October 23, 2015

ඒ්කත් හරි...



ඔන්න 2015.10.21 වෙනි බදාදා බට්ටිච්චි මගේ නාහේ විද්දා



ප.ලි
අපේ තුමාගේ විෂ් එකත් එක්කම අදට ලියන එක නවත්තනෝ...
හයියෝ...! අපේ **** ත් සෙක්කුවට..!

ප.ප.ලි
ලියපු දිගම පෝස්ට් එකත් මේකද කොහෙද

October 4, 2015

හරිනේ දැන්..! හොදයිනේ පු* අමාරුව


ඔන්න අදත් අහක යන නයෙක්ගේ පයන්නක් බලන්ඩ ලෑස්තිය. ගහපියව් ගල්. 

සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා කතාවක් අපිට ඉස්කෝලේ ගණිතය කරපු සර් කිවා මතකයි. එදා ඒ කතාව ආතල් එකට අරන් හිනා උනාට අද වෙනකොට නම් තේරෙනවා පොර එදා ඒ කියපු කතාව කොයි තරම් නම් ඇත්තක්ද කියලා.

අපි සිංහලයෝ තරම් මුල මතක නැති, ඉක්මනටම දෙයක් අමතක වෙන, පඩයක් ගියත් ක්ලේමෝ එකක් බ්ලාස්ට් උන ගානට උළුප්පලා පෙන්නන්න දක්ස, අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන ආතල් ගන්න, උතුම් ජාතියක් මේ තුන් ලෝකේවත් නැතිව ඇති නෙමෙයි නෑ කියලා තමයි කියන්ඩ වෙන්නේ.

අපේ උන්ගේ පුදුම ජාතියේ හිගන ආතල් තියෙන්නේ. දෙමල කෙල්ල දුෂනේ කරලා මැරුවා, ඊට වඩා මාධ්‍ය කාරයෝයි මූනු පොතේ ඉන්න සමහරක් වාහෙලයි ඒ අහිංසක කෙල්ලව රිපීට් - රී රිපිට් මැරෙව්වා. ඊට පස්සේ පුංචි කෙලි පොඩ්ඩ. ඒකිටත් උනේ ඒ සන්තෑසියමයි. අඩුම ගානේ ඒ දරුවගේ ආත්මෙට වත් සැනසිමක් ලබන්ඩ ඉඩක් දුන්නෑ අපේ එව්වෝ.

තවත් පට්ට පට පට සින් එකක් උනා නේද මේ පහුගිය දවස් දෙක තුන ඇතුලත. අර කොල්ලෝ දෙන්නෙක් කෙල්ලක්ට ගහන්නේ දක දොයියන් ගාලා බිම වැටෙන්න. මුලටම අහවල් දෙක ලාච්චුවට දාන්ඩ ඕනි ඒ සින් එක විඩියෝ කරපු වෛශ්‍යා පුත්‍රයාව අනවශ්‍ය මගුල් කරනවට. ඊට පස්සේ හිටුවා පස් ගහන්ඩ ඕනි අගක් මුලක් සොයන්නේ නැතිව ජනප්‍රියත්වය බලාගෙන ඒවා ප්‍රසිද්ධ කරන එව්වොන්ට. 

ඔන්න ඊයේ හරි පෙරේදා හරි නිව්ස් වලට කියනවා ඒ සින් එක මීට අවුරුදු එකහමාරකට විතර කලින් වෙච්චි සීන් එකක්ය. දැන් උන් දෙන්නා බදින්නත් ලැස්ති වෙලා ඉන්නේ කියලා. හරිනේ ඔය වෙලා තියෙන්නේ මහ වැඩේම ලෙසට. කොහොමද ටොපිය.

සිරාවටම දැන් සමාජේ තියෙන්නේ පුදුම ආතල්. මොකෙක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්ඩ ඔන්න මෙන්න හටියත් කරන්නේ ඒකාව හෝස්පිට්ල් එකට ගෙනිනයන එකෙ නෙවි. සෙල්ෆියක් හරි විඩියෝ එකක් හරි ගන්ඩ එක.

