January 14, 2016

PA Chaya හෙවත් පචයා



ඔන්න හා හා පුරා කියලා අද ලියන්ඩ හදන්නේ අපේ සෙට් එකේ ඉන්න සුපිරි බුවෙක් ගැන. සුපිරි කියන්නේ මේකා ගහේ බඩ්ඩක්. ඇත්ත නම කියන්ඩ නම් බෑ. මොකද ඒකා මේ පෝස්ට් එක දැක්කොත් මට බඩු බනිස්. දෙකක් නෑ. කෙසෙල් නැතිව බඩු බනිස්.

මේකාගේ වාස භවන පිහිටලා තියෙන්නේ අම්පාරේ. අම්පාරේ කිවට අම්පාරෙනුත් එහා පට්ට ඩොටේ.

මේකාගේ අම්මා මේකාට රංකිරි කටගාලා තියෙන්නේත් මුලටම බත් කවලා තියෙන්නේත් පට්ටම පට්ට නැකතක. කාක නැකතේ වෙන්ඩ ඕනි මම හිතන්නේ. කියවන්ඩ ගත්තොත් නම් මයික් එක වෙන එකෙක් අරගෙන බොරු. නියම කයිතං. ඒවගේම තමයි කට ඇරියොත් ගල් පැලෙන පචයක්ම තමයි අතාරින්නේ. ඒ වගේම නොදන්න දේකුත් නෑ. දන්න දේකුත් නෑ..

මිනිහ ඇවිල්ලා පට්ට ක්වික් පොරක්. ඔන්න මම උදේ අවදි වෙනවා. වොෂ් රූම් එකට යනවා. එතකොටත් පචයා නිදි. වැඩේ කියන්නේ මම වොෂ් දාන් රූම් එකට එනකොට ඒකා වොෂ් දාන් යුනිෆෝම් ඇදන් ඔෆිස් එකටත් ගිහින්. ඒකාට උදේට නැගිටලා දත් මැදලා නාගෙන යුනිෆෝම් ඇදගෙන රෙඩි වෙන්ඩ උපරිම විනාඩි 5යි යන්නේ.

දැන් කියන්නම් ඒකාට පචයා කියන නම රෙජිස්ටර් වෙන්ඩ හේතුව. මේකා මොකක් හරි ට්‍රේනිං එකකට කටාර් වල ඇමරිකන් බේස් එකට ගිහින් තියනවා සති දෙකකට. ඉතිං මේකා කියනවා සුපිරි කතාවක්.

“මචං ඇමරිකන් බේස් එකේ පට්ට වැඩ්ඩෝ බං ඉන්නේ, උං මචං හෙන බිත්තියක් කපරාදුවක් ගැහුව පැය 12න්. සිමෙන්ති කොට්ට 25. බාස් කෙනයි, ගෝලයෝ දෙන්නයි“

අනේ ඉතිං ඕක කියලා ඉවර වෙනකං විතරයි ඒකාට ඉන්ඩ පුළුවන් උනේ. ඊට පස්සේ ඉතිං ඒකා රස පදමට හැදුනු සුපිරි බයිට් එකක්.

ඒ වගේම ඒකා ඇවිල්ලා සුපිරි බඩු කාරයෙක්. (ඒකා කියන විදියට, අපි දන්න තරමින් කෙල්ලෙක්ගේ තියා මැරිච්ච ගැණියෙක්ගේ වත් අතකින් අල්ලා නෑ) ඔන්න දවසක් ඒකා නිවාඩු ගිය දවසක ගිහිල්ලා උන්ගේ පැත්තේ තියන ඩෑම් එකක් ලග නාන්ඩ. ඒ වෙලාවේ එතනට කෙල්ලෝ සෙට් එකකුත් ඇවිල්ලා හිටියලු. කොහොම හරි ඔතන ඉදපු කෙල්ලක් මූට සෙට් වෙලා මූ ඩෑම් එක ලග තිබුණු ලන්දකට කවර් වෙලා අහවල් වැඩෙත් කලාලු. මේකා කියන්නෙත් හොදට ලුණු ඇඹුල් එහෙම දාලා රස කර කර. අපිත් ඉතිං ගොනා සහ තනකොල සේ අහන් හිටියා. ඔය අතරේ හිටියා ඒ පැත්තේම තව ඔෆිසර් කෙනෙක්. ඒකා ටිකක් කල්පනා කර කර ඉදලා කියනවා “සර්, සර් ඔය කියන හරියේ අහවල් වැඩේ කරන්ඩ තියා කවර් වෙලා පම්ප් එකක් වත් කරන්ඩ ප්ලේස් එකක් නෑනේ..“

අනේ ඉතිං නැවතත් කටගැස්ම...!

