ජෙමා මුලිංම සිගරට් එකක්
බොන්න සේට් උනේ කැම්පස් එකේ ෆ්රෙෂර්ස් නයිට් එකේ. මාස ගානක් ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙං
රැග කාලා කාලා ඒ සේරම අවසානේ ඒ දවස උදා උනා.
ජෙමා ඒ වෙනකොට හීනියට
බියර් එකක් එහෙම අනුමත වෙනවා. ජෙමා, ගබ්බ, සිමෝ, පගලේ, වෙරියා තමයි සෙට් වෙලා හටියේ.
ආවා ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්. ආහ් මල්ලිලා බියර් විතරද ගසන්නේ.. ඇදලා බලපකෝ මේක. කියලා
දුන්නා මොකක්ද මංදා ඔතපු එකක්.
අම්මා ගහයි බැට් එකෙං...
කැස්සක් ආවා පුතේ ඥස්පුක් වෙන්නම. නවත්තා ගන්නම බෑ..
එතකොට සිනියර් පොර
ආයෙමත් පත්තු කරපු සිගරට් එකක් දික් කරනවා මේක ඇදපන් හෙමීට කැස්ස නවතිවි. ඇද්දා
ඒකත්. යකෝ කැස්ස නැවතුනේ නෑ.. ඒත් පොඩ්ඩක් විතර අඩු උනා. මෙන්න යකෝ ටික වෙලාවක්
යනකොට පාවෙනවා වගේ.
අඩිය තියන තැන නෙමෙයි
තියවෙන්නේ.. කෝම කෝම හරි ඩාන්සින් ෆ්ලෝ එකට සෙට් වෙලා නැටුවා. මෙන්න යකෝ ටික
වෙලාවක් යනකොට සිමෝ කොහෙංද මංදා සිගරට් පෙට්ටියක් සොයන් ඇවිත්.. ඩාන්ස් කරනවා.
කොහේ හරි අස්සකට යනවා.. සිගරට් එකක් අදිනවා... ආයෙත් ඇවිත් ඩාන්ස් කරනවා...
ඔන්න ඔහොම තමයි ආරම්භය
සිගරට් එකේ...
(සිගරට් සොයා ගත්ත ජෝන්
නැවියා කිවලුනේ ඒක පත්තු කරනකොට මේ දල්වන ගිණි දැල්ල නිවෙන දවසක් කාටවත් හිතාගන්න
බැරි වේවි කියලා..)
ඊට පස්සේ...
රෑට පාඩම් කරන්න සෙට්
වෙනකොට සිගරට් ගැසුවා...ඒ වෙනකොට රුපියල් 100 කට සිගරට්(ගෝල්ඩ්ලීෆ්) 5ක් විතර ගන්න
පුලුවං. කට්ටිය 100 ගානේ දලා කඩෙං ගෝල්ඩ්ලීෆ් අරං යනවා පාඩං කරනකොට ගසන්න. ඔන්න
ඉතිං ගෝල්ඩ්ලීෆ් ගසන්න අතේ සල්ලි නැතිවෙනකොට මෝල්ඩ්ව්ස් කියලා සිගරට් වගයක් ආවා ඒ
කඩේට.. පැක් එකම 100යි. පැක් එකේ 18 ක් වගේ තියනවා මට මතක විදියට. ඊට පස්සේ ඒවා
ගැසුවා...
පස්සෙං පහු වෙනකොට අපේ
ගබ්බා දැම්මා යෝජනාවක් අපි සිගරට් බොන එක අඩු කරමු කියලා.. පොර ඒකට විසදුමකුත්
කිවා. සිගරට් ගැසීම වෙනුවට බුලත් විට. ඔන්න ටික කාලයක් ලෙසටම ඒ මෙතඩ් එක වැඩ කලා.
ඒ මෙතඩ් එකටත් කෙල උනේ මිඩ් එග්සෑම් එකකට බෝඩිමේ සෙට් උනාට පස්සේ..
එදායින් පස්සේ විටක් හපන
ගමංම ගෝල්ඩ් ලීෆ් එක ගසනවා...
ඒ වෙනකොට අපේ බෙස්ට්ම
චොයිස් උනේ..
