Showing posts with label අකරතැබ්බ. Show all posts
Showing posts with label අකරතැබ්බ. Show all posts
January 13, 2016
August 14, 2015
මහ ගහෙංම කෙලවිය...!
ජීවිතේ යාලුවෙක් කියලා
ඉදපු එකෙක් නිසා ආයෙමත් මහ ගහෙංම කෙල උනා. ඒකාගේ නම රවීන්ද්‍ර. මිට අවුරුද්දකට
විතර කලිං මේකාගේ මගුලට සල්ලි ටිකක් ඕනි කියලා මගෙං ලක්ෂ දෙකක් ඉල්ලුවා. සුටුස්
ගාලා දෙනවා කියලා. එකටම ඉදපු බොක්කක් නිසා ළග තිබිච්චි සල්ලි ටිකකුයි, අඩු පාඩුවට අම්මි
අරං දුන්නු චේන් එක උකස් තියලා ගත්ත සල්ලියි සෙට් කරලා ලක්ෂ දෙකක් මම ඒකාට දුන්නා.
මම ඒ ලබ්බාට කිවා මගේ චේන් එකත් උකස් කරලා සල්ලි දුන්නේ උඹ ඒක බේරලාම දියන් කියලා.
කොහොම හරි මේ ලබ්බා
දෙනවා කියපු දවස වෙනකොට මට ලක්ෂ එකහමාරක් දුන්නා. මාස හතර පහකින් චේන් එකත් ගෙවලා
ඉවර කරන්නම් කීවා. මේ වෙනකොට එක මාලේට මාල දෙකක් බේරගන්න කල් නිසා මම රවියට කෝල්
කරලා බැලුවා. ඒකා ෆෝන් එක ආන්ස්වර් කරන්නෑ මාව මගඅරිනවා.
ඔන්න ඉතිං පුෂ්පෙ විකසිත
වෙන වෙලාව. ගත්තා ඊටීඅයි එකට කෝල් එකක්. ඇග සලිත වෙලා යන ස්වීට් වොයිස් එහෙකිං කතා
කලේ කෙල්ලක්. විස්තර කියලා ඇහුවා. අයිඩී එකත් අහගෙන ටික වෙලාවකින් කියපු දේ නං
සෝ.... ස්වීට්..!!
සර් ඉන්ට්‍රස්ට් එකත්
එක්ක රුපියල් 77,623.42 ක් ගෙවලා චේන් එක බේරා ගන්න පුළුවං....!!!
කාලා වරෙංකෝ... මේ වශ්‍යා
පුත්‍රයා එක වාරිකයයි ගෙවලා තියෙන්නේ...
ප.ලි.
ආහ්... හෙට උදේ වෙන්ඩ
ගෙදර එක්කෙනයි, වෙන්ඩ නැන්දම්මා ඇන්ඩ් මාමන්ඩියයි ලංකාවට සැපත් වෙනවා. කොල්ලා අද
හවස නිවාඩු යනවා දවස් 10ක්.
July 23, 2015
බතාගේ කොත්තුව
හරි.. දැං කියන්න යන
සීන් එක උනේ 2009 අවුරුද්දේ විතර. කතාවේ කතා නායකයා බතා (බේබදු ජෙමා පෝසට් එකේ බතා
ගැන කියවුනා වගේ මතකයි) ඔන්න අපේ ගමේ හිටිය ලොක්කෙක් නැති උනා. පොර කූරියා ගැහුවේ
බේබදු කම නිසා. බැළුවොත් ඇත්නම් කෂිප්පු සෙන්ට් එක ගහගෙන ඉන්නේ.
