනේ එතන ලෙසටම අනාගත්තේ....
@ rangiya.s RsJuly 21, 2015 at 7:52 AM
Deleteමෙන්න බට්ටිච්චියෝ ඔයාගේ කමෙන්ට් එක මේ මලයා වැරදියට තේරුම් අරං.
ආ අලි අලි මගේ කිටිරි මොලේට දැන්නෙ තේරුනේ...
Deleteආ අලි අලි මගේ කිටිරි මොලේට දැන්නෙ තේරුනේ...
Deletebeleka = Dilanka Madhawa ????
Deleteඑතකොට බොලා ඉන්නෙ ලංකාවෙ නෙවීද නැත්තං ඔය කියන අය ලංකාවෙ නෙවිද.
ReplyDeleteමොනා වුණත් ගහපු තෙල් වලිං ලයිෆ් ටයිම් වාහනේ දුවන්න හැකි වේවා සියළු පැතුමන් ඉටුවේවා හැම දෙම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙවා
දෙන්නටම ජයෙන්ජයම වේවා
තැන්කූ මහේෂයා...
Deleteමම නං ලක් පොලොවේ ඉන්නේ... එයා CA ඉන්නේ... මේ නත්තලට එනවා. ඊට පස්සේ ජෙමාගේ ජීවිතේ ගොඩක් ලොකු වෙනසක් වේවි....
THANK YOU Mahesh Rathnayaka brother
Deleteඅඩෝ මේකට නම් කොත්තු පාටියක් දාන්ඩ ඕනේ!!
ReplyDeleteඑකෙන්ම...එල එල!!
චිකේයියා යකෝ...
Deleteකොත්තු මතක් වෙනකොටත් බඩ බුරුල් වෙනවා වගේ...
කොත්තු කතාවක් ඉස්සරහට තියනෝ...
Mr Jems nut campus aka di hoda kottuvak kava. idiriyata davi samahara vvita
Deleteසුභපැතුම් ජෙමා...
ReplyDeleteතැන්කූ ඉමා..
Deleteසුබ පැතුම් ජෙමෝ....
ReplyDeleteතැන්ක්ස් මචං...
Deleteඅනේ මගෙ පිත්තු කොච්චිය.
ReplyDeleteම්ම්...
Deleteපිස්සු කොච්චියගේ වෙන්ඩ බාරි..
මල සමයන් පයින් යනවා කියන්නේ මෙව්වට. බ්ලොග් කියන්නේ මිනිසුන්ට තමන්ගේ දැනුම අත්දැකීම් තුලින් තොරතුරු බෙදාගන්න තියන් මාද්යයය්ක් මිසක් ඔයි මේ වැඩේට තමුසේ තියාගන්නවා ට්විටර් වගේ මගුලක්. පොය්ය දාන්න කැනඩා කෑල්ලකුත් මට සෙට් වෙලා ඉන්නේ කියලා මම පොර වෙලා. පසු කාලීනව මෙතන ඉන්න කෙල්ලෙක්ට කට්ට ගහන තමුසෙලා වගේ පිරිමි තමා ලංකාවේ වැඩි. මේක තමුසේ මැකුවත් මේක කරන්න තමුසේ හදන්නේ කියල අපිට තේරෙනවා . කුණුහරුප කරන් නැතුව වැඩක් ඇති යමක් දානව ඔය හතර වරන් දැන් මිනිස්සු දන්නවා
ReplyDeleteඔබතුමා/තුමිය.. වෙනුවෙන් මේ ලියන දේත් අපරාදේ.. ඒත් දෙයක් කියන්න ඕනි. මේක මගේ බ්ලොග් එකනේ තුමා/තුමිය..
Deleteඉතිං මම වැඩක් නැති දේ දාන්නං මට ඇති කියලා හිතෙනකං. ඔබතුමා/තුමිය වැඩක් ඇති දෙයක් දාන්ඩකෝ... ඇයි වැඩක් නැත් මගේ 4වරමේ හතරවරං ගහන්න ට්‍රයි කොරන්නේ....
කෝලන් පී - දිව දොට්ට
"බ්ලොග් කියන්නේ මිනිසුන්ට තමන්ගේ දැනුම අත්දැකීම් තුලින් තොරතුරු බෙදාගන්න තියන් මාද්යයය්ක්.."
Deleteහප්පට සිරි අදයි දන්නේ සිරාවටම, ටික කාලයක් බ්ලොග් ලීවත්... :-(
@ තිස්ස දොඩන්ගොඩJuly 22, 2015 at 9:27 AM
Deleteඅනේ මංදා දොඩං අයියා..
ඔය කියන්නේ...
Oops.. mekai ahanan reason aka.
Deleteපාටියක්.. නෑ දෙන්නගෙන් දෙකක් ඕනේ... ජය ශ්‍රී!
ReplyDeleteහෑ..
Deleteපාර්ටි දෙකක් ඇතිද මිත්‍ර..?
අඩේ ලගකදි බ්ලොග් ගෙට් එකක් එහෙම නැද්ද මිත්‍ර.
ආහ් අමතක උනා..
Deleteතැන්කෝ ඩූඩ්..!!
18 අන්තිම එක තිබ්බේ වේයන්ගොඩදී.. ඊලඟ එක ග්‍රෑන්ඩ් ලෙවල් එකෙන් ගන්ඩ ඉන්නේ 'සත්නපුලේ සප්තපාදී හෝටලේ' ඕං.. ඊට පස්සේ උඹලෑ මඟුල ගනිමු. හැක්.
Deleteඒකට ජෙමාට එන්න පුළුවං උනොත් ගොඩ නේ...
Deleteකොයි කාලේ වගේද ගෙට් එක තියෙන්නේ...
