Showing posts with label කැම. Show all posts
Showing posts with label කැම. Show all posts

October 2, 2015

ජිවත් වෙන්න කැම | කන්න ජීවත් විම





අද ලියන්නේ කෑම ගැන. කෑමෙත් වර්ග දෙකක් තියනවානේ ඉල්ලං කෑම සහ බෙදාගෙන කෑම කියලා. මේ කියන්න යන්නේ බෙදාගෙන කැම හෙවත් සිරාම කෑම ගැන.

මුලින්ම බතෙන් පටන් ගත්තොත්...
සුදු සම්බා බත්
කට දන පොල් සම්බෝල

හාල්මැස්සෝ බැදලා (නිකංම නිකං හාල්මැස්සෝ විතරයි)

සුදු සම්බා බත්

කට්ට සම්බෝල

පරිප්පු තෙල්දාලා

ආයේ දෙකක් නෑ පුතේ අඹරන්න පුළුවන් වෙල්ලමුල්ලි වයික්කාල් වෙන්ම.

සුදු බත්

තක්කාලි සම්බෝල (ටිකක් සැරට තියෙන්ඩ ඕනි)

පපඩම්

කට්ටිය කාලා තියනවාද දන්නේ නෑ පපඩම් + තක්කාලි සම්බෝල වල ළූණු. අඩේ කියලා වැඩක් නැ. අමුතුම රසක් ඕයි තියෙන්නේ. බයිට් එකටත් අවුලක් නෑ. මට නම් කිසි ගේමක් නැතිව පපඩම් පැකට් එකකට උනත් වගකියන්ඩ පුළුවන් ළූණු එක්ක.

කිරිබත්

කට්ට සම්බෝල + මාලු ඇඹුල්තියන් හරි මාලු කෑල්ලක් බැදලා හරි

ඉගුරු දාලා වැඩි සීනි ප්ලේන්ටි

මොනවත් නෑ. ඇස් දෙක පියාගෙන අඹරන්න පුළුවන්.

අනික් එක පාන් මෙනුව
පාන් + කට දැවිල්ල පොල්සම්බෝල

සීනි අඩුවෙන් දාපු බ්ලාක් කොෆී

පාන් කර කරලා (ටෝස්ටර් එකෙන් ටෝස්ට් කරලා නෙවෙයි. කුකර් එකේ සෝස්පෑන් එකක් තියලා හොදට රත් කරලා ඒක උඩට පාන් පෙති දාලා කර කරලා) මාමයිට් ගාලා ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා.

සීනි නැතිව කිරි කෝපි

පාන් ටෝස්ට් කරලා (මාලු/සැමන් + අමුමිරිස් පොඩි පොඩි කැලි වලට කපලා + රතු ළූණු සුට්ටි සුට්ටි කෑලි වලට කපලා + ගම්මිරිස් පොඩ්ඩක් දාලා මික්ස්චර් එක හදන්න ඕනි)

කාලා ඉවර වෙලා මාමයිට් එකක් බොන්ඩ ඕනි. දෙහි පොඩ්ඩක් වැඩිපුර දාලා‍