July 11, 2015

සිහින මංපෙත (මගේ කතාව)



 ....ගියපු රාජකාරිය ඉවර උනායින් පස්සේ ඇගපතේ දැනිච්ච මහන්සිය පැත්තකින් තියලා ගෙදර යන්න වව්නියාව ස්ටේෂන් එකට ගියේ කියාගන්න බැරි මොකක්දෝ අමුතු හැගීමකින්. 
 

ස්ටේෂන් එකේ කොනක බංකුවක වාඩි වෙලා හිටිය කපල් එකක්. පෙනුමෙන් නං කෙල්ල දෙමල කෙල්ලක්. කොල්ලා නං දෙමලද සිංහලද කියලා හිතා ගන්න බෑ. උං දෙන්නා උං දෙන්නගේ ලෝකෙ තනි වෙලා. මගේ හිත අතීතෙට ඇදිලා ගියේ මටත් නොදැනීම.

බීප්..! බීප්...!!
සුදු මහත්තයෝ.. ඔයා කොහේද ඉන්නේ. මම ක්ලාස් ඉවරයි. ඔයා දැන්ම එන්නැද්ද.මම ස්ටේෂන් එකේ.

සුදු මැණිකේගෙන් මෙසේජ් එකක්. දනි පනි ගාලා ස්ටේෂන් එකට දුවන්නේ ලස්සන ඒ මූණ දැකගෙන වචනයක් දෙකක් කතා කරන්න. කවුන්ටරෙන් ගාල්ලට ටිකට් දෙකක් අරං එයත් එකක් ට්‍රේන් එකේ ගිහිං ගාල්ලෙන් එයාවත් බස් එකට දාලා ආයේ ගෙදර එන්නේ හිත පිරිච්චි අමුතුම හැගීමකින්. 

කොහෙ යනවද මංදා ක්ලාස් නැති දවසටත් ගෙදර නෑ. ඒ ලෙවල් අත ලග රස්තියාදු ගහන එකේ සීමාවක් නෑ. ඇන ගනිංකෝ විභාගේ..

අම්මිගෙං පොඩි දෝස් මුරයක්. ඒත් හිත කියාගන්න බැරි තරමේ අමුතුම සතුටු හැගීමකින් පිරිලා. මම දන්නවා අම්මි මට මොතරං බැන්නත් ඒ මට තියන ආදරේට කියලා.

මම ඒ ලෙවල් වලට කලේ මැත්ස්. එයා කලේ ආර්ට්ස්. මට ක්ලාස් තියන දවස එයාට ක්ලාස් නෑ. එයාට ක්ලාස් තියන දවසට මට ක්ලාස් නෑ. ඉතිං අපි දෙන්නට මුන ගැහෙන්න තිබුණ අවස්ථා ගොඩක්ම අඩුයි. ඒ උනත් අපි කොහොම කොහොම හරි මුණ ගැහුණා. එකම එක දවසක් ඇරෙන්න අපි ක්ලාස් කට් කරලා රවුම් ගහන්න ගියේ නෑ. ගිහිපු දවසෙත් ගියේ මගේ උපන් දිනේ දවසක කන්දේ විහාරේ පංසලට. කොහොම කොහොම හරි අපි මහන්සි වෙලා ඒ ලෙවල් කලා. අපි දෙන්නගේම ටාගට් එක කැම්පස් යන එක.

අපි හිතුවටත් වඩා හොදට ඒ ලෙවල් කලා. රිසල්ට් එනකං කියලා අපි දෙන්නම කම්පියුටර් කෝස් එකක් කලා කොළඹ. ඒ කාලෙත් හරිම සුන්දර කාලයක්. අපි ඒ ඩිප්ලෝමා එක ගන්නකොටම වගේ ඒ ලෙවල් රිසල්ට් ආවා. ඒ වෙනකොට මම අපේ අම්මිට එයා ගැන කියලා තිබ්බේ. ඉතිං රිසල්ට් බලන්න අපි ගියා අපේ අම්මි එක්කම. මුලටම එයාගේ ඉස්කෝලෙට ගිහිං එයාගේ රිසල්ට් බැලුවා. කෙල්ලට ඒ2යි බී1 ඉංග්‍රිසි සී. කෙල්ලට ටිකක් විතර අප්සට්. ඒත් අපේ අම්මි කෙල්ලගේ හිත සනසලා ගියා මගේ රිසල්ට් බලන්න. මටත් ඒ2 බී2යි. කෙල්ලගේ ඇස් වල කදුලු. මම දන්නවා ඒ සතුටු කදුලු කියලා.