හොද වෙලාවට 1912 අප්‍රේල් 14 වෙනිදා ටයිටැනික් නැව ගිලෙනකොට කැමරා ෆෝන්ස් තිබුනේ නැත්තේ. වැරදිලාවත් ඒ වෙනකොට කැමරා ෆෝන්ස් තිබුණා නම් එදා බේරුණ 710 දෙනා වත් බේරෙන්නේ නෑ. ඒක නම් බඩේ බත් වගේ ෂුවර්.

ඔන්න දැන් විවෘත්තයි ගල් මුල් ප්‍රහාර වලට. වීදුරු ගෙවල් වල ඉදනුත් ගල් ගහපියෝ.

මේ සෙල්ෆි සීන් එකත් බලලාම යන්ඩ. මනෝ මන්දිර තමා වීඩියෝව සොයලා දුන්නේ. 

October 2, 2015

ජිවත් වෙන්න කැම | කන්න ජීවත් විම





අද ලියන්නේ කෑම ගැන. කෑමෙත් වර්ග දෙකක් තියනවානේ ඉල්ලං කෑම සහ බෙදාගෙන කෑම කියලා. මේ කියන්න යන්නේ බෙදාගෙන කැම හෙවත් සිරාම කෑම ගැන.

මුලින්ම බතෙන් පටන් ගත්තොත්...
සුදු සම්බා බත්
කට දන පොල් සම්බෝල

හාල්මැස්සෝ බැදලා (නිකංම නිකං හාල්මැස්සෝ විතරයි)

සුදු සම්බා බත්

කට්ට සම්බෝල

පරිප්පු තෙල්දාලා

ආයේ දෙකක් නෑ පුතේ අඹරන්න පුළුවන් වෙල්ලමුල්ලි වයික්කාල් වෙන්ම.

සුදු බත්

තක්කාලි සම්බෝල (ටිකක් සැරට තියෙන්ඩ ඕනි)

පපඩම්

කට්ටිය කාලා තියනවාද දන්නේ නෑ පපඩම් + තක්කාලි සම්බෝල වල ළූණු. අඩේ කියලා වැඩක් නැ. අමුතුම රසක් ඕයි තියෙන්නේ. බයිට් එකටත් අවුලක් නෑ. මට නම් කිසි ගේමක් නැතිව පපඩම් පැකට් එකකට උනත් වගකියන්ඩ පුළුවන් ළූණු එක්ක.

කිරිබත්

කට්ට සම්බෝල + මාලු ඇඹුල්තියන් හරි මාලු කෑල්ලක් බැදලා හරි

ඉගුරු දාලා වැඩි සීනි ප්ලේන්ටි

මොනවත් නෑ. ඇස් දෙක පියාගෙන අඹරන්න පුළුවන්.

අනික් එක පාන් මෙනුව
පාන් + කට දැවිල්ල පොල්සම්බෝල

සීනි අඩුවෙන් දාපු බ්ලාක් කොෆී

පාන් කර කරලා (ටෝස්ටර් එකෙන් ටෝස්ට් කරලා නෙවෙයි. කුකර් එකේ සෝස්පෑන් එකක් තියලා හොදට රත් කරලා ඒක උඩට පාන් පෙති දාලා කර කරලා) මාමයිට් ගාලා ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා.

සීනි නැතිව කිරි කෝපි

පාන් ටෝස්ට් කරලා (මාලු/සැමන් + අමුමිරිස් පොඩි පොඩි කැලි වලට කපලා + රතු ළූණු සුට්ටි සුට්ටි කෑලි වලට කපලා + ගම්මිරිස් පොඩ්ඩක් දාලා මික්ස්චර් එක හදන්න ඕනි)

කාලා ඉවර වෙලා මාමයිට් එකක් බොන්ඩ ඕනි. දෙහි පොඩ්ඩක් වැඩිපුර දාලා‍

September 30, 2015

අද පාර්ටි....!!! ඩබල් හැපී



 
අද දවස මගේ ජීවිතේ ගොඩක්ම වැදගත් දවසක්. ඒකට එක වගේම හේතු දෙකක් තියනවා.

මුල්ම හේතුව
අවුරුදු 28 ක් තිස්සේ මාව අතක් පයක් නොකඩා රැකබලා ගත්ත
ලෙඩක් දුකක් උන වෙලවාවල් වලදි නිදි නොලබා මාව සනීප කර ගත්ත,
මාව වැටෙන්න යන හැම වෙලාවකම මාව නොවැටී ඉන්න ශක්තියක් වෙච්ච
මගේ හෙවනැල්ල වගේ නෙවෙයි මගේ ජීවිතේ හුස්ම පොද වෙච්ච
මාගේ ආදරණිය අම්මිගේ 58 වෙනි උපන්දිනය...


