June 30, 2015

‘පු‘යන්නයි ‘ක‘යන්නෙනුයි මාත් ඉල්ලනවා...





අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ ආයුබෝවන්..!
என் கண்ணே அம்மா, அப்பா, சகோதரி மற்றும் சகோதரர் வரவேற்கிறது..!
నా ప్రియమైన తల్లి, తండ్రి, సోదరి మరియు సోదరుడు స్వాగతం..!
मेरे प्रिय माँ, पिता, बहन और भाई का स्वागत करते है...! ( කොහොමද ආරම්භේ.. පිස්සු කොර නේ...)


     මම...(එකසියගානට හූ හඩ මැද්දේ..) , ඔව් ඔබ තුමන්ලාට මම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඔව් මම තමයි හතරවරං මුදියන්සේලාගේ ජෙමා. (ආයෙමත් පට්ට හූවක්..!)

ඔව් අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ සහෝදරයා සහෝදරිය මමත් මෙදා පොටේ ඔබතුමන්ලාගේ දැඩි ඉල්ලීම මත, ඔබතුමන්ලා වෙනුවෙන් ජනතා අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. (නොනවතින හූ හඩ මැද). ඔව් ඔබතුමන්ලා දැනටමත් දන්න විදියට ඇතුවත් බැරි නැතුවත් බැරි පුක සලකුනෙන් තමයි මම ඔබතුමන්ලා ඉදිරියට එන්නේ... දන්නවානේ මම ඉතිං ඔය බයියලා ටොයියලා වගේ නෙමෙයි.! කෙලිං බුවා.! ඔව් පට්ටම කෙලිං බුවා..!! කියනදේ කරන්නෑ...!!, කරන්න ඕනි දේ කොහොමත් කරන්නෑ....!!!

    මම ඔය සමහරු වගේ පාරට තාර දානවා... ගමටම ලයිට් දෙනවා... අර මල්ලිට ජොබක් සෙට් කරලා දෙනවා... කියලා කියන්නෑ. මොකද එව්වා කරන්න පුලුවං දේවල් නෙවෙයි කියලා මම වගේම ඔබතුමන්ලත් දන්න නිසා. එයිට වඩා කොච්චර වැදගත්ද සහෝදර සහෝදරවරුණි මමයි මගේ පවුලේ උනුයි මගේ නෑදැ හිතමිත්තරයොනුයි ගොඩදාන එක... (පට්ට හූවක් එක්ක, සෙරෙප්පු, බෝතල් ප්‍රහාර..)

     එතකොට සහෝදර සහෝදරවරුනි, ඇයි අපි ආහාරමිල අඩු කරන්න ඕනි..! ඇයි අපි ගෑස් පෙට්‍රල්, ඩීසල් මිල අඩු කරන්න ඕනි..!!! මම දන්නෑ මොන කෙංගෙඩියකට ඔව්වා අඩු කොරන්න යනවද කියලා සහෝදර සහෝදරවරුනි...!!! එව්වා තියෙන තූත්තුකුඩියක තිබිච්චදෙං... මට එව්වා වැඩක් නෑ... මට ගොඩයන්න තියනවා නං එච්චරයි...!! (පට්ට විදියට ගල්මුල් සෙරෙප්පු බෝතල් ප්‍රහාර මැද, හුවකුත් එක්කම)

    එහෙනං සහෝදර සහෝදරවරුණි... මම වැඩිවෙලා කියවන්න යන්නෑ... එහෙනං ඔබතුමංලා සේරගේම හිතසුව පිණිස ජෙමාව පුකෙන් දිනවන්න කියලා ඉල්ලා හිටිනවා...

ආයිබෝවං...!
வரவேற்கிறோம்...!
ようこそ...!
स्वागत...!

මට ජයවේවා...! 
சியர்ஸ் என்னை....!
चीयर्स मुझे...!
乾杯私...!





   

6 comments:

  1. Replies
    1. හයියෝ නෑ... තලෙළුයි...!

      Delete
    2. @ අටම්පහුරJune 30, 2015 at 11:01 AM

      ඔබතුමා කාලතුවක්කු හමුදාවේද මැතිතුමනි?

      Delete
    3. @ විචාරක - WicharakaJune 30, 2015 at 11:35 AM
      අටම් කාලතුවක්කු හමුදාවේද...? හිකිස්...!!!

      Delete
  2. දිගටම ලියාවි යැයි අපේක්‍ෂා කරමි!

    ReplyDelete
    Replies
    1. හ්ම්... හිතෙන කාලයක් ලියනවා...
      කලිං ලියපු බ්ලොගේ දැන් වල් වැදිලා මීයොත් ඉන්නවා..

      Delete