Showing posts with label ජෙමා.. Show all posts
Showing posts with label ජෙමා.. Show all posts

August 25, 2015

නාහෙට ලනුව - එය එසේ වීමට තීන්දු විය.



සතියකට විතර පස්සේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ලැබුනේ. ගොඩක් කාර්ය බහුල සතියක් වගේම ජිවිතේ හරිම සතුටෙන් ගෙවිලා ගිය කාලයක් ගතවුනේ. අපේ ෆැමිලි දෙක පොඩි ට්‍රිප් එකක් ගියා, බට්ටිච්චිව අපේ අත්තම්මට හදුන්වලා දුන්නා

(ඒක අපේ ෆැමිලි එකේ ඉස්සර කාලේ ඉදන්ම තිබුණු දෙයක්ලු. පවුලට කවුරුහරි අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් හැමෝන්ටම එයාව හදුන්වලා දෙන්නඩ ඕනි ෆැමිලි එකේ. ඒකේ මුලසුන ගන්නේ පවුලේ වැඩිමලා. ඒකියන්නේ අත්තම්මා. අත්තම්මට දැන් වයස 86යි. දෙවියන්ගේ පිහිටෙන් නිරෝගීව ඉන්නවා.)

හොදම සිද්ධිය උනේ බට්ටිච්චිලාව කට්ටියට හදුන්වලා දෙන්න අත්තම්මලාගේ ගෙදර ගිය වෙලාවේ. ඊට කලින් අපේ ලස්සන පවුල ගැන කියලා හිටියොත් හොදයි කියලා හිතෙනවා. බලන්ඩකෝ. අපේ සීයා පට්ට වැඩකරු.

ලොකුම තැන - අත්තම්මා

අංක දෙක - ලොකු තාත්තලාගේ සෙට් එක (ලොකු තාත්තා, ලොකු අම්මා, සුදු අක්කා, සුදු අක්කාගේ හබියා, නංගි + නගාගේ වෙන්ඩ හබියා, රංගු මලයා, ලොකු අප්පු තමයි අඩු. එයත් දෙවියන් වහනසේ ලග ඉදන් අපි දිහා බලන් ඉන්ඩ ඇති. )

අංක තුන - අපේ ගෙදර සෙට් එක (සෙට් එක කිවට අම්මියි , මමයි)

අංක හතර - හිච්චි බාප්පලාගේ සෙට් එක ( හිච්චි බාප්පා, සුදු අම්මා, නංගිලා දෙන්නා )

අංක පහ - නැන්දලාගේ ෆැමිලි එක ( මාමා, නැන්දා, උන් දෙන්නාගේ වසවර්ති පුත්‍රයා (ඇන්ඩ් සමනලි නංගි) මගේ එල බොක්කක් වෙච්චි ගිම්හාන මල්ලි. මලයා කිවට ඒකා මට වඩා දවස් දෙකයි බාල)

අංක හය - පාලි බාප්පා නොහොත් සූටි ( බාප්පා - සූටි අම්මා)

අංක හත - චූටි බාප්පා ( චූටි අම්මා, නංගිලා දෙන්නා, මල්ලී)

අංක අට - චූටි නැන්දා (මාමා මේ වෙනකොට සයිප්‍රස් සහ චූටි නැන්දගේ චූටි කෙලි පොඩ්ඩ)

අත්තම්මා ජෙමාට පට්ට ආදරයක් තියෙන්නේ. අපි කට්ටිය බට්ටිච්චිලා එක්ක අත්තම්මව බලන්න එනවා කියලා කොල් කරලා කිවාම අපිට රෑ කෑමකටම එන්න කියලා ලොකු තාත්තා කිවා. ඔන්න ඉතිං පහුවෙනිදා අපි හවස 4 විතර වෙනකොට අත්තම්මලාගේ ගෙදරට ගියා. ඔන්න ඒ වෙලාවේ තමයි ජෙමාට දෙවියන් වහන්සේව සිහි වෙන්නේ.

