ජෙමාගේ ජීවිතේ අලුත්
පාරකට මුල්ගල් තියන දවස ටිකෙන් ටික ලං වෙනවා.
නත්තල් නිවාඩුවට ලංකාවට
එන්න ඉදපු ජෙමාගේ වෙන්ඩ බාරි... නැත්නම් මගේ බට්ටිච්චි මේ මාසේ 15 වෙනිදා ලංකාවට
පියාබනවා අම්මයි තාත්තයි එක්කම. අනේ මංදා හිතට දැනෙන හැගීම වචනෙං නං විස්තර කරන්න
බෑ..
අනේ මංදා ඕයි.. විලි
ලැජ්ජාවේ පන යනවා.
බට්ටිච්චි මට ඒ ලස්සන
ආරංචිය දුන්නේ ඊයේ රෑ. ජෙමා තැපැල් ඡන්ද රාජකාරී ඉවර වෙලා තව යාලුවෝ දෙන්නෙක් එක්ක
ගියා පොඩි බියර් එකකට සෙට් වෙන්න එළියට. ඔන්න ඔය අතරේ තමයි එයාගෙං කෝල් එක ආවේ.
වෙරි බැස්සද, ඩෝප් ඩබල් උනාද කියලා හිතාගන්න බැරි උනා. කොහොම හරි බියර් එකක් ගසලා
එන්න ගියපු ත්‍රිබල ආවේ ලෙමන් ජින් එකකටත් වග කියලා...
ඒ මොනවත් නෙමෙයි. මට
හිතා ගන්න බැරි ඇයි මේ තරම් අමුතු හැගීමක් දැනෙන්නේ කියලා. මම කැම්පස් එකේ ඉදන්ම
දන්න කෙල්ල. එයාගේ අම්මටයි තාත්තටයිත් මාව එයාලාගේ පුතෙක් වගේ.... ඒත් අනේ මංදා.
හිරි වැටිලා යන අමුතුම හැගීමක්.
ලියන්න බෑ හත් ඉලව්වේ...
මේ අමුතු හැගීම මාව ඩබල්
කරලා...
නිද්දකිං විතරක්,
ඔරලෝසුවේ කටු කැරකෙන්නෙත් පට්ට හෙමීට.