August 14, 2015

මහ ගහෙංම කෙලවිය...!



ජීවිතේ යාලුවෙක් කියලා ඉදපු එකෙක් නිසා ආයෙමත් මහ ගහෙංම කෙල උනා. ඒකාගේ නම රවීන්ද්‍ර. මිට අවුරුද්දකට විතර කලිං මේකාගේ මගුලට සල්ලි ටිකක් ඕනි කියලා මගෙං ලක්ෂ දෙකක් ඉල්ලුවා. සුටුස් ගාලා දෙනවා කියලා. එකටම ඉදපු බොක්කක් නිසා ළග තිබිච්චි සල්ලි ටිකකුයි, අඩු පාඩුවට අම්මි අරං දුන්නු චේන් එක උකස් තියලා ගත්ත සල්ලියි සෙට් කරලා ලක්ෂ දෙකක් මම ඒකාට දුන්නා. මම ඒ ලබ්බාට කිවා මගේ චේන් එකත් උකස් කරලා සල්ලි දුන්නේ උඹ ඒක බේරලාම දියන් කියලා.

කොහොම හරි මේ ලබ්බා දෙනවා කියපු දවස වෙනකොට මට ලක්ෂ එකහමාරක් දුන්නා. මාස හතර පහකින් චේන් එකත් ගෙවලා ඉවර කරන්නම් කීවා. මේ වෙනකොට එක මාලේට මාල දෙකක් බේරගන්න කල් නිසා මම රවියට කෝල් කරලා බැලුවා. ඒකා ෆෝන් එක ආන්ස්වර් කරන්නෑ මාව මගඅරිනවා. 

ඔන්න ඉතිං පුෂ්පෙ විකසිත වෙන වෙලාව. ගත්තා ඊටීඅයි එකට කෝල් එකක්. ඇග සලිත වෙලා යන ස්වීට් වොයිස් එහෙකිං කතා කලේ කෙල්ලක්. විස්තර කියලා ඇහුවා. අයිඩී එකත් අහගෙන ටික වෙලාවකින් කියපු දේ නං සෝ.... ස්වීට්..!!

සර් ඉන්ට්‍රස්ට් එකත් එක්ක රුපියල් 77,623.42 ක් ගෙවලා චේන් එක බේරා ගන්න පුළුවං....!!!

කාලා වරෙංකෝ... මේ වශ්‍යා පුත්‍රයා එක වාරිකයයි ගෙවලා තියෙන්නේ...





ප.ලි.
ආහ්... හෙට උදේ වෙන්ඩ ගෙදර එක්කෙනයි, වෙන්ඩ නැන්දම්මා ඇන්ඩ් මාමන්ඩියයි ලංකාවට සැපත් වෙනවා. කොල්ලා අද හවස නිවාඩු යනවා දවස් 10ක්. 



16 comments:

  1. ණයක් දෙන කොට බලන්න ඕනෑ ඒ මුලලෙන් ප්‍රයෝජනවත් වැඩක් කරනවාද? ණය ආපසු ගෙවන්න හැකි ආදායමක් ඒ ආයෝජනයෙන් ලැබෙනවාද කියලා!

    ඒ කියන්නේ කසාද බැඳීමට ණය දෙනවා කියන එක මහා මෝඩ කමක්!

    ReplyDelete
    Replies
    1. ණයක් විදියට නෙමෙයි බං රසිකෝ ඒකට මම සල්ලි දුන්නේ.. ෆ්‍රෙන්ඩ්ෂිප් එකට. අන්තිමට මට කෙල උනා.දැං ගෙවපංකො.

      Delete
  2. කමක් නැ. ඉගෙනගත්ත පාඩම 77,623.42 ට වැඩිය ගොඩක් වටිනවා. ඕක තව පස්සෙ ඉගෙනගන්න ගියානම් වියදම ඔයිට වඩා ගොඩාක් වැඩි වෙන්න තිබුනා.
    මාලෙ මොකක්ද කොල්ලෝ කෙල්ල එනවනේ... ​

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. ඒත් මොකෙක් හරි උදව්වක් ඉල්ලං ආවම පුලුං උදව්වක් නොකර ඉන්න හිතෙන්නෑ බං.

      කෙල්ල හෙට එනවාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා

      Delete
  3. ඔය වගේ කටු මාත් කාල තියෙනව. ඒ හින්ද දැං කිසිම යාලුවෙක් විස්වාස කරන්නෙ නෑ.
    එකහමාර හම්බවෙච්ච එකම මදැයි.

    ReplyDelete
    Replies
    1. කොච්චර කටු කෑවත් අපිට ලැජ්ජ නෑ බං ප්‍රසා..

      Delete
  4. ඒක ටික දවසක් වත් මතක තිබ්බොත් උඹ ගොඩ..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල් වලට මතකය ගොඩක් අඩුයි දේශක. කවදා හරි දවසක මම හොද ලුනු නැති පරිප්පුවක් කනවා ලෙසටම. බුදු ෂුවර්...

      Delete
  5. ණය වෙලා කසාද බැඳීමත්, කසාද බැඳීමට තම පෞද්ගලික ධනය ණයට දීමත් මෝඩකමකි.

    ReplyDelete
    Replies
    1. ණයට දීමෙන් දෙකම නැතිවේ කියලා කව්දෝ මංදා කියලා තියනවලුනේ සර්...

      Delete
  6. ණයට දීමෙන් මිතුරාත්, මුදලත්, පොලියත් නැතිවේ!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි... තුනම නැතිවේ...

      Delete
  7. මාත් ඔය වගේ සීන් එක්කට මේ දවස් වල විඳවනව. ඒක නං තනකර අතිං කාල හරක් බැලුව වගේ වැඩක් වුණේ. මොනා කරන්නද ගිය නුවණබුල්ඩෝසර් 1000දාලවත් අද්දන්නබෑ නෙව

    ReplyDelete
  8. අපරාදෙ.......... තව ටික දවසක් ඉවසලා අපේ අාණ්ඩුව අාවාම කසාද බන්දලා දුන්නානම් උඹට අතටත් ගානක් තියෙනවාන්...... යකෝ ලක්ෂ දෙකක්.....

    ReplyDelete
    Replies
    1. අපේ ආණ්ඩුව.. ඒ මොකක්ද බං...?

      Delete