වෙනදට වඩා ලොකුවට පේනවා කියලා කිව්වනේ. ඉතිං ලොකුවට දිස්නේ වැඩියෙන් පේනවා නම් ඉතිං තව මොනවද ඉතිං. දිස්නේ වැඩියෙන් පේන එව්වා නිකංම බලන්නත් බෑනේ.
රවීගේ වඳ පුංචම්මාටත් පුණ්‍යානුමෝදනා කරන ගමං ජෙමයි, බබයි, රමිල අයියයි (අලූත් යාලූවෝ ඩබලක් - ළගදි පැකින් කැඩුවේ) හවස 5ට 5.30ට විතර සෙට් උනා ලොකුවට පේන එක බලන්න. රමිල අයියලයි ගෙදර තමයි සෙට් උනේ. පට්ට මිෂන් එකක්. අපි තුන්දෙනාට එරෙහිව බාඩිනෙට් කියලා චෞරයෙක් (හම්මෝ නයි විස හොද ඇති මම හිතන්නේ මීට වඩා)
සතෙන් සතේ රුපියලෙන් රුපියල බාඩිනෙට් අපි තුන්දෙනාව ආක‍්‍රමණය කරලා. අපි දන්නේම නෑ. සනීපයිනේ. ලොකුවට දිස්නේ වැඩි එක බලනවා තියා, තනි කකුලෙන් නෙවෙයි කකුල් දෙකෙන් හිටං ඉන්නත් අමාරුයි වගේ ජැක් එකක් නැතිව.
නැගිටින්නැද්ද උඹ අද. දැන් අලූත් සෙල්ලමක් පටං අරං. ලෑස්තිවෙලා යනවා කෑම්ප් එකට.
හුටා.. යකෝ අම්මා..
මං කොහොමද කාමරේට ආවේ...(උත්තර නැති ප‍්‍රශ්ණ)
බඩුම තමා...
අම්මගෙන් ටොන් ගානට කුණු බැනුම්. ඔලූව නිකං පොලවේ ගහලා වගේ. කොහොම කොහොම හරි ලෑස්ති වෙලා 4.45 විතර වෙනකොට මාතර බස් ස්ටේෂන් එකට දම්මා ගත්තා ලොකු තාත්තට කියලා. අපරාදේ කියන්න බෑ ලොකු තාත්තා නම් වචනයක් වත් කීවේ නෑ. කාර් එක ඩ‍්‍රය්ව් කරන ගමන් සිගරට් එකක් බොනවද කියලා විතරයි ඇහුවේ.
බැලින්නම් ලොකු තාත්තගේ යාලූවෙක්ගේ ඉන්ටර්සිටියක්. ලොකු තාත්තා මාව බස්සෙකට දාලා මට නින්ද ගියොත් මාව බස්සන්න ඕනි තැනත් කන්ඩක්ටර්ට (අපරාදේ කියන්න බෑ කොන්දා කොලූවත් හරි හොද එකා. ෂල්ලිත් එපා කීවේ) කියලා බස් එක පිටත් වෙනකම්ම ඉදලා තමයි ගියේ.
හරි දැං පටන් ගන්නම් කතාව.
බස් එකේ සීට් එකේ වාඩි උනයි කියමුකෝ. මගේ සිට් එකේ අනික් පැත්තේ වාඩි උනේ වැඩට යන කෙලි පොඞ්ඩක්. හරිම ස්වීට් කෙලි පොඞ්ඩ. ස්විට් හරි හොට් හරි මොන මගුල උනත් වැඩක් උනේ නෑ සුට්ට වෙලාවක් යනකොට ජෙමා දොයි.
එක සැරේම භූමිකම්පාවක් ආවා වගේ මොකෙක් හරි එකෙක් මාව හොල්ලනවා වගේ දැනුනා. බලනකොට කොන්දා කොලූ
සර් මේ මිස්ගේ ඇගට හේත්තු වෙන්නැතුව නිදියනවද...
අප්පටසිරි දැන්නේ වැඬේ මීටර් උනේ.. ඇය මට සිරියහනාවක් වෙලානේ.
මොනවා කරන්නද සුදු... තාම බඩු වැඩ. තොලී...යීයීයී...
මමත් ඉතිං ලාවට පිං හාමි හිනාවක් දාලා ‘අනේ සොරි මිස් හිරිහැරයක් උනා නම්’ කියලා ඉවර කරන්න හම්බුනා විතරයි මගෙ හිතේ.. පිටිපස්සේ සිට් එකේ හිටපු උන්නැහේ කෙනෙක්...
බේබදු කමට කටගොන්නක් බීගෙද කොහේද. ලමයෙක්ට බස් එකක යන්න නෑ... බ්ලා බ්ලා බ්ලා....
'අනේ ඩැඩා.... දැන් ඕක නවත්තන්න' කියලා පිටිපස්ස හැරිලා කියනකොට තමයි දන්නේ ඒ ස්වීටිගේ ඩැඩා... කියලා. අනේ ඉතිං ඩැඩාගේ පුණ්‍යානුමෝදනාවේ බලයෙනුයි, අර ස්වීටිගේ ගැස්සිලි පිප්පිලි වල ආනිසංසෙනුයි ජෙමා ආයෙත් ෂටර් එකට ඔලූව තියාගෙන දොයිය ගත්තා.
ඇගට මොකක්දෝ බරක් බරක් වගේ දෙයක් දැනිලා ෂේප් එකේ එක ඇහැක් ඇරලා බලනකොට,
අනාාා.... පව්ඌෟෟ... අර ස්වීටි සෝයි එකට මගේ උරහිස ඇද කරගෙන දොයි. බහින්නත් තව දුර තියන එකේ ඔන්න ඔහේ හිටපුවාවේ කියලා හිටියා.
කුප්ප කමට නෙවෙයි බොලව්. ස්වීටි ගෙදර ඇදේ දොයියනවටත් වඩා හොදට දොයියගෙන හිටියේ. ඉතිං අවධි කරන එක පව්ඌෟෟ.... නෙ.
සතෙන් සතේ රුපියලෙන් රුපියල බහින තැනත් ලං උනා කියමුකෝ. ඒ කියන්නේ ස්වීටිට දුන්න ට‍්‍රාන්ස්පෝට් සර්විස් එක අවසන් කරන්න වෙලාව ඇවිල්ලා. දැන් ඉතිං ගාස්තුව අය කරගන්නත් ඕනිනේ. කලූතර හරියේ ඉදං වැල්ලවත්ත කිට්ටුවටම එක්කන් ආවනේ. හිත හදාගෙන ස්වීටිගෙන් ගාස්තු ඉල්ලන්න බෑනේ... ඩඩාගෙන් තමයි ගාස්තු අයකරන්න වෙන්නෙ.
කම්මුලට චූටි තට්ටුකුත් දාලා ස්වීටිව අවදි කරලා (ඒ වෙලාවේ ස්වීටිගේ මූණ දැක්කාම ආයේමත් මට ආනාාා.... පඋඋඋඋ.... කියලා හිතුන.) බෑග් එකත් අරං නැගිටින ගමං...
එක්ස්යූස්මී ඩඩා... ස්වීටිගේ හයර් එක 500යි... 😋
ඒ වෙලාවෙ නම් ඩඩා මං දිහා බැලූවේ තම්බි හරක් දිහා බලනවා වගේ...
එහෙනම් මම මාරු
අහ්... තව ටිකෙන් අමතක වෙනවා. අද අපේ ඇජා ගේ උපන් දිනේ. ඒකාටත් මගේ සුභ පැතුමි.
හුටස්...
ඒ කියන්නේ අදත් බීමක්...