October 2, 2015

ජිවත් වෙන්න කැම | කන්න ජීවත් විම





අද ලියන්නේ කෑම ගැන. කෑමෙත් වර්ග දෙකක් තියනවානේ ඉල්ලං කෑම සහ බෙදාගෙන කෑම කියලා. මේ කියන්න යන්නේ බෙදාගෙන කැම හෙවත් සිරාම කෑම ගැන.

මුලින්ම බතෙන් පටන් ගත්තොත්...
සුදු සම්බා බත්
කට දන පොල් සම්බෝල

හාල්මැස්සෝ බැදලා (නිකංම නිකං හාල්මැස්සෝ විතරයි)

සුදු සම්බා බත්

කට්ට සම්බෝල

පරිප්පු තෙල්දාලා

ආයේ දෙකක් නෑ පුතේ අඹරන්න පුළුවන් වෙල්ලමුල්ලි වයික්කාල් වෙන්ම.

සුදු බත්

තක්කාලි සම්බෝල (ටිකක් සැරට තියෙන්ඩ ඕනි)

පපඩම්

කට්ටිය කාලා තියනවාද දන්නේ නෑ පපඩම් + තක්කාලි සම්බෝල වල ළූණු. අඩේ කියලා වැඩක් නැ. අමුතුම රසක් ඕයි තියෙන්නේ. බයිට් එකටත් අවුලක් නෑ. මට නම් කිසි ගේමක් නැතිව පපඩම් පැකට් එකකට උනත් වගකියන්ඩ පුළුවන් ළූණු එක්ක.

කිරිබත්

කට්ට සම්බෝල + මාලු ඇඹුල්තියන් හරි මාලු කෑල්ලක් බැදලා හරි

ඉගුරු දාලා වැඩි සීනි ප්ලේන්ටි

මොනවත් නෑ. ඇස් දෙක පියාගෙන අඹරන්න පුළුවන්.

අනික් එක පාන් මෙනුව
පාන් + කට දැවිල්ල පොල්සම්බෝල

සීනි අඩුවෙන් දාපු බ්ලාක් කොෆී

පාන් කර කරලා (ටෝස්ටර් එකෙන් ටෝස්ට් කරලා නෙවෙයි. කුකර් එකේ සෝස්පෑන් එකක් තියලා හොදට රත් කරලා ඒක උඩට පාන් පෙති දාලා කර කරලා) මාමයිට් ගාලා ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා.

සීනි නැතිව කිරි කෝපි

පාන් ටෝස්ට් කරලා (මාලු/සැමන් + අමුමිරිස් පොඩි පොඩි කැලි වලට කපලා + රතු ළූණු සුට්ටි සුට්ටි කෑලි වලට කපලා + ගම්මිරිස් පොඩ්ඩක් දාලා මික්ස්චර් එක හදන්න ඕනි)

කාලා ඉවර වෙලා මාමයිට් එකක් බොන්ඩ ඕනි. දෙහි පොඩ්ඩක් වැඩිපුර දාලා‍


කොමන් මෙනු
ඉදිආප්පයි, පොල්සම්බෝලයි(සැරට තියෙන්ඩ ඕනි), චිකන් හොදියි. කන්ඩ කලින් පොඩි රසම් එකක් තිබුනොත් පට්ට පට පට. කාලා ඉවර වෙලා ස්ට්‍රෝන්ග් ටී එකක්. මල් මසුරන් ඕයි.

පොල් රොටි කන්ඩ ඕනි කට්ට සම්බෝල හරි, මාමයිට් හරි, චිකන් හොදි එක්ක. කාලා ඉවර වෙලා ඉගුරු දාලා වැඩි සීනිි ප්ලේන්ටියක්. කාලා ඉවර වෙලා පොඩි බුලත් විටකුත් කෑවාම... ෂා... සෝ....ක් ඕයි.

බිත්තර රොටි 3ක් කපලා චිකන් හොදි දාලා කන්ඩ ඕනි. කෝක් එකක් එක්ක හරි පෙප්සියක් එක්ක හරි. කික් කෝලා එකත් ලෙසටම කැපෙනවා. කාලා ඉවර වෙලා ඩන්හිල් ස්විච් එකක්

තෝසේ දෙකක්, මිරිස් හොදි එක්ක කන්ඩ ඕනි. අල බොන්ඩා එකක් හරි උළුදු වඩේ එකක් හරි එක්ක. මම නම් සාම්බාර් වලට ආස නෑ. කෝක් එකක් හරි පෙප්සි එකක් හරි කික් කොලා එකක් හරි මික්ස් උනොත් නම් ඩබල් ආතල්.

ඊට පස්සේ කඩල හරි මුං ඇට හරි පොලුයි කට්ට සම්බෝලයි එකක් කාලා ප්ලේන්ටියක් හරි මැගී සුප් කැටයක් හරි ගහලා බුලත් විටක් කන්ඩ ඕනි.

බඩජාරි කමට සෙට්වෙන මෙනු
චොක්ලට් අයිස් ක්‍රීම් + කොකා කෝලා.

ටේස්ට් කඩල (අර රෑට කඩල විකුණන කරත්ත වල විකුණන ඒවා) එක්ක කූල්ම කූල් සෝඩා එකක්.

බටර් කේක් එක්ක රිට්ස්බරි පෙබල්ස්. රෝලෝ එකත් එක්කත් මරු

බටර් කේක් එක්ක චොකෝ නට්

හැපි කව් චීස් එක්ක පෝටෙලෝ..

තව KFC එකේ තියනවා පට්ට බෙවරේජ් එකක්. බ්ලැක් මොජිටෝ. පට්ට පට පට.

ඇන්කර් කිරි පිටි හැන්දයි සිනි හැන්දයි. තව මයිලෝ හැන්දකුයි ඇන්කර් හැන්දකුයිත් මරු. හැබැයි සීනි නැතිව කන්ඩ ඕනි.

අඹ චටිනි හරි අඹරැල්ලා චටිනි හරි කාලා කූල්ම කූල් වතුර එකක්.

ටික් ටැක් එක්ක කූල් වතුර

තව ජම්බෝ පීනට් එක්ක හැපී කව් චීස්. මගේ බට්ටිච්චිත් මේ මික්ස්චර් එකට පට්ට ආසයි.


ඒ වගේම මම තාමත් ගෙදරදී ගොඩක්ම කන්න ආස අම්මි අතින් හදන පොල්සම්බෝලෙටයි සුදු සම්බා බත් වලටයි. හිතේ සන්තෝසෙන් කන්ඩ පුළුවන් පැලෙන්න. කොච්චර රස කෑම වර්ග කෑවත් අම්මිගේ ඒ මෙනු එක නම් පට්ටම පට්ට. ඊට පස්සේ බට්ටිච්චි හදනවා පට්ටම පට්ට බටර් කේක් එකක්. සුපිරි හොදි නැතිව උනත් කන්ඩ පුලුවන් (ඔන්න ඉල්ලන් කෑම)  තව ගෙදර වැඩ කරන ලක්ෂ්මියම්මා හදන තෝසේ එකත් පට්ටම පට්ට.






37 comments:

  1. මාර මෙනූ ටිකක්නෙ.
    //ඉදිආප්පයි, පොල්සම්බෝලයි(සැරට තියෙන්ඩ ඕනි), චිකන් හොදියි. කන්ඩ කලින් පොඩි රසම් එකක් තිබුනොත් පට්ට පට පට. කාලා ඉවර වෙලා ස්ට්‍රෝන්ග් ටී එකක්.// මේක තමයි මට අල්ලම ගියේ.

    ReplyDelete
    Replies
    1. කන්ඩ පුලුවන් නේද බලු ගද යන්න

      Delete
  2. Mage ashama menus. Seratama asail. eth godakma asha

    සුදු සම්බා බත්
    කට දන පොල් සම්බෝල
    හාල්මැස්සෝ බැදලා (නිකංම නිකං හාල්මැස්සෝ විතරයි)

    පාන් ටෝස්ට් කරලා (මාලු/සැමන් + අමුමිරිස් පොඩි පොඩි කැලි වලට කපලා + රතු ළූණු සුට්ටි සුට්ටි කෑලි වලට කපලා + ගම්මිරිස් පොඩ්ඩක් දාලා මික්ස්චර් එක හදන්න ඕනි)
    කාලා ඉවර වෙලා මාමයිට්

    ජම්බෝ පීනට් එක්ක හැපී කව් චීස්

    ReplyDelete
    Replies
    1. ග්‍රීඩි කෙල්ල.
      අර ඔයාගේ චොක්ලට් අයිස්ක්‍රිම් + හැපීකව් චිස් මෙනු එකත් මරු...

      Delete
  3. http://maathalan.blogspot.com/2013/05/bread-with-curries.html

    ReplyDelete
    Replies
    1. පාන් වලට අධිපති මාතලන් උතුමාණෝ...
      ලොල්

      Delete
  4. පට්ට ආ.......

    //ඉදිආප්පයි, පොල්සම්බෝලයි(සැරට තියෙන්ඩ ඕනි), චිකන් හොදියි. කන්ඩ කලින් පොඩි රසම් එකක් තිබුනොත් පට්ට පට පට. කාලා ඉවර වෙලා ස්ට්‍රෝන්ග් ටී එකක්. මල් මසුරන් ඕයි.//

    මේක තමා මටනං සුපිරිම.......................

    ReplyDelete
    Replies
    1. අද උදේට ගත්තෙත් මේ මෙනු එක...

      Delete
  5. යකෝ................... මේ මෙනු දැක්කා ම කන්නමනේ හිතෙන්නේ..... අර බඩජාරි කොටසට තමා අපි අයත් වෙන්නේ මචං

    ReplyDelete
    Replies
    1. අනිවා...
      කොහොම් ඒ කැටගරියට තමා වැටෙන්නේ ගොඩක් එවුන්

      Delete
  6. කාලා ඇවිත් මෙක බැලුවා විතරයි ආයේ බඩගිනි වගේ.

    ReplyDelete
    Replies
    1. මටත් බඩගිනියි බන් ම.මන්දිරේ

      Delete
  7. මේකට බුක් මාක් එකක් දාගන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. නිකං තියන එකේ දාගන්ඩ. අතිං පයිං යනවා කියලද..?

      Delete
  8. මෙව්වා නම් කන්න බැරියෑ බඩ උල් වෙන්න

    ReplyDelete
    Replies
    1. අමතක උනා....

      උම්මලකඩ එක්ක රතු ළුනු, පරිප්පු වඩේ එක්ක රොස්ට් පාන්, ක්‍රීම් ක්‍රැකර් එක්ක ඇඹුල්තියල්, කොච්චි සම්බල් එක්ක සුනුසහල් බත් (සුනු සහල් හොයාගන්න බැරිනම් නාවල ආර්ථික මධ්‍යස්ථානේ පලවෙනි හෝ දෙවැනි හාල් කඩෙන් (ඉඳුනිල් කඩේ නම) අහන්න, තිබුනොත් දේවි නැත්නම් ගෙනල්ලා දේවි)

      Delete
    2. @ බණ්ඩාOctober 3, 2015 at 7:05 AM
      අනිවා...

      Delete
    3. @ බණ්ඩාOctober 3, 2015 at 8:55 AM
      ඒක ට්‍රයි කරලා බලන්ඩ ඕනි.

      Delete
    4. තව එකක්, පීසා එක්ක කලටි පොල් සම්බෝල.... පට්ට

      Delete
    5. @ බණ්ඩාOctober 4, 2015 at 9:25 AM
      හුටස්...
      ඒක බඩ විරේක කරන බෙහෙක් නෙවෙයි කියලා උඹට හොදටම ෂුවර් නේද..?

      Delete
    6. සම්බෝල වලට බඩ විරේක වෙන්නේ මොන රටේද යකෝ....

      Delete
    7. @ බණ්ඩා
      උඹ කාලා තියනවද මික්ස්චර් ටේස්ට් කඩල.
      අර රෑට කඩල කරත්ත වල තියන ටේස්ට් කඩල එක්ක උන් ගාවම තියන බැදපු රටකජු, බැදපු පරිප්පු, පකඩේ, මිරිස් කෑලි, ළූණු, දෙහි, පොල් කැලි දාලා හදන මික්ස්චර් එක. ඒකත් පට්ට ඕයි...
      බයිට් එකට නම් සුප්පා...

      Delete
    8. @ බණ්ඩාOctober 4, 2015 at 9:29 AM
      යකෝ සම්බෝල එක්ක පීසා සෙට් උනාම කොහොම තියේවිද කියලා හිතුවේ.
      අද නම් ට්‍රයි කරන්නෑ. හෙට මන්ඩේ නිසා. මොකද යුනිෆෝම් එක දාගත්තාම නිතරම ටොයිලට් දුවන්ඩ අමාරුයි.

      Delete
    9. අනිවා... නියම පොරක් එනවා හවස හයට විතර නුගේගොඩ බෝ ගහ ගාවට හරියටම කිව්වොත් නෝලිමිට් එක ඉස්සරහට. ඒකේ රහ තියෙන්නේ අර දාන මොකක්ද එකේ තමයි.

