මේක පෝස්ට් එකකට වඩා
මැණිකේගේ ආශාවක් ඉටු කිරීමක්. ජෙමාගේ අවුරුදු 27 ක ජිවිතයේ හම්බවෙච්ච මගේ අම්මි
ඇරුණාම සොදුරුම, ආදරණියම, දයාබරම යුවතිය. (කෙටියෙන්ම කියනවා නම් මගේ හිටපු
පෙම්වතියටත් වඩා) මට මැණිකේව හම්බවෙන්නේ අහම්බෙන්. කැම්පස් එකේ රැග් සීසන් එකේදි.
දවසක් ජෙමයි, හොදයි උදේ
එනකොටම ජ්‍යෙෂ්ඨ උත්තමයෝ දෙන්නෙක්ට අහු උනා. හරිනේ ඉතිං ටොපිය. හිත හදාගෙනම උන්
දෙන්නා ලගට ගියා. ගියා විතරයි ඔන් පටං ගත්තා. එක කෙලියයි. ජෙමාව ඩිෆ් ගස්සනවා, උඩ
පන්නනවා, ඒ අස්සේ හොදා පත ගහක් බදාගෙන උම්මා දෙනවා. ඒක දැක්කා විතරයි මට පන යන්න
හිනා. ඕක චෙක් ජ්‍යෙෂ්ඨ උත්තමයට. හරිනේ ටොපිය. ඔන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා සෙට් වෙනවා
ජෙමාට පරිප්පුව දෙන්න...
ඔන්න ඔය වෙලාවේ තමයි මුව
පැටියෙක් වගේ බය වෙලා බිම බලාගෙන, පොලවට වත් නොදැනෙන විදියට ඇවිදගෙන මැණිකේ එන්නේ...
අර ජ්‍යෙෂ්ඨ උත්තමයට මැණිකේව දැක්කා විතරයි මාව අමතකයි...
අඩේ.. බූරි... වර
මෙහාට...!!
මැණිකේ ආවා බයෙන් ගැහි
ගැහී... ඇත්තටම මට පව් කියලා හිතුණා. කෙල්ලගේ ඇස්වල කදුළු. අරකා එක එක ප්‍රශ්ණ
කෝටියයි මැණිකෙට. මොන... ඒකිට කටක් අරින්න තියා ඉකිය නවත්තා ගන්න වත් පුළුවං කමක්
නෑ... ජෙමාට ඇත්තටම අම්බානක දුක හිතුනා. කෙටියෙංම කිවොත් ඒ අවස්ථාව හිතක් පපුවක්
තියෙන කෙනෙක්ට බලං ඉන්න අමාරු අවස්ථාවක්...
සමාවෙන්න ජ්‍යෙෂ්ඨ
උත්තමයාණෙනි.. මේ ළමයාට යන්න දෙමු..
ජෙමාගේ කටිං ඒ වචන ටික
පිට උනා විතරයි... අප්පට සිරි.. කොහෙන්ද මංදා ආව සින්නෝ ටිකක් ජෙමාව වට කලා.
කරකෝලා අතෑරියා වගේ.. මම දැනගත්තා අද නං බඩුම තමා කියලා. කොහොම හරි මාව තියාගෙන
මැණිකේව යැව්වා. ජෙමාට දෙයියංගේම පිහිටයි. දවසම ලුණු නැති පරිප්පු... බෝඩිමට යනකොට
කලිසම ඉරිලා.. දනිස් වැලමිටි තුවාල වෙලා හොද ගනං..
පහුවෙනිදා කොහොම හරි උදේ
රැගෙන් බේරිලා ලෙක්චර් හෝල් එකට ආව. එතකොට ලෙක්චර් හෝල් එකේ දහයක් වත් නෑ. එක තැනක
කෙල්ලෙක් අඩනවා ඩෙස්ක් එකට ඔලුව තියන්, තව කෙල්ලෙක් ලගට වෙලා ඔලුව අතගානවා. ජෙමත් ලගට ගියා මොකක්ද කියලා බලන්න.
හප්පට සිරි මැණිකේ. (එතකොට තමා දන්නේ ඒකිත් මගේ ෆැකල්ටි එකේම කියලා). මාව දැක්කා
විතරයි ඒකියේ ඇඩුම ඩබල් උනා...
