කලිං පෝස්ට් එකක ලිවානේ
සිගරට් ගැන. අද ලියන්න හිතුනා අරක්කු ගැන. සිගරට් නැවැත්තුවා උනාට තවම අරක්කු නං
නැවැත්තුවේ නෑ.
ජෙමා මුලිංම අරක්කු බීවේ
ඇච්චා කාලේලූ. ජෙමාට නං මතක නැ. දවසක් අප්පච්චි යාලුවෝ කට්ටියක් එකක් ගෙදර සෙට්
වෙලා හිටියා. ජෙමාටත් ඉතිං ඕන්නැති මගුලක් නෑනේ. අප්පච්චිලා සෙට් වෙලා ඉන්න තැනට
වෙලා බයිට් වලට වග කිය කිය ජෙමා කොලුවා ඉන්නවලු ඈ... ඔන්න එ සැරේටම...
අප්පච්චි බබාටත් ජෝ...!!
ඇදලා ඇරියලු මේසේ උඩ
තිබිච්චි අරක්කු ෂොට් එකක්. කොහොමට තියෙන්න ඇතිද. අඩි දෙකතුනක් ඇවිදගෙන ගියාලු.
කොල්ලා දොග් ගාලා පතබරියං උනාලු.. ඔන්න එදා ඉදං අප්පච්චි අරක්කු සිගරට් සදහටම
නැවැත්තුවාලු.
ඒ පටං ගැන්ම නේ. ජෙමාට
මතක තියන විදියට ජෙමා මුලිංම අරක්කු ටිකක් තොලගෑවේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් ගහෙන්
වැටිච්චි පාර්ටි එකකදී. අපි 12 දෙනෙක් විතර වග කීවා ගල් බෝතලේකට. කොහොම හරි ගලටත්
වග කියලා සෙට් එක දැං පකීර්ලා වගේ යනවා කන්න. කට්ටිය කෑමත් බෙදාගෙන සෙට් උනා
කාමරේක කෑම කන්න.
මෙන්න යකෝ එක සැරේම
තාරකයා කෑ ගහනවා...
“මොකාද ප* මගේ කෑම එකේ
තියන බත් ටික ගත්තේ“
මේ මොන මගුලක්ද කියලා
සේරම ෆුල් අන්දොස්. මේකයි වෙලා තියන සීන්
එක. තාරකයා කෑම එක බෙදාගෙන තියෙන්නේ බත් නැතිව. ඒ කියන්නේ ඒකාට වැදිලා. එදා
ඉදං තාරකාය බතා උනා...
කොහොම හරි ඒ විදියට
අල්ලා ගත්තු අරක්කු බෝතලේ මේ වෙනකං අතෑරියේ නෑ... ජීවිතේ එකම එක සැරයක් ජෙමාට
වැදුනා උනේ මොකක්ද කියලා වෙච්චි දෙයක් මතක නැති වෙන්නම. ඒක උනේ කැම්පස් එකේ මිඩ්
එක්සෑම් ඉවර වෙලා බෝඩිමේ දාපු පාර්ටි එකකදි. ජෙමා, මහතුං, පගලේ, වෙරියා, තනියා,
හොදා, තමයි සෙට් උනේ. අපි හය දෙනාට තිබුණේ කෝක් මෙගා එකයි, ස්ප්‍රයිට් මෙගා එකයි,
ගල් බෝතල් තුනයි, බියර් කැන් හතරයි, බයිට් එකට හංදියේ කඩේ කොත්තුයි, රයිස් එකයි,
බිත්තර රොටියි. ආ තව සිගරට් පැක් එකක් විතර තියෙන්න ඇති.
