ජෙමාටත් උරලා බලන්න ඕනි කියන ආසාවක් ආවේ ඉංග්රීසි ෆිල්ම් එකක කොල්ලෙකුයි කෙල්ලෙකුයි උරනවා දැකලා. එදා නිකං මැජික් වගේ. කොච්චර හිත හදාගෙන ඉන්න හැදුවත් ඒ උරපු ඉරිල්ල අමතක කරන්නම බැරි උනා.
බැරිම තැනදී තමයි ජෙමාගේ අඹයෙක් වෙච්ච ප්රභාතයාට මේ සීන් එක කිවේ. නොකිවට පොරත් ඉදලා තියෙන්නේ උරලා බලන්න ඇතිවෙච්චි ආසාව මැඩගෙන.
දෙන්නා කතා වෙලා වැඬේ කොහොම හරි කරනවාම කියලා සෙට් උනා. දැන් තියන ලොකුම පුරස්නේ කොහොමද බඩුව සප්ලයි කරගන්නේ.
බොහෝම අමාරුවෙන් පොරක්ව සෙට් කරගෙන බඩු සෙට් කර ගත්තා. ඊට පස්සේ තියන ලොකුම ප්රශ්නේ කොහේට අරං ගිහිංද උරන්නේ කියන එක.
වැඬේ කෙල්ලොන්ට ලීක් උනොත් වස නෝන්ඩිය, ගෙදරට නෝන්ඩි උනොත් වහ කන එක සැපයි. කොල්ලො සෙට් එක දැනගත්තට නම් අවුලක් නෑ. කොල්ලොනේ.
අන්තිමේදි තීරණේ කලා පිට්ටනිය එහා පැත්තේ තියන ලදු කැලෑව තමයි සූටබල්ම පොට් එක කියලා. අදාල ස්ථානයට සෙට් උනා මොකද පට්ට බයයි. බයට වැඩියෙන් වැඬේ කරන්න තියන ආසාව.
තව තව...
මුලටම මං....
බෑ.... බෑ... තව පහලට.....
තොල් ලගටම ගන්නවා...
හිතේ තියන චකිතේ නිසා අරූට දෙනවා..
තව තව පහලට...
හ්ම් හ්ම් පහලටටට....
ඌත් එහෙමයි.
තව ටිකයි තව ටිකයි
හිතේ තියන චකිතේ නිසා අරූට දෙනවා..
දැන් නම් ලගම ලගයි....
මේක හරියන වැඩක් නෙවෙයි
ඔන්න ඒනම්....
ඕන කෙහෙම්මලක් දෙකයි පනහයි කියලා ඇද්දා ඇදිල්ලක්.
ආව කැස්ස නම් දෙවියන් වහන්සේ හිටියත් නවත්තන්න බෑ.
මෙන්න ජෙමා මාරු
ප.ලි
කුණුහරුප ඔට්ටුනෑ...
මේව කැත වැඩ ජෙමා.....................................................ආතල් කුඩු .........
ReplyDeleteයසයි යසයි..
Deleteපල්ලට එන්න කලින්ම දැනගත්ත උඹ මොකක්ද උරන්න ගියේ කියල. හැක්..
ReplyDeleteහී හී...
Deleteඅත්දැකීම් ද පුරසන්න...
//පිට්ටනිය එහා පැත්තේ තියන ලදු කැලෑව තමයි සූටබල්ම පොට් එක කියලා//
ReplyDeleteපහලට යන්න කලින් උරන්නෙ මොනවද කියලා හිතුනා
ඉමා
ලන්ද තමා සූටබල්ම පොට් එක.
Deleteඅනිවා..
ඔබ මින් පෙර දැන සිටියාද බලිතොවිල්, හූනියම් වල ඉංග්රීසි වචන ඇති බව? යකැදුරා මෙන්ම වෙනත් අපලවලට බඳින යන්තරයේ ඉංග්රීසි වචන සහ වෙනත් මාතෘකා වල සඳහන් වචන වල ඉංග්රීසි තේරුම් දැන ගන්න. මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
ReplyDeletehttp://richvocab.blogspot.com/2016/11/synonyms-of-necromany-in-sinhala-english.html