අනේ... ඔයාට ඊයේ මොකද
උනේ.. ඔයාට එයාලා ගොඩක් වද දුන්නද?
ඒකි ඉකි ගහන ගමං අහපු විදියට කට කපලා එකයි දුක.
හයියෝ... මොකද බං කෙල්ලේ
මේ... මට අවුලක් නෑ.. (අවුලක් නෑ කිවට මමනේ දන්නේ දැනෙන සනීපේ)
අවුලක් නෑ කියන්නේ කෝමද,
මට ඔයාගේ යාලුවා කිවා දනිස් දෙකයි, වැලමිටයි තුවාල වෙලා කියලා.. කෝ මට
පෙන්නන්න....
මම කොච්චර අවුලක් නෑ
කිවත් මේකි නෙවේ කනකට ගන්නේ. බලෙංම බැලුවා තුවාල වෙච්චි තැන්. ඒ වෙනකොට මම ඩෙටෝල්
ප්ලාස්ටර් ගහන් හිටියේ. මේකි හොටු හූර හූර ඒ ප්ලාස්ටර් ටිකත් ගලවලා ඒකිගේ බැග්
එකෙන් ඇදලා ගත්ත ටියුබ් එකක් ගාලා ආයෙත් ප්ලාස්ටර් දැම්මා. ඇත්තම කියනවා නං මගේ
ඇස් වලිං කදුලු වැටුනේ මටත් නොදැනිම. ඒ තුවාල වල වේදනාවට නං නෙමෙයි. මැණිකේ මම
වෙනුවෙන් කල දේට. ඒ වෙලාවේ මගේ ඇස්වල කදුලු දැකලා මැණිකේ මගේ අහනවා...
ඔයාට තුවාල ගොඩක්
වේදනයිද..? ඇස්වල කදුලු
තුවාල නං වේදනා නෑ... ඒ
උනාට හිතට නං ගොඩක් වේදනාවක් දැනුනා.. ඔයා මම වෙනුවෙන් මේ කල දේට. ඇත්තටම මට
සහෝදරියක් හිටියා නං එයා වත් මේවිදියට කරනෙකක් නෑ.
කෙල්ලගේ කදුලු අලුත්
වෙන්න තප්පරයක් යන්න ඇති.
මේ... තුවාලේ සනීප වෙනකං
මමයි බෙහෙත් දාන්නේ හැමදාම.
කෙලලා තියෙන්නේ ඔය
තාප්පෙටම. කොහොම හරි තුවාලේ සනීප වෙනකොට
අපි දෙන්නා හොදම යාලුවෝ. කොටිංම කියනවා නං “ගහේ යාලුවෝ“
ඔන්න ඔය විදියටයි අපේ
යාලුකම ඇති උනේ. එදා ඒ ඇති වෙච්චි යාලුකම මේ වෙනකං නැති උනේ නෑ.
කැම්පස් එකේ ලෙක්චර්ස්
වලදි, කෑම කනකොට, පචගහ යට පිස්සු කෙලිනකොට, මැණිකේ මගේ ලගිංම හිටියා. වැඩිය ඕනි
නෑ. මැණිකෙලා හිටිය බෝඩිමේ උන් සෙට් එක මොනවා
හරි විශේෂ කෑමක් එහෙම හැදුවොත් රෑ 9ට 10ට හරි කමක් නෑ මාව එයාලාගේ බෝඩිම ලග
ගෙන්නලා කොටසක් දෙනවා. ඔය හේතු නිසා අපි ලගිංම හිටිය ටිකදෙනා හැර ගොඩක් දෙනෙක්
හිතං හිටියේ මමයි රංගියි සෙට් වෙලා කියලා. අපිට බාත් එක දෙන්නත් සෙට් වෙලා හිටියේ.
වැඩිය ඕනි නැ අපේ අම්මිත් හිතං හිටියේ මැණීකේ අම්මිගේ අනාගත ලේලි පොඩ්ඩ කියලා.
ඒක උනේ දවසක් සෙට් එක (පගලේ ඇන්ඩ් ඩිංගරි, වෙරියා, හොදා, ලොකු විත් නිතූ, වයිමා, නීලි, මැණිකේ)
අපේ ගෙදර ආවා නිවාඩු දවසක. අම්මියි නැන්දයි උන්ට කැම සෙට් කරනවා. අපි සෙට් එක
බීච් එකේ නාන්න යන්න සෙට් වෙලා යන්න හදනකොට මැණිකේ නෑ. බලනකොට මේකියි නීලියි කුස්සියට වෙලා
අම්මිටයි, නැන්දටය උයන්න හෙල්ප් කරනවා. කොච්චර කතා කලත් ආවේ නෑ යන්න.