1.ගෝල්ඩ් ලීෆ්
2.මෝල්ඩිව්ස්
3.බ්‍රිස්ටල්
4.ත්‍රීරෝස්
5.බීඩිත් ගහපු දවස්
තිබුණා විටක් හපන ගමං
කොහොම කොහොම හරි සිගරට්
එකේ වෙනත්ම පැත්තකට හැරුනේ කෙල්ලක් නිසා (ෂෙරීන්). අපි කැම්පස් එකේ ඉන්න අතරතුර ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනිං
කියලා තියනවා සබ්ජෙක්ට් එකක්. ඕකේදි අපිව එක එක ෆර්ම්ස් වලට දානවා. ඔතනිං මට සෙට්
උන කම්පැනි එකේ බොසී තමයි ෂෙරීන්. ඔස්ට්‍රියන් කෙල්ලක්. මේකි ගිය දවසේම ජෙමාට සෙට් උනා පට්ට විදියට. ෂෙරීන්ගේ කැබින්
එකට එහා පැත්තේ තියන කැබින් එක තමයි මට සෙට් උනේ. ඔය දවස්වල ඉතිං ලන්ච් අරං
ගෝල්ඩ්ලීෆ් එකකට වගකියලා තමයි ආයෙම රූම් එකට එන්නේ... ඉතිං ටිකක් වෙලා යනකොට රූම්
එක පට්ට ගදයි. ඒසි එක නිසා ස්මෙල් එක ඩබල්.. දවසක් ලන්ච් වලට ගිහිං ආවා විතරයි
ෂෙරීන් ආවා මගේ කැබි එකට. ආවා විතරයි කෙල්ලගේ මූණ කජු ලෙල්ල වගේ උනා. එදා තමයි
ෂෙරීන් මට මෙන්න මේක දුන්නේ... ට්‍රයි කරන්න කියලා...
එදායින් පස්සේ දෙන්නා
එක්කම දුම දානවා..
ඩන්හිල් කූල් එකට හුරු
උනායින් පස්සේ ගොල්ඩ්ලීෆ් එක සෙට් උනේම නෑ. ඩන්හිල් එක විතරමයි හරිගියේ.
ඊට පස්සේ දැං මාසෙකට
විතර කලියෙං ජෙමාට හිතුනා සිගරට් බොන එක නවත්තන්න. නැවැත්තුවා. එදා ඒ නවත්තපු දවසේ
ඉදං මේ මොහොත වෙනකං ආයේ සිගරට් බීවේ නෑ. ආයේ බොන්න හිතෙයිද දන්නෑ. හිතුනොත් බොයි.
හිත වෙනස් වෙන්න වැඩි වෙලා යන්නෑනේ.
දවසක් සිගරට් එකක් බිලා ගියා
චූටි බාප්පලාගේ ගෙදර. බාප්පාට ඉන්නවා චූටි කෙලි පොඩ්ඩක්. මේකි මාව දැක්කා විතරයි
දුවගෙන ඇවිත් ඇගේ එල්ලුනා. ඉතිං පැංචියාව මම වඩාගත්තා. හරිම හුරතල් කෙලි පොඩ්ඩ.
මෙන්න මේකි එක සැරේම කෑ ගහලා කියනවා..
අම්මි අම්මී.... ලොකු
පුතා (පොඩි එකා මට කියන්නේ ලොකු පුතා කියලා. මොකද හැමෝම කියන නිසා ඒකිටත් ඒක හුරු වෙලා) මොනාද සැර ජාතියක් කාලා ඇවිල්ලා.. අලී...ම ගදා...යි..
කාලා වරෙංකෝ...
අඩෝ අපි සිකරට් බොනකෙට උඹ තාත්තාගේ ඇටේ වත් නැතිව ඇති...
ReplyDeleteඑතකොට අපි. අපි බොනකොට උඹලගේ තාත්ත උඹලගේ සීයාගේ ඇටේට වත් ඇවිල්ලා නැතුව ඇති. යකෝ කොයි එකත් මොන මගුල කරන්න හරි පටන්ගන්නේ ඒ වැඩේ කරන්න උගේ වයස ආවාමයි. ඒක මතක තියාගනින්
Delete@ AnonymousJuly 18, 2015 at 1:34 AM
Deleteඅම්මා ගහයි... ඒ කියන්නේ බං ඇනෝ උඹ පට්ටම පට්ට නාකි ඩයල් එකක්නේ බං. උඹ මෙච්චර කාලයක් ජීවත් වෙලා ඉන්නවා කියන එකත් පුදුමයි බං. උබේ වයස කියද බං...
