August 10, 2015

හිතලා ගහන්ඩ..!



කලටිපොල් කියන්නේ ජෙමාට දිරවන්නේ නැති ටොපික් එකක් උනාට පොඩි දෙයක් ලියන්න හිතුනා සමාජ අඩවි වල, තාප්ප, පත්තර වල තියන දේශපාලන ඇඩ් දැක්කාම.

මේ වෙනකොට තැපැල් ඡන්දේ ඉවරයි මම හිතන්නේ. ජෙමා නං කාලෙකට පස්සේ වලංගු ඡන්දයක් (ජීවිතේ දෙවැනි වතාවට) දැම්මා. දැම්මේ ජෙප්පන්ට. ජෙමා මුල්ම ඡන්දේ දැම්මෙත් ජෙප්පන්ට. පොඩි හරි වෙනසක් වෙයි කියලා හිතලා දැම්මේ. මගේ අදහස නං...

කවමදාකවත් පරම්පරාවේ සේරම අලි උන පලියට වත්, අත්තා මුත්තා ඉදං සන්දාන කාරයෝ, නිදහස් පාක්ෂිකයෝ උන පලියටවත්, අලියට, බුලත් කොලේට, සීනුවට ඡන්දේ දාන්න හොදනෑ. තමන් කොටුවෙලා ඉන්න රාමුවෙන් පිටතට ඇවිල්ලා හොදට ඇස් ඇරලා බලලා ගහන කෙනෙක්ට කතිරේ ගහන්නයි තියෙන්නේ.

අනිත් දේ තමයි එක එකාව දිනවන්න කඩේ යන එක. මහ පජාතිම වැඩක්. අරක්කු බෝතලේටයි, කෑම පැකට් එකටයි එක එකාට පශ්චාත් භාගය දෙනවා. අද අලියට, හෙට බුලත් කොලේට. ඒත් ඡන්දේ දවසට ගිහින් කතිරෙ ගහන්නේ සීනුවට. අවුලක් නෑ. තමන්ගේ කැමැත්ත.

අනික් හොදම දේ තමයි, අරූ මෙච්චර කාලා තියනවා, මේකා මෙච්චර කාලා තියනවා, අරූ මිනි මරුවා අනං මනං වේදිකා වල කිය කියා ගන්න ආතල් එක. හිතලා බැලුවාම මට නං හිතෙන විදියට ඔය ලොකු ලොකු පුටු වලට මොකා ආවත් ජරාව කන එක කනවාම තමයි. තමංගේ හෙංචයියන්ට අදිනවා. ඒක නවත්තන්න සක්කරයාට වත් බෑ. 

ඒ අතින් බැලුවාම හොදම දේ කියලා මට හිතෙන්නේ කිසිම එකෙක්ට පශ්චාත් භාගය නොදී තමන්ට හරි කියලා හිතෙන පක්ෂෙකට කතිරේ ගහලා එන එක. නැත්නං ඉතිය නක දි පුසි කියන්න තමයි වෙන්නේ.

30 comments:

  1. //ඒ අතින් බැලුවාම හොදම දේ කියලා මට හිතෙන්නේ කිසිම එකෙක්ට පශ්චාත් භාගය නොදී තමන්ට හරි කියලා හිතෙන පක්ෂෙකට කතිරේ ගහලා එන එක. //

    ඕක ඉතිං බහුතරයක් වෙච්චි දවසට රටකට කලක් ලබාවි ජෙමෝ..

    ReplyDelete
    Replies
    1. හ්ම්...
      එහෙම දවසක් උදා උනොත් වාසනාවක් බංස්...

      Delete
  2. හිතල හිතල නොදා ඉන්න තමයි මං කම්පනා කරේ.. :/

    ReplyDelete
    Replies
    1. ඒ උනාට.. රත් වෙන කොට නොදාම ඉදියි. අපි නොදන්න දකුනේ මෝඩ පුතයෝ. හැක්.

      Delete
    2. //අපි නොදන්න දකුනේ මෝඩ පුතයෝ// තමන්ටම මෙහෙම නින්ගිරහ කර ගන්නවා දැක්කමයි.. හැක හැක.. දකුණේ දුවල මෝඩ නැතුවවත්ද මන්දා ඕයි.. උන්දා තමයි මේ පාර බෑම කියන්නේ.. අපි නම් ඉතින් උඩහ කොල්ලොනේ.. හැක හැක..

      Delete
    3. මං හිතුවේ උඹ දකුණේ මෝඩ පුත්තරෙක් කියල නේ.. උඩරට ද අනේ වාසනාවන්.. හැක්. අපි බදුල්ලේ..