කොහොම හරි බීච් එකේ
නාන්න කලිං බියර් එකක් එහෙම ගහලා තමයි අපි බීච් එකට බැස්සේ. එක එක සෙල්ලං දානවනේ
ඉතිං කට්ටිය සෙට් උනාම. අපි නාන හරියේ තියනවා ලොකු ගලක්. ඔය ගලට නැගලා බීච් එකට
පනින එක ෆුල් ආතල්. ඔන්න කට්ටියම සෙට් වෙනවා ගලෙං පනින්න. ඔන්න ජෙමාගේ වාරේ.
ආච්චිට හාල් ගරනවා කියන්ඩකෝ. ගලට නගින් හදනකොට ලිස්සලා දොංතගදං. නලල ගලේ වැදිලා තුවාල්
උනා. නෑම එතනිංම ඉවරයි. තුවාලෙටත් බෙහෙත් දාගෙන ගියා ගෙදර කැමට.
ඔන්න 18 පාලිය පටං ගන්න
තැන. මම හිතුවේ අම්මි පටං ගනී කියලා වන්නම
නටන්න. මෙන්න යකෝ අම්මි බලං ඉංදෙද්දි මැණිකේ පටං ගත්තා කියහංකෝ නයිඅඩි
වන්නම. අම්මිටයි නැන්දිටයි පැලෙන්න හිනා. කොහොම හරි උං ටිකත් ගියාට පස්සේ අම්මි
කියනවා...
“ඔයාටම ගැලපෙන සීදේවි
කෙල්ල පුතේ...“
අම්මි කොච්චර කිවත් එදා
පිළිගත්තේම නෑ අපි හොද යාළුවෝ විතරයිම විතරයි කියලා.
මගේ ජීවිතේ දරා ගන්න
බැරි තරම් දැනිච්ච අවස්ථා දෙකතුනයි තියෙන්නේ..
එකක් අප්පච්චි බ්ලාස්ට්
එකකින් ජීවිතේ පූජා කරපු එක.
එකක් මේන්න මේ පෝස්ට්එකේ කියපු කෙනා මාව දාලා යෑම සහ එයා මුළු ලෝකෙන්ම යාම..
අනික තමයි මම මේ කියන්න
හදන දේ...
ඒක උනේ අපේ උපාධි ප්රදානෝත්සවය
දවසේ...
කොහොම හරි අපේ උත්සවේ
ඉවර වෙලා අපි හරිම සතුටෙං හිටියේ. කට්ටිය බීඑම්අයිසිඑච් එක ලග තැන තැන කට්ටි කට්ට්
සෙට්වේලා අවුරුදු ගානක සතුට භුක්ති විදිනවා.
පුරුදු විදියටම අපි
මැණිකෙලා සෙට් එක තමයි හිටියේ. යෝජනාවක් ආවා මැණිකෙගෙං අපි ඩිනර් එක බීච්
රෙස්ටෝරන්ට් එහෙකිං අරං යමු කියලා. කොහොම හරි අපි පස්දෙනා (අම්මි, මම, මැණිකේ,
මැණිකෙගෙ අම්මා, තාත්තා) අපේ අම්මිගේ කාර් එකේම ආවා කොල්ලුපිටියේ තියන බීච් රෙස්ට්
එකකට. ඩිනර් එක රෙඩි වෙනකං මැණිකෙට වෙරල පාගන්න ඕනි උනා. අම්මිලාට බෑ කිව නිසා අපි
දෙන්නා ගියා වෙරලට.
වෙනදා වගේ නෙමෙයි. අද
කෙල්ල නිහඩයි. මම මොනතරං ඇහුවත් කෙල්ල නෝ කතා, නෝ සිනා. හිතා ගන්න වත් වෙලාවක්
ලැබුණේ නෑ. කෙල්ල මගේ බෙල්ල බදාගෙන අඩන්න ගත්තා. අම්මිලත් බලං ඉන්නවා. මැණිකෙට කතා
කරන්න පුළුවං වෙච්ච මුල්ම වෙලාවේදි කිවේ.
