August 4, 2015

දෝනි.. ඔයාගේ අම්මි ඉක්මන් උනේ නැතිනම් ?


ආසාවටත් එක්ක පොඩි වලක් බහින්න කියලා හිතාගෙන ගියා බස් ස්ටෑන්ඩ් එක පැත්තට. පට්ට විදියට වෙනස් වෙලා හැමදෙයක්ම. ඉස්කෝලේ යන කාලේ මොන තරම් නං වල බහින්න ඇත්ද. කොල්ලෝ එක්ක සෙට් වෙලා කොච්චරක් නං කුප්ප වැඩ කරන්න ඇත්ද.. අනං මනං හිත හිත ඇවිද්දා ස්ටෑන්ඩ් එක පුරාම. 

හ්ම්ම්... දැකලා පුරුදු මූණක්.
අම්මා ගහයි. චමෝදි..!

මගේ කුළුදුල් පාසල් ප්‍රේමය.

අතේ එකයි.. 

එන්න බලාගෙන එකයි.

ගැනි පට්ට විදියට ලස්සන වෙලා. ඔන්න ඔහේ ගිහිං කතා කරනවා කියලා හිතාගෙනම ගියා ඒකි ඉන්න තැනට. දැක්කා විතරයි ගෑනි මාව අදුනා ගත්තා. කටත් ඇරුනා නිකං බෝක්කු කට වගේ. ලගට ගියාට කොහොම කතා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉස්සර වගේම ජෝක් එකක් දාලා කතාවට බැස්සා...

අඩේ කට වහගනිං කෙල්ල... යාලු කෝදුරුවෙක්වත් ආවොත්...

අනේ..***...!  
ඔයා කොහේද මෙහේ, කවද්ද ආවේ, දැං මොකද කරන්නේ, දැං මැරි කරලාද, දැං කොහේද ඉන්නේ.. 

ඒකිට කතා කරන්න පුළුවං උන ගමං ප්‍රශ්ණ  පත්තරයක්ම. ඉස්සර වගේම තමයි. කොහොම කොහොම හරි ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට ඒකිගේ තාත්තත් ආවා. ඒකි ඩොකෙක් හම්බවෙන්න ඇවිත් තියෙන්නේ.

ඒකිගේ තාත්තා මාව දැක්කා විතරයි කට පුරා හිනාවකුත් දාගෙන කතාවට ආවා. ඒකාට ලැජ්ජාව, පසුතැවීම කියලා නාමයක් නෑ මම හිතන්නේ.. මම චමෝදිට ඉස්කෝලෙදි දුන්න ලියුමක් අහුවෙලා ඒකිට හොදටම ගහලා, මටත් මරණවා කියලා තර්ජනේ දාලා ඒකිව ඉස්කොලෙනුත් අයිං කරන් ගිහිං වෙනත් ඉස්කෝලෙකට දාලා නටපු නාඩගම මට ක්ෂණිකව මැවිලා පෙනුනේ චිත්‍රපටියක් වගේ..

ඒකත් අතිතයක් විතරයි කියලා හිතාගෙන මම ආයේමත් එන්න කලිං ඒකිගේ පොඩි එකීව අතට ගත්තේ හරිම හුරතල් කෙලි පොඩ්ඩක් නිසා.

ආයෙමත් චමෝදි අතට පොඩි එකි දෙනකොට...

දෝනි..,
ඔයාගේ අම්මි ඉක්මන් උනේ නැතිනම් මමනේ අද ඔයාගේ තාත්තා...!

කියලා කියවුනේ කොච්චර ට්‍රයි කලත් කුප්පකම නැති කරන්න බැරි නිසා වෙන්න ඇති.






ප.ලි..
ඒකියි, ඒකිගේ තාත්තයි තාම කල්පනා කරනවා ඇති මොකක්ද උනේ කියලා. උන් දෙන්නාගේ මූනු දකිනකොට පව් කියලා හිතුනා. කොහොම හරි අනින්න ඕන එකාට ඔලුව අතගාලාම ටොක්ක දුන්නා.

18 comments:

  1. ඇත්තටම ඇයි බන් ඒ වගේ නසරානි කතාවක් කිව්වේ.....

    ReplyDelete
  2. මදෑ වෙන්ඩ හිටිය මාමගෙනුයි වෙන්ඩ හිටිය නෝනගෙනුයි දෙන්නගෙන්ම නොකා ආවා. දැන් මේ පෝස්ට් එක අරයා දැක්කම මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. තව ටිකක් වෙලා එතන හිටියා නං මාරු වෙන්නෙ නැතිව තවම කනවා මදි නොකියන්න.
      අවුලක් නැ විචා සර්. බට්ටිච්චි මේ සින් කෝන් දන්නවා.

      Delete
  3. මමත් එහම කියන්න ඔනේ..
    140 පාරක්වත් එහම කියන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. අම්මගායි...
      උම්ඹ නං මැරුං කනවා පුකේ එහෙනම්..

      Delete
  4. නෙදකින් තෝ නම්....

    ReplyDelete
  5. මටත් ඉන්නවා බං ඔහොම කියාගන්න ඕනේ එවුන් 5-6 දෙනෙක්...

    ReplyDelete
    Replies
    1. දෙපාරක් හිතන්න ඕනි නෑ.. කියමු කියමු...
      හැබැයි ගුටි කන්න කලිං මාරු වීම ඇගට ගුණයි ඕං....

      Delete
  6. මමනං කියන්නෙ ‘දෝනි, ඔයාගෙ අම්මි ඉක්මන් වුනේ නැත්නම් මම තාමත් හිරේ‘ කියලා තමා.
    ඒ... උඹලගෙ බස් ස්ටෑන්ඩ් එකෙත් වලවල් තියේද බං? අපේ එකෙත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කලිං නං තිබ්බා.. දැං නම් නෑ...

      Delete
  7. ජෙමා ගියාට පස්සෙ කෙල්ලගෙ තාත්තා කිවුවේ "පූරුවේ වාසනාවකට මගේ කෙල්ල බේරුනේ..." කියලා. "ඒක තමයි තාත්තේ මමත් මේ හිතුවෙ..." කියලා කෙල්ලත් ගියාලු තාත්තත් එක්ක ටුක් ටුක් එකක නැගලා.

    ReplyDelete
    Replies
    1. ඈ..හ්..!!
      උඹද චමෝදිව මැරි කලේ....?

      Delete
    2. මම කොහොමද දෙවියනේ චමෝදි මැරි කරලා එයාට ළමයෙක් දෙන්නේ... මමත් ගෑණීයෙක් නේ.....

      Delete
    3. @ Ima SAugust 10, 2015 at 12:16 PM
      ඈහ්...
      උඹ දැක්කද...?

      Delete
    4. නෑ. දැකපු කෙනෙක් කාටවත් කියන්න එපා කියලා කියුවා. මම කාටවත් කියුවේ නෑ හොදේ....

      Delete
    5. @ Ima SAugust 11, 2015 at 5:09 AM
      ඒ මාරයි බං...
      උඹ මෙතන අනං මනං කියලා ගම කන්නෙපා යකෝ...
      කෝලන් ඩී

      Delete