ඔන්න තවත් දවසක්, මෙස් එකේ පොඩ් බර්ත්ඩේ පාර්ටි එකක්. මේකා කියනවා “මචං අපි ගසමු කරටි කැඩෙන්න, මට නං කිසි ගේමක් නැතිව වොඩ්කා තුන්කාලකට එහා වගකියනවා මචං.“ අපිත් හරි බලමුකෝ කියලා වැඩේ පටාන් ගත්තා. මේකා වොඩ්කා දැම්මා ග්ලාස් එකට. සැන්ඩි දැම්මා කට කපලා, චියර් කලා. ගුඩු ගුඩු ගාලා ඇදලා දැම්මා. ග්ලාස් දෙකයි

එක්කියුස්මි සර්... ඕක් ඕක් ගානවා කියන්නේ පදුරක් එහා පැත්තේ...

අනේ ඉතිං පහුවෙනිදා පචයා පව්....

ම්ම්ම්... මම හිතන්නේ දැනට පචයා චරිතාපදානය නැවැත්තුවා නම් හොදයි.
ඉදිරියේදිත් පචයානුස්මරණ චරිතාපදානයක් ලියවෙයි සමහරවිට.

ගෙහුං එංඤඤං....

15 comments:

  1. ඔහොම ඈයෝ හැමතැනම ඉන්නවා, ජයවේවා..

    ReplyDelete
  2. විවිධ මිනිසුන්ගේ විවිධ 'දක්ෂතා'

    ReplyDelete
  3. පචයට අහුවුනානම් ජෙමානුස්මරණ චරිතාපදානයක් ලියයි.

    ReplyDelete
  4. පචයා වගේ පොරවල් හැම තැනම ඉන්නවා.... ඒ අය ගැලපෙන්නේ දේශපාලනේට
    රැජින අත්මේස් ගලවලා අතට අත දුන්නා වගේ කතා කියන්න

    ReplyDelete
  5. පාරලිමන්ට් යවන්න ඕන පොරක් නෙ.

    ReplyDelete
  6. best free classified ad service in Sri Lanka >>> http://www.esana.lk

    ReplyDelete
  7. අපෙත් ඉන්නව ගමේ සුප්‍රසිද්ද නමක් දිනපු පචයෙක්.. ඌ කියපු භයානකම පචය නිසා ජීවිතයක් බේරගන්න තිබ්බ අවස්තාව නැති උනා.. මේ කියන පචය ඉගෙනගත්තු ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහිපු සෙට් එකක් කළා වැව ළඟ කන්න නැවැත්තුව.. වැවෙන් නාල එන්න බලද්දී එකෙක් අඩුයි.. සොයල බලද්දී අපේ ලොකුම පචයා කියල තිබ්බේ මේ දැන් ඌ මා එක්ක බත් කෑවා කියලයි.. ඒත් ඒ වෙද්දීත් අපේ මිත්‍රයා වැවේ ගිලිලා .. මුගේ බොරුව නිසා කව්රුවත් වැවේ හෙව්වේ නැහැ. අන්තිමේ මරණ පරීක්ෂනයෙදී කියවුනා අපේ මිත්‍රයා මැරිලා තියෙන්නේ කන්න කලින් කියල.. ඔන්න ඔහොමයි මා එක්ක එකට දහම්පාසල් ගිය මිත්‍රයාගේ ජීවිතේ නැති උනේ.. අරූ අර තඩි බොරුව කිව්වේ නැත්තම් ජීවිතේ බේරගන්නත් තිබ්බ වෙන්න පුළුවනි.. පචයන් ඇසුර බොහොම භයානකයි..

    ReplyDelete
    Replies
    1. අම්මා ගහයි.. ඔබතුමා අම්බලන්ගොඩ කොයි හරියෙද? ජෙමාගෙත් තියනවා අම්බලන්ගොඩ මුල්. එතකොට ඔය කියන සිද්ධිය කොයි කලේ උන එකක්ද? මහ පන්සලේ දහම් පාසලේද

      Delete
    2. මම පොල්වත්තේ ජෙමා..දැන් ඉන්නේනන් ලංකාවෙන් පිට. මේ සිද්දිය උනේ 1993 කාලේ වගේ. අපේ දහම්පාසල කලුවඩුමුල්ලේ විජයාරාමයේ තිබුන දහම්පාසල. ජෙමාගේ කව්ද අම්බලන්ගොඩ ඉන්නේ.

      Delete
    3. අම්මා ගහයි කිව්වලු. 1993 කාලේ නම් මම ඉස්කෝලේ වත් යන්නෑ, මම ඉස්කෝලේ යන්න ගත්තෙත් 1994. හීකිස්. පොල්වත්ත මම දන්නවා හොදටම. කොහොමද දන්නවද? මම පොඩි එකා කාලේ හිටියේ ඒ කිට්ටුවම තමයි. මම කරුනා ටීචර්ගේ ශිෂ්‍යත්ව පංතිත් ගිහින් තියනවා. දැනට අපේ නැන්දා කෙනෙක් ඉන්නවා හීනටිය කියන හරියේ.

      Delete