පවුලේ සෙට් එකටම ලොකු තාත්තා රෑ කෑමට එන්න කියලා ආරාධනා කරලා. කාලා වරෙන්කෝ. සේරම 25 දෙනෙක් විතර අත්තම්මලාගේ ගෙදර. ඒ මදිවට අපේ ගිම්හාන මලයාගේ වෙන්ඩ බාරි සමනලි නගාගේ අම්මයි අක්කයිත් ඇවිත්. ලොකු තාත්තා සේරටම එන්න කියලා.

කොහොම හරි බට්ටිච්චි කෙල්ල අපේ ෆැමිලි එකේ සෙට් එකෙන්ම හොද ලකුණු දාගන්න පුළුවන් උනා. මේකි කාටත් හොරෙන් බුලත් අතක් අරන් ඇවිත් වැඩිහිටි සේරටම බුලත් දීලා වැන්දා. හැමෝන්ම ආදරෙන් අපේ පවුලට එකතු වෙන්න ඉන්න බට්ටිචිචිව ආදරෙන් පිළිගත්තා. අපේ අම්මිගේ ඇස්වල කදුලු. ඒ කදුලු අතරින් එයාට කියවුනේ එකම එක දෙයයි. අද තාත්තිත් හිටියා නම් කියලා විතරයි.

ඔන්න කට්ටිය රෑ කෑමටත් කාලා එහෙම සතුටු සාමිචියට සෙට් උනා. ඔය අතරේ ලොකු තාත්තා තමයි ජෙමාට නාස් ලනුව දාන්න මූලික වෙන්නේ..

ශීලා නංගි... දැං ඉතිං මේ කටයුත්ත ඉක්මනටම ඉවරයක් කරලා දැම්මොත් නේද හොද.

ඔන්න කාරණාව සභාගත උනා.

කොහොම කොහොම හරි සේරගේම එකගතාවය මත ඔක්තෝබර් 21 වෙනිදා ජෙමයා බට්ටිච්චිවයි එන්ගේජ් කරවලා ලබන අවුරුද්දේ වෙඩිම ගන්න කට්ටියම තිරණය කර ගත්තා (ලොකු අප්පු නැති වෙච්චි නිසා). 

එන්ගේජ්මන්ට් එකේ වැඩ ටික ලොකු තාත්තා ඇරේන්ජ් කරන්න තිරණය කලා. ඊට කලින් අවසර ගන්ඩ ඕනි දේවල් කරන්න ඕනි. ඒ ටිකත් ලස්සනට සිද්ධ වෙයි කියලා හිතනවා. ඒ වගේම එදා රෑ (20 වෙනිදා) අපේ අනිතුමා ජෙමාට කොල් කලා. ඉතිං මේ විස්තර පිටස්තර කෙනෙක්ට කියලා මුලටම දැනගත්තේ එතුමා. එතුමා තමයි ඒ වෙලාවේ ජෙමාට මතක් කලේ අවසර ගන්න ඕනි ලියකියවිලි ටිකත් රෙඩි කරගෙනම වරෙන් කියලා. එතුමා ඇවිල්ලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම නායකයෙක්.

ඇත්තමට ජෙමාට, ජෙමාගේ පවුලේ සමගිය එකමුතු බව ගැන ගොඩක්ම සන්තෝස දැනුනා. මොනවා නැතත් අපේ පවුලේ එකාට එකෙක් ඉන්නවා නේද කියලා. ඒ වගේම මේ දේ නොලිවොත් අඩුවක් වෙයි කියලා හිතෙනවා. පහුවෙනිදා තවත් එක්කෙනෙක් ජෙමාටයි බට්ටිච්චිටයි කතා කරලා විශ් කලා. ඒ තමයි නිම්නියා අක්කා. අපේ ලොකු අප්පුගේ කෙල්ල. ලොකු අප්පු නැතත් ඒකි අපේම පවුලේ සාමාජිකාවක් වෙලා. ඒකිටත් ලස්සන අනාගතයක් හදලා දෙන්න මහන්සි වෙන්ඩ ඕනි. මගේ ලොකු අයියා වෙනුවෙන්.

ඒ වගේම මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ අපේ පවුලේ මේ තියන සමගිය එකමුතු කම කවමදාකවත් නැති කරන්ඩ එපා කියලා.

