හරි.. දැං කියන්න යන
සීන් එක උනේ 2009 අවුරුද්දේ විතර. කතාවේ කතා නායකයා බතා (බේබදු ජෙමා පෝසට් එකේ බතා
ගැන කියවුනා වගේ මතකයි) ඔන්න අපේ ගමේ හිටිය ලොක්කෙක් නැති උනා. පොර කූරියා ගැහුවේ
බේබදු කම නිසා. බැළුවොත් ඇත්නම් කෂිප්පු සෙන්ට් එක ගහගෙන ඉන්නේ.
මොනවා උනත් ලොක්කා ගමේ
බැහැලා වැඩ කරපු කෙනෙක් නිසා ලොක්කාගේ මරණෙටත් සෑහෙන්න සෙනග හිටියා. ඉතිං අපි
කොල්ලෝ සෙට් එක තමයි රෑ කොඩි දාන්න සෙට් වෙලා හිටියේ. කොඩි දාන අතරතුරේ අපේ බතාට
එනවා කොත්තු බඩගින්නක්. ඕක කිවා විතරයි අපි හිටිය ඉතුරු සෙට් එකත් එකෙන්ම ඕකේ...
ඔන්න සෙට් එකම ගියා
නයිට් කඩේට. ගාලු පාර අයිනේම තියන එකක්. ඔන්න කට්ටියම කොත්තුත් කාලා ප්ලේන්ටියත්
ගහනවා.. මෙන්න යකෝ එක සැරේම බතා කෑ ගහනවා...
ඇකේයියා...!! (බතාගේ
කටේම තියන ඌටම ආවේනික වචනයක්)
මොනවද යකෝ මේ හොදි එකේ
තියෙන්නේ. මේ ජරාවද බං අපි කෑවේ..
අම්මා ගහයි...!
හොදි දාලා තිබිච්ච එකේ
කැරපොත්තෙක්. ඕක දැක්කා විතරයි සෙට් එකටම ඌරු ජුවල්. එකෙක් මුදලාලියාට කේස් එක
අදිනවා. තව එකෙක් 119 ගහන්න හදනවා. මුදලාලියා අපිව ෂේප් කරලා යවන්න හදනවා....
ඔය සේරම සීන් අතරේ බතා
විතරක් සද්දේ වහලා පැත්තකට වෙලා බලං ඉන්නවා.. ඕක චෙක් වෙලා රමිත් මලයාට. පොර මට
ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවා බතාව. ඔන්න මටත් වැඩේ නෝට්. මමයි රම්ත් මලයයි බතාව නෝට්
කරනවා මැන්ස්ට චෙක්. පොරත් ටික්ගාලා ඇහැක් ගැහුවා... ඔන්න එතකොට තමා තේරුනේ මෙතන
මොකක් හරි අටමගලයක් තියනවා කියලා...
කොහොම කොහොම හරි කාපු
කොත්තු වලට සල්ලිත් නොදි, මුදලාලියාගෙං ගානකුත් කඩාගෙන සෙට් එක එන්න ආවා. එන
අතරතුරේ එකෙක් කියනවා....
නෙද්දකිං යකෝ..
අප්පිරියාවක් නැතිව කොත්තුවක් වත් කන්න කඩයක් නෑනේ බං. අරුංගේ $@##%^$#@%
#$%ඔ#$ඔ #$උඔ#$%^@#$%
(අම්මමෝ නැතිව මුදලාලියාගේ හත්මුතු පරංපරාවම සිරිපාදේ
කරුණා කරවනවා අවාරේම)
ඕක අහං ඉදපු බතා...
(නෝන්ඩ් හිනාවකුත් දාලා)
ඇයි බං අද කෑව නයිට් කඩේ තියෙන්නේ... ඒකේ කොත්තුවට ගහන්න කොත්තුවක් නෑ...
ඔව් ඉතිං කැරපොතු පේස්ට්
එකත් එක්ක නිසා එළටම ඇති... (රමින් මලයාගෙන්)
පිස්සුද යකෝ..! ඒ
කැරපොත්තා බිම ගිය එකෙක්... මම ඌට ෂොට් එක දීලා හොදි එකට දැම්මේ...
කට්ටිට ෆුල්
අන්දොස්...!!
ඔහොම හිටපියව්
තක්කඩි...!!
අම්මා ගහයි බැට් එකෙං
කිවලු... අපි එච්චර වෙලා කදේ දාගෙන හිටියේ නයිට් කඩේ ලග තිබුණු බස් හෝල්ට් එකේනේ.
කඩේ ගෝලයෙක් අපේ කතාව සේරම අහං ඉදලා. දැං අපිට නෙලන්න පන්නනවා.
හෙහ් අල්ලයි අපේ
නැට්ට...!!
සියළු දෙවි දේවතාවුන්
සිහිකර රනවේ ගාමිණි තමයි...!
හැක් හැක්.. මරු... මාත් බේකරියෙන් හොරට කෑව ඒ කාලේ එක බනිසක් වගේ.. හැක්
ReplyDeleteඑදා අපි එකෙක් හරි අහු උනානං තාම ගුටි කනවා..
Deleteඒ මුදලාලියා මැර ඩයල් එකක්...
සිහින මන්දිර කියන්නේ මෙව්වට.
Deleteඔය හමුදාවල කැම්පස් ස්ට්‍රීම් වලින් ගියපු අය බල්ලෝ වගේ ජීවත්වෙන්නේ. මොකද නිසි පුහුණුවක් නැති නිසා කිසි පිළිගැනීමක් නෑ. ඉතින් ඒ අයගේ වැඩකරන ගමන් ඇතිවන කාන්සිය නිමාගන්න කරන සිඟිති ආතල් කඩන්න හොද නෑ. ඒ ගොල්ලෝ දකිනවා ඒ ගොල්ලෝ නොකරපු වැඩ ඒගොල්ලෝ කරා වගේ හීන.
