September 29, 2015

ඇඩ්‍රස් නැති වෙලා තියනවද පොඩි උන් නිසා




ගිය නිවාඩුවට ගෙදර ගිය සැරේ මමයි අම්මියි, බට්ටිච්චියයි, එයාගේ අම්මයි තාත්තයි සෙට් වෙලා ගියා පුංචි ට්‍රිපක් නුවර එළියේ. අපේ කැම්පස් එකේ යාලුවෙක්ගේ ගෙදර තමා නැවතුනේ. දවස් 03 ක් හිටියා කවියාලාගේ ගෙදර. අපේ කවියට ඉන්නවා ගහේ බඩ්ඩක්. අවුරුදු 3 ක් විතර වෙන කොලු පැංචෙක්. දෙයියනේ කියලා ගිය දවසේ ඉදන් කැත නැතිව බට්ටිච්ටයි  අපේ අම්මිටයි මාර ෆිට් උනා. ඒකාට රන්කිරි කටගාලා තියෙන්නේ සුප්පා නැකතක. අච්චම්මෝ කියාගෙන අපේ අම්මි පස්සෙන්මයි.

මුල්ම කතාව
ඔන්න දැන් තොරණෙ විස්තරේ. පලවෙනි කොටුව. කවියගේ පෙම්බර බාරිගේ යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන කට්ටියම යන්න ලෑස්ති උනා සීතා එළියේ තියන සීතා අම්මාන් කියන කෝවිල බලන්ඩ යන්න. කට්ටිය ආතල් එකටත් එක්ක බස් එකේ තමයි යන්න සෙට් උනේ. 

ඔන්න දැන් කට්ටියම බස් එකේ. මමයි බට්ටිච්චියි ගගුලැල් බබයි අන්තිම සිට් එකට ඉස්සරා සිට් එකේ...
අපිට ඉස්සරා සිට් එකේ අපේ අම්මියයි කවියයි අම්මයි...
ඊට ඉස්සරා සීට් එකේ කවියාගේ බාරියි බට්ටිච්චිගේ අම්මයි...
අපිට අනික් පැත්තේ සීට් එකේ බට්ටිච්චිගේ තාත්තා...

ඊලග කොටුව- මම කලිනුත් කිවනේ ගංගු පොඩ්ඩා ගහේ බඩ්ඩක් කියලා. ඒකා බස් එකට නැග්ග වෙලාවේ ඉදන් සෙල්ලම් ගොඩයි. හිනාවෙනවා කැ ගහනවා එක කෙලියයි. බස් එකේ අයටත් මාර ආතල් පොඩ්ඩගේ සෙල්ලම්. ග්‍රෙගරි වැව පාස්  වෙනවා වගේම පොඩ්ඩා....

නැන්දි නැන්දි උම්මා උම්මා...

ඉතින් බට්ටිච්චිත් පොඩ්ඩගේ කම්මුල් දෙකම කිස් කලා.(මට ජෙල නෑ යකූ- ඒ පොඩි එකෙක්නේ...)

ඒම නිම් මේම මේම කියලා මේකා කිස් කලා කියහංකෝ ලිප්ස් දෙක.

ආ.... නෝටිම නෝටි පැංචෙක්... කියලා බට්ටිච්චියා ගංගු පැංචාව කුචිකවන්න ගත්තා. මෙන්න ඒකා කියනවා...

ඒනං අර නැන්දිත් නෝටිම නෝටියි. එයා ඒනං ඒ විදියට අර මාමිට උම්මා දුන්නේ...

හරිනේ...



දෙවනි කතාව
කතා දෙකක් නැ මේකේ කතා නායකයත් අපේ කුප්ප ගංගු බබාම තමයි. ඔන්න එදාම රෑ අපි කට්ටිය කවියලාගේ මිදුලේ බාබක්‍යු + වයින් වලට සෙට් වෙලා. පොඩි සින්දුවකුත් කියාගෙන ඉන්නවා. ගිතාංජලි පොඩි එකාව නිදිකරවලා ඇවිත් විනාඩි 15ක් විතර යන්ඩ ඇති.මෙන්න යාකෝ මේකා දුවගෙන එනවා ජෙට් එක වගේ. ඇවිත් කෙලින්ම අපේ අම්මිගේ උකුලේ.

අපේ අම්මිත් ඉතිං
අනේ... පැංචා අත්තම්මා ලගට ආවද කියලා ගංගු බබාව උකුලෙන් තියාගෙන කිස් එකක් දුන්නා. එතකොට පොඩ්ඩගේ අතේ තිබුන මොකක්ද එකක් දැකලා අපේ රංගියාගේ අම්මා...

මොනාද පුතේ අතේ... කෝ දෙන්නකෝ බලන්න අත්තම්මාට

ප්‍රීති පුරෝහිත ප්‍රීති...!!!

හනේ අංහිංසක කවියයි ගීතාංජලි දැරිවියි...



