හුහ්..! හුහ් හු හු.....හුච්චෑෑෑෑස්.....!!!
ඉද්දකිං යකූ මේකේ තියන මකුලූදැල්.
කන පැලෙන්න දූවිලි. යකු මේ බඩකඩිත්තුව ඉදලා හිටලා වත් සුද්ද කරලා දාපිය. බලකෝ මේකේ තියන දහජරාව. සුද්ද කරපිය දැන්මම.
පැය කිහිපයකට පසු...
හරි ඔන්න එහෙනං ආටක නාටක.
මේ.... නැගිටින්නකෝ. බලන්න 8ත් පහුවෙලා. කෝ කෝ නැගිටින්න නැගිටින්න. අද අර ගමනත් යන්න තියනවානේ....
නිවාඩු දවසේ දෙවියනේ කියලා කණ පැලෙන්න ටිකක් නිදා ගන්න තිබුණු හිනය බොද වෙලා ගියේ හරියට අම්මි දැක්කම කන කීං ගාන්න බිලා හිටියත් වෙරි හිදෙනවා වගේ.
අනේ.. නිවාඩු දවසේ වත් ටිකක් නිදා ගන්න දෙන්නකෝ අම්මී...
මොකක්.. අම්මි... මේ මිනිහෝ... මම උඹේ ගෑණි..! (සුදු නෝනිගේ රතු වෙච්ච මූණ)
කෙලා හුටා.. හරිනේ ටොපිය.
හරි හරි ඔන්න නැගිට්ටා.. මොකක්ක සුදු යන්න තියනවා කිව ගමන. (මේකිව ෂේප් කරගන්නත් ඕනිනේ. නැත්නම් බඩු බනිස්)
මොකක්ද අනේ. මම කිවේ අද ඇංජිට දෝනියෙක් හම්බ වෙලා කියලා. අද එයාව බලන්න යමු කිවම ඔයා මාව එක්ක යන්න ප්‍රොමිස් උනේ. යංකෝ....
මොනවා කරන්නද ඉතිං. ඔන්න අපි ගියා කියමුකෝ ඇංජිමේ කුලූදුල් දු සිගිත්ත බලන්න. සිරාවටම ෂෝයි කෙලි පැංචියෙක්. ඇංජි අපේ සුදු නෝනිගේ අතටත් පොඩි එකිව දුන්නා කියන්නකෝ. කොහේද මටත් ඉතිං නිකං ඉන්න බෑනේ. සුදු දෙන්වකෝ මටත් චුට්ටක් කියලා පොඩි එකිව අතට ගන්න හැදුවා විතරය මේ යක්ස කෙල්ල අඩන්න ගත්තේ නැතෑ වහලේ උලූ උඩයන්න.
පොඞ්ඩිව අතට ගන්න අදහස අකුලං ආයේත් පුටුවක් උඩට පතබැවුණා.
මේ ඒක නෙවෙයි ඇංජා.. මොකක්ද දුවගේ නම..?
අනේ ජෙම්ස්. තාම දෝනිට නමක් තිබ්බේ නෑ.. කියන්නකෝ ලස්සන නමක්.
සිම්පල්නේ.... කෝ බලන්න... ම්ම්ම්ම්... අපි මෙයාට නිල්නෙතු කියමු.
කියලා නිකමට වගේ අපේ සුදු නෝනි දිහා බැලූවේ.
අහෝ දුකකි තිතකි ඉරි ගොඩකි.
අද නම් මට බඩු බනිස් වෙනවා ෂුවර්ම ෂුවර්ය. සුදු නෝනිගේ ලස්සන සුදු මුණ.....
ආයේමත් කෙලා හුටා...
නිල්නෙතු....
අපි අපේ බබාට දාන්න ප්ලෑන් කරපු නම.
ඒ බබාට නිල්නෙතු ii කියල දාන්න
ReplyDeleteජෙමා කොලුව ජීවත් උනා ඇති වගේ දෙයක් උඹට හිතෙනවද බං
Deleteදැං ඉතිං නෙල්නිතු කියල තමයි දාන්න වෙන්නෙ හිටං.
ReplyDeleteහිටං නෙවෙයි. වාඩිවෙලා ඉන්නේ.
Deleteහදවත ඕනවට වඩා උණු උනහම ඕවගේ වැඩ වෙනවා
ReplyDeleteහම්ම්... ඒක නම් ඇත්ත. එදා රැු කෑමත් නැති උණා මට
Deleteනීල නුවන් කියලා දාන්න
ReplyDeleteනිකමට වගේ මම ජීවත් උණා ඇති කියලා හිතෙනවද මචං
Delete