ගැසුවා, වැදුනා, කබරයා
පාරක් දැම්මා ජෙමා ඩවුන්ලු. හොදා එහෙම්ම ජෙමාව නාවලා ඇදුනුත් මාරු කරලා ඇදට දාලා
ඒකත් වොෂ් එකක් දාගෙන ආවලු
“යකෝ අර ලබ්බා එක්ක නටලා
වෙරිත් බැස්සා“
කියාගෙන ඉතිරි වෙලා තියන
බියර් කෑන් එකක් ඇදලා ඇරියලු එක හුස්මට. විනාඩි දහයක් ගියේ නෑලු... මෙන්න බෝඩිමේ
පිලිකන්න පැත්තෙං ඕක් ඕක් සද්දයක් එනවලු.. මහතුං ඇවිත් බලනකොට තැඹිලි ගහත් බදාගෙන හොදා අරිනවලු ලෙසටම කබරයා පාර...
ඔන්න එදායිං පස්සේ ලිමිට්
එකකට තමා අනුමත වෙන්න පටං ගත්තේ. බියර් එකට වැඩි ප්‍රයෝරිටි එකක් ආවේ. ඊට පස්සේ
හොදම සිද්ධිය උනේ කැම්පස් එකේ බැච් ට්‍රිප් එකේදි. ජෙමා එක්කම හිටියා සහෝදරියක් (දැනට)
වගේ කෙල්ලෙක්. නම මැණිකේ. ඔන්න කට්ටිය
ලෝකාන්තේත් බලලා ඇවිදලා කරලා ආවා නවාතැන්පලට. බ්ලැක්පූල් රෙස්ට් එකට. කස්ටිය ඔන්න
පොඩ්ඩක් සෙටාර් උනා. ඔය අතරේ මැණිකේගෙං කෝල් එකක් එනවා...
“ජෙමා මල්ලි පොඩ්ඩක්
එන්නකෝ“
ඔන්න ජෙමත් ගියා මැණිකේට
කතා කරන්න. ඒ වෙනකොට ජෙමත් බියර් එකකට වග කියලා හිටියේ..
මොනාද බීවේ.. (ටිකක්
විතර මලෙං)
ආ... පොඩි බියර් එකක්...
මේ... මටත් චුට්ටක් බීලා
බලන්න ආසයි...
ඔන්න ඉතිං වචනේ ආවානේ...
සුටුස් ගාලා ගෙනවා බියර් බෝතලෙයි බයිට් සුට්ටකුයි. ගෙනත් දුන්නා මැණිකෙට බෝතලේ. කට
තියාගෙනම ඇදලා ඇරියා කියහංකෝ...
උපරිම තප්පර 30ක් යන්න
ඇති ඕන නං...
ඊ.....යා.... තුහ්
තුහ්..!! තූ..... මොනාද මේ ජරාව ඈයියා...
බොනවා එහෙම නෙමෙයි මේ
ජරාව ආයේමත්. විසික්කා කියහංකෝ බෝතලේ අකුලකට. හම්මෝ මට ආව සන්තෝසයක්. කොහොම හරි
එදා ජෙමාට බැච් ට්‍රිප් එක ඉවරවෙනකං බොන්න තියා බෝතලයක් දිහා බලන්න වත් ඉඩ දුන්නේ
නෑ. (මැණිකේ කියන්නේ සහෝදරියක් නැති මට සහෝදරියක් (දැනට). ඊලග පෝස්ට් එක මැණිකේට වෙං
කරන්න ඕනි)
ඊට පස්සේ....
ජෙමාගේ බෙස්ට් චොයිස්...
බියර් නං ඉතිං
කාර්ල්ස්බර්ග් ස්පෙෂල් බ්රිව්
වැට් 69
වැට් 9
රෙඩ් රම්, වයිට් රම්
ලෙමන් ජින්
රෙඩ් වයින්
තව නරිකෙලා කොක්ටේල්
එකත් වරදක් නෑ.
ගල් අරක්කු නං ජෙමාට එපා
කරපු ජාතියක්... ඒත් නොබොන්නෙත් නෑ...
සිගරට් එක නැවැත්තුවත්
ජෙමාට අරක්කු නවත්තන්න තරං හේතුවක් සෙට් වෙලා නෑ මේ වෙනකං. ඒත් කවදා හරි අරක්කු
නවත්තන්න හේතුවක් සෙට් උනෙත් දෙපාරක් හිතන්නෑ. නවත්තනවා.
