යාළුවනේ...! මට පොඩි උදව්වක් කරන්න....!!!
ඇත්තම කීවොත් මට, මගේ ජීවිතේට ගොඩක් ලොකු උදව්වක...!!!
ඇත්තමට කිවොත් උපදේශයක්..!! මේ බ්ලොග් වල උගත්, වැඩිහිටි අය ගොඩක් ඉන්නවා ජීවිතේට උපදෙසක් ගන්න පුළුවං.
සර්...!!! විචාරක කර්නල් - ශ්‍රීලංසිරෙ, මම සර් වගේ කෙනෙක්ගෙන් ලැබෙන උපදෙස ගොඩක් වටිනවා....
මේකයි පුරස්නේ...!
මම මගේ ජීවිතේ අම්මි, අප්පච්චිට පස්සේ ගොඩක් ආදරේ කරපු එයා මම නොකල වරදක් නිසා මගෙන් ඈත් උනා (මගේ අම්මි දන්නෑ එයා මගෙන් ඈත් උනා කියලා)... ඒත්.. දැන් එයාම ආයෙමත් මගේ ජිවිතේට එන්න හදනවා... මම මොකද කරන්නේ...? ඇත්තටම මට ආයෙමත් විරහව කියන දේට ශක්තියක් නෑ...
මම මොකද කරන්නේ...?
ප.ලි.
කෙනෙක්ට මේක බොලද දෙකයි පනහේ දෙයක් විදියට පේන්න පුළුවං.ඒත් මේක මට ලොකු දෙයක්. මොකද මගේ ජීවිතේ සම්බන්ධ දෙයක් නිසා. මහත්වරුනේ, නෝනාවරුනේ... ඒක නිසා දෙන්න පුළුවං ඇඩ්වයිස් එකක් විතරක් දෙන්න... අපහාසෙට කතා කරන්න එපා... හමුදා නිලධාරියෙක් උනත් මමත් සාමාන්‍ය මනුස්සයෙක්..
ප.ප.ලි. - 2015/07/07
මම තිරණයක් ගත්තා... ආයේ එයාට මගේ ජීවිතේට එන්න බෑ. මට නැති උනේ මට ආදරේ නැති කෙනෙක්, එයාට නැති වෙන්නේ එයාට ආදරේ කල කෙනෙක්.
මම දන්නෑ ජෙමාට මේක කෝම දැනෙයිද කියල. ඒත්ඔය ප්‍රශ්නෙට ජෙමාටම උත්තරයක් හොයාගන්ට පුලුවන් නං හොදයි කියල හිතෙනව. මොකද එක එක්කෙනාට දේවල් දැනෙන විදිය වෙනස් හංද.
ReplyDeleteඋපදෙසක් නං දෙන්න බෑ. ඒත් මට ඔය වගෙ දෙයක් වුණෝත් මං කරන විදිය කියන්නං
ආයෙ ගිය එකෙට්ට එන්න දෙන්නෙ නෑ. මොකද ඔය අතධැකීමම මටත තිබ්බ හන්ද. ආයෙ මචං සුනාමියක් ආව වගෙ තමයි. මොකද එක පාරක් ගිය එකී දෙවනිපාරත් යනන පුලුවං ක්යන එක මම අමතක කලා. නන්නත්තාරම වුණ කාලයක් ඒක.
ඒ හන්ද මම නං එක පාරක් ගිය එකෙට්ට දෙවනි පාරට එන්නදෙන්නෙ නෑ. මොකද ඒ වගේ කෙනෙක් ආයෙ ඕනම වෙලාවක ඕනම විදියකට ආයෙත් යන්න පුලුවං හන්ද
Hmmm Thnx a lot
Deleteහේතුවක් නැතිව ථලයක් හට නොගන්නා සේ ඇය ඔබව දමා ගියේ ඇයි ඒ හේතුව සොයා බලා ඒය නැති විම නිසාද නැවත එන්නෙ ඔබ ළගට ඒත් එක් පාරක් ගිය කෙනෙක් නැවත තමා වෙත ඒම ගැන ඒක් වරක් නොව දහස් වතාවක් සිතන්න ජය වේවා!
ReplyDeleteHmmm Thnx a lot
Deleteඒක උඹ ම තමා බන් හිතන්ඩ ඕනේ!! අනික් උන්ට මුකුත් කියන්ඩ බෑ....කල්පනා කරලා බලපන් මේ පාර ෂුවර් ද කියලා....ෂුවර් නැත්තම් කරන්ඩ එපා!!!
ReplyDeleteHmmm Thnx a lot
DeleteYoung Man, contact me by e mail.
ReplyDeletewmjgslsr@gmail.com
මේලක් දැම්මා සර්...
