September 18, 2015

අපේ පරම්පරාවේ ලොක්කි...




කාලේ ගෙවිලා යන්නේ පුදුම ඉක්මනට කියන්ඩකෝ. සික් මගේ අසරණ බ්ලොග් එකත් වල් වැදිලා කියන්ඩකෝ.ඇත්තටම සමහර වෙලාවට මේ වෙන දේවල් හැබෑ ජිවිතේ වෙන්ඩ පුළුවන් දේවල්ද කිලයත් හිතෙනවා. මම හීනෙක ඉන්නා වත්ද කියලා හිතෙනවා. පොඩ්ඩක් කොනිත්තාගෙන බලමු... නෑ නෑ මම හිනෙක නෙවෙයි.

මේ පෝස්ට් එකේ කතා නායිකාව නිම්නියා අක්කා (අපේ නැතිඋන ලොකු අප්පුගේ වෙන්ඩ බාරි). ගිය සතියේ 11 වෙනිදා මට කොල් එකක් එනවා අපේ ලොකු තාත්තිගෙන්. පුලුවන් නම් සෙනසුරාදට එයාලාගේ ගෙදර ඇවිත් යන්නඩ කියලා. ගොඩක් වැදගත් දෙයක් කියලා කිවේ. ඒත් සින් එක මොකක්ද කියලා කිවේ නෑ.

ඉතිං මම පහුවෙනිදා පාස් එකකුත් දාලා ගියා ලොකු තාත්තලාගේ ගෙදර. බට්ටිච්චිත් එක්කම. ගෙදරට යනකොටම දැක්කේ මිදුලේ සෙට් කරලා තියන සමර්හට් එකේ ඉන්න නිම්නියා අක්කාව.ඉතිං අපිි ගියා එයා ඉන්න තැනට. ගියා විතරයි මේකි බට්ටිච්චියාව බදාගෙන අඩන්න ගත්තා කියහන්කෝ. මොකවත් නැ අපි දෙන්නව කරකවලා කරකවලා කනට පාරක් ගැහුවා වගේ.

කොරන්ඩ දෙයක් නැති කමට මම බට්ටිච්චියාව නිම්නියා ලග තියලා ගියා ලොකු තාත්තාව හම්බ වෙන්ඩ ඇතුලට. ලොකු තාත්තා හාන්සි ඇදට වෙලා අහස පොලව ගැටගහන්න ලනුවක් සොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. මම කාමරේට ආවා දැක්කෙත් නැ. ලගට ගිහින් ලොකු තාත්තේ කියලා අතින් ඇද්දාමයි පොර මේ ලෝකෙට ආවේ.

පොඩි... අපේ ලොක්කප්පු අතින් නිම්නියාට වරදක් වෙලා...

මොකා.. කව්ද කිවේ.... කොහොමද දන්නේ.... ලොකු තාත්තට අමු කැවිලද...

මට අමු කැවිලා තමයි පොඩි... නිම්නියා දුව තමයි කීවේ.

මොකා.... නිම්නියා අක්කා...

මට විශ්වාස කරන්ඩ බැ... ඔය කතාව බොරුවක්... ලොකු අප්පු එහෙම කෙනෙක් නෙමෙයි...

මම දන්නනවා පොඩි පුතේ.. නිම්නියා එහෙන බොරුකාරියක් නරක කෙනෙක් නොවෙන නිසා තමයි මේක විශ්වාස කරන්ඩ වෙලා තියෙන්නේ...

ඉතිං දැන් නිම්නියා අක්කා ඇයි මෙහේ ඇවිල්ලා තියෙන්නේ...

එයාට ගෙදරින් ප්‍රොපෝසල් එකක් ගේන්ඩ හදනවාලු. ඉතින් මේ දරුවා ගෙදරත් එක්ක රන්ඩු වෙලා මේ විස්තරත් කියලා ඇදුන් ටිකත් අරන් පෙරේදා උදේ ආවා ගෙදර. කරුණාතුංගත් කතා කරලා මට හොදටම බැන්නා ළමයි හදලා නැ කියලා හරියට. ලොකු කෙල්ල මැරුණා කියලා හිතාගන්නා කියලා කීවා. මරණෙකට වත් ඒකිව මේ පැත්ත පලාතේ එවන්ඩ එපා කියලා කිවා. මට නිම්නියා දුව වැඩි නෑ.... මගේ හුස්ම ටික තියනකම් මම ඒ දරුවව බලා ගන්නවා. කාටවත් වචනයක් කියන්ඩ දෙන්නෑ. පොඩි පුතේ මම නැති කාලෙක උඹලා දෙන්නා තමයි නිම්නියා දුව ගැන වගකිම ගන්ඩ ඕනි...