අඩේ අපෙ එකෙකුත් ඉන්නවා බතා කියලා. උගෙ නමත් තාරක. ඌට නම වැටෙන්න ඇත්තෙ බුරිය උල් වෙන්න කන නිසා වෙන්න ඇති.
ReplyDeleteඅම්මා ගායි...!!
Deleteමම දැක්කේම උඹ අපේ ඉස්කෝලේ සෙට් එකේ මලියා වගේ..
Deleteලැජ්ජ නැද්ද යකෝ බියර් බොන්න. ගෑණු වගේ. කොල්ලෙක් වගේ බීහන් අරක්කු ටිකක්.
ReplyDeleteමීට අටම්පහුරා
Delete@ AnonymousJuly 19, 2015 at 2:04 AM
Deleteහෑ..හ්...!
කමක් නැද්ද දන්නෑ නේද...?
@ AnonymousJuly 19, 2015 at 2:16 AM
Deleteඅටමාගේ ආච්චි..
අනේ යකෝ... අටමා ඇනෝ කමෙන්ට් දාන එකෙක් නෙවේ මම දන්න තරමිං.
අනුංගේ නම් දාන එක ලැජ්ජයි බං ඇනෝ....
මම ඇනෝ කමෙන්ට්ස් පබ්ලිෂ් කරනේ බොහෝම පරිස්සමට. කුණුහරුප ඒවා ඩිලිට් කරලා ආතල් ඒවා පබ්ලිෂ් කරනවා. ඒකත් මරු වැඩේ...
ReplyDeleteබියර් වුණත් නසරාණි වෙන්න වදිනව යකෝ දන්නවද.
ReplyDeleteවැඩිය ඕන නෑ ස්පෙෂෙන් බෲ තුනක් ඇති සමහර උංට ඒ ඕනත් නෑ. අනික අරක්කු බීව වගෙ නෙවී. වෙරිය වෙනස්. නිදිමතක් එක්ක මහ කුප්ප ගතියක් එන්නෙ
ගල් උඩට බියර් වැටුණම අවුල් කෝමත් බියර් අරක්කු කලවං උනොත් ඉවරම තමා
ඒත් බියර් වලිං අරක්කු සැන්ඩි කරන උං ඉන්නව කියන එකත් මතක තියා ගං හිහි
දනිමි.. දනිමි...
Deleteඅපිත් එක්ක කැම්පස් එකෙත් හිිටියා කොල්ලෙක්.පොරත් ගසනවා ගල බියර් එක්ක මික්ස් කරලා.
චැට බොක්ස්.
ReplyDeleteඔයා සිගරට්ස් නම් නවත්තපු එක හොදයි. ඒ උනාට තවම ඩ්‍රින්ක්ස් ගන්න එක නං නතර කරලා නෑ නේද?
මම ඔයාට සහෝදරියක්ද? මොනවද withing bracket's දැනට
then, what do you have to write about me?
මැණිකේ.. මම මුලිංම කියන්න ඕනි මම ඔයාගෙන් කවදාවත් කමේන්ට් කරයි කියලා නම් බලාපොරොත්තු උනේ නෑ.ඒත් ඔයා දුර දිග බලලා වැඩ කරලා තියනවා.
Deleteඉක්මන් දවසක් එයි මැණිකේ ඩ්‍රින්ක්ස් නවත්තන්නත්.
අන්තිමට අහපු එකට කියන්න තියෙන්නේ බලං ඉන්නකෝ චුට්ටක්....
Ok.. mama balan ennako. mata komath balan edala purudue kiyala oya dannawana jems
Delete@ rangiya.s RsJuly 19, 2015 at 5:45 AM
Deleteඔයා මට කින්ඩිය දානවා වගේ නේද මැණිකේ..
ඉවසන් ඉන්නකෝ ටිකක්. අහලා තියනවා නේද කතාව ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා
"අරක්කු නවත්තන්න තරං හේතුවක් සෙට් වෙලා නෑ මේ වෙනකං. "
ReplyDeleteමට කියහන්කෝ උඹට බොන්ඩ තරම් තියෙන හේතුව??
