මේ දවස් වල ජෙමාගේ ග්‍රහයා නං නීච වෙලා කිච වෙලා තියෙන්නේ.. වෙන්නේම මහම මහ අවටියල් වැඩමයි... ඊයේ රෑ ජෙමා කොල්ලා ටිකක් කලිං නින්දට ගියා. මොන කොහේ නිදා ගන්නද. කෝල් එකක්. අර අරයාගෙන්. කොහොම හරි ඒකිත් එක්කත් වල් පල් ටිකක් කියවලා ආයේ දොයියන්න හදනකො මගේ අනි තුමා කෝල් කරලා පෙරලුවා සුට්ටි කැටයක්.
කොහොම හරි ඒකතත් සෙට්ල් කලා කියමුකෝ. ආයේ කොල්ලා ඇදට එනකොට පෝං එකට ඇවිත් එස්එම්එස් එකක් සෙව්වන්දිගෙන්. කොහොම හරි ඒකටත් රිප්ලයි එකක් දාලා කොල්ලා නිදි..
ඔන්න ඉතිං පුරුදු විදියට ඔෆිස් එකට ගිහිං ටික වෙලාවක් යනකොට සීඕ කතා කරනවා ‘ජෙමා පොඩ්ඩකට ඇවිත් පලයං කොල්ලා‘ කියලා. රූම් එකට යනකොට තව සීනියර් ඔෆිස්ර්ස් ලා දෙන්නෙකුත් ඉන්නවා. මාව දැක්කා විතරයි ඒ එක්කෙනෙක්...
ආහ් මලයා... ආසයි බයයි නේ..
අනික් ඔෆිසර් කියනවා.. සර් මලයාගේ රූම් එක වෙරළු මල් සුවදයි කියලා ජයසුමනයා (බඩියෙක්) කිවේ.
රෝස කම්මුල් ඉඹින්න මමත් ආසයි බං.. ඒත් උඹ වගේ මම නං බය නෑ.. ගිණි පෙනෙල්ලෙං බැට කෑව එකාට කලාමැදිරිය එළියත් කජ්ජක්ද බං මලයා...
ඈහ්.... මේ මොනවද වෙන්නේ.. ෆුල් අන්දොස් ඈ. අනං මනං අම්බානෙක.
ඔය අතරේ සීඕ අහනවා. ජෙමා කවුද බං සෙව්වන්දි ?
අම්..!මෝ...!! ඔය කෙලලා තියෙන්නේ තාප්පෙටම. නිකං ලාවට වගේ දැනෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
හරිම සෝක් එකට මහ වැඩේම වෙලා තියෙන්නේ... සෙව්වන්දිට කියලා හිතාගෙන ලොක්කට එස්එම්එස් එක යවලා කියහංකෝ..(එස්එම්එස් එක මොකක්ද කියලා නං අහන්න එපෝ.)
කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
-------------------------------------------------------------------------------
මේක මගේ සහෝදර නිලධාරියෙක්ට වෙච්චි අකරතැබ්බයක්...!
ඒකා දවසක් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට යවන එස්එම්එස් එකක් යැවිලා තියෙන්නේ පොරගේ අම්මාගේ ෆෝන් එකට.
අනේ රත්තරනේ..
ඔයාගේ උණූහුම මතක්වෙනකොට මට එන්න හිතෙනවා පියාඹලා..
හැරෙන තැපෑලෙන් පොරට එනවාලූ එස්එම්එස් එකක්.
පොඩ් එකෝ.. පියාබලා හොයං යන්න කලිං කාර් එකේ ඇරියස් වෙච්ච ෆිනෑන්ස් එක ගෙවලා හිටහං කියලා..
බොසාට යන ඒවා නම් ශේප් කරගත්තෑකි.....
ReplyDeleteකෙල්ලෝ දෙන්නෙක් මාරුවෙලා ගියොත්!!! අන්න එදාට ලෝක විනාසේ තමයි!!
හෙහ්... එදාට තමයි ෆෙස් ත්රීෙපේස් වෙන්නේ...
Deleteමොන ෂේප්ද.. ලස්සනේටම බයිට් වෙනවා...
Deleteපළමු පාඩම ආශ්රිත ගැටළු:
ReplyDelete1. සෙව්වන්දි හරි කියමුකො. එතකොට අරයා සහ අනි තුමා කවුද?
2. අැස්ඇම්ඇස් එක කියවලා ඒහෙම්ම රිප්ලයි කලේ නැතිද?
3. කෝපි මල් සුවඳ එනවානම් ළඟම සිටින විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුනොවන්නේ ඇයි? (වෙරළු මල්නං කමන්නෑ තව)
1. ලිංකුව අප්ඩේට් කලෙහිය.
Delete2. නෑ රිප්ලයි ආවේ නෑනේ...
3. ප්‍රිංටිං මිස්ටේක් ඇ... බ්ස්ටේක් වෙන්න කලිං හැදුවා ඕං...
2. අනි - අණදෙන නිළධාරී
Deleteවෙලාවට සීඕ ට යැව්වෙ ඊටත් බුවා හොද ඩෑල් එකක් වුණේ. හිහි නැත්තං කරපු අපහාසෙට හොද පෝරියල් එකක් සෙට් වෙනව බුහැක්
ReplyDeleteහම්මියෝ... මේ හම්බෙන බයිට ඇති
Deleteඔව්වා මොනවද, මම ඒ කාලේ අපේ උන්දැට ලියපු පිටු පහක සෙනෙහෙ කොලයක් යැව්වනේ අපේ අම්මට. අම්මට අදාළ ලියුම අපේ උන්දැට යවලා. ඒ කාලේ මොන පෝන් ද? රැලිගිරෑන් එකකින් මට අපේ උන්දැ (ඒ කාලේ වෙන්ඩ උන්දැ) කියලා එවලා තිබුණා, වහාම එන්න කියලා. ගිහින් හම්බවුනාම, අම්මට ලියපු ලියුම මගේ අතට දුන්න. ගෙදර ගියාම අම්මා අර ලියුම දුන්නා, මේක ලැබෙන්ඩ ඕනේ කෙනාටම යවපන් කියලා. හයියෝ සාලවනේ...................කොහොමද සනීපෙ?
ReplyDeleteෂා... සැප කනේ...
Deleteඒ වෙලාවේ කරන්ඩ තිබුනේ වෙන්ඩ උන්දෑව අම්මාට පෙන්වලා...
අම්මා... මේං මෙයාට තමයි ඔය ලියුම යවන්ඩ ඕනි.. ප්‍රිංටිං මිස්ටේක් කියලා....
අනිවා මහේෂයා...
ReplyDelete