තුන්වෙනි එක
මේකත් ට්‍රිප් එකක් ඇතුලේ වෙච්චි කතාවක්ම තමයි. ටික කාලයක් වෙනවා. (අර සිහින මංපෙත කියලා තියන පෝස්ට් එකේ  කියපු කෙනා නැතිවෙච්ච කාලේ) අපි ගෙවල් ලග ෆැමිලි තුනක් සෙට් වෙලා ගියා පොඩි වන් ඩේ ට්‍රිපක්. කතා නායිකාව අපේ ඉස්සරාගෙදර අයියගේ දෝනි පොඩ්ඩ.

ඔන්න අපි බෝපත් ඇල්ල බලලා කෑම කන්න තැනකට සෙට් උනා. මමයි ශමිල් අයියයි, ශමිල් අයියාගේ වයිපරෙයි, කතා නායිකාව චේචි දෝනියි, චන්ද්‍රා ආන්ටියි. පොඩි එකි බත් කටවල් දෙක තුනක් කාලා අඩන්න ගත්තා කියහංකෝ අම්මි කුක්කූ අම්මි කුක්කූ කියලා...

ආ....මෙච්චර ලොකු බබෙක් වෙලත් කුක්කු බොනවද? හොද පුතා වගේ බයි චුට්ටක් කමු.. කියලා අපේ අම්මි පොඩ්ඩව ලගට ගත්තා විතරයි මේන්න මේකි හුරේ අඩනවා. අම්මිත් ඉතිං පොඩ්ඩව නලවන්න ෆුල් ට්‍රයි. ශමිල් අයියගේ වයිෆ්  බත් එකට ගේම දෙනවා සික්සර් වලින් පොඩ්ඩිව අතට ගන්න.

ඒ අක්කට කෑම ඉස්මොල්ලේ ගියෙයි, ශමිල් අයියට *කනවා කියලා කියවුනෙයි එකම වෙලාවේ...

නැන්දි...
අපේ අම්මි හරිම එක්ක මන් තලායි.. අම්මි කුක්කු දෙන්නේ තාත්තිට ඉතලයි. බබාට දෙන්නෑ බබා පවු.....


29 comments:

  1. දෙවියන්ගේ පිහිටෙන් තාම නම් ඔච්චර කුප්ප වැඩ වෙලා නෑ!!!
    යකෝ ඉන්න පලාතකටවත් ගෙන්න ගන්ඩ හොද එකෙක් නෙවෙයි නේ ??

    ReplyDelete
  2. ඒ විතරක්ද බං පොඩි උං එක්ක ටීවි බලන්නත් බැ.ෆිල්මි එක්ක තිබුනා කිස් කරන එකක්.අක්කගේ පොඩි එකා කෑ ගහලා කියනවා අන්න අර මාමි අර නැන්දිගේ කට කනවා කියලා.

    ජෙමා හොරැ බලන්නත් ඇවිත් පලයං.මෙන්න පාර
    කවුද හොරැ ?

    ReplyDelete
    Replies
    1. දැලිපිහියෙන් අයිස්කිරිං කෑම...

      Delete
  3. අැත්තට ම පොඩි ඒවුන් මාර කතා කියන්නේ..... උං දකින හැම දේම කියනවානේ.. කරන දෙයක් පරිස්සමට කරන්න ඔ්නේ.....

    ReplyDelete
  4. කතාවේ සාරාංශය මෙසේය...
    කතෘ තමා බෙහෙවින් සමාජශීලී විනෝදකාමී පුද්ගලයෙකු බව පෙන්වීමට ට්‍රිප් කතා දෙකක් ගොතා ඇත. පොඩි දරුවා පිලිබඳ කතාව ඔහු විසින් ගොතන ලද ඒවා බව පෙනේ. කතෘගේ මෙම ලිපියේ අරමුණ තමාව පුම්බා උඩ යවා ගැනීමක් බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම උනත් කතාව රසවිදින්න අපිටනමි ප්‍රශ්නයක් උනේ නැ ඇනෝ.කුහක කම පැත්තක තියලා බැලුවනමි ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැ..අපේ පෝස්ටි වලදි උනත් කතාව වඩාත් හිතට දැනෙන විදියට පලකරන්න ඔන උනාම ඒකතාව ටිකක් සංස්කරණය කරනවා.අලුතෙන් දෙබස් එකතු කරනවා.ඒ දෙබස් එහෙම ඒ විදියටම උන ඒවා නෙවෙයි.නමුත් ආසන්නයි.මෙක බ්ලොග් අවකාශයනේ ඇනෝ.පන්සල නෙවෙයි.

