මේ වෙනකොට
ලංකාවේ පට්ට දේශප්‍රේමින් ටිකක් බිහි වෙලා තියෙන්නේ. කොටින්ම කිවොත් පුරන් අප්පු,
ගොංගාලේ ගොඩබණ්ඩා, එකී මෙකී නොකී වීරවරයොන්ටත් වඩා පට්ටම පට්ට සෙට් එකක් තමයි
ඉන්නේ. නිකමට සෝෂල් මීඩියා වලට ලොග් උනොත් බුරුතු පිටින් බලා ගන්ඩ පුළුවනි.
අළුත්ම ට්‍රෙන්ඩ්
එක අපි සිංහ ලේ, සුපිරි සංකල්පයක්. මමත් මගේ අහිංසන පැන්ඩගේ ගහලා තියෙන්නේ. ඒත් මම
නිකමට දෙයක් අහන්නම්, ඔය අපි සිංහලේ කියලා ගහන් ඉන්න එව්වොන්ගෙන් කී දෙනෙක්,
ආයේමත් ලංකාවේ සිවිල් යුද්ධයක් ඇති උනොත් (දෙවියන්ගේ නාමයෙන් ආයේමත් එහෙම වෙන්ඩ
එපා) රට රකින්ඩ ඒවිද? 100 ක් ගත්තොත් 25
දෙනෙක් ඒවි කියලා මම නං හිතන්නේ නෑ. මග
තොටේදී අහිංසකයෙකුට මොකක් හරි අසාධාරණයක් උනොත් ඒකට විරුද්ධව ඉදිරිපත් වෙයිද?
වැඩිය ඕනි නෑ.. බස් එකකදි වයසක මනුස්සයෙක්ට සීට් එකක් දෙන්නේ කීයෙන් කීදෙනාද? නිකං
පඩ ෂෝ එකට, තමන්ගේ එෆ්බී පේජ් එක හිට් කරගන්ඩ සීන් දානවා. තේරෙන භාෂාවෙන්ම කිවොත්
මම නං ඒවට කියන්නේ පුකේ නාඩංග කියලා
මම දෙයක්
කියන්නම්. මට නං හිතෙන්නේ ලංකාවේ උන් සේරගේම තියෙන්නේ සිංහ ලේ. ඒක බුද්ධාගම්
මනුස්සයා, කතෝලික මනුස්සයා, හින්දු මනුස්සයා, මුස්ලිම් මනුස්සයා කියලා වෙනසක් නෑ.
ලංකාවේ හැම එකාම සිංහලේ.
සිංහලේ
බුද්ධාගම්,
සිංහලේ
කතෝලික,
සිංහලේ
හින්දු,
සිංහලේ
මුස්ලිම්.
හැබැයි සිංහලේ
අපි අතර හරක් ලේ තියන උනුයි, මොංගලේ තියන උනුයිත් ඉන්නවා. අන්න ඒක තමයි මෙතන තියන
කොස්ස. දෙයක් අපි කිසි එකෙක්ට කිසිම සාධාරණාත්මක අයිතියක් නෑ කිසිම ජාතියකට ඇගිල්ල
දික් කරන්ඩ. මොකද කියනවා නම් හැම ජාතියකම ඉන්නවා ජාතිවාදී නරි පාවාදෙන්නෝ. මතක
නැත්නම් මතක් කරගනිල්ලා අපි අතරේ රටට කෙලවන්ඩ සිංහල කොටි හිටියා, ඒවගේම මේ රට
රකින්න කර්නල් ලෆිර් ලා වගේ උත්තම පුරුෂයොත් හිටියා.
මොනවා උනත් මේ
වෙනකොට ඇන්ටි මුස්ලිම් රැල්ලක් ඇතිවේගෙන යනවා වගේත් තේරෙනවා. ඒත් ඒ ඇන්ටි මුස්ලිම්
රැල්ලට වඩා වේගෙන් මුසල්මානුවොන්ගේ පැතිරීම ඉක්මන් වෙලා තියනවා. නිකමට හිතලා බලන්ඩ
කොළඹ ඉදන් ගාල්ලට යනකොට ගාලු පාරේ කලුතර, බේරුවල, මග්ගොන, අලුත්ගම, බලපිටිය වගේ
ටවුන් වල සිංහල කඩ වලට වඩා තියෙන්නේ මුස්ලිම් කඩ. හැබැයි එහෙම වෙන්නත් සිංහල ව්‍යාපාරිකයාත්
වග කියන්ඩ ඕනි. නිකමට හිතලා බලන්ඩ සිංහල කඩේකට ඇදුමක් ගන්ඩ ගියාමයි, මුස්ලිම්
කඩේකට ඇදුමක් ගන්ඩ ගියාමයි තියන වෙනස. අපේ මිනිස්සු කරන්නේ ඕන නම් බලලා ගනිං
නැත්නම් පලයං. ඒත මුස්ලිම් මුදලාලි කරන්නේ අපිට හරියන ඇදුම නැත්නම් වෙන එකක් හරි
ඇගේ ගහලා එවන ජාතියේ වැඩ. අන්න එතනයි අපේ කෙල උනේ.
ම්ම්.. මම තව
දෙයක් අහන්නම් නිකමට
අපි මාසෙට
කීසැරයක් පංසලට යනවද
මාසෙට
කීසැරයක් පල්ලියට යනවද
මාසෙක
කීසැරයක් කෝවිලට යනවාද...
හිතලා බලන්ඩ
අතේ ඇගිලි ගානටත් වඩා අඩුයි නේද, ඒත් මුස්ලිම් මිනිහා..?
වරද තියෙන්නේ
අපේ අතේ. කාටවත් ඇගිල්ල දික් කරලා වැඩක් නෑ.
දැන් ඉතිං
ගහපියව් ගල්. තෝ කතෝලිකයා. තෝ දන්න මොන ඇටිකෙහෙලක්ද කියලා.
මම දෙයක්
කියන්නම් මම ගැන. අපේ බහුතරයක් බුද්ධාගම් අයට වඩා කතෝලික වෙච්ච මම බුදුරාජණන්
වහන්සේගේ ධර්මයට අනුව ජිවත් වෙනවා. උන් වහන්සේ දේශනා කරලා තියන ආමිස පූජාවෙන් වගේම
ප්‍රථිපත්ති පූජාවෙනුත්.