Showing posts with label අම්මියි බට්ටිච්චියි. Show all posts
Showing posts with label අම්මියි බට්ටිච්චියි. Show all posts

September 30, 2015

අද පාර්ටි....!!! ඩබල් හැපී



 
අද දවස මගේ ජීවිතේ ගොඩක්ම වැදගත් දවසක්. ඒකට එක වගේම හේතු දෙකක් තියනවා.

මුල්ම හේතුව
අවුරුදු 28 ක් තිස්සේ මාව අතක් පයක් නොකඩා රැකබලා ගත්ත
ලෙඩක් දුකක් උන වෙලවාවල් වලදි නිදි නොලබා මාව සනීප කර ගත්ත,
මාව වැටෙන්න යන හැම වෙලාවකම මාව නොවැටී ඉන්න ශක්තියක් වෙච්ච
මගේ හෙවනැල්ල වගේ නෙවෙයි මගේ ජීවිතේ හුස්ම පොද වෙච්ච
මාගේ ආදරණිය අම්මිගේ 58 වෙනි උපන්දිනය...


දෙවැනි හේතුව
ගොඩක් කාලයක් තිස්සේ මාගේ හොදම යෙහෙලියක් උන
මගේ ඇස් වලින් කදුලක් වැටෙන්න නොදි හිනා ගස්සපු
මේ වෙනකොට මගේ ආදරණිය පෙම්වතිය
නුදුරු අනාගතේ මාගේම ආදරණිය බිරිද
බට්ටිච්චිගේ 28 වෙනි උපන් දිනය...

සිරාවටම අහම්බයක්. ඒ වගේම පුදුමයක්. මගේ ජිවිතේ එළිය කල මගේ ආදරණිය අම්මිගෙයි, මගෙයි අම්මිගෙයි පැලට පහනක් වෙන්න මග බලන් ඉන්න ඒ කෙල්ලගෙයි උපන්දින දෙකම අද.

මම ඔයාලා දෙන්නටම සුභම සුභ උපන්දිනේකට ආසිරි පතනවා. ඔයාලා දෙන්නම කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්ඩ ඕනි.
මගේ රත්තරන් අම්මිටයි, මගේ ආදරණිය බට්ටිච්චිටයි ජේසු ස්වාමි දරුවන්ගේ පිහිට ලැබේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා..!