      Delete
    10. @ බණ්ඩාOctober 4, 2015 at 9:33 AM
      බත්තරමුල්ලෙත් ඉන්නවා ඒ වගේ කොල්ලෙක්. මෑන්ස්ගේ කඩල මික්ස්චර් එකෙත් තියෙන්නේ පට්ට රහක්. බයිට් එක ඩයට් එක වෙන්නේ ඉබේම.

      Delete
  9. මෙව්වා මහ කැත වැඩ.. පිටරටවල ඉන්න අපි මෙව්වා කොහෙන් කන්නද.. සුදු කැකුළු + පොල් සම්බෝල , පොල් රොටී + කට්ට සම්බෝල කොයි තරම් හදන්න ලේසි උනත් ලංකාවේ හැදෙන රසට කවදාවත් පිටරටක හදන්න බැහැ .. තක්කාලි ටිකක් දාල හදන පොල් සම්බෝලෙයි සුදු කැකුළු බතුයි ඒ රසට කන්න ඉතින් ලංකාවටම එන්න එපයි.. මෙව්වා මහ කැත වැඩ.. බඩ කපන් මැරෙන්න හිතෙනවා මේක කියවපු වෙලේ ඉඳන් ..

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ අපි මේ අගේට පොල් සම්බෝල කන්නේ හැමදාම උදේට හදන්. ෆ්රෝසන් ග්රේටඩ් පොල් අරන් 20-30S විතර මෛක්රෝවේව් කරලා... අඩුම කුඩුම දාලා.... ගල් වංගෙඩියේ දාලා කොටලා ගත්තම ලෙසටම එනවා... අම්මපා ඇත්තමයි.

      Delete
    2. @ අම්බලන්ගොඩ කථා October 3, 2015 at 8:39 AM
      අම්මා ගහයි දකුණේ පොරක්. මගේත් මුල් තියනවා අම්බලන්ගොඩ. මා පියා අම්බලන්ගොඩ.

      Delete
    3. @ අම්බලන්ගොඩ කථාOctober 3, 2015 at 8:39 AM
      අනිවා මචං. ලංකාවේ කෑම වල තියන රස වෙන මොනවගේ වත් නෑ බන්. ඇයි බන් ශ්‍රී ලංකන් ෂොප් නැද්ද අහල පහල

      Delete
    4. @ බණ්ඩාOctober 3, 2015 at 8:59 AM
      ඔය තියෙන්න බං බණ්ඩා චෙෆ්ගෙන් උපදෙස්...

      Delete
    5. අපොයි තියෙනවා බන්. මම විසින්ම උයාගෙන කාලා කාලා දැන් එපා වෙලා බන්. ලංකාවේ සුදු කැකුළු එක්ක පොල් සම්බෝලේ රස හරිම ජෙනුයින් මී ඉන්ස්ටන්ට් අතින් අනන සම්බෝලේට වඩා. ෆ්රෝසන් පොල් තමා බන්ඩෝ පාවිච්චි කරන්නේ . එත් වංගෙඩියේ කොටන්නේ නම් නැහැ. ලංකාවෙන් ගෙනාපු ලී වංගෙඩිය හතරට පැලුනා කියහන්කෝ සීතලට.

      Delete
  10. එල ද බ්‍රා
    බඩගිනි වුනා බං මේ ටික කියවලා

    ReplyDelete
    Replies
    1. මටත් බඩගිනි උනා බන් ලියලා ඉවරවෙනකොට

      Delete
  11. අපොයි වේදනා සංසාරේ....
    ආයෙත් කටට කෙල උනනවා කියහන්කො....මගෙත් ආසම එක සම්බෝල හාල්මැස්සෝ බැදලා පරිප්පු...කොයි රටේ මොන චෙෆ් මොන කාමක් හැදුවත් අම්මා හදලා දෙන ඔය කාම එකට ගහන්න කෑමක් නෑ මේ ගෙන්දගං පොලවේ කොහේවත්

    ReplyDelete
    Replies
    1. /* මගෙත් ආසම එක සම්බෝල හාල්මැස්සෝ බැදලා පරිප්පු */
      උඹත් ගහේ බඩ්ඩක් බන්.
      අනිවා මචං අම්මිගේ කැම එකට ගහන්න වෙන කෑම එකක් නෑ මේ ලෝකේ. අම්මි ළූණු සම්බෝලයි බතුයි හදලා දුන්නත් පට්ට පට පට ඕයි

      Delete
  12. අපිට නොදී කාලා බඩේ අමාරුවම හැදියන්......

    ReplyDelete
    Replies
    1. ඉමෝ අසමජ්ජාති කතා කියන්ඩ එපා බන්. බඩ ගොර ගොර ගානවා...

      Delete