I have fallen in love with you ..
මාව කරකෝලා අතෑරියා වගේ
උනා. මට මොකවත් පැහැදිලි කරලා දෙන්න උනේ නෑ.
මම දන්නවා ** ඔයා හැමදාම
මගේ දිහා බැලුවේ සහෝදරියක් විදියට විතරයි කියලා. ඒත් මට එහෙම ඉන්න බැරි උනා. මම
දන්නවා ඔයාට ඉන් එහාට මම ගැන හිතන්නත් බෑ කියලා. අනේ මට සමාවෙන්න. මට ඔයාට ආදරේ
නොකර ඉන්න බැරිවෙයි. අපි ලබන සතියේ ලංකාවෙන් යනවා. මට සමාවෙන්න දෙයියෝ... (මට මේ
වචන ටික මැරෙනතාක් අමතක වෙන වචන ටිකක් නෙමෙයි.)
කොහොම හරි මැණිකෙලා
ලංකාවෙන් කැනඩා යන දවසේ එයාපෝට් එකට මම එනවාට පොඩ්ඩක් වත් කැමති උනේ නෑ. ඒත් මම
මැණිකෙගේ තාත්තගෙන් එයාලා එයාපෝට් එකට එන
වෙලාව අහගෙන ගියා එයාපෝට් එකට.
අම්මා තාත්තා හිටියා කියලා කෙල්ලට ගානක් නෑ. එතනදිත් කලේ බදාගෙන අඩපු එක විතරයි.
මට කියන්න පුළුවං උනේ
පරිස්මට ගිහින් එන්න බට්ටිච්චයේ කියලා විතරයි... (බට්ටිච්චි, මම මැණීකෙට දැම්ම
නික් එක)
පසු වදනක්.!
මේක ජෙමා ලියපු දිගම
පෝස්ට් එක මම හිතන්නේ.මේක පෝස්ට් එකකට වඩා මැණිකේ වෙනුවෙං මැණිකෙ බලාපොරොත්තු
වෙච්චි දෙයක් ඉෂ්ඨ කරන්න ලියපු දෙයක් .ඇත්තටම මට හිතෙනවා මම ගොඩක් ලොකු පව්කාරයෙක්
කියලා. මට අවංකව ආදරේ කරපු අය (මගේ අම්මි හැර) මගෙං ඉක්මනට ගියා. මට අද තේරෙනවා
එයා මට කොච්චරක් ආදරේ කලාද, මැණිකේ මට කොච්චරක් ආදරේ කලාද, මාව දාලා ගිහින් ආයේ
එන්න හදන එයා මට කොච්චරක් ආදරේ කලාද කියලා.
ඔව්...! මැණිකේ මට ගොඩක්
ආදරේ කලා. මම දන්නවා තවමත් මට ආදරෙයි මැණිකේ. එයා තමයි මට පෙන්නුවේ ආදරේ ඇතුලේ
තියෙන්නනේ ලබා ගැනීම විතරක් නෙමෙයි, පරිත්‍යාගයත් තියනවා කියලා. මම මට නොගැලපෙන
එයා එක්ක යාලු වෙද්දිත් මැණිකේ කිසිම වෙනසක් පෙන්වන්නේ නැතිව හිනා වෙලා උදව් කලා.
එයා මාව දාලා යද්දිත් මට වැටෙන්න නොදි ශක්තිය දුන්නා. මට ඔයාගේ ආදරේ තේරුණේ නැත්තේ
මගේ පව්කාර කමට වෙන්න ඇති මැණිකේ. සුදු මැණිකේගේ වියෝවත් මට ආදරයක් ගැන හිතන්න බැරි වෙන්නත් ඇති.
මේක බලන මැණිකෙට...
මම දන්නවා මේක ඔයා
බලනවා කියලා. මම මේ ගත්තේ මගේ හිතේ තියන
හැගිමක් වචන වලට පෙරලන්න ගත්ත අසාර්ථක උත්සාහයක් විතරයි. ඔයා කොහොමත් දන්නවානේ මම
ලියන කියන ඒවාට ඔයා වගේ දක්ෂ නෑ කියලා. ඒත් මට කියන්න තියනවා දෙයක්.
I have fallen in love with you.. and I'll waiting for you.
Please come
back to me…
ඔයා දවසක් කීවා නේද...?