මට නම් ඕවාට හේතු නෑ...හේතු හදාගන්නෙත් නෑ..
හ්ම්... ඒකත් ඇත්ත...
Deleteඒත් කවදා හරි දවසක නවත්තන්න වෙයි. සමහරවිට හෙට අනිද්දා වෙන්නත් පුළුවං
අයියෝ සර් මට මියෝ රා බිලා කෙලපු පිස්සුව මතක් වුනා. බියර් බිලා ආතල් ගන්න සර්ලා ගැන දුක හිතෙනවා සර් . single malt whisky එකකට සෙට් වන්න බැරිද මේස් එකෙදිවත් සර් තරුවල දිලිසිමට මේවා ඕනේ සර්
ReplyDeleteඇනෝ... මචං උඹ තරං මම බේබද්දෙක් නෙවෙයි වෙන්න ඇති...
Deleteඅනික මේස් දාන්නේ කකුල් වලට බං. මේස් එකේ සෙට් වෙන්න පුළුවං කියලා මම ඔය ඇහුවාමයි. පට්ට ලොකු මේස් වෙන්න ඇති නේද බං... ඒ උනාට ඔෆිසඒ මෙස් එකේ නං මෙස් පාර්ටි තියනවා... ඔෆිසර් මෙස් කියන එක අමාරු නං නිලධාරි නිවස්නය කියලා මතක තියාගන්ඩකෝ...
මේකා සෙට් වෙන්න හදන්නේ මෙස් එකේ නෙවෙයි මේස් එකේ. ඒ කියන්නේ මේකා මීයෙක්.
Delete
ReplyDeletehttp://jemasplace.blogspot.com/ මං හොයාගත්ත මේ තියෙන්නේ උඹගේ අනික නේද
මගේ කලිං එකේ ජෙමා කියලා කෑල්ලක් ගැවිලාවත් නෑ බං. මේ වෙනකොට මම ඒක තාවකාලිකව අයිං කරලා තියෙන්නේ....
Deleteඅන්න උඹ කමෙන්ට් කරන්න කලිං උඹම කමෙන්ට් කරලා ගිහිං... Anonymous July 19, 2015 at 2:16 AM
මචං අටමා ඔය කියලා තියන බ්ලොග් එක මම බැළුවා දැං.. යෝධයෝ ඒක ලියලා තියෙන්නේ 2013. මම ලියන්න පටං ගත්තේ 2010-2012 කාලේ ඇතුලත.2013 මම බ්ලොග් වලිං අයින් වෙලා හිටිය කාලේ බං. ඒ වෙනකොට මම හිටියේ ට්‍රෙිනිං එකේ...
Deleteme awilla naughtiya ban
Delete@ AnonymousJuly 19, 2015 at 9:30 AM
Deleteමොකා... naughtiya.? දාන්ඩකෝ ඒ ලිංක් එකත් බලන්ඩ. යකුනේ ජෙමා කලිං බ්ලොග් එක ලීවේ ජෙමාගේ රියල් නේම් එකේ කොටසකුත් එක්ක. අන්වර්ථ නමකිං නෙමේ...
මම බීල වැටුන වාර ගානට වඩා අඩුයි නොවැටුන වාර ගාන..ඒ නිසාම දැන් බියර් වලට හුරු වුනා..
ReplyDeleteඅම්මා ගහයි..
Deleteබියර් එකේ ෆිලිං එකට මමත් ආසයි බං..
වෙලාවක එන්නංකෝ. වැට් 69 ක්ම ලැහැස්ති කරගෙන හිටු..
ReplyDeleteසිරාවටම...
Deleteදවසක් එයි සෙට් වෙන්න
ගල් නං මහ ජරා බීමක්! මතක ඇති කාලෙක බීලා නෑ දැන්.
ReplyDeleteකියලා වැඩක් නෑ... ඇසිඩ් බීවා වගේ මට නං..
Deleteකර්ර්ර්....තූහ්...!!