June 30, 2015

ගෑණු හොදයි හිටං..


ඔන්න පහුගිය දවසක ගෙදර ගිහිපු වෙලාවෙක ජෙම්ස් ගියා හවස් වෙලා පොඩි රවුමක් ගහන්න. ඉතිං යාලුවෝ එකක්ට සුට්ටක් සෙටාර් වෙලා ආයේ ගෙදර එද්දි බස් හෝල්ට් එකේ ඉන්නවා දැක්කා දැකලා පුරුදු කෙල්ලෙක්. 

අප්පටසිරි...!
ඉස්කෝලේ අපේ පංතියේ හිටපු රුචිනි...!

ඔන්න ඉතිං මටත් හොරා මගේ දකුණු කකුල බ්රේක් පැඩ්ල් එක උඩ.!
දෙන්...රිවස් ගියර්.!

කෙල්ලටත් මාව දැක්කා විතරයි අංඤ කොරොස්..... 
ඉතිං බැහැලා ගිහිං කෙල්ල එක්ක දැම්මා පොඩි චැටක්. ඇත්තටම මාර හැපී.. හුග කාලෙකින්නේ දැක්කේ. ඉතිං ආගිය විස්තර කතා කර කර ඉන්නකොට මම කිවා...
‘රුචිනියා ගෙදර නම් යන්නේ මගෙත් එක්ක යං, මම ඩ්‍රොප් කරගෙන යන්නං‘
කියලා. ඉතිං ඒකිත් ඕකේ කියලා මගේ පුංචි පැන්ඩාට ගොඩ උනා. කොහොම හරි රුචිනියවත් ගෙදෙට්ට දාලා එහෙං පැෂෝනා එකකුත් බිලා කොල්ලා ගෙදර...

ඔන්න කොල්ලා ගෙදරත් ආවා කියමුකෝ, ඔන්න ඊට පස්සේ ගෙදර උන සිද්ධිය...

අම්මා : ඉලන්දාරියා කොහේද මේ හවස් වෙලා ගියේ?
මම : මම කිවේ අම්මා.... බන්ඩාලා එක්ක පොඩ්ඩක් එළියට ගියා...
අම්මා : හොදටම ෂුවර්ද..?
මම : බුදු ෂුවර්, මොකක්ද කේස් එක..?
අම්මා : නෑ... මේ නිකං....
මම : නිකං වෙන්න බෑ... කියන්නකෝ අම්මා මොකක්ද කේස් එක..
අම්මා : නෑ මේ මට කෙනෙක් කීවා මගේ වෙන්ඩ ලේලි කාර් එකේ තියන් යනවා දැක්කා කියලා...
මම : හුටා... කව්ද ඒ කෙප්පේ ඇදලා ඇරියේ...
අම්මා : එව්වා වැඩක් නෑනේ.... කවුද පුතේ කෙලි පොඩ්ඩ...? ආයෙමත් උබ ඇන්දෙන්නෑ නේද...?
මම : අයියෝ අම්මේ... ඒ අපේ ඉස්කෝලේ හිටිය ළමයෙක්, හවස හෝල්ට් එකේ ඉන්නවා දැකලා කතා කලා, එයක් මේ පැත්තට එන නිසා දාගෙන ආචා. එච්චරයි...
අම්මා : හ්ම්...!
මම : කව්ද අම්මා කිවේ...?
අම්මා : උපාලි අංකල්...

ඔන්න ඕකයි තත්ත්වේ... ගැණු එක්ක වසලා ඉන්න පුළුවං... යකෝ චීත්ත අදින පිරිමි එකක්නේ වසලා ඉන්න බැරි... 

අම්මපා මම කනවා ඕකව...
වෙලාවට මම හරක් මස් කන්නෑ....

 
 

 

13 comments:

  1. හෝව් හෝව්......................චීත්ත අඳින පිරිමි යනු වඳ වෙමින් යන සත්ව කොට්ඨාශයකි. ඒ උන්දැට පෙනෙන්න තව කෙල්ලෝ දෙතුන් දෙනෙක්, (උන්ට කීයක් හරි ගෙවලා වුනත් කමක් නැහැ) කාර් එකේ දාගෙන ගියානම් උන්දෑ පැලී මියයනු ඇත. හිතට නිවනක් ලැබේ. අනියම් මිනීමරුමක්ද නොවේ.

    ReplyDelete
    Replies
    1. ඒකා පැලෙන්න දෙයක් නෑ...
      ට්‍රයි කොරලා ඒකාගේ දෝනියන්දෑව දාගෙන එන්න ඕනි...

      Delete
  2. වෙලාවට හරක් මස් කන්නෙ නැත්තෙ
    හිහ
    ආයෙත් එන්නංකො මෙහෙ

    ReplyDelete
    Replies
    1. එන්ඩ.. එන්ඩ..
      සාදරයෙන් පිලිගන්නවා හිටං...

      Delete
  3. බොට නං කවදාවත් ආර්එස්පී ලැබෙන්නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. දනිමි.. දනිමි...
      තැන්කූ ඇ...
      හෙහ්... අපි සැලෙයි ඔව්වට...

      Delete
  4. දැන් අර ලුංගිය කියන එක චීත්තෙට වැඩිය ලස්සනයි..ඒක ඇන්දම සරම වගේ..

    ReplyDelete
    Replies
    1. උපාලි ලොක්කට ලුංගියක් ඇන්දුවොත් තියේවි නිකං වංගෙඩියක් වටේට රෙද්දක් ගැටගැහුවා වගේ...

      Delete
  5. කලිසන් අඳින ගෑනු එක්ක ඕනේ පුකක්, චීත්ත අඳින පිරිමි එක්කනේ බැරි :D

    ReplyDelete