කලටිපොල් කියන්නේ ජෙමාට
දිරවන්නේ නැති ටොපික් එකක් උනාට පොඩි දෙයක් ලියන්න හිතුනා සමාජ අඩවි වල, තාප්ප,
පත්තර වල තියන දේශපාලන ඇඩ් දැක්කාම.
මේ වෙනකොට තැපැල් ඡන්දේ
ඉවරයි මම හිතන්නේ. ජෙමා නං කාලෙකට පස්සේ වලංගු ඡන්දයක් (ජීවිතේ දෙවැනි වතාවට)
දැම්මා. දැම්මේ ජෙප්පන්ට. ජෙමා මුල්ම ඡන්දේ දැම්මෙත් ජෙප්පන්ට. පොඩි හරි වෙනසක්
වෙයි කියලා හිතලා දැම්මේ. මගේ අදහස නං...
කවමදාකවත් පරම්පරාවේ
සේරම අලි උන පලියට වත්, අත්තා මුත්තා ඉදං සන්දාන කාරයෝ, නිදහස් පාක්ෂිකයෝ උන
පලියටවත්, අලියට, බුලත් කොලේට, සීනුවට ඡන්දේ දාන්න හොදනෑ. තමන් කොටුවෙලා ඉන්න
රාමුවෙන් පිටතට ඇවිල්ලා හොදට ඇස් ඇරලා බලලා ගහන කෙනෙක්ට කතිරේ ගහන්නයි තියෙන්නේ.
අනිත් දේ තමයි එක එකාව
දිනවන්න කඩේ යන එක. මහ පජාතිම වැඩක්. අරක්කු බෝතලේටයි, කෑම පැකට් එකටයි එක එකාට
පශ්චාත් භාගය දෙනවා. අද අලියට, හෙට බුලත් කොලේට. ඒත් ඡන්දේ දවසට ගිහින් කතිරෙ
ගහන්නේ සීනුවට. අවුලක් නෑ. තමන්ගේ කැමැත්ත.
අනික් හොදම දේ තමයි, අරූ
මෙච්චර කාලා තියනවා, මේකා මෙච්චර කාලා තියනවා, අරූ මිනි මරුවා අනං මනං වේදිකා වල
කිය කියා ගන්න ආතල් එක. හිතලා බැලුවාම මට නං හිතෙන විදියට ඔය ලොකු ලොකු පුටු වලට
මොකා ආවත් ජරාව කන එක කනවාම තමයි. තමංගේ හෙංචයියන්ට අදිනවා. ඒක නවත්තන්න සක්කරයාට
වත් බෑ.
ඒ අතින් බැලුවාම හොදම දේ
කියලා මට හිතෙන්නේ කිසිම එකෙක්ට පශ්චාත් භාගය නොදී තමන්ට හරි කියලා හිතෙන පක්ෂෙකට
කතිරේ ගහලා එන එක. නැත්නං ඉතිය නක දි පුසි කියන්න තමයි වෙන්නේ.