August 3, 2015

යකෝ මේ මම..!





ලොකු අයියගේ මරණෙ විකුණං කාලා ඉවර වෙලා ඔන්න අද ආයෙත් මොනවා හරි ලියන්න හිතුනා. :D (කෙනෙක් කියලා තිබුණා මතකයි...)

මම.
21014496 ක් වෙච්ච ශ්‍රී ලාංකියජනගහන සර්වත්‍ර කුලකයේ
10368207 ක් වෙච්ච පුරුෂ කුලකයේ එක් අවයවයකි

මා හට
ජිවිතයේ ලොකු බලාපොරොත්තු නොමැත
බලාපොරොත්තු නැත්තේද නැත..

මට අවැසි දේ කෙලෙස හෝ සිදු කිරිම
සරලව කියනවා නම් කෙක්කෙන් හෝ කොක්කකෙන් සිදුකිරීම
මාගේ ඇකි ධාරානිපාත වරදකි
බරපතලම වරදක් බැව් මා දන්නා නමුත්
එය
නිවැරදි කර ගැනීමට මා වෙහෙස නොවෙනුයේ මා,
මම ම වන නිසා වෙන්නට ඇත.

මා..
හොද ප්‍රත්‍රයෙක්, සහෝදරයෙක් වෙමි
විටක මිතුරෙකි...
සතුරෙක්, චෞරයෙක්ද වෙමි...
හොද පෙම්වතකුද වේ..
අවැසී වූ විටක
බේබද්දෙක්, සල්ලාලයෙක්ද විය හැක.

තවද,
යමෙකුට මා කරනා දෙය වරදක් ලෙස දකින්නට පුළුවන
එහෙත් මාහට නිවැරදි නම් මා කරනා දෙය කරන්නට දෙවරක් සිතන්නේ නැත
උපදෙස් දී මා නිවැරදි කල නොහැක...

රිදෙන්නට යමක් සිදුවූ වට වරදක් සිදුව ඇති බැව් ප්‍රත්‍යක්ෂ කරගන්නා අතර,
එවිට යම් වෙනසක් සිදු කරමි.
ඒ මමය.

මා හට...
මම මා ම විමට නිරතුරුවම අවැසි වන අතරම
මට ඔබ වීමට අවශ්‍ය නැත....

18 comments:

  1. ඔව් ඉතින් ඔයා පොරනේ.......... ගල් මයිනා

    ReplyDelete
    Replies
    1. අඩේ මම පොරක්ද...? ඔබ තුමා කියනවා නම් වෙන්ට ඇති.
      ගල්මයිනා...
      ෂා.. ලස්සන නමක් ඕයි...

      Delete
  2. ඔව් ............ ඒ නම් උඹම තමා...........

    ReplyDelete
    Replies
    1. අනිවා මචං ගී පවුර

      Delete
  3. කැපුවත් මම,මම වෙමි!

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ අපූරුවට...

      Delete
  4. මා ගැන මා මිසක වෙන කවුරු දනිත් ද?

    ReplyDelete
    Replies
    1. මා ගැන දන්නේ මා පමණකි
      මාගේ මෑණියන් යම් පමණකුත්
      මාගේ මිතුරන් යම් පමණකුත්
      මාගේ ආදරණිය ඇය යම් පමණකුත්
      මා ගැන දනි...
      කිසි විටෙකත් මා
      මම විමට උත්සාහ කරනු හැර
      වෙනකෙකු වීමට යත්න දරන්නේ නැත.

      Delete
  5. ආ...මේ උඹද? උඹ ඡේදන කුළක වලට එහෙම අහුවෙනවා නෙමේ...

    ReplyDelete
    Replies
    1. එව්වට නං අහුවෙන්නේ නැතෝ ම.මා..

      Delete
    2. මේ වගේ දේවල් හිතෙන්නේ මාධවීට විතරමද අනේ.....

      Delete
    3. මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)
      කොයි වගේ දේවල්ද...?

      Delete
  6. ඔය ඉතින් ජෙමා ගැන ජෙමා හිතන් ඉන්න හැටි වෙන්න ඇති නේද​? ;D

    ReplyDelete
  7. සමහර විට, එයා ගැන හිතන්න ඕන විදිය කියල ජෙමා අප ට කියන විදිය වෙන්න ඇති http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඇයි මම එහෙම කරන්නේ..
      ඔයාලා මම ගැන කොහොම හිතුවත් ඒක මට ගැටළුවක් නෙමෙයි.

      Delete