Showing posts with label මැණිකේ. Show all posts
Showing posts with label මැණිකේ. Show all posts

August 17, 2015

එයා ලග තියන මගේ මාතෘකාව



ලියන්ඩ ඕනි. ඒ උනාට ගපල ගන්න තමයි අමාරු. එයා ආවා ලංකාවට. මමයි අම්මියි බන්ඩාරණායක එයාර්පෝට් එකට ගියේ එයාලා එන්න පැයකට විතර කලිං. ජීවිතේ ගෙවපු දිගම පැය. කොහොම හරි බට්ටිච්චිලා ආව ප්ලේන් එක ආවා. හිත හරිම නොසන්සුන්. ඊ ලගට උදාවෙන අවස්ථාවට කොහොම ෆේස් කරගන්නද කියලා හරිම චකිතෙකින් හිටියේ.

ආව ගමන් බට්ටිච්චිව බදා ගන්නවද,
නැත්නම් කිස් එකක් දෙනවාද,
නැත්නම් මුලටම අම්මටයි තාත්තටයි වදිනවද,
නැත්නම් හායි පාරක් දානවද,
ග්ර්ර්ර්.....!!!!

ඉස්සෙල්ලාම අම්මටයි තාත්තටයි වදිනවා...!

ගත්තා අන්තිම තිරණේ. ඔය අතරේ තමයි ඇස් දෙක දකින්න බලා පොරොත්තු උන රූපේ දර්ශණ පථයට වැටෙන්නේ. අම්මා ගහයි නිකං කරන්ට් එක වැදුනා වගේ. ඒ තුන්දෙනාගෙම මූණු වල හිනා මල් පිපිලා. මට හිනා වෙන්න අමතක වෙලා හිටියද මංදා. බට්ටිච්චි මගේ ලගට ඇවිත් ඇස් දෙක දිහා බලන් ඉන්න ඇති විනාඩියක්, දෙකක්, සමහරවිට තුනක්. කොහොම හරි ඊ ලග මොහොතේ අහිංසකි මගේ තුරුලේ.  කෙල්ලගේ ඇස්වල කදුලු. මම අහන්න ගියේ නෑ ඇයි අඩන්නේ කියලා. ඒකිම උත්තරේ දුන්නා.

මේ සතුටු කදුලු අපූ...!

මහරජ කෙලියා නේද තාප්පෙටම. යකෝ ප්ලෑන් කරන් හිටියේ ආව ගමං අම්මටයි තාත්තටයි වදිනවා කියලා නේද, එතකොට කෝ අපේ අම්මියි, එයාගේ අම්මයි තාත්තයි. වෙලා තියෙන්නේ ලෙසටම වැඩේ. තුන්දෙනාම ලස්සනට පිචෑර් එක බලන් ඉන්නවා. කන පැලෙන්න නෝන්ඩියා. ලැජ්ජාව දෙකට තුනට නවලා සාක්කුවේ ඔබාගෙන වැන්දා ඩබලට. බට්ටිච්චි දැංමම අපේ අම්මිව සින්නක්රේටම අරං.

අම්මලාට කතා බහ කරගන්න ගොඩක් දේවල් තියනවා කිවා,
ඒ වගේම අපි දෙන්නටත් කතා කරන්න ගොඩක් දේවල් තියනවා.
ඇත්තටම ගොඩක් සතුටෙං මම ඉන්නේ දැන්.



ප.ලි. 1135hrs
කෙහෙම්මල් ඡන්දයක් නිසා ආයෙම කෑම්ප් එකට එන්ඩ උනානේ. ෂික් නෙද්දකිං. අනිතුමා කිවා අද ඇවිත් හෙට හවස ආයෙමත් පලයං කියලා. කස්ටියගේ ලෑස්තිය ඉක්මනට මාව හිරේ විලංගුවේ දාන්න. පර්මිෂන් ගන්නත් එපැයි දැං. ceremonial අදිනවද නැද්ද....

ප.ප.ලි.
අද ජෙමා කොල්ලා ලෙසටම බයිට් වෙනවා ඈ..! 

July 20, 2015

මැණිකේ... (මම මෝඩයෙක් තමයි බං, ආයේ මම ඔයාව නැතිකර ගන්නෑ...)



මේක පෝස්ට් එකකට වඩා මැණිකේගේ ආශාවක් ඉටු කිරීමක්. ජෙමාගේ අවුරුදු 27 ක ජිවිතයේ හම්බවෙච්ච මගේ අම්මි ඇරුණාම සොදුරුම, ආදරණියම, දයාබරම යුවතිය. (කෙටියෙන්ම කියනවා නම් මගේ හිටපු පෙම්වතියටත් වඩා) මට මැණිකේව හම්බවෙන්නේ අහම්බෙන්. කැම්පස් එකේ රැග් සීසන් එකේදි.

දවසක් ජෙමයි, හොදයි උදේ එනකොටම ජ්‍යෙෂ්ඨ උත්තමයෝ දෙන්නෙක්ට අහු උනා. හරිනේ ඉතිං ටොපිය. හිත හදාගෙනම උන් දෙන්නා ලගට ගියා. ගියා විතරයි ඔන් පටං ගත්තා. එක කෙලියයි. ජෙමාව ඩිෆ් ගස්සනවා, උඩ පන්නනවා, ඒ අස්සේ හොදා පත ගහක් බදාගෙන උම්මා දෙනවා. ඒක දැක්කා විතරයි මට පන යන්න හිනා. ඕක චෙක් ජ්‍යෙෂ්ඨ උත්තමයට. හරිනේ ටොපිය. ඔන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා සෙට් වෙනවා ජෙමාට පරිප්පුව දෙන්න...

ඔන්න ඔය වෙලාවේ තමයි මුව පැටියෙක් වගේ බය වෙලා බිම බලාගෙන, පොලවට වත් නොදැනෙන විදියට ඇවිදගෙන මැණිකේ එන්නේ... අර ජ්‍යෙෂ්ඨ උත්තමයට මැණිකේව දැක්කා විතරයි මාව අමතකයි...

අඩේ.. බූරි... වර මෙහාට...!!