ගොඩාරියක් දෙනෙක්
ඉස්සරහා ඔයා ආදරේ කරන කෙනා ඔයාට අදරේ කරනවා කියලා කියන එක අහන්න ආසයි කියලා...
ඔන්න මම ලෝකයක් ඉස්සරාම කිවා. අපි කතා කරනකොට නොකියා අදම මම මේක කිවේ... මේක තමයි මම ඔයාට දෙන උපන්දින
තැග්ග...
සුභම සුභ උපන්දිනයක්
වේවා මගේ බට්ටිච්චියේ...!!
(20/07/2015)
මැණිකේ, අනේ ඔයාට පුළුවන් කමක් තියනවානම්, මෙන්න මේ රට ගොනාට පිහිට වෙන්න. මුගේ අනාගතය හදන්න පුළුවන් වෙන්නේ, ඔයාවගෙ මුගේ අතීතය දන්නා කෙනෙකුට විතරයි. නැත්නම් මේකා ඉබාගාතේ ගිහින් මොකක් හරි කුණු ගොඩකට කරගහන්නත් ඉඩ තියනවා. ඒ නිසා, ඔයාගේ සහ මේකාගේ පියවරුන්ගේ වයසේ ඉන්න මගේ ඉල්ලීම ඉවත නොදමා, මුගේ අනාගතය බාරගන්න.
ReplyDeleteමැණිකේ.. මේ ගොං තඩියට මොලේ දෙන්න...
DeleteWicharaka and Deshaka.
DeleteAna uncle mama ma mattata mama koe taram adarada kiyala ma matta therum gatta nana..
@ විචාරක - WicharakaJuly 20, 2015 at 6:20 AM
Deletei won sir.
ඔන්න විචාරකටයි, දේශකටයි අංකල් පට්ටමකුත් දාලා උඩ.
සර් දාලා තියන කමෙන්ට් එකට උත්තරයක් දාන්න මට තේරෙන්නේ නෑ..
ඒත් ගොඩක් ස්තූතියි... අද ජෙමා පට්ටම පට්ට හැපී එකෙන්...
@ දේශක යාJuly 20, 2015 at 9:47 AM
Deleteබට්ටිච්චි කැම්පස් කාලේ ඉදංම ගොඩක් අවස්ථා වලදී ට්‍රයි කලා මට ඒක දෙන්න. ඉදිරියේදී ඔලුව පලලා හරි ඒක කරාවි..
අනේ බට්ටිච්චියේ මේ හරකට කැනඩාවෙං රට තණ කොල මිටියක් අරගන එන්න
Deleteඔන්න දැංම ඩීඑච්එල් කරලා...
Deleteරට තණකොල විත් පුන්නක්කූ...
අනේ මගේ කට අටමෝ...
කමෙන්ට් මොඩියුරේට් කරල ආතල් කඩන්ඩ එපා බං රෙද්ද
Deleteකමෙන්ට් මොඩියුරේට් කරල ආතල් කඩන්ඩ එපා බං රෙද්ද
Deleteෂෝක් එකට තියේවි එතකොට..
Deleteබලු කක්කා අයින් කරන්න වෙනම මිශන් එකක් කරන්න වෙනවා ජෙමාට...
මේ වෙනකොට මගේ අහිංක පුංචි බ්ලොගේ කුණුහරුප කමෙන්ට්ස් 36 ක් තියනවා ස්පෑම් කරපු... ඊ්ක්කා කියලා හිතෙනවා ඒවා කියවනකොට..
Deleteඅනේ මන්ද බං
Deleteමොඩියුරේට් කරහම හෙන අවුල්
Deleteකාලෙකින් ඇස් වලට කඳුළු උනපු කතාවක්. කතාවක් කියන්නත් හොඳ නැහැ මං හිතන්නේ. ජීවිතේ පුරාවට හිතින් විඳවන්නේ නැතුං හොයන්න යන්න . එක්ක එන්න, නැතිනම් එහේ ඉන්න ( කොහේ හරි එයා ඉන්න තැන ) එයාගේ හිත එයා ඔයාට කිව්වනෙ? දැන් ඔයාගේ තීරණෙ තියෙන්නෙ මම හිතන්නෙ. ( ඒ ඉතින් මේක සත්‍ය සිදුවීමක් නම්) එහෙම නැතිනම් අති සාර්ථක නිර්මාණයක්. පැතුම් ඉටුවේවා!!
