July 11, 2015

අහපු දේකට උත්තරයක් ඇන්ඩ් ආමි කතාවක්

මගෙත් එක්ක වැඩකරන කෙනෙක් මගෙං මේ බ්ලොගේ ලියනවා දැකලා අහනවා...

“ඇයි මචං උඹ වෙන නමකිං උඹ ඔය බ්ලොග් එක ලියන්නේ...උඹ කුණුහරුප ලියන්නැත්නම් ඇයි රියල් නේම් එකෙං එන්න බැරි...?“

ඒ වෙලාවේ මං දිපු උත්තරේ තමයි...!!!
රියල් නේම් එකෙං ලියන්න බැරි නිසා මල්ලි...!!!

ඒත්... ඇයි මම රියල් නේම් එකෙන් නොලියන්නේ... අර මම කලිං ලියපු වගේ බ්ලොගයක් ලියන්න තිබුණනේ... ඒක මම මගෙන්ම අහපු ප්‍රශ්ණයක්..

දැං ජෙමාට ජෙමාගේ හිතට එන හැම දෙයක්ම කියන්න කරන්න පුළුවංද, උත්තරේ බෑ. මොකද වගකීම් ගොඩක්, පොඩි හෝ යම් තත්වයක්, රාජකාරී පසුබිම.. ඔය වගේ දේවල් නිසා හුගක් වෙලාවට කටට ප්ලාස්ටර් දාං ඉන්න වෙනවානේ... ඉතිං මගෙං මටම උත්තරේ
--------------------------------------------------------------------------------

පොඩි සිද්ධියක් මතක් උනා...

දවසක් සිකුරාදා දවසක මගේ කොල්ලෝ ටික පාස් දාලා තිබුණා සයින් කරන්න.. ඒත් නිවාඩු ගිහින් ඇවිත් දවස් දෙකතුනක් වෙන එකෙකුත් පාස් එකක් දාලා... ඉතිං මං ඒ පාස් එක සයින් කරේ නෑ..

මෙන්න ටික වෙලාවකින් ඒ කොල්ලා එනවා මගේ රූම් එකට දුක්ගැනවිල්ලක් කියාගෙන පාස් එක අත්සන් කරවා ගන්න...

මේකා ගැහුවෙත් හැමෝම වගේ ගහන පදයක්
“සර් අම්මට සනීප නෑ. මම පොඩ්ඩකට ගිහින් එන්නම්“

මට තේරුණා මේකා මේ කෙලින්නේ බොරුවක්, ඒත් උගේ ඇස්වල තිබුණා අඩපු බවක්, ලොකු දුකක්. ඉතිං මම කොල්ලට පාස් එකත් අත්සන් කරලා දිලා ආයෙමත් ආව ගමන්ම මට රිපෝට් කරන්න කියලා උපදෙස් දීලා මම ඒකව යැව්වා...

කොල්ලා පාස් එක ඉවරවෙලා ඇවිත් මට රිපෝට් කලා... මම කිවා “කොල්ලා මම දන්නවා උඹ ගියේ අම්මා අසනීප වෙලා නෙමෙයි, වෙන මොකක් හරි මගුලක් නිසා.. මොකක්ද කේස් එක, කියනවාකො බලන්න...

ඊට පස්සේ මේකා කියනවා...
සර්..
නිවාඩු ඉවර වෙලා එනකොට මගේ කෙල්ල මගෙත් එක්ක පොඩි ප්‍රශ්නෙකට තරා උනා. මම ඇත්තටම ඒකිට ආදරෙයි සර්.. මට එයාව මුණ ගැහිලා තේරුම් කරලා දිලා එන්නයි ඕන උනේ සර්...

දැන් අවුල හරිද...?

හරි සර්..!

ඊට පස්සේ මම කොල්ලට කීවේ...

යකෝ උඹට පාස් එකක් යන්න ඕනි නම් ඇත්ත විස්තරේ කියලා යනවලා... මට පච කෙලලා යන්නැතුව...

මට කවදාවත් අපේ කොල්ලෙක්ගේ ඔයවගේ දේකට මොකවත් කියන්න හිතෙන්නෑ.. 
පව් ඒකත් කොල්ලෙක්...