අපි එදා අපි බීච් එක අයිනේ රෙස්ටෝරන්ට් එකකින් ලන්ච් එකත් අරං අම්මිත් එක්කම ගියා එයාලාගේ ගෙදර. ගිහිං කතා බහ කරලා අපේ අම්මි අපි දෙන්නා ගැනත් කියලා එයාලාගෙත් ආශිර්වාදේ ලබා ගත්තා. ඒක හරියට ලෝකෙම දිනුවා වගේ හැගීමක්.

අපි කැම්පස් ඇප්ලයි කලා. කාලෙත් ගෙවුණා. කරුමෙක මහත. මම කැම්පස් සිලෙක්ට් වෙද්දි එයාට කැම්පස් යන චාන්ස් එක නැතිවෙලා තිබුණා. මගෙත් ක්ෂණික තිරනේ මමත් කැම්පස් යන්නෑ. කෝස් එකක් කරලා ජොබ් එකක් කරනවා. ඒත් ඒ තිරනේට අපේ අම්මිගෙන් ඕකේ එක තිබුණත් එයාගෙන් ඕකේ එකක් තිබුණේ නෑ. එයා මට නොවදිනා වැදුම් වැදලා මාව කැම්පස් යැව්වා.

***.. 
මාව අමතක කරන්න. මට ආයේ ඔයාගේ ලෝකෙට එන්න බෑ.
මට දහස් වාරයක් සමා වෙන්න

දවසක් ලෙක්චර්ස් ගිහින් හොස්ටල් එකට එනකොට ආව මැසේජ් එකෙන් මගේ මුළු ලොකෙම කඩන් වැටුනා වගේ උනා. කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා. කොයි තරං මොන විදියට එයා එක්ක කතා කරන්න හැදුවත් ඒ හැම දෙයක්ම ගගට කපපු ඉනි වගේ උනා. අපේ අම්මි එක්ක කියලා තිබුණා මම ඇත්තටම එයාට ආදරෙයි නං ඩිග්‍රි එක ගන්න කියලා. ඒත් එයා මගේ ලෝකෙට ආයේ ආවේ නෑ.

2009 මාර්තු මාසේ 18 වෙනිදා එයා මගෙං විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙංම යන්න ගියා. එයා එදා ඒ ඉන්ටසිටි බස් එකේ නොගියා නං අදටත් ජීවතුන් අතර.

මම අවසාන වතාවට මගේ සුදු මැණිකේව බලන්න ගියා එයාගේ ගෙදර. යනකොට එයා ලස්සන සුදු සාරියක් ඇදගෙන තද නින්දක. ඇත්තටම මම ඇඩුවේ නෑ. මට කවදාවත් එයා ඉස්සරා අඩන්න බෑ. ඒ පුංචි හිතට දුක් දෙන්න බැරි නිසා. දවසක් මගේ කදුලක් දැකලා එයා ඉකි ගගහා අැඩුවා. එදා ඉදන් මොනම හේතුවක් නිසා වත් එයා ඉස්සරා කදුලක් වට්ටන්නේ නෑ. එයාව ඒ සොහොනේ තනි කරලා මම අම්මි එක්කම ආයේ එයාලාගේ ගෙදර ආවා. දරා ගන්න බැරි දුක හංග ගෙන. මම එයාගේ කාමරේට ගිහිං එයාගේ ඇද උඩට වැටිලා ඉකි ගගහා ඇඩුවා. ඇති වෙනකං ඇඩුවා.

මමයි අම්මියි එදා රෑ එයාගේ ගෙදර හිටියේ. මට අහම්බෙන් එයා හැම දෙයක්ම ලියන සිහින මංපෙත (එයාගේ ඩයරි එක) හම්බුණා. වැරැද්දක් වෙන්න ඇති. මම ඒක කියෙව්වා.. 

2008.11.16 ඉරිදා.
මට සමාවෙන්න මගේ රත්තරං මහත්තයෝ. දැං ඔයාට මාව ගැලපෙන්නේ නෑ. ඔයා කැම්පස් ගිහිං ඉංජිනේරුවෙක් වෙලා එනකොට මම නිකංම නිකං පොඩි ජොබ් එකක් කරන කෙල්ලෙක් විතරයි. ඔයාලාගේ තත්ත්වෙට මාව කොහොමටවත් ගැලපෙන එකක් නෑ මගේ රත්තරනේ්... මම ඔයාගෙං යනවා. මට දහස් වාරයක් සමාවෙන්න වස්තු. කවදා හරි හොද නෝනා කෙනෙක් බැදලා ලස්සන පැංචියෙක් හදාගෙන ලස්සනට ඉන්න ඔයා මගේ දෙයියෝ... මම   දුරිං ඉදන් ඔයා දිහා බලලා සතුටු වෙනවා.
මට ජාති ජාතිත් සාප කරන්න එපා...