ReplyDeleteඅද මම දිනුවා හංසමාලි.
Deleteමටත් ඇත්තටම මේක හීනයක් වගේ.
ගොඩක්ම ස්තූතියි..!
හොඳම යාළුවෝ පෙම්වතුන් වෙන එක ගැටළුවක් නොවෙයි. සමහර විට දෙන්න, දෙන්න ගැනම හොඳටම දන්න නිසා, එකට ජීවත් වෙන්නත් පහසු වෙයි.
ReplyDeleteබට්ටිච්චියේ, ජෙමා සොය පියඹා එන්න.
බට්ටිච්චිට සුබ උපන්දිනයක්..
ඇනෝ තෑන්ක්ස්
Deleteබට්ටිච්චි මේ අවුරුද්දේ අන්තිමේ ලංකවට පියාඹනවා. එතකං ස්කයිප් දෙයියන්ගේ පිහිටයි ආ..රක්ෂාවයි තමයි...
මැණිකේ... ඔයා මේ පෝස්ට් එක කියවනවා නම් ආපහු ඇවිත් මේ ජෙමාගේ නහය විදලා නාස් ලණුව දාගන්න... මූ ගොනා කියල මරන්නයැ.....
ReplyDeleteමැණිකේ මේ බ්ලොග් එක පටං ගත්ත දවසේ ඉදං කියවනවා... උඩ කමෙන්ට් එකකුත් කරලා තියනවා. මං ගොනා කියලා මරණ එකක් නං නෑ. හැබැයි අතේ පයේ හිරි යනකං මට ගුටි කන්න නං වෙයි ඒ චුටි අත් දෙකෙන්...
Deleteජෙමාම නාහේ විදගත්තා..
බට්ටිච්චිට තියෙන්නේ ඇවිත් ලනුව දාන්න විතරයි..
අනේ අම්මප මෙහෙමත් අන්ධයෙක්...
Delete@ දේශක යාJuly 20, 2015 at 3:15 PM
Deleteහරියටම හරි දේශ්... ජෙමා කන්නාඩි දානවා ඇච්චා කාලේ ඉදලාම.. උම්බට අර මොකක්ද විඥ්ඥානේ තියනවද?
හැපි බර්ත් ඩේ ඇන්ටි!!
ReplyDeleteඋඩරට බොදු ගොවි විනීත දායාද හිමි කඩවසම් ජෙමාට ආදරණිය සුන්දර ප්‍රේමනීය මැණිකේ සොයන්නේ ජෙමාමය....
කේන්දර කොපිය සහිතව විමසන්න...
අඩෝ ජෙමා!!! ගුඩ් ලක් බන්!!! ඩෙවිම අපිටත් කියහන්!!!
තෑන්ක් මචං රූපේ...
Deleteයකෝ මම උඩ රට නෙවෙයි. පහතරට. දකුනේ කොල්ලෙක් හලී...
චිකේයියා. දකුනේ හැමෝටම දැඩි ලැජ්ජාවක් ඇති වෙන දවසක් අද.. හැක්
Deleteදෙපාරක් චිකේයියා...
Deleteදේශක දකුණේ කකුලක්ද ඈ...?
චිකේයියා කියන වචනේ දකිනකොට මට මතක් උනා බ්ලොග් ලියපු රත්ගමයාව..
To-රූපේ
DeleteAunty! thanx grandpa
සුභ උපන් දිනයක් වේවා නංගා..
ReplyDeleteබට්ටිච්චි වෙනුවෙං මගෙං තැන්ක්ස් මෙන්ඩෝ...
Deleteතෑන්ක්ස් අ ලොට්
පිස්සු හැදෙයි කිව්වලු... හෆොයි... ලෙඩේ මගේ උග්‍ර වෙනවා මේවා කියෝලා
ReplyDeleteයහපතක් වේවා..
ඔයාට කියෝලා මොකක්ද එක උග්‍ර වෙනවා නං..
Deleteමේ අද්දැකීම විදපු මට..?
මරුම පොය්ය... දැක්කද පයන්න
ReplyDeleteතැන්කූ ඇනෝ...
Deleteමචං උඹලා මොනවා හිතුවත් මම ඒ ගැන කෙයා කරන්නෑ..
මොකද අද මගේ ජීවිතේ සතුටුම දවසක්..
බකාස්...!!!
