Showing posts with label යාලු මිත්තරයෝ ගැන කතා. Show all posts
Showing posts with label යාලු මිත්තරයෝ ගැන කතා. Show all posts

July 23, 2015

බතාගේ කොත්තුව



හරි.. දැං කියන්න යන සීන් එක උනේ 2009 අවුරුද්දේ විතර. කතාවේ කතා නායකයා බතා (බේබදු ජෙමා පෝසට් එකේ බතා ගැන කියවුනා වගේ මතකයි) ඔන්න අපේ ගමේ හිටිය ලොක්කෙක් නැති උනා. පොර කූරියා ගැහුවේ බේබදු කම නිසා. බැළුවොත් ඇත්නම් කෂිප්පු සෙන්ට් එක ගහගෙන ඉන්නේ.

මොනවා උනත් ලොක්කා ගමේ බැහැලා වැඩ කරපු කෙනෙක් නිසා ලොක්කාගේ මරණෙටත් සෑහෙන්න සෙනග හිටියා. ඉතිං අපි කොල්ලෝ සෙට් එක තමයි රෑ කොඩි දාන්න සෙට් වෙලා හිටියේ. කොඩි දාන අතරතුරේ අපේ බතාට එනවා කොත්තු බඩගින්නක්. ඕක කිවා විතරයි අපි හිටිය ඉතුරු සෙට් එකත් එකෙන්ම ඕකේ...

ඔන්න සෙට් එකම ගියා නයිට් කඩේට. ගාලු පාර අයිනේම තියන එකක්. ඔන්න කට්ටියම කොත්තුත් කාලා ප්ලේන්ටියත් ගහනවා.. මෙන්න යකෝ එක සැරේම බතා කෑ ගහනවා...

ඇකේයියා...!! (බතාගේ කටේම තියන ඌටම ආවේනික වචනයක්)
මොනවද යකෝ මේ හොදි එකේ තියෙන්නේ. මේ ජරාවද බං අපි කෑවේ..

අම්මා ගහයි...!

හොදි දාලා තිබිච්ච එකේ කැරපොත්තෙක්. ඕක දැක්කා විතරයි සෙට් එකටම ඌරු ජුවල්. එකෙක් මුදලාලියාට කේස් එක අදිනවා. තව එකෙක් 119 ගහන්න හදනවා. මුදලාලියා අපිව ෂේප් කරලා යවන්න හදනවා....

ඔය සේරම සීන් අතරේ බතා විතරක් සද්දේ වහලා පැත්තකට වෙලා බලං ඉන්නවා.. ඕක චෙක් වෙලා රමිත් මලයාට. පොර මට ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවා බතාව. ඔන්න මටත් වැඩේ නෝට්. මමයි රම්ත් මලයයි බතාව නෝට් කරනවා මැන්ස්ට චෙක්. පොරත් ටික්ගාලා ඇහැක් ගැහුවා... ඔන්න එතකොට තමා තේරුනේ මෙතන මොකක් හරි අටමගලයක් තියනවා කියලා...

කොහොම කොහොම හරි කාපු කොත්තු වලට සල්ලිත් නොදි, මුදලාලියාගෙං ගානකුත් කඩාගෙන සෙට් එක එන්න ආවා. එන අතරතුරේ එකෙක් කියනවා....

නෙද්දකිං යකෝ.. අප්පිරියාවක් නැතිව කොත්තුවක් වත් කන්න කඩයක් නෑනේ බං. අරුංගේ $@##%^$#@% #$%ඔ#$ඔ #$උඔ#$%^@#$% 
(අම්මමෝ නැතිව මුදලාලියාගේ හත්මුතු පරංපරාවම සිරිපාදේ කරුණා කරවනවා අවාරේම)

ඕක අහං ඉදපු බතා...

(නෝන්ඩ් හිනාවකුත් දාලා) ඇයි බං අද කෑව නයිට් කඩේ තියෙන්නේ... ඒකේ කොත්තුවට ගහන්න කොත්තුවක් නෑ...

ඔව් ඉතිං කැරපොතු පේස්ට් එකත් එක්ක නිසා එළටම ඇති... (රමින් මලයාගෙන්)

පිස්සුද යකෝ..! ඒ කැරපොත්තා බිම ගිය එකෙක්... මම ඌට ෂොට් එක දීලා හොදි එකට දැම්මේ...
කට්ටිට ෆුල් අන්දොස්...!!


ඔහොම හිටපියව් තක්කඩි...!!

අම්මා ගහයි බැට් එකෙං කිවලු... අපි එච්චර වෙලා කදේ දාගෙන හිටියේ නයිට් කඩේ ලග තිබුණු බස් හෝල්ට් එකේනේ. කඩේ ගෝලයෙක් අපේ කතාව සේරම අහං ඉදලා. දැං අපිට නෙලන්න පන්නනවා.

හෙහ් අල්ලයි අපේ නැට්ට...!!
සියළු දෙවි දේවතාවුන් සිහිකර රනවේ ගාමිණි තමයි...!