දෙවැනි හේතුව
ගොඩක් කාලයක් තිස්සේ මාගේ හොදම යෙහෙලියක් උන
මගේ ඇස් වලින් කදුලක් වැටෙන්න නොදි හිනා ගස්සපු
මේ වෙනකොට මගේ ආදරණිය පෙම්වතිය
නුදුරු අනාගතේ මාගේම ආදරණිය බිරිද
බට්ටිච්චිගේ 28 වෙනි උපන් දිනය...

සිරාවටම අහම්බයක්. ඒ වගේම පුදුමයක්. මගේ ජිවිතේ එළිය කල මගේ ආදරණිය අම්මිගෙයි, මගෙයි අම්මිගෙයි පැලට පහනක් වෙන්න මග බලන් ඉන්න ඒ කෙල්ලගෙයි උපන්දින දෙකම අද.

මම ඔයාලා දෙන්නටම සුභම සුභ උපන්දිනේකට ආසිරි පතනවා. ඔයාලා දෙන්නම කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්ඩ ඕනි.
මගේ රත්තරන් අම්මිටයි, මගේ ආදරණිය බට්ටිච්චිටයි ජේසු ස්වාමි දරුවන්ගේ පිහිට ලැබේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා..!

September 29, 2015

ඇඩ්‍රස් නැති වෙලා තියනවද පොඩි උන් නිසා




ගිය නිවාඩුවට ගෙදර ගිය සැරේ මමයි අම්මියි, බට්ටිච්චියයි, එයාගේ අම්මයි තාත්තයි සෙට් වෙලා ගියා පුංචි ට්‍රිපක් නුවර එළියේ. අපේ කැම්පස් එකේ යාලුවෙක්ගේ ගෙදර තමා නැවතුනේ. දවස් 03 ක් හිටියා කවියාලාගේ ගෙදර. අපේ කවියට ඉන්නවා ගහේ බඩ්ඩක්. අවුරුදු 3 ක් විතර වෙන කොලු පැංචෙක්. දෙයියනේ කියලා ගිය දවසේ ඉදන් කැත නැතිව බට්ටිච්ටයි  අපේ අම්මිටයි මාර ෆිට් උනා. ඒකාට රන්කිරි කටගාලා තියෙන්නේ සුප්පා නැකතක. අච්චම්මෝ කියාගෙන අපේ අම්මි පස්සෙන්මයි.

මුල්ම කතාව
ඔන්න දැන් තොරණෙ විස්තරේ. පලවෙනි කොටුව. කවියගේ පෙම්බර බාරිගේ යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන කට්ටියම යන්න ලෑස්ති උනා සීතා එළියේ තියන සීතා අම්මාන් කියන කෝවිල බලන්ඩ යන්න. කට්ටිය ආතල් එකටත් එක්ක බස් එකේ තමයි යන්න සෙට් උනේ. 

ඔන්න දැන් කට්ටියම බස් එකේ. මමයි බට්ටිච්චියි ගගුලැල් බබයි අන්තිම සිට් එකට ඉස්සරා සිට් එකේ...
අපිට ඉස්සරා සිට් එකේ අපේ අම්මියයි කවියයි අම්මයි...
ඊට ඉස්සරා සීට් එකේ කවියාගේ බාරියි බට්ටිච්චිගේ අම්මයි...
අපිට අනික් පැත්තේ සීට් එකේ බට්ටිච්චිගේ තාත්තා...

ඊලග කොටුව- මම කලිනුත් කිවනේ ගංගු පොඩ්ඩා ගහේ බඩ්ඩක් කියලා. ඒකා බස් එකට නැග්ග වෙලාවේ ඉදන් සෙල්ලම් ගොඩයි. හිනාවෙනවා කැ ගහනවා එක කෙලියයි. බස් එකේ අයටත් මාර ආතල් පොඩ්ඩගේ සෙල්ලම්. ග්‍රෙගරි වැව පාස්  වෙනවා වගේම පොඩ්ඩා....

නැන්දි නැන්දි උම්මා උම්මා...