      Delete
    2. @ AnonymousSeptember 29, 2015 at 7:06 PM
      මචං ඇනෝ.. මට හිතෙන්නේ උඹ පට්ට ඉරිසියාවකින් පෙලෙනවා. මම ලබපු අද්දැකීම් මම ලීවා.
      හරි උඹ කියන විදියට මම මේවා ගොතපු ඒවා නම්,
      මම පට්ට වැඩ්ඩෙක් ඕයි.
      කෙටියෙන්ම කියනවා නම් පොරක්...
      යකෝ මේ වගේ දෙයක් හිතලා ලියන්න නම් මගේ නිර්මාණාත්මක හැකියාවත් පට්ට නේ් ඕයි...

      Delete
    3. @ මනෝ මන්දිරSeptember 30, 2015 at 6:54 AM
      ජෙමා වෙනුවෙන් කතා කරපු එකට ස්තූතියි

      Delete
    4. ඇනෝ,
      කමක් නෑ. තමන්ගෙ බ්ලොග් එකේ තමන් කැමති දෙයක් ලියන්න තමන්ට අයිතියක් තියෙනවා. නිර්මාණ හරි ප්‍රබන්ධ හරි ඔය ඕනෙ දෙයක්. මොකද, ඇත්තට වෙච්ච දේවල්මයි ලියන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ.

      Delete
    5. TO Anonymous
      OYA KOHOMA HITAN HITIYAT JEMS TA EKA GATALUWAK WENA EKAK NE DAN. KALIN NAM EYATA ME WAGE COMMENT DAKKAMA TARAA YANAWA. DAN EHEMA NA. HINA WEWI EWA BALANNE. APARADE ANONYMOUS GE DATA

      Delete
  5. පට්ට.......... පොඩි එවුන් අතින් අනාත වෙන සීන් නං එමටයි..............

    ReplyDelete
    Replies
    1. උන් එක්ක බෝම පරිස්සමෙන් ඉන්ඩ ඕනි බන්

      Delete
  6. ඕකුං ගැන කතා කරන්න එපා
    අපේ රෙදි ගලවන්න ම ආපු උං ටිකක්
    විලි ලැජ්ජා සාගරයයි.
    කතා කරල වැඩක් නෑ ජෙමෝ

    ReplyDelete
  7. හෙහ් හෙහ්, පොඩි එවුන්ට අහු උනොත් විනාසයි..

    ReplyDelete
    Replies
    1. උන්ගේ හුරතල් කම වගේ තමයි අනික් පැත්තත්.
      ඇඩ්‍රස් තියා ඇඩ්‍රස් කියලා නාමයක් ඉතිරි වෙන්නැ...

      Delete
  8. මම දවසක් මගේ යාලුවෙක් එක්ක උගේ අක්කගේ ගෙදර ගියා. අපි යනකොට ඒ ගෙදර උන් TV බලනවා. අපිත් ගිහින් ඉඳ ගත්තා පොඩි එකියක් හිටිය අවුරුදු තුනක් හතරක් විතර. ඇඩ් එකක් දැම්මා සනිපාරක්ෂක තුවා එකක්. ඒක දැකලා කෙල්ල කියනවා... "අන්න අපේ අම්මි පස්ස අස්සට දාන ඒවා කියලා" ගෙදර උන්ට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති.
    එක අතකට මහ උන්ගේ වැරදි.... අර ප්‍රීති එකත් ඒ වගේ......

    ReplyDelete
  9. මේ අප්පච්චිනම් කුක්කු බොන්නේ හරි පරිස්සමෙන් ලු ඉතින්.. :/

    ReplyDelete
    Replies
    1. සික්...
      නෝටි සලමලයා....

      Delete
  10. අපෝ පොඩි උං එක්ක ගනුදෙනු පරිස්සමෙන්.
    දැක්කනේ මල්කොබා කුරුල්ල දීල සෙල්ලං කරන්න වෙලා තියෙන වැඩේ.

    ReplyDelete
  11. හාපෝ....................අනාගෙන ගාගෙන නාගත්තා නේද?

    අපේ ලොකු දුව පුංචි කාලේ, මම මාසෙකට දෙකකට වරක් නිවාඩු ඇවිත්, අපේ උන්දැ එක්ක ඇඳේ එක ලඟින් ඉඳගෙන කතාකර කර ඉන්නවා දැක්කත්, ඇවිත් මැද්දෙන් රිංගලා ඉඳගෙන කියනවා, මොකද ඔය දෙන්නා මෙහෙම හිරවෙලා ඉන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ.. කතා කර කර ඉන්නනම් ඉතින් මොකටද හිර වෙලා ඉන්නේ.. හැක හැක හැක..

      Delete
    2. @ විචාරක - Wicharaka September 30, 2015 at 1:44 PM
      හරිනේ ඉතිං.. මිත්‍ර කීව කතාවට මමත් එකගයි. ඇද උඩ ප්‍රයිවෙට් බස් එකේ යනවා වගේ ඉන්ඩ ඕනද?
      නැද්ද මිතූ

      Delete
    3. දවසක් ප්‍රයිවට් බස් එකකදි වෙච්ච සිද්ධිය මහත්තයට මතකද මන්දා.

      Delete