@ AnonymousJuly 24, 2015 at 2:14 PM
Deleteසිරාවටමද..?
මම දන්නෑනේ ඔය මහත්තයා කියනකං
හිකිස්...
කට හින්දා.......
ReplyDeleteඅනිවා...
Deleteකට තමයි කට
රාජ් මහත්තය දන්නවා මේක ගොතපු බොරුවක් බව......ලොල්
Deleteරාජ්.
Deleteඅයියා උඹ දන්නවද මේ ඇනෝ කියන කතාවේ ඇත්ත නැත්ත..
ලොලේ ලොල්..
හෝටලේ බිම හරි කැරපොත්තෙක් හිටියනං මචෝ... බඩුම තමා. ඕකුන් උඹලාගෙ නැතත් වෙන කාගෙ හරි හොද්දකට පනිනවා. ඒ නිසා පනිෂ්මන්ට් එක හරි.
ReplyDelete(මවුස් හන්ට් මතක් වුණා)
එල ම.මා එලස්...!
Deleteමෙතෙක් ජීවිත කාලේ අපි කල කුප්ප වැඩක් හොදයි කියලා ඔය ඇහැව්වමයි බංස්.
ඇයි දවසක් කැම්පස් එක ලග කඩේක අපි සෙට් එක ආප්ප කාලා ප්ලේන්ටියක් ගහන් ගියා.. ඒකේ ලහුටං ගේ ප්ලේන්ටි එකේ මැස්සෙක් හිටියා.. ඉතිං ලහුටං ඒක මුදලාලිකාරයාට කියලා විසික්කා..
අර ආච්චිට හාල් ගරන මුදලාලියා ප්ලේන්ටි භාගෙක සල්ලි ගත්තා කියහංකෝ... ඒකටත් සුප්පා ගේමක් දුන්නා. එව්වා ඉදිරියේදි...
ඒ නිසා පනිෂ්මන්ට් එක හරි.
Deletehammo මධු මාධවී oy vachanat ati mekata aya oaya vaga vadak karana
ම.මා කියල තියෙනව වගේ හෝටලේ බිම කැරපොත්තෙක් හිටියනං ඕක ඔය කොත්තුවට උනත් පනින්න තිබ්බ. එහෙනං ඌ අර යකඩ තහඩු දෙකට අහුවෙලා ග්‍රයින්ඩ් වෙලා එනකොට හොයාගන්න හම්බ වෙන්නෙ නෑ.
ReplyDeleteමමනං හොරාට කාල නෑ. හැබැයි 500 ක් දුන්නම 1000 ක ඉතුරුනං හම්බවෙලා තියෙනව. කඩේ CCTV ත් හයි කරල තිබ්බ. මුදාලලිය හවස චෙක් කරල බැලුවද දන්නෑ.
මොනව උනත් එදා ගුටි නොකා බේරුන එකනං ලොකු දෙයක්.
හැබැයි එකෙක් හරි ගුටි කෑවා නං කල වැඩේ සම්පූර්ණයි
Deleteමොනවා උනත් හොරාට කන එකෙත් අමුතුම ආතල් එකක් තියනවා ප්‍රසන්න
Delete@ Praසන්ன,
Deleteකෑලි මිරිස් මචං, කෑලි මිරිස් (කොකොරෝච් බ්‍රෑන්ඩ් චිලී පීසස්...ඕ යේස්)
@ මධු මාධවී July 23, 2015 at 4:02 PM
DeleteYuk...!
නියමෙට තියෙයි. :D
Delete@ Praසන්னJuly 23, 2015 at 6:42 PM
Deleteඅනිවා...
පව් බං මුදලාලි මාමා.... :D
ReplyDeleteහෑහ්...!!
Deleteko, mam dana comments display karanna na. mokakda kala oya
ReplyDeleteමම මොනවත් කලේ නෑ මැණිකේ..
Deletemey. bata kiyanna ara api oyalaga gedara ava davasa ice cream ekka curd mix karala gatta boy nada? mati pooso maka oyaga hittuvakkara vada nan liyanna apa. lajjave pana yavi.
ReplyDeleteහරියටම හරි. බතා කියන්නේ මෑන්ස් තමයි.
Deleteමම කමෙන්ට් එකක් දැම්මා කෝ ඒක.
ReplyDeleteඒ... ඒක තමයි මේක...
Deleteහා විචාරක සර්.. හැක්
Deleteදුක හිතෙනව
ReplyDeleteඅනේ මුංගෙ කට යකෝ ඕක ගිහිංම කියන්න තිබ්බනෙ අපූ
සැක් සැක්
තාම බාලාංසෙ ගුටි කෑව නං හැදෙනව එහෙනං ආයෙ ඕ වගේ පුරාජේරුවක් ගහන්නෙ කඩේ තියන දුර ගොඩක් පැනල හිහි
කව්ද හිතුවේ ඔහොම දෙයක් වෙයි කියලා.
Deleteඅහු උනානම් හතර දෙනාවම කොත්තුවකට දැයි මුදලාලිය..
ReplyDeleteකොත්තුවකට දාලා විතරක් බේරුනොත් ඇති.
Deleteබිම හිටිය කැරපොත්තා හොද්දට එන්න මහා වෙලාවක් යන්නේ නැහැ බන්. ඒ හින්ද බතා කරපු වැඩේ එක අතකින් නරකමත් නැහැ. මිනිස්සුන්ට ජරාව කවන එවුන්ට දෙන්න ඕන ඔය වගේ පරිප්පුම තමා..
ReplyDelete