ඉතින් බට්ටිච්චිත් පොඩ්ඩගේ කම්මුල් දෙකම කිස් කලා.(මට ජෙල නෑ යකූ- ඒ පොඩි එකෙක්නේ...)

ඒම නිම් මේම මේම කියලා මේකා කිස් කලා කියහංකෝ ලිප්ස් දෙක.

ආ.... නෝටිම නෝටි පැංචෙක්... කියලා බට්ටිච්චියා ගංගු පැංචාව කුචිකවන්න ගත්තා. මෙන්න ඒකා කියනවා...

ඒනං අර නැන්දිත් නෝටිම නෝටියි. එයා ඒනං ඒ විදියට අර මාමිට උම්මා දුන්නේ...

හරිනේ...



දෙවනි කතාව
කතා දෙකක් නැ මේකේ කතා නායකයත් අපේ කුප්ප ගංගු බබාම තමයි. ඔන්න එදාම රෑ අපි කට්ටිය කවියලාගේ මිදුලේ බාබක්‍යු + වයින් වලට සෙට් වෙලා. පොඩි සින්දුවකුත් කියාගෙන ඉන්නවා. ගිතාංජලි පොඩි එකාව නිදිකරවලා ඇවිත් විනාඩි 15ක් විතර යන්ඩ ඇති.මෙන්න යාකෝ මේකා දුවගෙන එනවා ජෙට් එක වගේ. ඇවිත් කෙලින්ම අපේ අම්මිගේ උකුලේ.

අපේ අම්මිත් ඉතිං
අනේ... පැංචා අත්තම්මා ලගට ආවද කියලා ගංගු බබාව උකුලෙන් තියාගෙන කිස් එකක් දුන්නා. එතකොට පොඩ්ඩගේ අතේ තිබුන මොකක්ද එකක් දැකලා අපේ රංගියාගේ අම්මා...

මොනාද පුතේ අතේ... කෝ දෙන්නකෝ බලන්න අත්තම්මාට

ප්‍රීති පුරෝහිත ප්‍රීති...!!!

හනේ අංහිංසක කවියයි ගීතාංජලි දැරිවියි...



තුන්වෙනි එක
මේකත් ට්‍රිප් එකක් ඇතුලේ වෙච්චි කතාවක්ම තමයි. ටික කාලයක් වෙනවා. (අර සිහින මංපෙත කියලා තියන පෝස්ට් එකේ  කියපු කෙනා නැතිවෙච්ච කාලේ) අපි ගෙවල් ලග ෆැමිලි තුනක් සෙට් වෙලා ගියා පොඩි වන් ඩේ ට්‍රිපක්. කතා නායිකාව අපේ ඉස්සරාගෙදර අයියගේ දෝනි පොඩ්ඩ.

ඔන්න අපි බෝපත් ඇල්ල බලලා කෑම කන්න තැනකට සෙට් උනා. මමයි ශමිල් අයියයි, ශමිල් අයියාගේ වයිපරෙයි, කතා නායිකාව චේචි දෝනියි, චන්ද්‍රා ආන්ටියි. පොඩි එකි බත් කටවල් දෙක තුනක් කාලා අඩන්න ගත්තා කියහංකෝ අම්මි කුක්කූ අම්මි කුක්කූ කියලා...

ආ....මෙච්චර ලොකු බබෙක් වෙලත් කුක්කු බොනවද? හොද පුතා වගේ බයි චුට්ටක් කමු.. කියලා අපේ අම්මි පොඩ්ඩව ලගට ගත්තා විතරයි මේන්න මේකි හුරේ අඩනවා. අම්මිත් ඉතිං පොඩ්ඩව නලවන්න ෆුල් ට්‍රයි. ශමිල් අයියගේ වයිෆ්  බත් එකට ගේම දෙනවා සික්සර් වලින් පොඩ්ඩිව අතට ගන්න.

ඒ අක්කට කෑම ඉස්මොල්ලේ ගියෙයි, ශමිල් අයියට *කනවා කියලා කියවුනෙයි එකම වෙලාවේ...

නැන්දි...
අපේ අම්මි හරිම එක්ක මන් තලායි.. අම්මි කුක්කු දෙන්නේ තාත්තිට ඉතලයි. බබාට දෙන්නෑ බබා පවු.....