ඒ සුන්දර රෑ යාමේ
දාහක් විදුලි පහන් මැද්දේ
ඔයාගේ
තරු ඇස් දෙක දිලිහුනේ
හරියට
අහසේ පායපු තරු කැට දෙකක් වගේ
ඒ වගේම
ඔයා හරිම දක්ෂයි
කතා කරන්න
ඔයාගේ තරු ඇස් දෙකෙන්
ඔයා මට මොන මොනවදෝ කීවා...
ඒත් ඉතිං
ඔයා ගොඩක් ඉහල අත්තක පිපුණු
ලස්සන අරලියා මලක්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජෙමා නිසදැස් ලියන්න දක්ෂ නෑ. මේක ලියවුනේ දවසක් බර්ත් ඩේ පාර්ටි එකකට අපේ ඔෆිසර් කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවේ අපේ මිත්තරයා බර්ත්ඩේ ගර්ල්ව හදුන්වලා දීලා, අපි ගියපු අනික් ඔෆිසර්ස්ලා සෙට් එකත් එක්ක පොඩියට මධුවිතක් තොල ගානකොට බර්ඩේ ගර්ල් පේන මානයට ඇවිත් ජෙමා කොල්ලට දැම්ම ඉගි බිගි නිසා.
ප.ලි
මිත්තරයා මේක නොදකීවා..!! දැක්කොත් නං ජෙමාට අබ සරණයි.
ප.ප.ලි.
වැරදිලාවත් දැකලා පොරට හිතුනොත් ජෙමාව බෑනා කරගන්න. මගුලයි. මට ඒකාට මාමා කියන්න වෙනවානේ... හයියෝ ෂල්ලි...!!!!
හපෝ.... බීපු වෙලාවට ගෑනු ලස්සනට පේනවා තමා ජෙමෝ....
ReplyDeletehttps://www.youtube.com/watch?v=aWKYGsm3Ue8
ඒ කතාවත් ඇත්ත මද්දා...
Deleteවිඩියෝව එල ඇ....
Deleteඒක නම් සුපිරි
Deleteඉක්මනට...සෙට් කරපන්
ReplyDeleteගල් අරක්කු ටිකක් බිලා වෙඩිං කෙක් කෑල්ලක් කන්න අපිට
හම්මියෝ... බෑ....
Deleteබලහන් අපිට කවුරුවත් පාර්ටියක් වත් කියන්නේ නෑනේ??
ReplyDeleteඉතින් ජෙමාත් ලයින් පාරක් දැම්මාද?
මොන...
Deleteඇහැක් ගැහුවා විතරයි ඕං...
Officers Daughters Birthday party, Generals Wife's Birthday Party, අම්මෝ ඔව්වා මහා භයා.................නෙක පාටි. S ගහන්නත් බයයි. K ගැහුවොත් සද්දේ වැඩියි. මොනවා කොරන්ඩද?
ReplyDeleteදැලි පිහියෙං අයිස් කිරිං කෑමම තමයි...
Deleteමොනා කරන්නද සර්.