ජෙම් මේ දින ටිකේ exam එකක්ට ready වෙනවා. ඒ නිසා මේ දවස්
ටිකේ ලියන එකක් නැහැ. මටත් ලියන්න ආසාවක් තියෙන නිසා මමත් ලියන්න හිතුවා. අවධි උන ගමන් ජෙම්ස් ගැන මතක් වුන නිසා එයා ගැනම ලියන්න
හිතුවා.
ජෙම්ස්.. නැතිනම් අප්පු.
මම ජෙමා කියන නමට ඒ තරම් කැමැත්තක් නැති නිසා මම එයාගේ අම්මි වාගේ අප්පු කියලාම
කියනවා හොදේ. මට මුලටම එයාව දකින්ට ලැබුනේ කැම්පස් එකේදි. ඒ වෙලාවේ දී නම් එයා ගැන
මට මොනවත් හිතුනේ නැහැ. ඒත් මම නිසා එයා රැග් වෙච්ච එක නම් මට හොදට හිතට කා
වැදුණා. මමත් දනේනෙම නැතිව ආදරයකට
පෙරලුණා. එදා මෙදා කාලේ ඇතුලත මට අප්පු ගැන කියන්ඩ තියෙන ප්රදානම දේ, අප්පු හරිම
කුකුල් කේන්ති කාරයෙක්. ඒ වගේම ගොඩක්ම හිත හොද කෙනෙක්. ඒ වගේම එක්තරා විදියක
පිස්සෙක්. හරිම හිතුවක්කාරයෙක්. එ නිසා වෙන්න ඇති අප්පුගේ අම්මි එයාට කියන්නේ හිත
හොද පිස්සා කියලා. එමෙන්ම මට හිතෙනවා අප්පු මට හොද මහත්තයෙක් වෙයි කියලාත් මට
හිතෙනවා.
Special ම දේ තමයි අප්පු එයාගේ
අම්මිටයි තාත්තිටයි පුදුම ආදරයක් තියෙන්නේ. අප්පුගේ තාත්තිත් army officer කෙනෙක් නැති වෙලා තියෙන්නේ යුද්දෙදි. මෝටර් එකක් වැදිලා
කියලා තමයි අප්පු කියලා තියෙන්නේ. අම්මි නං VOG කෙනෙක්. අප්පුගේ අම්මි නිතරම වගේ කියන දෙයක්
තමයි අප්පුත් කවදා හරි අප්පච්චිටත් වඩ ඉහලට යාවි කියලා. මම අප්පුගේ තාත්තා දැකලා
තියෙන්නේ photographs වලින් විතරයි. හරිම Glorious Look එකක් තමයි තියෙන්නේ. අප්පුටත් ඒ ආකාරයටම ලැබිලා තියනවා. අප්පු තවමත් එයාගේ
තාත්තිගේ අර උස boots තියෙන්නේ එයින් දෙකක් polish
කර කර එයාගේ room එකේ තියන් ඉන්නවා ගෙදර.
එයාගේ ගොඩාරියක් ලොකු
වැරදි දේ නැහැ. smoke කලා කැම්පස් කාලේ ඉදංම.
මම කොයිතම් නම් කිවත් නැවැත්තුවේ නැහැ. ඒත් අප්පුගේ බාප්පගේ දෝනි නිසා එයා ඒක
නවත්තලා තිබුණා. එයා එදා මමත් එකක් Skype
call එකේදි ඒක කිවාම මම තරම්
සතුටු උනේ නැතිව ඇති වෙන කවුරුවත්. අනික් එක තමයි drinks ගන්න එක. ඒකත් එයා
ඉක්මනටම නවත්තාවි කියලා හිතනවා. එත් මම ඒක නවත්වන්න කියලා බලපෑම් කරන්නේ නැහැ
එයාට. අප්පුම හිතලා නවත්වයි. ඉන් පස්සේ අනික තමයි ඉක්මනට කේන්ති එන එක. දෙයියනේ ඒ
වෙලාවට නම් මම හරිම බයයි. කැම්පස් කාලේ ඉදන්ම. අනික් දෙය තමයි මිනිස්සුන්ව ඕනිවට
වඩා විශ්වාස කරනෙක. ඒ නිසාම අප්පුට ගොඩක් ලොකු දේ වලට මුහුන දෙන්න සිද්ද වෙලා
තියනවා.
අනික් දේ තමයි මම
චුට්ටක් වත් කැමති නෑ අප්පුත් ආර්මි එකේ ඉන්න එකට. ඒත් ඒක අප්පුගේ ආෂාව නිසා මමත්
එ ගැන සතුටෙන් බලන්න පුරුදු වෙනවා. ඇත්තම කියනව නම් මම ආර්මි එකට බයයි වගෙ. ඒ උනාට
අප්පු uniform එක ඇදලා ඉන්න වෙලාවට
හරිම හැඩයි. ආඩම්බරයි.
හිතුව තරම් මේක ලියන එක
පහසු නැහැනේ අයියො. පැයක් තිස්සේ ලියලත් මෙච්චරයි ලියන්න පුලුවන් උනේ. lectures යන්නත් ඕන. ආයෙත් දවසක ලියනවා.