Showing posts with label කොමිටල්. Show all posts
Showing posts with label කොමිටල්. Show all posts

November 14, 2016

මුලටම උරලා බලපු දවස.


ජෙමාටත් උරලා බලන්න  ඕනි කියන ආසාවක් ආවේ ඉංග‍්‍රීසි ෆිල්ම් එකක කොල්ලෙකුයි කෙල්ලෙකුයි උරනවා දැකලා. එදා නිකං මැජික් වගේ. කොච්චර හිත හදාගෙන ඉන්න හැදුවත් ඒ උරපු ඉරිල්ල අමතක කරන්නම බැරි උනා.

බැරිම තැනදී තමයි ජෙමාගේ අඹයෙක් වෙච්ච ප‍්‍රභාතයාට මේ සීන් එක කිවේ. නොකිවට පොරත් ඉදලා තියෙන්නේ උරලා බලන්න ඇතිවෙච්චි ආසාව මැඩගෙන.

දෙන්නා කතා වෙලා වැඬේ කොහොම හරි කරනවාම කියලා සෙට් උනා. දැන් තියන ලොකුම පුරස්නේ කොහොමද බඩුව සප්ලයි කරගන්නේ.

August 10, 2015

හිතලා ගහන්ඩ..!



කලටිපොල් කියන්නේ ජෙමාට දිරවන්නේ නැති ටොපික් එකක් උනාට පොඩි දෙයක් ලියන්න හිතුනා සමාජ අඩවි වල, තාප්ප, පත්තර වල තියන දේශපාලන ඇඩ් දැක්කාම.

මේ වෙනකොට තැපැල් ඡන්දේ ඉවරයි මම හිතන්නේ. ජෙමා නං කාලෙකට පස්සේ වලංගු ඡන්දයක් (ජීවිතේ දෙවැනි වතාවට) දැම්මා. දැම්මේ ජෙප්පන්ට. ජෙමා මුල්ම ඡන්දේ දැම්මෙත් ජෙප්පන්ට. පොඩි හරි වෙනසක් වෙයි කියලා හිතලා දැම්මේ. මගේ අදහස නං...

කවමදාකවත් පරම්පරාවේ සේරම අලි උන පලියට වත්, අත්තා මුත්තා ඉදං සන්දාන කාරයෝ, නිදහස් පාක්ෂිකයෝ උන පලියටවත්, අලියට, බුලත් කොලේට, සීනුවට ඡන්දේ දාන්න හොදනෑ. තමන් කොටුවෙලා ඉන්න රාමුවෙන් පිටතට ඇවිල්ලා හොදට ඇස් ඇරලා බලලා ගහන කෙනෙක්ට කතිරේ ගහන්නයි තියෙන්නේ.

අනිත් දේ තමයි එක එකාව දිනවන්න කඩේ යන එක. මහ පජාතිම වැඩක්. අරක්කු බෝතලේටයි, කෑම පැකට් එකටයි එක එකාට පශ්චාත් භාගය දෙනවා. අද අලියට, හෙට බුලත් කොලේට. ඒත් ඡන්දේ දවසට ගිහින් කතිරෙ ගහන්නේ සීනුවට. අවුලක් නෑ. තමන්ගේ කැමැත්ත.

අනික් හොදම දේ තමයි, අරූ මෙච්චර කාලා තියනවා, මේකා මෙච්චර කාලා තියනවා, අරූ මිනි මරුවා අනං මනං වේදිකා වල කිය කියා ගන්න ආතල් එක. හිතලා බැලුවාම මට නං හිතෙන විදියට ඔය ලොකු ලොකු පුටු වලට මොකා ආවත් ජරාව කන එක කනවාම තමයි. තමංගේ හෙංචයියන්ට අදිනවා. ඒක නවත්තන්න සක්කරයාට වත් බෑ. 

ඒ අතින් බැලුවාම හොදම දේ කියලා මට හිතෙන්නේ කිසිම එකෙක්ට පශ්චාත් භාගය නොදී තමන්ට හරි කියලා හිතෙන පක්ෂෙකට කතිරේ ගහලා එන එක. නැත්නං ඉතිය නක දි පුසි කියන්න තමයි වෙන්නේ.

August 3, 2015

යකෝ මේ මම..!





ලොකු අයියගේ මරණෙ විකුණං කාලා ඉවර වෙලා ඔන්න අද ආයෙත් මොනවා හරි ලියන්න හිතුනා. :D (කෙනෙක් කියලා තිබුණා මතකයි...)

මම.
21014496 ක් වෙච්ච ශ්‍රී ලාංකියජනගහන සර්වත්‍ර කුලකයේ
10368207 ක් වෙච්ච පුරුෂ කුලකයේ එක් අවයවයකි

මා හට
ජිවිතයේ ලොකු බලාපොරොත්තු නොමැත
බලාපොරොත්තු නැත්තේද නැත..

මට අවැසි දේ කෙලෙස හෝ සිදු කිරිම
සරලව කියනවා නම් කෙක්කෙන් හෝ කොක්කකෙන් සිදුකිරීම
මාගේ ඇකි ධාරානිපාත වරදකි
බරපතලම වරදක් බැව් මා දන්නා නමුත්
එය
නිවැරදි කර ගැනීමට මා වෙහෙස නොවෙනුයේ මා,
මම ම වන නිසා වෙන්නට ඇත.