අනික් කමෙන්ට්ස් වලට වැඩ ඉවර වෙලාම රිප්ලයි කරනවා. බලු කුක්කෙක් මගේ වත්තේ ජරා කරලා තියනවා දැක්කා. තවත් කුක්කෝ කක්කා කරන් කලිං වැලි ටිකක් දාලා යන්න හිතුවේ..
රෑ වෙලා ලියන්න ඕනි පෝස්ට් එකක් සතුට වෙනුවෙං. ආහ්... අද මමයි අපේ ඇජයි හවස් වෙලා සතුට පොඩ්ඩක් සෙලිබ්රේට් කරන්න හිතං ඉන්නේ ඈ...
ආ තව දෙයක්.. ප එක්ක අහල පහල ක අකුරක් තියනවා දැක්කේ නැද්ද ඇනෝ...
Deleteබට්ටිච්චියේ ජෙමත් එක්ක කූඩුවක් හදන්න එන්න....
ReplyDeleteබට්ටිච්ච් එනවා ඉමා මේ අවුරුද්දේ අන්තිමට...
Deleteනත්තලට
අවුරුදු හතරක් ඇවිලුනේ නැති ගින්දර සහ පුලුන් - ටිකක් විතර අවුල් වගෙයි නේද?
ReplyDeleteනෑ.... නෑ... ලෙසටම ඇවිලෙයි...
Delete// විෂේශ// හැලපයා එහෙම දැක්කොත් බොට ඉන්න වෙන්නේ නෑ.. ඕක හදපන් විශේෂ කියලා.. හැක්.
ReplyDeleteඅම්මා ගහයි...
Deleteඉන්ඩ මම හදලා එඤ්ඤං ඈ...
හුටා.. පෝස්ට් එක බාගෙට කියවන ගමන් 'විශේෂ' කොමෙන්ට් එක දැම්මේ. ඇඬෙනවා තනි ඇහැට.. දැන් මොකෝ කරන්නේ.. උඹට උඹේ මැණික ආයි ලැබෙන්නයි කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරන්නම්.. ඒ වගේම 'හිත හොඳ මැණිකෙට සුභම සුභ උපන් දිනයක්'.. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන්.. ජය ශ්‍රී!
ReplyDeleteතැන්කෝ මිත්‍ර...
Deleteමේ මොහොත වෙනකොට මගේ බලාපොරොත්තු ලෙසටම මල්ඵල ගැන්විලා තියෙන්නේ.. ජෙමා පට්ට හැපී එකෙන් ඉන්නේ...
අඩෝ සීන් එක මතක් වෙලා ආපහු අාවේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්ඩ....හරි නේද?? බොලාට හරි ගියා කියන්නේ අපිට හරි ගියා වගේ තමා!!! එල එල බන්!!! එකෙන්ම විෂ් කරනවා මේ පාරවත් වැඩේ අනාගන්නේ නැතුව ගොඩ යන්ඩ!!
ReplyDeleteඔන්න දැන් උඹට තියෙනවා අරක්කු නවත්තන්ඩත් හේතුවක්!! මේ ප්‍රිතීය නිමිත්තේන් ඒ වැඩේත් කලා නම් අයේ උඹේ ඇද පලුදු හරි!!!
තැන්කෝ තැන්කෝ....
Deleteඅනිවා හරියනවා මචං. මේ සැරරේ ඇනෙන්නේ නෑ මචං. මේකි මට ආදරේ කරන කෙනෙක් මචං. මම ගැන හොදටම දන්නේ එයා. මගේ කුප්ප වැඩ, චාටර් වැඩ සේරම දැන දැනත් මේකි මට පණ ඇරලා බං..
අරක්කු නවත්තන්න හේතුවක්...
mama oyata nati venna mahattayo. sure. (මේකි මට ආදරේ කරන කෙනෙක් මචං. මම ගැන හොදටම දන්නේ එයා. මගේ කුප්ප වැඩ, චාටර් වැඩ සේරම දැන දැනත් මේකි මට පණ ඇරලා බං..) mata godak stutuyi. really jem
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබ දෙදෙනාම මම අඳුනන්නේ නැහැ. හැබැයි කියවපු ටිකෙන් තේරුණා දෙන්නා ගැන දෙන්නා තියෙන ආදරය.ඒක හැමදාම ඒ වගේම කිසිම වෙනසක් නොවී තියෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDelete