September 30, 2015

අද පාර්ටි....!!! ඩබල් හැපී



 
අද දවස මගේ ජීවිතේ ගොඩක්ම වැදගත් දවසක්. ඒකට එක වගේම හේතු දෙකක් තියනවා.

මුල්ම හේතුව
අවුරුදු 28 ක් තිස්සේ මාව අතක් පයක් නොකඩා රැකබලා ගත්ත
ලෙඩක් දුකක් උන වෙලවාවල් වලදි නිදි නොලබා මාව සනීප කර ගත්ත,
මාව වැටෙන්න යන හැම වෙලාවකම මාව නොවැටී ඉන්න ශක්තියක් වෙච්ච
මගේ හෙවනැල්ල වගේ නෙවෙයි මගේ ජීවිතේ හුස්ම පොද වෙච්ච
මාගේ ආදරණිය අම්මිගේ 58 වෙනි උපන්දිනය...


දෙවැනි හේතුව
ගොඩක් කාලයක් තිස්සේ මාගේ හොදම යෙහෙලියක් උන
මගේ ඇස් වලින් කදුලක් වැටෙන්න නොදි හිනා ගස්සපු
මේ වෙනකොට මගේ ආදරණිය පෙම්වතිය
නුදුරු අනාගතේ මාගේම ආදරණිය බිරිද
බට්ටිච්චිගේ 28 වෙනි උපන් දිනය...

සිරාවටම අහම්බයක්. ඒ වගේම පුදුමයක්. මගේ ජිවිතේ එළිය කල මගේ ආදරණිය අම්මිගෙයි, මගෙයි අම්මිගෙයි පැලට පහනක් වෙන්න මග බලන් ඉන්න ඒ කෙල්ලගෙයි උපන්දින දෙකම අද.

මම ඔයාලා දෙන්නටම සුභම සුභ උපන්දිනේකට ආසිරි පතනවා. ඔයාලා දෙන්නම කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්ඩ ඕනි.
මගේ රත්තරන් අම්මිටයි, මගේ ආදරණිය බට්ටිච්චිටයි ජේසු ස්වාමි දරුවන්ගේ පිහිට ලැබේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා..!

28 comments:

  1. අපිත් එහෙනං පැතුව දෙන්නටම සුබ උපන්දිනයක්.

    ReplyDelete
  2. මගෙනුත් දෙන්නටම සුබ උපන්දිනේකට සුබ පැතුම්.........!

    ReplyDelete
  3. ඔන්න අපිත් සම්මාදන් උනා සුභ පතන්න ..!

    දෙදෙනාටම , නිදුක් නීරෝගි සුව පිරි සුභ උපන් දිනක් ...!

    ReplyDelete
  4. සියලු යහපත සතුට සපිරි සුභ උපන්දිනයකට දෙදෙනාටම සුභ පැතුමි

    ReplyDelete
  5. අම්මාටයි, බට්ටිච්චිටයි දෙන්නටම සුබම සුබ උපන්දිනයක්, සුන්දර හෙටක් සහ දීර්ගායු ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  6. මොනවා බොල? තනියම පාටි දාන්න? හරියන්නෑ.......... ආපහු උඹව ඉනිෂියේට් කරන්න වෙනවා.

    උපන්දින සමරණ, මා නැඟණියක හා සමවූ ඔබේ මවටත්, මගේ දරුවකු හා සමාන ඔබේ බට්ටිච්චියටත්, උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. පොඩි පාර්ටියක් දැම්මා සර්
      ගොඩක්ම ස්තූතියි
      ජේසු පිහිටයි

      Delete
    2. THANKS A LOT විචාරක - Wicharaka
      THANIYEN NEVI. ANNA KATTIYAT EKKA PARTY ARAN

      Delete
  7. ඔන්න එහෙනම් මගෙනුත් ඩබල් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. එල එලස් ඩබල් තැන්කූ දිනේෂ්

      Delete
  8. දෙන්නටමයි ජෙමාටයි සුභ උපන්දිනයක් වේවා!

    ඒකම දවස විතරක් නෙවෙයි, වයස් පරතරේ ත් හරියටම අවුරුදු තිහයි නේද ජෙමා?

    ReplyDelete
    Replies
    1. තැන්කු ඩ්‍රැකී
      අම්මා ගහයි.. උඹ කියනකම් මට ඒක නෝට් උනේ නෑ බන්

      Delete
  9. අපිත් දෙන්නටම විශ් කොලා කියන්ඩෝ.........

    ReplyDelete
  10. ඇත්තමයි ඔයා කරන වැඩ හරි පිස්සු වෙලාවකට. ඒ උනාමට ඒවට මම ආශයි. ඔයා ඔය කරන වැඩ වලින් ආදරේ තව වැඩි වෙනවා. ගොඩරියක් ස්තුතියි පොඩි අප්පු අම්මියි මායි වෙනුවෙන්. ඒත් අපි දෙන්නගෙම උපන්දින තෑග්ග මිස්ඩ් උනානේ. ඔයාට එන්ඩ බැරි උනානේ අපිත් එක්ක පල්ලි යන්ඩ. මොනව කරන්න්ඩද මට තේරෙනවා ඔයාට වැඩ ගොඩක් වගකීම් ගොඩක් තියනව කියලා. මට තේරුම් ගන්ඩ පුලුවන්. ඔයාටත් ජේසු පිහිටයි පොඩි අප්පු.

    ReplyDelete
    Replies
    1. ඒ තේරුම් ගැනීමම ගොඩක් වටිනවා බට්ටිච්චි.

      Delete