August 17, 2015

එයා ලග තියන මගේ මාතෘකාව



ලියන්ඩ ඕනි. ඒ උනාට ගපල ගන්න තමයි අමාරු. එයා ආවා ලංකාවට. මමයි අම්මියි බන්ඩාරණායක එයාර්පෝට් එකට ගියේ එයාලා එන්න පැයකට විතර කලිං. ජීවිතේ ගෙවපු දිගම පැය. කොහොම හරි බට්ටිච්චිලා ආව ප්ලේන් එක ආවා. හිත හරිම නොසන්සුන්. ඊ ලගට උදාවෙන අවස්ථාවට කොහොම ෆේස් කරගන්නද කියලා හරිම චකිතෙකින් හිටියේ.

ආව ගමන් බට්ටිච්චිව බදා ගන්නවද,
නැත්නම් කිස් එකක් දෙනවාද,
නැත්නම් මුලටම අම්මටයි තාත්තටයි වදිනවද,
නැත්නම් හායි පාරක් දානවද,
ග්ර්ර්ර්.....!!!!

ඉස්සෙල්ලාම අම්මටයි තාත්තටයි වදිනවා...!

ගත්තා අන්තිම තිරණේ. ඔය අතරේ තමයි ඇස් දෙක දකින්න බලා පොරොත්තු උන රූපේ දර්ශණ පථයට වැටෙන්නේ. අම්මා ගහයි නිකං කරන්ට් එක වැදුනා වගේ. ඒ තුන්දෙනාගෙම මූණු වල හිනා මල් පිපිලා. මට හිනා වෙන්න අමතක වෙලා හිටියද මංදා. බට්ටිච්චි මගේ ලගට ඇවිත් ඇස් දෙක දිහා බලන් ඉන්න ඇති විනාඩියක්, දෙකක්, සමහරවිට තුනක්. කොහොම හරි ඊ ලග මොහොතේ අහිංසකි මගේ තුරුලේ.  කෙල්ලගේ ඇස්වල කදුලු. මම අහන්න ගියේ නෑ ඇයි අඩන්නේ කියලා. ඒකිම උත්තරේ දුන්නා.

මේ සතුටු කදුලු අපූ...!

මහරජ කෙලියා නේද තාප්පෙටම. යකෝ ප්ලෑන් කරන් හිටියේ ආව ගමං අම්මටයි තාත්තටයි වදිනවා කියලා නේද, එතකොට කෝ අපේ අම්මියි, එයාගේ අම්මයි තාත්තයි. වෙලා තියෙන්නේ ලෙසටම වැඩේ. තුන්දෙනාම ලස්සනට පිචෑර් එක බලන් ඉන්නවා. කන පැලෙන්න නෝන්ඩියා. ලැජ්ජාව දෙකට තුනට නවලා සාක්කුවේ ඔබාගෙන වැන්දා ඩබලට. බට්ටිච්චි දැංමම අපේ අම්මිව සින්නක්රේටම අරං.

අම්මලාට කතා බහ කරගන්න ගොඩක් දේවල් තියනවා කිවා,
ඒ වගේම අපි දෙන්නටත් කතා කරන්න ගොඩක් දේවල් තියනවා.
ඇත්තටම ගොඩක් සතුටෙං මම ඉන්නේ දැන්.



ප.ලි. 1135hrs
කෙහෙම්මල් ඡන්දයක් නිසා ආයෙම කෑම්ප් එකට එන්ඩ උනානේ. ෂික් නෙද්දකිං. අනිතුමා කිවා අද ඇවිත් හෙට හවස ආයෙමත් පලයං කියලා. කස්ටියගේ ලෑස්තිය ඉක්මනට මාව හිරේ විලංගුවේ දාන්න. පර්මිෂන් ගන්නත් එපැයි දැං. ceremonial අදිනවද නැද්ද....

ප.ප.ලි.
අද ජෙමා කොල්ලා ලෙසටම බයිට් වෙනවා ඈ..! 

July 21, 2015

මීනී මරුවෙක් වීමි...


ඔව් මම මිනී මරුවෙක්...
මම ඌව මැරුවා...
මරලා අඩි 6 කටත් වඩා යටට වැලළුවා...
ආයේ නැගිටලා හමාරයි ඒකා..