Deleteජෙමා අයියෙ,
ReplyDeleteමහේශ් අයිය කියල තියෙනව වගේ මේ ප්‍රශ්නෙට ඔයාටම උත්තරයක් හොයාගන්න පුලුවන්නම් ඒක තමයි වටින්නෙම..හැබැයි මට ඔහොම වුනොත් මම කරන්නෙත් එන්න දෙන්නෙ නැති එක.මොකද එක පාරක් විස්වාසෙ කඩල දාල ගිය කෙනෙක්ට ආයි යන්න බැරිකමක් නැහැ සහ, කලින් එයා ගැන තිබුන විස්වාසය සහ එයා වෙනුවෙන් මගෙන් එලියට ආව ආදරේ, හැඟීම් වගේ දේවල් ඒ විදියට කවදාවත්ම ආයෙත් එන්නෙ නැති නිසා..ඒ නිසා ඕක මට වුනා නම් මම හිතන්නෙ අනේ දැන්ම මාව දාල ගිය එක හොඳයි, කවද හරි ළමයෙක් දෙන්නෙක් ඉන්න දවසක ගියා නම් මට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවනේ කියල...ඒ නිසා මමනම් අඬල වැලපිලා නෙවෙයි ඊට වඩා දෙයක් කරගෙන ලඟට එන්න හැදුවත් එන්න දෙන්නෙ නැහැ..
ඔයා හොඳට හිතල තීරණයක් ගන්න අයියෙ... :) ජීවිතේ ජීවත් වෙනව කියන්නෙ ඔය වගේ දේවල් වලට මුහුණ දෙන එක තමයි...වැටෙන්නෙ නැතුව හිනා වෙලා ඉන්න...
-බෙලෙකා
https://beleka.wordpress.com/2015/03/01/%E0%B6%B8%E0%B7%84-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF/
https://beleka.wordpress.com/2015/05/30/%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8F-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B6%B8-%E0%B6%85/
හ්ම්...
Deleteතෑන්ක්ස් මලයා...
මගේ අදහස නම් මෙයයි.
ReplyDeleteදැකලා හිත ගිය මුල් කෙල්ලගෙන් අහාල, ඒ කෙල්ලම කැමති වෙලා, ඒ කෙල්ලට ආදර කරලා, කසාද බැඳලා, බ්ලා, බ්ලා, බ්ලා කියන්නේ හොඳ සුරංගනා කතාවක් වුනත්, එහෙම ජීවිතයක් ඒකාකාරී එකක්.
ප්‍රතික්ෂේප වීම, විරහ වේදනාව, දුක, අලාභය වගේ දේවල් තමයි ජීවිතයට පන්නරය දෙන්නේ.
මට ආයිමත් විරහව කියන දේට ශක්තියක් නෑ වගේ කතාවක් කියනවා කියන්නේ ඔබට තව ජීවිතයේ විවිධ අත්දැකීම් අවශ්‍යයි කියන එකයි.
හම්...!
Deleteඅනේ මන්ද ජෙමා මේ මොනව අහනවද කියල...
ReplyDeleteමේ දවස්වල රටම ඉන්නෙ ඔය ප්‍රස්නෙ තමා...
ජෙමාගෙ ප්‍රස්නේ විසඳන්න හිතේ නිදහසක් නෑ කාටවත්...
ඒක නම් අැත්ත දොඩං
Deleteජෙමා කරන්න ඕන මොනවද කියලා අපිට කියන්න නම් බෑ. මම නම් කරන්නේ
ReplyDeleteගිය හේතුවයි ආපහු එන හේතුවයි සාධාරනයි කියලා හිතෙනව නම් ආයෙත් එහෙම දාලා යන්නෙ නෑ කියලා හිතෙනවනම් එක සැරයක් දාල ගියා කියලා කවදාවත් හිතන්නෙ නැතිව ආදරේ කරන්න පුලුවන්නම් විතරක් මම නම් ඒ ආදරේ පිලිගන්නවා. ඒත් පොඩි හරි සැකයක් තියනවනම් අමතක කරල දානවා.
බිදිච්ච වීදුරුවක් කොච්චර හොදට ඇලෙව්වත් පලුද්ද මකන්න බෑනේ. පලුද්ද අමතක කරන්න පුලුවන්නම් කමක් නෑ. වීදුරුව දකින කොට පලුද්ද නම් පේන්නේ ඒක අයින් කරන එක තමයි වැඩිය හොඳ.
යාහ්...!!
Deleteතීරනේ කලා... ආයෙත් එයාට මගේ ජීවිතේ ඉඩ නෑ..
යාහ්...!!
ReplyDeleteතීරනේ කලා... ආයෙත් එයාට මගේ ජීවිතේ ඉඩ නෑ...