12 comments:

  1. ඇත්ත කියල හැමදාම දිනන්න බෑ ජෙමෝ. බොලාව රවට්ටන්න ඉතිං අපි වගේ කොල්ලෝ එන්න ඕන.. හැක්

    ReplyDelete
    Replies
    1. හිකිස්..
      ඒ උනාට ඇත්ත කවදා හරි දිනනවා මචා...

      Delete
  2. Replies
    1. ඒකත් කොල්ලෙක්නේ බං... ඒකා පචේ කෙලපු එක තමයි වරද...

      Delete
  3. අම්මට සිරි ලොක්කා ඔයත් ආමි කාරයෙක්ද සමාවන්න ජාතික රණවිරු වෙකුද ?අර විචාරක තුමා ද කවුද පැන්සොන්ගිය ආමි පොරක් වගේ නම් වෙන්න එපා .එයා සැල්වෙසොන් ආමි එකත් එක්ක ගේම ඉල්ලන්නේ පැන්සොන් හින්දා වෙන්න ඇති එකයි. ජෙමා තුමා එහෙම නෑ නේ රණවිරු ගව්රවය රකිනවනේ.

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ...
      මම සාමාන්‍යන් මේ විදියට දාන කමෙන්ට් පබලිෂ් කරන්නේ නෑ. ඒත් මේක පබ්ලිෂ් නොකර මේකට උත්තරයක් දෙන්න බෑ.

      දැං කියන්නං....
      මිස්ට ඇනෝ මුලිංම පුරුදු වෙන්න මනුස්යෙක්ට ගරු කරලා කතා කරන්න.

      එක. මට පැහැදිලිවම පේනවා මිස්ට ඇනෝගේ කමෙන්ට් එකේ පැලෙන්න තියන පට්ට ඉරිසියාව.
      දෙක. මිස්ට ඇනෝත් අයිති වෙන්නේ මුල අමතක කරලා කාපු බත්පතේ පහරන උත්තමයන්ගේ ගොඩට.

      මිස්ට ඇනෝ... මම ආමිකාරයෙක්. මට ආමි එකට ජොයින් වෙන්න පුලුවං උනේ යුද්දේ ඉවර උනාට පස්සේ. ඒත් ලුති. කර්. විචාරක ශ්‍රිලංසිරෙ පැහැදිලිවම රණවිරුවෙක්. එතුමන්ලා යුද්ධ කරලා මේ රට බේරා ගත්තේ නැත්නං අද මිස්ට ඇනෝට තියා ජෙමාටවත් නිදහසේ බ්ලොග් ලියන්න තියා නිදහසේ ජීවත් වෙන්න වත් රටක් ඉතිරි වෙන්නේ නෑ. අනිත් එක තමයි අපේ රණවිරුවෝ ගේම ඉල්ලන්නේ ඔබතුමා කියන්න වගේ සැල්වේෂන් ආමි එකෙන් නෙවෙයි. රටට විණ කරන ත්‍රස්තවාදීන් එක්ක. සේවයෙන් විශ්‍රාම ගත්තත් රටට විණ කරන ත්‍රස්ථවාදයට එරෙහිව ඇගේ තියන ගින්න නිවෙන්නේ නෑ.

      පොඩ්ඩක් ඇස් ඇරලා බලපන් මිස්ට ඇනෝ.... අපේ ආමි, නේවි, එයා ෆෝස් කියන තුං කට්ටුව යුද්දෙට විතරක් වෙන් වෙච්ච කොට්ඨාසයක් නෙවෙයි.. යුද්දෙන් පස්සේ රටේ දියුනුව වෙනුවෙන් කරන සේවය. ත්‍රී ෆෝසස් කොල්ලෝ යුද්ධ කරන්න විතරක් නෙවෙයි හැම දේකටම දක්ෂයි. ඕනිම දේකට දක්ෂ මල්ටි ටැලන්ටඩ් ආමි එකක් නේවි එකක් එයා ෆෝස් එකක්.

      තව කියන්න දේවල් හිතුනත් ඇනෝ තුමාට වැඩි දෙයක් කියන්න හිතෙන්නෑ. තේරුම් ගන්න පුළුවං බුද්ධියක් ඔබ තුමාට තියනවාද කියලා සැකයි...

      Delete
    2. අනේ ඔය වයසක මුස්සයා අතෑරලා උඹේ වැඩක් බලාගනින් ජෙමෝ. පව්, ඔය මිනිස්සු, 'සුවකළ නොහැකි අපතය' නමැති රෝගයෙන් පෙළෙනවා.