නිකමට ඇහුවේ...
මම බොන්න ගද්දි සිගරට් එක රුපියල් 9යි. ඉස්කෝලේ යන කාලෙ. පළවෙනි දවසේ ලැජ්ජාවට කැස්ස කොහොම හරි ඉවසන් හිටියත් ඉහින් කණින් දාඩිය දැම්මා. දෙවෙනි දවසේ ටිකක් ශේප්. තුන්වෙනි දවසේ අමාරුව සෑහෙන අඩුයි. අන්තිමට කොහොම කොහොම හරි සිගරට් ගහන්නත් පුරුදු වුනා. (පළවෙනි සිගරට් එක බොද්දි බියර් විතරයි බීල තිබ්බෙ. මුලින්ම අරක්කු බිව්වෙ ඊටත් පස්සෙ).
ReplyDeleteකොහොම කොහොම හරි සිගරට් එකක් නැතුව දවස ගෙවන්න බැරි තත්වයකට පත් වුනා. කෙල්ලෙක් එක්ක යාළු වෙද්දි මුලින්ම කියනවා මම අරක්කු බොනවා, සිගරට් ගහනවා. ඒවා නම් නවත්තන්නේ නෑ දෙවියන්වහන්සේ කිව්වත් කියලා.
දැනට අවුරුදු 6කට විතර කලින් යාළුවෝ එක්ක නුවර එළියේ ට්‍රිප් එකක් ගියා. නුවර එළියේදී සිගරට් එකක් ගහලා මදි. දැනෙන්නේ වත් නැහැ. එනිසා මුල් දවසේ දෙක දෙක බිව්වා, පස්සේ තුන තුන.. අන්තිමට එකපාර හතරක් ගහන තත්වකට ආවා. අන්තිමට වුනේ නුවර එළියේ ඉඳන් ගෙදර ආවයින් පස්සෙත් එක සිගරට් එකක් මදි වීම. එනිසා හැම පාරම අඩුම ගානේ එකක් නිමෙද්දි ඒකෙන්ම තව එකක් පත්තු කරන් ගහන්න පුරුදු උනා.
ටර්නින්ග් පොයින්ට් එක ආවේ ඊට පස්සෙ.
අපේ යාලුවෙක් ඉන්නවා උන්ගේ ගෙදරින් කැමති නැහැ එළියේ ගිහින් රෙස්ටූරන්ට් ගානේ බොනවට. එනිසා උන්ගේම ගෙදර ඉඳන් බීලා ඕන දෙයක් කරගන්න කියල තියෙන්නෙ. උඩ තට්ටුවෙ. මොකද මේ යකා යන යන තැන කා එක්ක හරි වලියට පැටලෙනවා. ගෙදර බොන්න දුන්නට සිගරට් බොන එක තහනම්, එකම කොන්දේසිය ඒක.
ඉතින් අපි කට්ටිය උඩ සෙට් උනා බොන්න. බලද්දි කල්පනා වුනේ ගිනිපෙට්ටියෙ කූරු ඉවරයි. පල්ලෙහාට ගිහින් කුස්සියෙන් ගේන්න විදිහක් නැහැ අම්මලාට මාට්ටු වෙනවා. එනිසා කරපු වැඩේ එක ගිනිකූරෙන් පත්තු කලා සිගරට් එක. ඒකෙන්ම එකින් එක බොනවා කියලා හිතාගෙන.
පත්තු කරද්දි සිගරට් පැකට් එකේ සිගරට් 19ක් තිබ්බ. අනිත් එකා බිව්වේ දෙකයි (බොන්න හිටියේ අපි හතර දෙනයි, දෙන්නෙක් සිගරට් බොන්නේ නැහැ) අනිත් 17ම මම එකක් නිමෙද්දි එකක් පත්තු කර කර එක දිගට බිව්වා කියහංකො.. (සෙට් වෙද්දි සිගරට් නැත්නම් බොන්න බැරි තත්වයක් තිබ්බෙ ඒකාලෙ.)
ඊට පස්සේ මම එක දිගට සිගරට් 17ක් බිව්ව ස්ටෝරිය යාළුවෝ අතරේ පැතිරුනා. ඔක්කෝම මාව වීරයෙක් කරන්න හැදුවට මට ඇත්තටම දැනුනේ ලැජ්ජාවක්. "යකෝ මං වගේ ගොනෙක්" කියලා..
