August 25, 2015

නාහෙට ලනුව - එය එසේ වීමට තීන්දු විය.



සතියකට විතර පස්සේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ලැබුනේ. ගොඩක් කාර්ය බහුල සතියක් වගේම ජිවිතේ හරිම සතුටෙන් ගෙවිලා ගිය කාලයක් ගතවුනේ. අපේ ෆැමිලි දෙක පොඩි ට්‍රිප් එකක් ගියා, බට්ටිච්චිව අපේ අත්තම්මට හදුන්වලා දුන්නා

(ඒක අපේ ෆැමිලි එකේ ඉස්සර කාලේ ඉදන්ම තිබුණු දෙයක්ලු. පවුලට කවුරුහරි අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් හැමෝන්ටම එයාව හදුන්වලා දෙන්නඩ ඕනි ෆැමිලි එකේ. ඒකේ මුලසුන ගන්නේ පවුලේ වැඩිමලා. ඒකියන්නේ අත්තම්මා. අත්තම්මට දැන් වයස 86යි. දෙවියන්ගේ පිහිටෙන් නිරෝගීව ඉන්නවා.)

හොදම සිද්ධිය උනේ බට්ටිච්චිලාව කට්ටියට හදුන්වලා දෙන්න අත්තම්මලාගේ ගෙදර ගිය වෙලාවේ. ඊට කලින් අපේ ලස්සන පවුල ගැන කියලා හිටියොත් හොදයි කියලා හිතෙනවා. බලන්ඩකෝ. අපේ සීයා පට්ට වැඩකරු.

ලොකුම තැන - අත්තම්මා

අංක දෙක - ලොකු තාත්තලාගේ සෙට් එක (ලොකු තාත්තා, ලොකු අම්මා, සුදු අක්කා, සුදු අක්කාගේ හබියා, නංගි + නගාගේ වෙන්ඩ හබියා, රංගු මලයා, ලොකු අප්පු තමයි අඩු. එයත් දෙවියන් වහනසේ ලග ඉදන් අපි දිහා බලන් ඉන්ඩ ඇති. )

අංක තුන - අපේ ගෙදර සෙට් එක (සෙට් එක කිවට අම්මියි , මමයි)

අංක හතර - හිච්චි බාප්පලාගේ සෙට් එක ( හිච්චි බාප්පා, සුදු අම්මා, නංගිලා දෙන්නා )

අංක පහ - නැන්දලාගේ ෆැමිලි එක ( මාමා, නැන්දා, උන් දෙන්නාගේ වසවර්ති පුත්‍රයා (ඇන්ඩ් සමනලි නංගි) මගේ එල බොක්කක් වෙච්චි ගිම්හාන මල්ලි. මලයා කිවට ඒකා මට වඩා දවස් දෙකයි බාල)

අංක හය - පාලි බාප්පා නොහොත් සූටි ( බාප්පා - සූටි අම්මා)

අංක හත - චූටි බාප්පා ( චූටි අම්මා, නංගිලා දෙන්නා, මල්ලී)

අංක අට - චූටි නැන්දා (මාමා මේ වෙනකොට සයිප්‍රස් සහ චූටි නැන්දගේ චූටි කෙලි පොඩ්ඩ)

අත්තම්මා ජෙමාට පට්ට ආදරයක් තියෙන්නේ. අපි කට්ටිය බට්ටිච්චිලා එක්ක අත්තම්මව බලන්න එනවා කියලා කොල් කරලා කිවාම අපිට රෑ කෑමකටම එන්න කියලා ලොකු තාත්තා කිවා. ඔන්න ඉතිං පහුවෙනිදා අපි හවස 4 විතර වෙනකොට අත්තම්මලාගේ ගෙදරට ගියා. ඔන්න ඒ වෙලාවේ තමයි ජෙමාට දෙවියන් වහන්සේව සිහි වෙන්නේ.

පවුලේ සෙට් එකටම ලොකු තාත්තා රෑ කෑමට එන්න කියලා ආරාධනා කරලා. කාලා වරෙන්කෝ. සේරම 25 දෙනෙක් විතර අත්තම්මලාගේ ගෙදර. ඒ මදිවට අපේ ගිම්හාන මලයාගේ වෙන්ඩ බාරි සමනලි නගාගේ අම්මයි අක්කයිත් ඇවිත්. ලොකු තාත්තා සේරටම එන්න කියලා.

කොහොම හරි බට්ටිච්චි කෙල්ල අපේ ෆැමිලි එකේ සෙට් එකෙන්ම හොද ලකුණු දාගන්න පුළුවන් උනා. මේකි කාටත් හොරෙන් බුලත් අතක් අරන් ඇවිත් වැඩිහිටි සේරටම බුලත් දීලා වැන්දා. හැමෝන්ම ආදරෙන් අපේ පවුලට එකතු වෙන්න ඉන්න බට්ටිචිචිව ආදරෙන් පිළිගත්තා. අපේ අම්මිගේ ඇස්වල කදුලු. ඒ කදුලු අතරින් එයාට කියවුනේ එකම එක දෙයයි. අද තාත්තිත් හිටියා නම් කියලා විතරයි.

ඔන්න කට්ටිය රෑ කෑමටත් කාලා එහෙම සතුටු සාමිචියට සෙට් උනා. ඔය අතරේ ලොකු තාත්තා තමයි ජෙමාට නාස් ලනුව දාන්න මූලික වෙන්නේ..

ශීලා නංගි... දැං ඉතිං මේ කටයුත්ත ඉක්මනටම ඉවරයක් කරලා දැම්මොත් නේද හොද.

ඔන්න කාරණාව සභාගත උනා.