      Delete
    3. @ විචාරක - WicharakaJuly 12, 2015 at 10:42 AM
      හිකිස්...
      සුවකළ නොහැකි අතපය....

      Delete
  4. මම අණදෙන නිලධාරි වශයෙන් සේවය කල කාලයේ, දැඩි අවවාද දීමෙන් පසු, පෙම්වතිය හමුවීමට යන නිලධාරීන්, පාස් එකේ ලියන්න පුරුදුවුනා, පාස් එක ඉල්ලීමට හේතුව 'මගේ පෙම්වතිය හමුවීමට යාම සඳහා' කියලා. මානව හිමිකම් බලෙන් ඇඟේ ගහලා ලබාදෙන්න ඕනෙද කියලා මම අහනවා එයාලගෙන්.

    පාස් එක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කලානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. එල. එල්ස්....
      මගේ සීසී ලොක්කට කියන්න ඕනි. මටම ගැලපෙන මනුස්සයා. ඒකාත් ගහේ බඩ්ඩක්.

      මට පොර ගැනත් වචනයක් කියන්න හිතෙනවා. මමත් මැන්ස්ගේ පුතන්ඩියාගෙම වයසේ. ඉතිං පොර වෙන නිලධාරින්ට වඩා මට ගොඩක් එකතුයි. ඇඩ්මින් පැත්ත එහෙම සුපර්බ්. ඒ වගේම මිනිහගේ මානුෂික පැත්තත්. ඒ වගේම එයා ආමි එකට එනකොට මම ඉස්කෝලේ 3 වසරේ වගේ (සමහරවිට මම ඉපදිලත් නැතිව ඇති-පොර කියන්නේ එහෙම). ගොඩක් අද්දැකීම් බහුල මනුස්සයෙක්. ඒ වගේම නිලතල පැත්තකින් තියලා මම ජීවිතේට ගොඩක් උපදෙස් ගන්නවා. කිසිම ලෝබ කමක් නැතිව මගේ දරුවෝ කියලා කතා කරලා මට වැරදෙන්න යන ගොඩක් වෙලාවට මට හරි පාර පෙන්නනවා ඒ මනුස්සයා. අයි සැලියුට් යූ බනි1 ********** සර්. මොන හේතුවක් නිසාද මංදා පොරට සර් කියලා කියවෙන වාර අනන්තයි. මම අපේ අනික් ඔෆසර්ස් ලාගෙන් බැනුනුත් අහලා තියනවා නිලයට ගරු කරපාංං කියලා...

      අනික් එක තමයි මිනිහගේ මට දකින්න තියන එකම වරද කරටි කැඩෙන්නම ගසන එක. මම කොයි තරං කිවත් ඒකාගේ බීම නං අඩු කරවන් බැරි උනා. දවසක් මම මිනිහට කිවා මම ඔයාගේ පුතා වගේ කියලා කියනවා නේ.. අඩුම ගානේ පුතා කියන දේ අහලා වත් බීම අඩු කරහන් බං කියලා. ටික දවසක් කටේ වත් තියන්නේ නැතිව හිටියා. මොන බලු නකුටේ ඇද අරින්න පුළුවනෑ... ඔන්න ඒවටත් එක්ක ගසනවා දැං. තව මගේ පොඩි ආසාවක් තියනවා මිනිහා කමිෂන් අන්දවන්න. කොහෙද ඒකා කැමති නෑනේ. පුළුවං උනොත් මම ඒක කරවනවා... ඒකා හොද නිලධාරියෙක් වේවි. ඒක බුදු ෂුවර්....

      ඔන්න ලොක්කා මම උඹ වෙනුවෙන් වචනෙකුත් බොක්කෙංම ලිවා...

      Delete
    2. ඔයවගේ සීනියර්ස් ලා ගොඩක් ඉන්නවා මම අදටත් යාළුවො වගේ ආශ්‍රය කරන. ඇත්තටම ඒ මිනිස්සු ටිකෙන් ටික විශ්‍රාම යාම හමුදාවට ලොකු පාඩුවක්.

      Delete
    3. @ විචාරක - WicharakaJuly 12, 2015 at 10:44 AM
      අනිවාර්යෙන්ම සර්.

      Delete