තනිකම..!!
ආයෙත් උඹ නැගිටලා හමාරයි..!
---ට්‍රැවලිං ටූ ලබුදූවේ අත්තම්ලාගේ ගෙදර විත් අම්මි







 
ප.ලි 
කාලෙකිං අම්මි ඩ්‍රයිවිං සීට් එකේ. කුරුදුගහහැතැක්ම පිටවීම පසු කරමින්. අම්මිත් සෙල්ලං නෑ. පාගනවා ලෑල්ටම.


 

July 18, 2015

සිගරට් - පටං ගැනීම හා අවසානය



ජෙමා මුලිංම සිගරට් එකක් බොන්න සේට් උනේ කැම්පස් එකේ ෆ්‍රෙෂර්ස් නයිට් එකේ. මාස ගානක් ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙං රැග කාලා කාලා ඒ සේරම අවසානේ ඒ දවස උදා උනා.

ජෙමා ඒ වෙනකොට හීනියට බියර් එකක් එහෙම අනුමත වෙනවා. ජෙමා, ගබ්බ, සිමෝ, පගලේ, වෙරියා තමයි සෙට් වෙලා හටියේ. ආවා ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්. ආහ් මල්ලිලා බියර් විතරද ගසන්නේ.. ඇදලා බලපකෝ මේක. කියලා දුන්නා මොකක්ද මංදා ඔතපු එකක්.

අම්මා ගහයි බැට් එකෙං... කැස්සක් ආවා පුතේ ඥස්පුක් වෙන්නම. නවත්තා ගන්නම බෑ..

එතකොට සිනියර් පොර ආයෙමත් පත්තු කරපු සිගරට් එකක් දික් කරනවා මේක ඇදපන් හෙමීට කැස්ස නවතිවි. ඇද්දා ඒකත්. යකෝ කැස්ස නැවතුනේ නෑ.. ඒත් පොඩ්ඩක් විතර අඩු උනා. මෙන්න යකෝ ටික වෙලාවක් යනකොට පාවෙනවා වගේ. 

අඩිය තියන තැන නෙමෙයි තියවෙන්නේ.. කෝම කෝම හරි ඩාන්සින් ෆ්ලෝ එකට සෙට් වෙලා නැටුවා. මෙන්න යකෝ ටික වෙලාවක් යනකොට සිමෝ කොහෙංද මංදා සිගරට් පෙට්ටියක් සොයන් ඇවිත්.. ඩාන්ස් කරනවා. කොහේ හරි අස්සකට යනවා.. සිගරට් එකක් අදිනවා... ආයෙත් ඇවිත් ඩාන්ස් කරනවා...

ඔන්න ඔහොම තමයි ආරම්භය සිගරට් එකේ...
(සිගරට් සොයා ගත්ත ජෝන් නැවියා කිවලුනේ ඒක පත්තු කරනකොට මේ දල්වන ගිණි දැල්ල නිවෙන දවසක් කාටවත් හිතාගන්න බැරි වේවි කියලා..)

ඊට පස්සේ...

රෑට පාඩම් කරන්න සෙට් වෙනකොට සිගරට් ගැසුවා...ඒ වෙනකොට රුපියල් 100 කට සිගරට්(ගෝල්ඩ්ලීෆ්) 5ක් විතර ගන්න පුලුවං. කට්ටිය 100 ගානේ දලා කඩෙං ගෝල්ඩ්ලීෆ් අරං යනවා පාඩං කරනකොට ගසන්න. ඔන්න ඉතිං ගෝල්ඩ්ලීෆ් ගසන්න අතේ සල්ලි නැතිවෙනකොට මෝල්ඩ්ව්ස් කියලා සිගරට් වගයක් ආවා ඒ කඩේට.. පැක් එකම 100යි. පැක් එකේ 18 ක් වගේ තියනවා මට මතක විදියට. ඊට පස්සේ ඒවා ගැසුවා...

පස්සෙං පහු වෙනකොට අපේ ගබ්බා දැම්මා යෝජනාවක් අපි සිගරට් බොන එක අඩු කරමු කියලා.. පොර ඒකට විසදුමකුත් කිවා. සිගරට් ගැසීම වෙනුවට බුලත් විට. ඔන්න ටික කාලයක් ලෙසටම ඒ මෙතඩ් එක වැඩ කලා. ඒ මෙතඩ් එකටත් කෙල උනේ මිඩ් එග්සෑම් එකකට බෝඩිමේ සෙට් උනාට පස්සේ..