ඔන්න ඔය වගේ කතාවක් තමයි මමයි ලොකු තාත්තයි අතර උනේ. මාව නිකං හොල්මන් වෙලා වගේ. ලොකු අම්මා හදලා දුන්න පැෂෝනා දෙකත් අරන් මම ගියා සමර්හට් එක දිහාට. දෙන්නා බර කතාවක. මගුලයි මෙන්න යකෝ දෙන්නම අඩලා. මගේ එකිගේ මූනෙත් කදුලු. ඇසුත් රතු වෙලා...

ආ... දෙන්නට අඩලා අඩලා මහන්සිත් ඇතිනේ පැෂෝනා ටිකක් බොමු. කට්ටියම කතාවක් නැතිව පැෂෝනා එකත් බිලා අනං මනං කතා කර කර ඉදලා දවල්ට කෑමත් කාලා ගෙදර එන්ඩ ආවා.. බට්ටිච්චිලාගේ ගෙදර ගිහින් බට්ටිච්චිවත් ඩ්‍රොප් කරලා මම ගෙදර එන්ඩ එනකොට කොල් එකක් එනවා නිම්නියා අක්කාගෙන්...

අනේ මල්ලි ඔයා යන ගමන්ද..

ඔව් බං අක්කේ... මොකක්ද කේස් එක...

අනේ පොඩි.. තරහා නැතිව ආයේ පොඩ්ඩක් එන්න. මට ඔයා එක්ක නිදහසේ පොඩ්ඩක් කතා කරන්ඩ ඕනි... ප්ලිස් එන්ඩ හොද දරුවා වගේ...

මොනා කරන්ඩද ඉතිං.කුරුදුගහ හැතැක්ම එක්සිට් එකෙන් එලියට ඇවිත් ආයේ දැම්මා එතනිංම ඇතුලට. මම ලොකු තාත්තලාගේ ගෙදරට යනකොට එයා ලෑස්තිවෙලා මම එනකම් සමර් හට් එකට වෙලා. මට කා එකෙන් බහින්ඩ ලැබුනේ නැ.. එයා ඇවිත් නැග්ගා කා එකට...

මල්ලි මාව නිදහස් තැනකට පොඩ්ඩක් එක්ක යන්ඩ.... මට මල්ලි එක්ක ප්‍රයිවට් දෙයක් කතා කරන්ඩ ඕනි...

ඉතිං නිම්නියා අක්කාගෙනුත් අහලා හැරෙව්වා බීච් එක පැත්තට. වාහනෙන් එලියට බැස්සෙත් නැ.. මෙන්න මේකි ආයේ අඩනවා.. මොනවා වෙලාදෙ මේකිට..

ලොකු අක්කේ... ඇයි මේ... (මම ජීවිතේ මුල්ම වතාවට නිම්නියාට ලොකු අක්කා කියලා කතා කලේ ඒ වෙලාවේ..) කියලා ඇහුවා විතරයි කෙල්ලගේ ඇඩිම ඩබල්... මට කරන්ඩ පුලුවන් උනේ බලන් ඉන්ඩ එක විතරය. ටික වෙලාවකින් කදුලු අතරින් කියපු දෙයින් මම ඩබල් හොල්මන්....

පොඩි මල්ලි මම තාම වර්ජින්....!!

ඇහ් මොන මගුලේ කතාවක්ද බන් අක්කේ ඒක... දැන් ඔයාම නේද කියලා තිබුනේ ලොකු අතින්..... මට කියලා ඉවර කරන්ඩ හම්බ උනේ නෑ...

ඔව් මල්ලි මම කිවා තමයි.. ඒ මට වෙන කෙනෙක් කසාද බදින්ඩ බැරි නිසා... ඔයාගේ ලොකු අයියා තමයි මගේ මහත්තයා. එයා නැති උනේ නැ. එයා හැම වෙලාවෙම මගේ ලග ඉන්නවා මල්ලි.. මට බැ වෙන කාගෙවත් ගෑණියෙක් වෙන්ඩ. මට ඕනි එයාගේ මතකයන් එක්ක මැරෙනකම් ඉන්න මල්ලි....

මට කට උත්තර නෑ...

