ඔන්න ජෙමාට උපාලි බඩා කරපු චීත්ත වැඩේට ඔලුව අතාගාලා පොඩි ටොක්කක් අනින්න චාන්ස් එක ආවා. (උපාලි බඩා කවුද?)
ඔන්න ජෙමා වීකේ එන්ඩ් එකේ ගෙදර ආවා. ගෙදර ආවට ගෙදරට වෙලා ඉන්න පුළුවං එකෙක්යැ ජෙමා කියන්නේ. පැන්ඩා සමග සංචාරේ. ගෝල්ෆේස් පැත්තේ පොඩි රවුමක් දාන්න ගියා චීකුවා එක්ක. (චීකු ගැන රස කතා ඉදිරියේදි). කොහොම කොහොම හරි චීකුවා එක්ක පච වෙලා ඒකවත් ගෙදරට දාගෙන හවස පහමාරට වගේ වෙනකොට මාත් ගෙදර එන්න ආවා. එනකොට අම්මි කෝල් කරලා කිවනේ එනගමං මීකිරි එකක් අරං එන්න කියලා. ඉතිං කොල්ලා ගියා කීල්ස් සුපර් එකට මී කිරියක් ගන්න.
අම්මා ගහයි බැට් එකෙන්...
මෙන්න යකෝ සෙව්වන්දිත් (සෙව්වන්දි කියන්නේ උපාලි බඩාගේ ලොකු කෙලී) ඉන්වා බඩු වගයක් අරං බිල් කරගන්න. ඔන්න ඉතිං ජෙමත් ගිහිං කතා කරා.. ඔන්න ඔය අවස්ථාවේ තමයි ජෙමාට අර මොකක්ද එක පහල වෙන්නේ...
මම : සෙව්වන්දි... ගෙදරද යන්නේ...
සෙව්වන්දි : ඔව් මල්ලී ( ඒකි මට වඩා මාස ගානකට වැඩිමල් ඉතිං පොඩි කාලේ ඉදං එහෙම තමා කතාව)
මම : මේ... මමත් ගෙදර යන්නේ... යමු මගෙත් එක්ක...
ඉතිං කොහොම කොහොම හරි සෙව්වන්දිත් එක්ක චැටක් දාගෙනම ආවා.. ඇවිත් සෙව්වන්දිලාගේ ගෙදර ඉස්සරහ කාර් එක නවත්තනකොටම උපාලි බඩත් ගේට් එක ලග...(දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා... කොහොමත් උපාලි බඩාගේ පුරුද්දක් තියනවා හවසට හවසට දුම් පයිප්පයක් අදින ගමං මිදුලේ ඇවිදින්න) හම්මේ මට දැනුනු සංතෝසේ..
දෙන්නම් පුතේ ජම්බු...
සෙව්වන්දි කාර් එකෙන් බැහැලා වේව් පාරක් දාගෙන යනකොට ජෙමත් හෝන් පාරක් ගහලා දුන්න සෙව්වන්දිට හොද ෆ්ලයින් කිස් එකක්...
අම්මේ බඩාගේ මූන නිකං.....
කියන්න වචන නෑ ඕයි...
ප.ලි 2015.07.07
බඩාගේ දොනියන්දෑ ජෙමා සමග කල එස්එම්එස් සංවාදෙත් වෙනමම පෝස්ට් එකක් දාන්න පුළුවං වෙයි වගේ... බලමුකෝ...