කොහොම කොහොම හරි සේරගේම එකගතාවය මත ඔක්තෝබර් 21 වෙනිදා ජෙමයා බට්ටිච්චිවයි එන්ගේජ් කරවලා ලබන අවුරුද්දේ වෙඩිම ගන්න කට්ටියම තිරණය කර ගත්තා (ලොකු අප්පු නැති වෙච්චි නිසා). 

එන්ගේජ්මන්ට් එකේ වැඩ ටික ලොකු තාත්තා ඇරේන්ජ් කරන්න තිරණය කලා. ඊට කලින් අවසර ගන්ඩ ඕනි දේවල් කරන්න ඕනි. ඒ ටිකත් ලස්සනට සිද්ධ වෙයි කියලා හිතනවා. ඒ වගේම එදා රෑ (20 වෙනිදා) අපේ අනිතුමා ජෙමාට කොල් කලා. ඉතිං මේ විස්තර පිටස්තර කෙනෙක්ට කියලා මුලටම දැනගත්තේ එතුමා. එතුමා තමයි ඒ වෙලාවේ ජෙමාට මතක් කලේ අවසර ගන්න ඕනි ලියකියවිලි ටිකත් රෙඩි කරගෙනම වරෙන් කියලා. එතුමා ඇවිල්ලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම නායකයෙක්.

ඇත්තමට ජෙමාට, ජෙමාගේ පවුලේ සමගිය එකමුතු බව ගැන ගොඩක්ම සන්තෝස දැනුනා. මොනවා නැතත් අපේ පවුලේ එකාට එකෙක් ඉන්නවා නේද කියලා. ඒ වගේම මේ දේ නොලිවොත් අඩුවක් වෙයි කියලා හිතෙනවා. පහුවෙනිදා තවත් එක්කෙනෙක් ජෙමාටයි බට්ටිච්චිටයි කතා කරලා විශ් කලා. ඒ තමයි නිම්නියා අක්කා. අපේ ලොකු අප්පුගේ කෙල්ල. ලොකු අප්පු නැතත් ඒකි අපේම පවුලේ සාමාජිකාවක් වෙලා. ඒකිටත් ලස්සන අනාගතයක් හදලා දෙන්න මහන්සි වෙන්ඩ ඕනි. මගේ ලොකු අයියා වෙනුවෙන්.

ඒ වගේම මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ අපේ පවුලේ මේ තියන සමගිය එකමුතු කම කවමදාකවත් නැති කරන්ඩ එපා කියලා.

28 comments:

  1. උඹට තව ටික දොහයි තියෙන්නෙ පුතෝ. ඊට පස්සෙ “උම්බෑ කිය කියා....“

    ReplyDelete
    Replies
    1. ම. මා.. බය කරන්න එපා යකූ...

      Delete
  2. හොඳ වැඩේ බොට.... ඔහොම වෙලා මදි.... දැන් ඇදපංකො කරත්තෙ.... :D

    ReplyDelete
    Replies
    1. හෑහ්
      හීං දාඩිය දානවා යකෝ උම්බලා කියන කතා වලට.

      Delete
  3. අඩෝ පාටියක් දිපන්!
    නොදී නම් බේරෙන්ඩ දෙන්නේ නෑ තොට!

    ReplyDelete
    Replies
    1. චියර්ස්...
      කවදා හරි ගෙට් එහෙකට සෙට් වෙන්න මටත් චාන්ස් එකක් ලැබුනොත් කොක්ටේල් පාටි එකක් ජෙම්ස් ගානේ..

      Delete
  4. අනේ වාසනාවන් පැතු මල් ගහේ ගෙඩි හැදේවා ඒවා පීදේවා..

    ReplyDelete
    Replies
    1. මල් නං පිපිලා. තවම ගෙඩි හැදෙන්න කාලයක් නෑ මයෙ හිතේ. තාම පීදිලත් නෑ නෙව.

      Delete
  5. තව එ‍ෙකෙක් ‍ෙසෙක්කුවට

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතිං කලිංම සෙක්කුගත වෙච්චි එව්වොනේ බංස්...
      බකාස්.

      Delete
  6. අපරාදෙ අරක දින්නම් ලක්ශ දෙකක් ගන්න තිබ්බ අවස්ථාව

    ReplyDelete
  7. හ්ම්...........................ඔහොම යන්කො අපිත් ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. සර්. එක්කෝ මේක පුදුමයක්. නැත්නම් අහම්බයක්.
      එදා රෑ අපේ සීඕ සර් කතා කල වෙලාවෙත් කීවේ
      ඔහොම යමංකෝ.... අපිත් ඉන්නවනේ කියලා..

      Delete
  8. හැක් හැක්... ඒකත් ජයසිරි මංගලම් කිවුවලු.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ත්‍රෛභාෂා නාමිකයා...

      Delete
  9. සුබ පැතුම් මචන්.වෙනත් topic ගැනත් පොස්ට් දාපන්.නැත්තැන් බ්ලොග් එක හරිම ඒකාකරයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචන්.
      හම්.. ඉදිරියට එහෙම වෙයි.

      Delete
  10. හපොයි ජෙමා....... දා ගත්ත නාස් ලණුව

    ReplyDelete
    Replies
    1. දන්නෙම නැතිව වැටිලා බන්.

      Delete
  11. හැක, හැක!

    දැන්මම දෙයියන් ගේ පිහිට පතන්නේ ඇයි?

    එසේනම් දෙයියන්ගේම පිහිටයි!

    ReplyDelete
    Replies
    1. දෙයියන්ගේම පිහිටයි..

      Delete
  12. සුබ පැතුම්....

    ReplyDelete