      Delete
    4. @ කල්‍යාණ මිත්‍රAugust 10, 2015 at 2:39 PM
      එව්වට මොකුත් කියන්න බෑ ආයිබෝං... ඡන්දෙ නොවැ...

      Delete
    5. @ දේශක යාAugust 10, 2015 at 3:00 PM
      අඩේ දකුනේ ඉන්නේ එල කොල්ලෝ හරිද..?

      Delete
    6. @ කල්‍යාණ මිත්‍රAugust 10, 2015 at 3:43 PM
      සුද්දා ගල විද්දේ නැත්නම් ඔය උඩහ කොල්ලෝ සේරම තාම කොල අතු ඇදන් ඕයේ ඔජායේ කියනවා...

      Delete
    7. @ දේශක යාAugust 10, 2015 at 3:48 PM
      ආහ්... බදුල්ලේද..?
      අනේ වාසනාවන්..

      Delete
  3. වැරදි කරපු මිනිස්සුන්ට අපි හිතන්න අවස්ථාවක් දුන්නා...... දැන් ඊටත් ඒහා දෙයක් කරන්න වෙලාව අැවිල්.. මේක ජනතා බලවේගයක් කියලා පෙන්නන්න වැදගත් අවස්ථාවක් මචං

    ReplyDelete
    Replies
    1. හම්...
      /* මේක ජනතා බලවේගයක් කියලා පෙන්නන්න වැදගත් අවස්ථාවක් මචං */
      මේ කතාව ඇත්ත. ඒත් ඒ බලවේගේ ජනතාව මොන විදියට පෙන්නයිද කියලා හිතා ගන්න තමා අමාරු. කොටිංම දේශපාලනේ ජෙමාට දෙමල පත්තරේ වගේ...

      Delete
  4. මාත් ‍ෙජෙප්පන්ට

    ReplyDelete
    Replies
    1. තොගේ සිංහල හදාගනිං..නරියා.. හැක්. (බලාහං.. ඇල්ට හරි කන්ට්‍රෝල් හරි එබිලද කියලා)

      Delete
    2. @ අටම්පහුරAugust 10, 2015 at 3:24 PM
      හිතලා ගහන්න.

      Delete
    3. @ දේශක යාAugust 10, 2015 at 3:49 PM
      අටමාගේ කන්ට්‍රෝල් එක එබිලා ඇත්තේ....!!! හිකිස්...!!!

      Delete
    4. ඇයි ජෙප්පන්ට ගහන්නකො UNPයට. පක්ෂෙ දුවන්න සල්ලිත් දෙනවනං, ආණ්ඩුවෙ ටීවී පත්තර වල නොමිලේ නැත්නං ඩිස්කවුන්ට් පිට පබ්ලිසිටිත් දෙනවනං, සෙනග ගේන්න ලංගම බසුත් දෙනව නං, ලපු කුමාරට ලක්ෂ 25 හේ කැලිත් දෙනව නං ඇයි ජවිපෙට. දෙන්නකො UNp යට

      Delete
    5. @ chamara TarangaAugust 10, 2015 at 8:34 PM
      දැන් දීලා ඉවරෝ... කෝලන් පී

      Delete
  5. මාත් ජෙප්පන්ට දුන්න තැපැල් ඡන්දෙ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම හිටං..!
      කෝලන් ඩී

      Delete
  6. යකෝ මෙව්වා කතා කරලා චාජ් එකේ යන්නද හදන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔන්නොහේ පරිස්සමට ගෙහුං එනවා සර්...
      හිකිස්..!

      Delete
  7. කාට කොහොම ගැහුවත් අන්තිමේ ඉතින් එකම සංතෑසිය තමයි..

    අදයි මේ පැත්තට ගොඩ උනේ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත මචං..
      වෙල්කම් ඈ...!

      Delete
  8. මමත් දැන් ගොඩක් කාලෙක ඉඳන් හිතනවා​.. හිතනවා.. හිතනවා.. හිතනවා.. තාම හිතනවා..

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්නෙපා යකෝ...
      බඩේ අමාරුවක් වත් හැදුනොත් මොන දෙයියන්ට කියන්නද..?

      Delete
    2. ඈ... හිතනකොට හිතේ අමරුව මිසක් බඩේ අමාරුව හැදෙන්නෙ කොහොමද​?

      Delete
    3. @ Ima S August 11, 2015 at 9:34 AM
      ආහ්.. ටයිපිං මිස්ටේක්..
      හිතේ අමාරුවක්...!!

      Delete
  9. හිත හිතා හිටියොත් ගහන්ට බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. ගහන්න යන්ඩ කලිං හිතලාම යන්ඩ ම.මා

      Delete