ඒත් අක්කේ...

ඒත් මේත් නෙවෙයි මල්ලි.. මම මේ දේවල් ඔයා එක්ක කිවේ ඇත්ත එක්කෙනෙක් හරි දැනගෙන ඉන්නඩ ඕනි නිසා වගේම මට ඔයාව විශ්වාස නිසා මල්ලි... කාටවත් මේ දේවල් දැනගන්ඩ තියන්න එපා පුතේ..

මම දන්නෑ අක්කේ... මගෙන් මේ කතාව එලියට යන්නැ.. ඒත් මට තේරෙන්නෑ...

ඔයාට තේරුම් ගන්ඩ පුලුවන් වෙයි පුතේ.. එතකන් මේ අක්කාව බලාගන්න. (පොඩි මල්ලි කියනවා වෙනුවට ඒකිගේ කටට පුතා කියන වචනේ ඇවිල්ලා.. දැන් කියන්නෙම පුතේ කියලා. ඒකත් මරු. තැනක් නොතැනක් නැ පුතා කියනවා.)

ඔලුවට යකාගේ කම්මල වගේ වෙද්දි මම නිම්නියා අක්කවත් ගෙදරින් ඩ්‍රොප් කරලා ගෙදර ආවා..

දැන් ඔයාලා හිතනවා ඇති මම නිම්නියා අක්කාට වෙච්චි පොරොන්දුව කැඩුවා නේද කියලා.. නැ. මම පොරොන්දුව කැඩුවේ නැ. ඒ කතාව මේ වෙනකොට තව දුරටත් රහසක් නොවෙන නිසයි පොස්ට් එකක් ලියන්ඩ ඕනි කියලා හිතුවේ. මම ඇවිත් ගියාට පස්සේ ලොකු අම්මි අක්කාව කතාවට අල්ලාගෙන.. අඩ අඩ ඇහුවලු කතාවේ ඇත්ත නැත්ත. ඉතිං කෙල්ල කියලා... විස්තරේ.

ලොකු තාත්තා මට කෝල් කරලා කිවා. සින් එක. 




ප.ලි.
දැන් නිම්නියා අක්කා තමයි අපේ පවුලේ අපේ පරම්පරාවේ වැඩිමලා. අපේ ජෙන්රේෂන් එකේ ලොක්කි. ලොකු තාත්තයි ලොකු අම්මියි එයාව ලොකු දුව කරගෙන ඉවරයි. ලොකු තාත්තයි ලොකු අම්මයි නම් කියන්නේ නිම්නියාගේ කැමැත්තෙන් ගෙදරින් ගියොත් මිසක් එයාව ආයේම එයාගේ ගෙදර යවන්නෑ කියලා. ටික කාලයක් ගිහිල්ලා හරි නිම්නියාව හොද කෙනෙක් සොයලා බන්දලා දෙන්ඩ තමයි එයාලාගේ හිතන් ඉන්නේ.

21 comments:

  1. කොහෙද යකෝ ගිහින් හිටියේ. බුදු අම්මෝ උඹලට දාපු ගමන් පාස් අනුමත වෙනවද?

    හරිම සංවේදී කතාවක්. විශ්වාස කරන්නත් බැරිතරම්. මෙතන තියෙන්නේ ආදරයේ සහ පරිත්‍යාගයේ කූට ප්‍රාප්තිය කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහේවත් ගියේ නෑ සර්. මේ දවස් ටිකේ වැඩ වැඩියි. මොන පාස් එක දාලා දෙතුන්සැරයක් වත් ලොක්කාට අඩන්ඩ ඕනි.
      සොරි සර් (මම දන්නවා සර් මේක බලනවා කියලා)

      අනේ මංදා සර්. මටත් තාම විශ්වාස කරන්ඩ බෑ. මොනවා උනත් එයා අපේ ලොකු අක්කා දැන්.

      Delete
  2. මගුලක් බං
    එච්චරයි...
    බට් එකක් කියන්න ඕන.. ඒ වගේ බුලට් එකක් කෙල්ලෙක්ට හම්බෙන්නෙ කලාතුරකින්..

    ReplyDelete
  3. යකෝ මේවගේ කෙනෙක් නේ බඳින්න ඕනේ..............

    ReplyDelete
    Replies
    1. දෙවියන් වහන්සේගේ කැමැත්ත බණ්ඩෝ..

      Delete
  4. මේකනං හතරවරං ම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රසා ජෙමාගේ හතරවරං කියලා දැම්මේ..

