උඹ මට වඩා වැඩිමහල් උනේ මාස දෙකකට
උඹයි මමයි හිටියෙත් ගහට පොත්ත වගේ..
ඉස්කෝලේ ගියේ
වල බැස්සේ
කෙල්ලෝ පස්සේ ගියේ
කොල්ලෝ එකක්ක වලි දාගත්තේ
ගෙදර හොරා අඩියක් පුඩියක් ගැහුවේ
අපි එකට...
ලොකු අප්පු...
කොහොමද ලොකු අයියේ..
උඹ අපි සේරටම හොරෙන් යන්න ගියේ...
උඹ..!!
මාව...
ලොකු තාත්තා, ලොකු අම්මා...
අපේ් අම්මා...
අපේ සෙට් එකේ කොල්ලො...
උඹට පේන්නැද්ද බං අඩනවා...
උඹේ සුරංගනාවි නිමිනියා...
ඇඩෙව්වා...
අපි සේරම අඩන අතරේ උඹ ලස්සනට නිදි...!!
කමක් නෑ...
උඹට හොදයි කියලා හිතෙනවා නම්..
උඹ දෙව් මව් තුරුලේ නිදා ගනිං...
ඒත්,
ආයෙමත් නැගිටලා වරෙං ලොකු අප්පු...
උඹට බැරිද..
හරි කමක් නැ...
ලොකු අප්පු..
උඹ,
සමාදානයේ සැතපේවා....!
දෙවියන් වහන්සේ කොහොමත්,
හොද මිනිස්සුන්ව උන් වහන්සේ ලගට ගන්නවානේ..!
පොඩ්ඩක් හරි දුක වේදනවා තුනි වේවි කියලා හිතලා කාමරේට වැදිලා කෙටුවේ. මොන දේ කලත් දුක තුනී කර ගන්න නම් බැ ලොකු අයියේ. මට හිටිය එකම ලොකු අයියා.ලොකු තාත්තගේ පුතා. යන්නම යන්න ගියා.
ඒ මදිවට මගේ බට්ටිච්චිටත් සනිප නැති වෙලා. වෛරස් උණක් හැදිලාලු. බදාදා ඉදන් කිලිනොච්චියට ට්රාන්සර්. ප්රශ්න එනකොට එන්නේ එකපිට එක. මොන මගුලක්ද මංදා..
So sad.
ReplyDeleteRest in Peace ලොකු අප්පු/
RIP bro
Deleteකවුරු ගැනද ලිව්වේ............ මොනවා වෙලාද නැතිවුනේ............ පොඩි විස්තරයක් කියපංකෝ.........????
ReplyDeleteලොකු තාත්තගේ පුතා.
Deleteකැන්සර් එකක් මචං..
මොනව කරන්නද. ජීවිතේ හැටි ඔහොම තමයි.
ReplyDeleteසුබ ගමන් ලොකු අප්පු.
ලොක්කා යන්නම ගියා..
Deleteඔබ ලොකු කම්පනයකට පත්වී සිටින බව පෙනෙනවා. අපි කවුරුත් එහෙම තමයි. ටිකක් හිත සන්සුන් වුනාම නැවත මේ ගැන සවිස්තරව ලියන්න.
ReplyDeleteඔව් සර්.. ලොක්කාගේ මරණය මාව ගොඩක් ලොකු කම්පණයකට පත් කලා.
Deleteඒකා යන්නම ගියා...
සීන් එක කියහං බං...
ReplyDeleteලොකු තාත්තගේ පුතා.
Deleteකැන්සර් එකක් මචං..
යන්නම ගියා..
ලොක් අය්ය අභාවප්රාප්ත වෙලා කියලද මේ කීවෙ
ReplyDeleteහම්... ඒකා ස්වර්ගස්ත උනා..
Deleteසුබ ගමන් ලොකු අප්පු. :'(
ReplyDeleteRIP
Deleteජෙම්ස්ගෙ ලොකු අය්යා (ලොක අප්පච්චිගේ පුතා) නැතිවුනා. අවසන කටයුටු 28
ReplyDeleteසමාදානසේ සැතපේවා සජිත් අයියෙ
මරණ විකුණගෙන කන්න එපා ඕයි.....හමුදාවේ නේද
ReplyDeleteහිකිස්...
Deleteහා...
තැන්කූ මතක් කරලා දුන්නට...