මට ඒ වෙලාවේ කරන්න පුළුවං උනේ ගේ දෙවනත් වෙන්න කෑ ගහලා අඩන එක විතරයි.

ආයේමත් අළුත් උන තුවාලේ වේදනාව එක්ක, ඇහැට උනපු කදුල කාටත් නොපෙනෙන්න පිහිදාගෙන කොළඹ එන්න කෝච්චියේ නැගලා කවුළුවෙන් අනංතය සොයන්න මම අසාර්ථක උත්සාහයක් ගත්තා.

සිංදුවකුත් මතක් උනා... පොඩි ගැලපීමක් තියනවා කියලා හිතුන නිසා ඒකත් ලියලාම යන්නං.

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න//

අඳුරු ලලා වහිනා විට සරසවි බිම තෙමෙන්න//
කුඩේ යටින් ඔබ යනෙනා විට එපා තනිය දැනෙන්න

ලතා මඬුළු අත වනාවි එපා අහක බලන්න//
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
මා නොදකින පුරහඳ ඔබට හැකිය බලන්න//

10 comments:

  1. Hithata godariyak danuna ayiye. matatha nodaneema mage as dekata kadulu awa. meka real deyakda? monawa unarh sawedi story ekak.
    shashi ayiya mama meka paththare article ekak widiyata danna permission denawada..?

    ReplyDelete
    Replies
    1. @ AnonymousJuly 11, 2015 at 4:34 AM
      හ්ම්ම් තැන්ක්ස් ඇනෝ. මචං ඒක මගේ කතාව. සංවේදීද දන්නෑ. මම අත්දැකපු දේ
      ආර්ටිකල් එකක් දාන්න තරං මේකෙ දෙයක් නෑ මචං. ඔයාට එහෙම කරන්න පුලුවං කමක් තිබුණත් එහෙම කරන්න එපා.

      Delete
  2. මේ මොකක්ද අප්පච්චියේ මේ

    ReplyDelete
    Replies
    1. මගේ අතීතේ අටම්...

      Delete
  3. ආෆ්ට ඇප්රුවල් දාන්ඩ එපෝ

    ReplyDelete
    Replies
    1. එහෙම දාන්න වෙලා තියනවා අටම්... හේතුව අසික්කිත කමෙන්ට්ස් වැටෙන එක වලක්වා ගන්න. මම ආසනෑ මචං ගද ගහන කමෙන්ට්ස් හරි මොනවා හරි මේකේ එල්ලෙනවාට... මම මුලිංම බ්ලොග් ලීවේ මීට උසස් පෙල කරන කාලේ... ඒකට වැටුන අසික්කිත කමෙන්ට් එකක් නිසා ඒක නවත්තලා දැම්මා... බ්ලොග් බැලුව එක විතරයි කලේ.. ලීවේ නෑ. මොකද ඒ බ්ලොගේ ලීවේ මගේ ඇත්ත නමෙං සහ ඇත්ත පිංතූරෙන්..

      Delete
  4. මම මොනවත් කියන්නේ නැහැ. කියන්න ගියොත් මේ පෝස්ට් එකට වැඩිය මගේ කමෙන්ට් එක දිග වැඩි වෙනවා. කතාවට අදාළ නැති දෙයක් විතරක් කියනවා.

    ඉස්සර වවුනියාව ස්ටේෂන් එක කියන්නේ LTTE මාරයා දත් විලිස්සාගෙන හිටිය තැනක්. LTTE පිස්තෝල කල්ලි කැරකුණ තැනක්. ඒත් බොහොම පරිස්සමෙන්, දැඩි හමුදා ආරක්ෂාව යටතේ, නිවාඩු යන/එන ත්‍රිවිධ හමුදා අයවලුන්, මේ දුම්රියපල පාවිච්චි කළා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා සර්...

      හ්ම්...ඒ කාලේ මමත් ආමි එකට ඇවිත් හිටියා නං මම සමහර විට මේ වෙනකොට ජීවතුන් අතර නැති වෙන්නත් ඉඩ තිබුණා නේද සර්...

      Delete
  5. මේක කලින් නොදැකපු එක හොඳයි කියල හිතෙනවා කියෙව්වම.. අඩුම ගානේ ඒ දවස් ටිකවත් හිත අප්සෙට් නැතුව හිටියනේ..

    ReplyDelete
    Replies
    1. මම මේ අද්දැකීම වින්දා මිත්‍ර...
      මම හොදටම වින්දා.

      Delete