මගුල ගන්න ඉතිං එයා ලංකාවට පියාඹනකං ඉන්න වෙනෝ... දෙසැම්බර් එන්නේ.. වැඩිහිටියෝ කතා බහ කරලා යොදා ගනීවි ඒ වෙනකොට හොද විදියක්... පර්මිෂන් ගන්නත් ඕනිනේ...
අපි නං හෙට උනත් රෙඩි.
Party, ok. but without liqueur
Deleteok?
මල්ලි වැට් 69 ක් ගහන්නම ඕන දැන්නං.. ජය වේවා.. හැබැයි පුතේ උඹ වගේ මැණිකේ මැටි නැතිව ඇතැයි සිතමි.. මේවා රට්ටු හිනස්සන කතා.. හැක් හිටගෙන..
ReplyDeleteගසමූ....!!
Deleteජෙමා විතරයි මැට්ටා දේශ්.. හිටගෙන
කලින් පෝස්ට් එක ඊයෙ කියෙව්වෙ. අන්න බලන්න බ්ලොග් එකේ දැම්ම විතරයි හිටු කියල ප්‍රතිපල! ජෙමා & ජෙමී දෙන්නට සුභපැතුම්
ReplyDeleteඅම්මා ගහයි රාජ්...
Deleteඋබේ බ්ලොගේ සොයා ගත්තේ සැහෙන්න කට්ටක් කාලා.
තැන්කෝ මචං..
බ්ලොගේ නිසා නං නෙමෙයි බට්ටිච්චි මට ලැබුණේ..
තැන්කෝ මචං රාජ්..
Deleteකට්ට කන්න දෙයක් නෑ. ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කලාම විස්තරේ එනව. උඩින්ම තියෙන්නෙ 'මයි බ්ලොග්' කියල.
Delete@ රාජ්July 22, 2015 at 9:17 AM
Deleteඔව් දැං නං උඩ ක්ලික් කරාම සොයා ගන්න පුළුවං. ඒත ඔයා කමෙන්ට් කල නිසානේ උඩ ක්ලික් කරන්න පුළුවං උනේ. මම කිවේ මේක පටංගෙන කලිං එව්වෝ සොයන කාලේ ගැන.
තව අර අයිසේ ගේ කොළම, ෆා ද බ්ලොගි දැං නෑ වගේ නේද..?
THANK YOU රාජ්
Delete"හොඳම යාළුවෝ පෙම්වතුන් වෙන එක ගැටළුවක් නොවෙයි. සමහර විට දෙන්න, දෙන්න ගැනම හොඳටම දන්න නිසා, එකට ජීවත් වෙන්නත් පහසු වෙයි.
ReplyDeleteබට්ටිච්චියේ, ජෙමා සොය පියඹා එන්න.
බට්ටිච්චිට සුබ උපන්දිනයක්"
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ
බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ
දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුවඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනිවන්නේ
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ//
https://www.youtube.com/watch?v=vXlfreQcjvk
තැන්තෝ කතාකරුවෝ...
DeleteTHANK YOU Kathakaru
Deleteපාටියක් දාමු..
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
දාමූ...
Deleteහම්..මෝ..! ගල් නං එපෝ...!!
බය වෙන්නෙපා.. ඕක ට්‍රේඩ් මාක් එකක් විතරයි.. බ්ලොගා ල කවුරුත් ගල් බොන්නේ නෑ.. (අඩුම තරමිං කිසිම ලෝකල් එකක් බොන්නේ නෑ..) ෆොරීන් ලිකර් ඔන්ලි.. හැක්. මමනම් එයිනුත් සින්ගල් මෝල්ට් විතරයි බොන්නේ.. උඹටත් වෙනව පුතේ පාටියක් දානවනම් කැනඩ වලින්ම බඩු ගෙන්නන්න.. :p
Deleteසිරාවටම මිත්‍ර ගල තරං එපා කරපු අරක්කුවක් මට තවත් නෑ....
Deleteමට නං ගල් බොනවට වඩා කාල්ස්බර්ග් බියර් කෑන් එකක් ගහන එක සනීපයි බං...
තව බ්ලූ සෆාරි ද මොකක්ද එකත තියනවා. ඒකත් නෝමල්. මේ ලගදි තමා මට සෙට් උනේ ඒ බ්‍රෑන්ඩ් එක
සන්තෝසයි ජෙමා,,,,, දැන් ඉතින් ඇදගෙන පලයං... ජය....
ReplyDeleteතැන්කෝ නිමෝ..
Deleteනිමෝ උඔ ඉන්නවද?
Deleteමාත් හිතුවේ මැරිල කියල
Delete@ එල ද බ්‍රා මෙන්ඩා & අටමා..
Deleteඈහ්...!!
නිමෝ කූරියා ගහලාද...?
දාගත්තා වගේ නෙමෙයි ඉදිරියට කන්නට නියමිත කටු කන්න ශක්තිය ධෛර්ය ලැබේවා...
ReplyDeleteසුබ පැතුම්!!!
තැන්කෝ මලියා...
Deleteඅඩේ කොල්ලාව බය කොරන් එපා යකූ...!
pavul bara nada මලියා
Deleteනැවත මෙවැනි අවස්ථාවක් නොලැබේ.
ReplyDeleteදුරදිග බලා වැඩකරනු.
අනිවාර්යෙන්ම සර්...
Deleteata harinna nan na විචාරක - Wicharaka
Deletesir kiyanada uncle kiyannada danna. but i want to say something විචාරක - Wicharaka, oya gana jema godak avurawayan innva. anyway, THANK YOU විචාරක - Wicharaka
නිම් හිම් සෙව්වා මා සසරේ
ReplyDeleteහමුවී යුගයෙන් බැඳි යුගයේ
Deleteikmanata ran huyan badanna ona.
Delete