      Delete
  5. යුද්දෙන් මැරිච්චි මගේ බැච් බඳින්න හිටපු කෙල්ල අවුරුදු 5කත වැඩිය කතා බහ කරන්නේ නැතුව ගොළු වෙලා හිටියා.. බොහොම හොඳ කොල්ලෙක් හම්බවෙලා මේ මෑතක බැඳලා දැන් උන් ඕස්ට්‍රේලියාවේ පදිංචිවෙලා ඉන්නේ.. අපි වැරදිලාවත් අරු ගැන මතක් කරන්නේ නෑ..
    උඹේ ලොකු අක්කටත් වරදින එකක් නෑ බං.. ජය!

    ReplyDelete
    Replies
    1. මමත් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ එච්චරයි බන්...

      Delete
  6. කවුරු වුනත් යතාර්ථයට මුහුණ දෙන්න ඕනෑ කවදා හරි!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒ කකාව හරි.
      ඒත් සමහර වෙලාවට යතාර්ථය කියලා අපි හිතන් ඉන්න දේ වරදින්නත් පුලුවන්.

      Delete
  7. තවම ලොකු අප්පු නැති වෙලා ගොඩක් කල් නෑ නේද​? නිම්නියා තවම ගොඩක් දුකින් ඇත්තෙ ඒ වගේ වෙලාවක ගන්න තීරන කාලයත් එක්ක දුක අඩු වෙනකොට වෙනස් වෙන්න පුලුවන්. එයාව පරිස්සමෙන් බලාගන්න​.
    වෙන කෙනෙකුගෙ වෙන්න බැරි කමට තමන්ට ගොඩක් ආදරේ කරපු මේ ලෝකෙවත් නැති කෙනෙක්ගෙන් වරදක් උනා කියලා බොරු කියපු එක නම් එච්චර හරිනෑ නේද​? එයා ඉන්න තත්වෙත් එක්ක තමයි හිතන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්... එයා දැන් අපේ පවුලේ කෙනෙක්. අපේ පවුලේ කිසිම කෙනෙක් එයාට වරදක් වෙන්ඩ දෙන්නෑ.
      එයා බොරුවක් කියපු එක වරදක් කියලා මටත් හිතෙනවා... ඒත් ඒක එයා ඉන්න තත්වෙත් එක්ක හිතුවාම..අනේ මංදා බං..

      Delete
  8. තවම ලොකු අප්පු නැති වෙලා ගොඩක් කල් නෑ නේද​? නිම්නියා තවම ගොඩක් දුකින් ඇත්තෙ ඒ වගේ වෙලාවක ගන්න තීරන කාලයත් එක්ක දුක අඩු වෙනකොට වෙනස් වෙන්න පුලුවන්. එයාව පරිස්සමෙන් බලාගන්න​.
    වෙන කෙනෙකුගෙ වෙන්න බැරි කමට තමන්ට ගොඩක් ආදරේ කරපු මේ ලෝකෙවත් නැති කෙනෙක්ගෙන් වරදක් උනා කියලා බොරු කියපු එක නම් එච්චර හරිනෑ නේද​? එයා ඉන්න තත්වෙත් එක්ක තමයි හිතන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්... එයා දැන් අපේ පවුලේ කෙනෙක්. අපේ පවුලේ කිසිම කෙනෙක් එයාට වරදක් වෙන්ඩ දෙන්නෑ.
      එයා බොරුවක් කියපු එක වරදක් කියලා මටත් හිතෙනවා... ඒත් ඒක එයා ඉන්න තත්වෙත් එක්ක හිතුවාම..අනේ මංදා බං..

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කොහොම උනත් සිරාවටම ආදරේ කරපු කෙල්ලෙක්..

    ReplyDelete
    Replies
    1. නිම්නියා අපේ ලොක්කට ගොඩක් ආදරේ කලා කියලා මම දැනගෙන හිටියා. ඒත් මේ තරමටම අාදරේ කරලා කියලා දන්නේ එදා...

      Delete
  12. මට හිතෙන විදිහට ඒක තමයි ඇත්ත ආදරේ......... ඒත් සමහර විට කල් යද්දි දුක අඩු වෙද්දි ඇත්ත තේරුම් ගිහින් වෙන කෙනෙක්ට කැමති වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම උණත් ඒ වගේ අවංක කෙනෙක්ට කවදාවත් වරදින්නෙනම් නෑ....

    ReplyDelete