තේරවිලි සෙෂන් එක ඉවර කරන්න කියලා හිතුවට ඉවර
කරන්න වෙන්නෑ වගේ. මම අර කලිං පෝසට් එහෙක කිවේ කෙනෙක් ජෙමාගේ කවුද කියන්න් ඇදින
ගත්තා කියලා. ඔන්න එයා ජෙමාට එව්වා ගැටළු වගයක් පුළුවන් නං කියහං අයියේ කියලා...
මම නං උත්තර සොයා ගත්තා. පුළුවං නං දාන්න
උත්තර
එක..
ඔන්න කෙල්ලොයි, කොල්ලොයි, පොඩි උනුයි සේරම 30
දෙනෙක් යනවා පොඩි ට්‍රිප් එකක්. යනකොට උදේට ගිලින්න ගෙනියනවා කිරිබත් කැලි 30 ක්.
ඔය 30 දෙනා මෙන්න මේ විදියට තමයි කිරිබත් කෑලි කන්නේ..
කොල්ලෝ කනවා කිරිබත් කෑලි දෙකක් (02)
කෙල්ලෝ කනවා කිරිබත් කෑලි එකහාමාරක් (1 1/2)
පොඩිඋන් කනවා කිරිබත් කෑලි භාගයක් (1/2)
හොදා...යි... ප්‍රශ්ණෙ මේකයි...
මේ තිස්දෙනා එක්ක එකතු වෙලා කිරිබත් කැලි
30ටම වග කියනවා නං...
කොල්ලෝ කීදෙනෙක් ඉන්නවාද...?
කෙල්ලෝ කීදෙනනෙක් ඉන්නවාද....?
ඇච්චෝ කීදෙනෙක් ඉන්නවාද...?
කෙල්ලෝ කීදෙනනෙක් ඉන්නවාද....?
ඇච්චෝ කීදෙනෙක් ඉන්නවාද...?
ඔන්න දෙක...
ඔන්න යාලුවො තුන්දෙනෙක් (ජෙමා, පගලේ, වෙරියා)
යනවා දොඩම් කඩන්න. මුං තුන්දෙනා එක්ක යම්කිසි දොඩම් ගානක් කඩාගන්වා.
කඩාගෙන යනවා ජෙමාගේ ගෙදර දවල්ට කන්න. කන්න
කලිං පොඩ්ඩක් නාගන්න ඕනි කියලා පගලෙයි වෙරියයි
යනවා නාන්න ඇලට.
උං දෙන්නා නාන්න ගිය අතරේ ජෙමා අර දොඩන් ගොඩ සමානව කොටස් 3 කට බෙදනවා. අවසානේ එක දොඩමක් ඉතිරි වෙනවා ඒක නිසා ඉතිරි වෙන දොඩම විසික්කා කරලා ගොඩවල් 03 න් එකක් ගන්නවා...
ටික වෙලාවකිං පගලේ එනවා.. පොර කරන්නේ දොඩං
ගොඩවල් දෙකම එකක් කරලා ආයේමත් බෙදනවා සමාන කොටස් 03 කට. එතනිනුත් ඉතිරි වෙනවා එක
ගෙඩියක්. පොරත් කරන්නේ ඒ ඉතිරි ගෙඩිය විසික්කා කරලා ගොඩවල් 03 න් එකක් ගන්නවා.
අවසානෙට එනවා වෙරියා.. පොර කරන්නෙත් පගලේ කල
දේමයි.. ඉතිරි ගොඩවල් දෙක එකතු කරලා සමාන කොටස් 3 කට බෙදනවා. එතනිනුත් ඉතිරි වෙනවා
එක ගෙඩියක්. ඒ ඉතිරි වෙන ගෙඩිය විසික්කා කරලා පොරත් ගොඩවල් 03 න් එකක් ගන්නවා.
ඊට පස්සේ ජෙමයි පගලෙයි ත් ඉතිරි ගොඩවල් දෙක
ගන්නවා...
ඔන්න මේකයි මං අහන ප්‍රශ්ණේ...
ජෙමයි,
පගලෙයි, වෙරියයි දොඩන් ගෙඩි කියක් කඩාගන්නවාද...?
දෙමුකෝ බලන්ට උත්තර...?