එදායින් පස්සේ විටක් හපන ගමංම ගෝල්ඩ් ලීෆ් එක ගසනවා...

ඒ වෙනකොට අපේ බෙස්ට්ම චොයිස් උනේ..

1.ගෝල්ඩ් ලීෆ්
2.මෝල්ඩිව්ස්
3.බ්‍රිස්ටල්
4.ත්‍රීරෝස්
5.බීඩිත් ගහපු දවස් තිබුණා විටක් හපන ගමං


කොහොම කොහොම හරි සිගරට් එකේ වෙනත්ම පැත්තකට හැරුනේ කෙල්ලක් නිසා (ෂෙරීන්).  අපි කැම්පස් එකේ ඉන්න අතරතුර ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනිං කියලා තියනවා සබ්ජෙක්ට් එකක්. ඕකේදි අපිව එක එක ෆර්ම්ස් වලට දානවා. ඔතනිං මට සෙට් උන කම්පැනි එකේ බොසී තමයි ෂෙරීන්. ඔස්ට්‍රියන් කෙල්ලක්. මේකි ගිය දවසේම  ජෙමාට සෙට් උනා පට්ට විදියට. ෂෙරීන්ගේ කැබින් එකට එහා පැත්තේ තියන කැබින් එක තමයි මට සෙට් උනේ. ඔය දවස්වල ඉතිං ලන්ච් අරං ගෝල්ඩ්ලීෆ් එකකට වගකියලා තමයි ආයෙම රූම් එකට එන්නේ... ඉතිං ටිකක් වෙලා යනකොට රූම් එක පට්ට ගදයි. ඒසි එක නිසා ස්මෙල් එක ඩබල්.. දවසක් ලන්ච් වලට ගිහිං ආවා විතරයි ෂෙරීන් ආවා මගේ කැබි එකට. ආවා විතරයි කෙල්ලගේ මූණ කජු ලෙල්ල වගේ උනා. එදා තමයි ෂෙරීන් මට මෙන්න මේක දුන්නේ... ට්‍රයි කරන්න කියලා...

එදායින් පස්සේ දෙන්නා එක්කම දුම දානවා..

ඩන්හිල් කූල් එකට හුරු උනායින් පස්සේ ගොල්ඩ්ලීෆ් එක සෙට් උනේම නෑ. ඩන්හිල් එක විතරමයි හරිගියේ.

ඊට පස්සේ දැං මාසෙකට විතර කලියෙං ජෙමාට හිතුනා සිගරට් බොන එක නවත්තන්න. නැවැත්තුවා. එදා ඒ නවත්තපු දවසේ ඉදං මේ මොහොත වෙනකං ආයේ සිගරට් බීවේ නෑ. ආයේ බොන්න හිතෙයිද දන්නෑ. හිතුනොත් බොයි. හිත වෙනස් වෙන්න වැඩි වෙලා යන්නෑනේ.

දවසක් සිගරට් එකක් බිලා ගියා චූටි බාප්පලාගේ ගෙදර. බාප්පාට ඉන්නවා චූටි කෙලි පොඩ්ඩක්. මේකි මාව දැක්කා විතරයි දුවගෙන ඇවිත් ඇගේ එල්ලුනා. ඉතිං පැංචියාව මම වඩාගත්තා. හරිම හුරතල් කෙලි පොඩ්ඩ. මෙන්න මේකි එක සැරේම කෑ ගහලා කියනවා..

අම්මි අම්මී.... ලොකු පුතා (පොඩි එකා මට කියන්නේ ලොකු පුතා කියලා. මොකද හැමෝම  කියන නිසා ඒකිටත් ඒක හුරු වෙලා) මොනාද සැර ජාතියක් කාලා ඇවිල්ලා.. අලී...ම ගදා...යි..

කාලා වරෙංකෝ...

එදායිං පස්සේ තමා ජෙමාට හිතුනේ සිගරට් බොන එක නවත්තන්න.

ඇනෝපිලිස් දාලා තියන පෝස්ට් එක සිගරට් ගැන