මම ම තීරණය කලා සිගරට් බොන එක නවත්තන්න.
සතිදෙකක් විතර නොබී හිටියා. ඒත් බැරි වුනා. එදා ඉඳලා අද වෙනකල් සිගරට් බොනවා. ඒත් එක පාරට එකයි. දවසට 5-12 වගේ අතර. ලූස් විතරයි ගන්නේ. නැත්නම් පෙවෙන නිසා.
අවුරුද්දකට විතර කලින් ඩන්හිල් ස්විච් එකේ කූල් එකට පුරුදු වෙලා දැන් හැමදාම ඩන්හිල් තමා.
මම දන්නෙ නෑ මට සිගරට් බොන එක නවත්තන්න පුළුවන් වෙයිද කියලා. දැනට මට උවමනාවකුත් නැහැ. සිගරට් බොන්න එපා කියලා බණ දෙසන ඒවා මම ගනන් ගන්නෙත් නැහැ.
මටම බොක්කෙන්ම නවත්තන්න හිතුන දවසක නවත්තයි.. බලමු.
ආයෙමත් අම්මා ගහයි...
Deleteමගෙත් චොයිස් එක ඩන්හිල් ස්විච්. ඒ උනත් මේ වෙනකොට මම නවත්තලා ඉන්නේ.
හිතුවොත් නවත්තන්න බැරි නෑ මචං...
මම සිගරට් බොන්න පටං ගද්දී මතක විදියට සිගරට් එකක් 18 යි..
Deleteසිගරට් සොයා ගත්ත ජෝන් නැවියා කිවලුනේ ඒක පත්තු කරනකොට මේ දල්වන ගිණි දැල්ල නිවෙන දවසක් කාටවත් හිතාගන්න බැරි වේවි කියලා = /එදා ඒ නවත්තපු දවසේ ඉදං මේ මොහොත වෙනකං ආයේ සිගරට් බීවේ නෑ. ආයේ බොන්න හිතෙයිද දන්නෑ. හිතුනොත් බොයි. හිත වෙනස් වෙන්න වැඩි වෙලා යන්නෑනේ./
ReplyDeleteහ්ම්...
Deleteබීඩිය බොන ගමං කන විටේ තියන ආතල් එක ලොවෙත නෑ කියල කව්ද මංද විදග්ද පොරක් කියල තිබ්බ හිහි
ReplyDeleteසැප කෙන් ඕයි...!
Deleteකො ....බන් මචන් මේකට උඹේ සර් තවම මොකුත් කියලා නැනේ අහපන් මචන් මොකෝ පරක්කු කියලා ලොක්කා මලක් ඇද ලා මොක් පුර ෆන් එකේද ඉන්නවා ද දන්නේ නැ
ReplyDeleteඋඹට මොනවත් කියලා වැඩක් නෑ මචං ඇනෝ...
Deleteමං උසස් අජ්ජාපන කාලෙ සිගරට් අරක්කු බිව්වෙ නෑ..ඊට කලිං උසස් පෙල කරද්දිත් ඉන් පස්සෙ රස්සාවට ආවට පස්සෙත් අරක්කු බොනවා..සිගරට් අරක්කු බොන වෙලාවට විතරක් බොනවා..
ReplyDeleteසිගරට් වලට යන වියදමත් එක්ක බැලුවාම අපරාදෙ නෙවද කියලා හිතෙනවා..ප්ලේනටි තුනක සල්ලි යනව ාෙනව අදකාලෙ
අරක්කු..
Deleteඅරක්කු නං තාම නැවැත්තුවේ නෑ... අරක්කු වලට වඩා බියර් එක තමා මට ග්‍රේඩ්...
කැම්පස් කාලේ නං බීවා හොදට... ඒත් ඒ දේවල් වලිං ඉගෙනීමට බාධාවක් කරගත්තේ නෑ...
Deleteමම ජොබට යද්දි පැකැට්ටුව සාක්කුවෙ. පස්සෙ අතෑරියා නුවරඑළියෙදි හෙම බොන්න දෙකතුනක් ඉතිරිකරගෙන.
ReplyDeleteඑල..!
Deleteසිගරට් අතාරින්න බෑ කියලා කට්ටිය කීවට ඒක බොරු මතයක්.
හිතුවොත් නවත්තන්න පුළුවං...