මොනවා උනත් ලොක්කා ගමේ
බැහැලා වැඩ කරපු කෙනෙක් නිසා ලොක්කාගේ මරණෙටත් සෑහෙන්න සෙනග හිටියා. ඉතිං අපි
කොල්ලෝ සෙට් එක තමයි රෑ කොඩි දාන්න සෙට් වෙලා හිටියේ. කොඩි දාන අතරතුරේ අපේ බතාට
එනවා කොත්තු බඩගින්නක්. ඕක කිවා විතරයි අපි හිටිය ඉතුරු සෙට් එකත් එකෙන්ම ඕකේ...
ඔන්න සෙට් එකම ගියා
නයිට් කඩේට. ගාලු පාර අයිනේම තියන එකක්. ඔන්න කට්ටියම කොත්තුත් කාලා ප්ලේන්ටියත්
ගහනවා.. මෙන්න යකෝ එක සැරේම බතා කෑ ගහනවා...
ඇකේයියා...!! (බතාගේ
කටේම තියන ඌටම ආවේනික වචනයක්)
මොනවද යකෝ මේ හොදි එකේ
තියෙන්නේ. මේ ජරාවද බං අපි කෑවේ..
අම්මා ගහයි...!
හොදි දාලා තිබිච්ච එකේ
කැරපොත්තෙක්. ඕක දැක්කා විතරයි සෙට් එකටම ඌරු ජුවල්. එකෙක් මුදලාලියාට කේස් එක
අදිනවා. තව එකෙක් 119 ගහන්න හදනවා. මුදලාලියා අපිව ෂේප් කරලා යවන්න හදනවා....
ඔය සේරම සීන් අතරේ බතා
විතරක් සද්දේ වහලා පැත්තකට වෙලා බලං ඉන්නවා.. ඕක චෙක් වෙලා රමිත් මලයාට. පොර මට
ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවා බතාව. ඔන්න මටත් වැඩේ නෝට්. මමයි රම්ත් මලයයි බතාව නෝට්
කරනවා මැන්ස්ට චෙක්. පොරත් ටික්ගාලා ඇහැක් ගැහුවා... ඔන්න එතකොට තමා තේරුනේ මෙතන
මොකක් හරි අටමගලයක් තියනවා කියලා...
කොහොම කොහොම හරි කාපු
කොත්තු වලට සල්ලිත් නොදි, මුදලාලියාගෙං ගානකුත් කඩාගෙන සෙට් එක එන්න ආවා. එන
අතරතුරේ එකෙක් කියනවා....
නෙද්දකිං යකෝ..
අප්පිරියාවක් නැතිව කොත්තුවක් වත් කන්න කඩයක් නෑනේ බං. අරුංගේ $@##%^$#@%
#$%ඔ#$ඔ #$උඔ#$%^@#$%
(අම්මමෝ නැතිව මුදලාලියාගේ හත්මුතු පරංපරාවම සිරිපාදේ
කරුණා කරවනවා අවාරේම)
ඕක අහං ඉදපු බතා...
(නෝන්ඩ් හිනාවකුත් දාලා)
ඇයි බං අද කෑව නයිට් කඩේ තියෙන්නේ... ඒකේ කොත්තුවට ගහන්න කොත්තුවක් නෑ...
ඔව් ඉතිං කැරපොතු පේස්ට්
එකත් එක්ක නිසා එළටම ඇති... (රමින් මලයාගෙන්)
පිස්සුද යකෝ..! ඒ
කැරපොත්තා බිම ගිය එකෙක්... මම ඌට ෂොට් එක දීලා හොදි එකට දැම්මේ...
කට්ටිට ෆුල්
අන්දොස්...!!
ඔහොම හිටපියව්
තක්කඩි...!!
අම්මා ගහයි බැට් එකෙං
කිවලු... අපි එච්චර වෙලා කදේ දාගෙන හිටියේ නයිට් කඩේ ලග තිබුණු බස් හෝල්ට් එකේනේ.
කඩේ ගෝලයෙක් අපේ කතාව සේරම අහං ඉදලා. දැං අපිට නෙලන්න පන්නනවා.
හෙහ් අල්ලයි අපේ
නැට්ට...!!