*****************************************************
උත්තර
එක
කොල්ලෝ - කොල්ලෝ 6 දෙනයි දෙක ගානේ කනවා කෑලි 12 ක්
කෙල්ලෝ - කෙල්ලොත් 6 යි එකහාමාර ගානේ කනවා කෑලි 9 ක්
ඇච්චෝ - ඇච්චෝ 18 යි භාගේ ගානේ කනවා කෑලි 9 ක්.
ඔළුගෙඩි ගාන 30, කිරිබත් කෑලි ගානත් 30 යි.
දෙක
ගෙඩි 25 යි
ජෙමා සමාන ගොඩවල් 3 කට බෙදනවා එක ගොඩකට ගෙඩි 8 - ඉතිරි එක විසික්කා
එක ගොඩක් ගත්තා 2 ක් ඉතිරියි (16)
පගලේ ඉතිරි ගෙඩි 16 බෙදනවා 3 කට. එකගොඩකට ගෙඩි 5 - ඉතිරි එක විසික්කා
එක ගොඩක් ගත්තා දෙකක් ඉතිරියි (10)
වෙරියා ඉතිරි ගෙඩි 10 බෙදනවා 3 කට. එකගොඩකට ගෙඩි 3 - ඉතිරි එක විසික්කා
තුන්දෙනා 3 ගානේ බෙදා ගත්තා..
ගේම ක්ලෝස්...

ජෙමා, පගලේ, වෙරියා, කියලා අයව නම් දන්නේ නැහැ. ලෙයියයි, ලෙත්තෙයි, ලොක්කෙයි, කොක්කු වෙඩිතියන්න ගියහැටි නම් දන්නවා.
ReplyDeleteඒ මොකක්ද එ...?
Deleteහම්මෝ......මෙතන කියන්න බෑ. ඊයකින් විදින්නම්.
Delete@විචාරක - WicharakaJuly 18, 2015 at 10:52 AM
Deleteසර්
විදින්කෝ බලන්න ඊය
1.
ReplyDeletem 6 * 2 = 12
g 6 * 1 1/2 = 9
c 18 * 1/2 = 9
2ta 25
අම්මා ගහයි...
Deleteඇනෝ හරි.
2. වෙරියාට ලැබුණු දොඩම් ගෙඩි ගණන X ලෙස උපකල්පනය කරන්න. එවිට
ReplyDeleteවෙරියා එනවිට තිබුණු ගෙඩි ගණන = 3X + 1
පගලේ එන විට තිබූ ගෙඩි ගණන= 3(3X + 1) + 1 = 9X + 4
ජෙමා මුලින් ගනිනා විට තිබූ ගෙඩි ගණන= 3(9X + 4) + 1= 27X + 13
දැන් X වෙනුවට ඕනෑම අගයක් එක් කර ගණන සම්පූර්ණ කර ගන්න. අවම ගෙඩි ගණන 40කි (X = 1 ලෙස සැලකූ විට..)
ගෙඩි 25 යි
Deleteජෙමා සමාන ගොඩවල් 3 කට බෙදනවා එක ගොඩකට ගෙඩි 8 - ඉතිරි එක විසික්කා
එක ගොඩක් ගත්තා 2 ක් ඉතිරියි (16)
පගලේ ඉතිරි ගෙඩි 16 බෙදනවා 3 කට. එකගොඩකට ගෙඩි 5 - ඉතිරි එක විසික්කා
එක ගොඩක් ගත්තා දෙකක් ඉතිරියි (10)
වෙරියා ඉතිරි ගෙඩි 10 බෙදනවා 3 කට. එකගොඩකට ගෙඩි 3 - ඉතිරි එක විසික්කා
තුන්දෙනා 3 ගානේ බෙදා ගත්තා..
උඹ හරි.. මට වැරදුනේ.. 'එක ගොඩක් අයින් කරගන්නවා' කියනෙක මං සැලකුවේ 'එක ගොඩක් ඉතුරු කරනවා' කියල.. වැරැද්ද මගේ කියවපු විදියෙ... ගොඩක්ම IQ ප්‍රශ්ණ වලදි කෙළවගන්නේ ඕකෙන් තමයි හරියට කියවන්නේ නැතුව..
Delete@ කල්‍යාණ මිත්‍රJuly 19, 2015 at 1:14 AM
Deleteජෙමත් ගොඩක් වෙලාවට කෙලවා ගන්නේ හිතන්නේ නැති නිසා.