August 18, 2015

අළුත් කාලපරිච්ඡේදය | New era



ඔන්න මේ වෙනකොට ලංකාවේ තවත් එක් ජනතා මත විමසීමක් ඉවර වෙලා තියනවා. මූලිකවම ප්‍රධාන පක්ෂ දෙකක් මූලික කරගෙන මේ ජනමතය පැවැත්වුනා කියලා මට හිතෙනවා. උතුරු නැගෙනහිර ජනතාවත් මූලිකවම තමන්ගේ වර්ගයා පදනම් කරගෙන තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තියනවා කියලත් පේනවා අවසන් ප්‍රථිඵල දැක්කාම.

කොයි කෙසේ වෙතත් මේ මොහොත වෙනකොට එක්සත් ජාතික පක්ෂය තියුණු ජයග්‍රහනයක් ලබාගෙන තියනවා වගේම කාලයකට පස්සේ ලංකාවට ප්‍රබල විපක්ෂයක් ඇතිවෙලා තියනවා කියලත් හිතෙනවා. ඉතින් මේ ලැබුණු ප්‍රථිඵලේ මත හැම කෙනෙක්ම සුභවාදිව වැඩ කටයුතු කරන්න ඕනි වගේම ජයග්‍රහනය කල අය තමන්ගේ ජයග්‍රහණය නිහතමානිව සමරන්නත්, පරාජයට පත්වුන අය  ජයග්‍රහනය කල අයට සුභ පතලා ඔවුන්ගේ නිවැරදි ක්‍රියාවලින්ට සහය දක්වන්නත් නිහතමානි වෙනවා නම් ඇත්තටම ලංකාව මීට වඩා ගොඩක් ලොකු දියුණුවකට ගෙනියන්න පුළුවං වෙයි. 

අනිත් එක තමයි දිනපු අයයි, පරාද උන අයයි පොඩ්ඩක් උතුරු නැගෙනහිර ගැන විශේෂ අවධානයෙන් ඉන්න වෙයි කියලා හිතෙනවා. මොකද ලංකාව කියන්නේ කෑලි කෑලි කඩලා වෙන වෙනම රාජ්‍යයයන් නිර්මාණය කරන්න පුළුවං තරමේ ලොකු රටක් නෙමෙයි. පුංචිම පුංචි දුපතක්.

ඔන්න කට්ටිය කියන්ඩ එපා ජෙමා අළුත් රජයට කඩේ යන්න පටං අරන් කියලා. මම කලටිපොල් ගැන මෙලොව හසරක් දන්නේ නෑ. මට දැනගන්න ආසත් නෑ. මට මේ ටික ලියන්ඩ හිතුනේ සෝෂල් මීඩියා, ටෙලිවිෂන් වල යන යම් යම් දේ දැකලා.

කොහොම අපේ මව් බිමට ජේසු පිහිටෙන්, බුදු සරණින්, අල්ලාහ් ගේ පිහිටෙන් හොද කාලයක් ලබනවා නම් එච්චරයි. 

ඔන්න ජෙමා තට්ටු උනා...!
අද රෑට බර්ත්ඩේ පාර්ටි එකක් තියනවා. මගේ බැචා. ඒකාටත් සුභ උපන් දිනයක් වෙච්චාවේ.



ප.ලි
ජයග්‍රහනය කල නොකල හැමෝන්ටම චියර්ස්...!!!

ප.ප.ලි
කොල්ලා ආයෙම හෙට උදේ ගෙදර යනවෝවෝවෝ......වෝ...........!!

4 comments:

  1. ජෙමා එජාපෙ තියුනු ජයක් අරගෙන නෑ. 113ක් ගත්තනම් ඔබ හරි. නමුත් විපක්ශෙ ඊට වඩා වැඩියි. දැන් අපි මොනවා කිව්වත් වැඩක් නෑ. දියවන්නාවට ගියපු උන් උන් ට ඕනෑ විදිහට ඉස්සරහට යාවි. අපි තව වසර 5ක් දුක් ‍ෙවිඳීවි. ඔච්ඡරයි.

    ReplyDelete
  2. කාටවත් ඉතින් බහුතරයක් නැහැනේ.. ඒ හන්දා ඉතින් මොන ජිල්මාට් එකක් දාලා කොච්චර කාලයක් ඇදන් යාවිද කියන එක තමයි ශුවර් නැත්තේ..

    ReplyDelete
    Replies
    1. අපොයි ඒකට තඹ සතේක සැකයක් තියාගන්න ඕනෙ නෑ...මෙව්වා ටිකක් දික්කරපු ගමන් දෑත් සක්තිමත් කොරන්න කස්ටිය ඔන තරම් ඉන්නවා නොවැ!

      Delete
  3. කියන්න දෙයක් නෑ. වෙන දෙයක් බලාගෙන ඉන්නවා..........

    ReplyDelete