සියළු දෙවි දේවතාවුන්
සිහිකර රනවේ ගාමිණි තමයි...!
July 16, 2015
මහ රජ..! කෙලියා නේද තාප්පෙටම...?
මේ දවස් වල ජෙමාගේ ග්‍රහයා නං නීච වෙලා කිච වෙලා තියෙන්නේ.. වෙන්නේම මහම මහ අවටියල් වැඩමයි... ඊයේ රෑ ජෙමා කොල්ලා ටිකක් කලිං නින්දට ගියා. මොන කොහේ නිදා ගන්නද. කෝල් එකක්. අර අරයාගෙන්. කොහොම හරි ඒකිත් එක්කත් වල් පල් ටිකක් කියවලා ආයේ දොයියන්න හදනකො මගේ අනි තුමා කෝල් කරලා පෙරලුවා සුට්ටි කැටයක්.
කොහොම හරි ඒකතත් සෙට්ල් කලා කියමුකෝ. ආයේ කොල්ලා ඇදට එනකොට පෝං එකට ඇවිත් එස්එම්එස් එකක් සෙව්වන්දිගෙන්. කොහොම හරි ඒකටත් රිප්ලයි එකක් දාලා කොල්ලා නිදි..
ඔන්න ඉතිං පුරුදු විදියට ඔෆිස් එකට ගිහිං ටික වෙලාවක් යනකොට සීඕ කතා කරනවා ‘ජෙමා පොඩ්ඩකට ඇවිත් පලයං කොල්ලා‘ කියලා. රූම් එකට යනකොට තව සීනියර් ඔෆිස්ර්ස් ලා දෙන්නෙකුත් ඉන්නවා. මාව දැක්කා විතරයි ඒ එක්කෙනෙක්...
ආහ් මලයා... ආසයි බයයි නේ..
අනික් ඔෆිසර් කියනවා.. සර් මලයාගේ රූම් එක වෙරළු මල් සුවදයි කියලා ජයසුමනයා (බඩියෙක්) කිවේ.
රෝස කම්මුල් ඉඹින්න මමත් ආසයි බං.. ඒත් උඹ වගේ මම නං බය නෑ.. ගිණි පෙනෙල්ලෙං බැට කෑව එකාට කලාමැදිරිය එළියත් කජ්ජක්ද බං මලයා...
ඈහ්.... මේ මොනවද වෙන්නේ.. ෆුල් අන්දොස් ඈ. අනං මනං අම්බානෙක.
ඔය අතරේ සීඕ අහනවා. ජෙමා කවුද බං සෙව්වන්දි ?
අම්..!මෝ...!! ඔය කෙලලා තියෙන්නේ තාප්පෙටම. නිකං ලාවට වගේ දැනෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
හරිම සෝක් එකට මහ වැඩේම වෙලා තියෙන්නේ... සෙව්වන්දිට කියලා හිතාගෙන ලොක්කට එස්එම්එස් එක යවලා කියහංකෝ..(එස්එම්එස් එක මොකක්ද කියලා නං අහන්න එපෝ.)
කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
-------------------------------------------------------------------------------
මේක මගේ සහෝදර නිලධාරියෙක්ට වෙච්චි අකරතැබ්බයක්...!
ඒකා දවසක් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට යවන එස්එම්එස් එකක් යැවිලා තියෙන්නේ පොරගේ අම්මාගේ ෆෝන් එකට.
අනේ රත්තරනේ..
ඔයාගේ උණූහුම මතක්වෙනකොට මට එන්න හිතෙනවා පියාඹලා..
හැරෙන තැපෑලෙන් පොරට එනවාලූ එස්එම්එස් එකක්.
පොඩ් එකෝ.. පියාබලා හොයං යන්න කලිං කාර් එකේ ඇරියස් වෙච්ච ෆිනෑන්ස් එක ගෙවලා හිටහං කියලා..

Subscribe to:
Posts (Atom)