මා..
හොද ප්‍රත්‍රයෙක්, සහෝදරයෙක් වෙමි
විටක මිතුරෙකි...
සතුරෙක්, චෞරයෙක්ද වෙමි...
හොද පෙම්වතකුද වේ..
අවැසී වූ විටක
බේබද්දෙක්, සල්ලාලයෙක්ද විය හැක.

තවද,
යමෙකුට මා කරනා දෙය වරදක් ලෙස දකින්නට පුළුවන
එහෙත් මාහට නිවැරදි නම් මා කරනා දෙය කරන්නට දෙවරක් සිතන්නේ නැත
උපදෙස් දී මා නිවැරදි කල නොහැක...

රිදෙන්නට යමක් සිදුවූ වට වරදක් සිදුව ඇති බැව් ප්‍රත්‍යක්ෂ කරගන්නා අතර,
එවිට යම් වෙනසක් සිදු කරමි.
ඒ මමය.

මා හට...
මම මා ම විමට නිරතුරුවම අවැසි වන අතරම
මට ඔබ වීමට අවශ්‍ය නැත....

June 30, 2015

‘පු‘යන්නයි ‘ක‘යන්නෙනුයි මාත් ඉල්ලනවා...





අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ ආයුබෝවන්..!
என் கண்ணே அம்மா, அப்பா, சகோதரி மற்றும் சகோதரர் வரவேற்கிறது..!
నా ప్రియమైన తల్లి, తండ్రి, సోదరి మరియు సోదరుడు స్వాగతం..!
मेरे प्रिय माँ, पिता, बहन और भाई का स्वागत करते है...! ( කොහොමද ආරම්භේ.. පිස්සු කොර නේ...)


     මම...(එකසියගානට හූ හඩ මැද්දේ..) , ඔව් ඔබ තුමන්ලාට මම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඔව් මම තමයි හතරවරං මුදියන්සේලාගේ ජෙමා. (ආයෙමත් පට්ට හූවක්..!)

ඔව් අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ සහෝදරයා සහෝදරිය මමත් මෙදා පොටේ ඔබතුමන්ලාගේ දැඩි ඉල්ලීම මත, ඔබතුමන්ලා වෙනුවෙන් ජනතා අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. (නොනවතින හූ හඩ මැද). ඔව් ඔබතුමන්ලා දැනටමත් දන්න විදියට ඇතුවත් බැරි නැතුවත් බැරි පුක සලකුනෙන් තමයි මම ඔබතුමන්ලා ඉදිරියට එන්නේ... දන්නවානේ මම ඉතිං ඔය බයියලා ටොයියලා වගේ නෙමෙයි.! කෙලිං බුවා.! ඔව් පට්ටම කෙලිං බුවා..!! කියනදේ කරන්නෑ...!!, කරන්න ඕනි දේ කොහොමත් කරන්නෑ....!!!

    මම ඔය සමහරු වගේ පාරට තාර දානවා... ගමටම ලයිට් දෙනවා... අර මල්ලිට ජොබක් සෙට් කරලා දෙනවා... කියලා කියන්නෑ. මොකද එව්වා කරන්න පුලුවං දේවල් නෙවෙයි කියලා මම වගේම ඔබතුමන්ලත් දන්න නිසා. එයිට වඩා කොච්චර වැදගත්ද සහෝදර සහෝදරවරුණි මමයි මගේ පවුලේ උනුයි මගේ නෑදැ හිතමිත්තරයොනුයි ගොඩදාන එක... (පට්ට හූවක් එක්ක, සෙරෙප්පු, බෝතල් ප්‍රහාර..)

     එතකොට සහෝදර සහෝදරවරුනි, ඇයි අපි ආහාරමිල අඩු කරන්න ඕනි..! ඇයි අපි ගෑස් පෙට්‍රල්, ඩීසල් මිල අඩු කරන්න ඕනි..!!! මම දන්නෑ මොන කෙංගෙඩියකට ඔව්වා අඩු කොරන්න යනවද කියලා සහෝදර සහෝදරවරුනි...!!! එව්වා තියෙන තූත්තුකුඩියක තිබිච්චදෙං... මට එව්වා වැඩක් නෑ... මට ගොඩයන්න තියනවා නං එච්චරයි...!! (පට්ට විදියට ගල්මුල් සෙරෙප්පු බෝතල් ප්‍රහාර මැද, හුවකුත් එක්කම)

    එහෙනං සහෝදර සහෝදරවරුණි... මම වැඩිවෙලා කියවන්න යන්නෑ... එහෙනං ඔබතුමංලා සේරගේම හිතසුව පිණිස ජෙමාව පුකෙන් දිනවන්න කියලා ඉල්ලා හිටිනවා...

ආයිබෝවං...!
வரவேற்கிறோம்...!
ようこそ...!
स्वागत...!

මට ජයවේවා...! 
சியர்ஸ் என்னை....!
चीयर्स मुझे...!
乾杯私...!