August 17, 2015

එයා ලග තියන මගේ මාතෘකාව



ලියන්ඩ ඕනි. ඒ උනාට ගපල ගන්න තමයි අමාරු. එයා ආවා ලංකාවට. මමයි අම්මියි බන්ඩාරණායක එයාර්පෝට් එකට ගියේ එයාලා එන්න පැයකට විතර කලිං. ජීවිතේ ගෙවපු දිගම පැය. කොහොම හරි බට්ටිච්චිලා ආව ප්ලේන් එක ආවා. හිත හරිම නොසන්සුන්. ඊ ලගට උදාවෙන අවස්ථාවට කොහොම ෆේස් කරගන්නද කියලා හරිම චකිතෙකින් හිටියේ.

ආව ගමන් බට්ටිච්චිව බදා ගන්නවද,
නැත්නම් කිස් එකක් දෙනවාද,
නැත්නම් මුලටම අම්මටයි තාත්තටයි වදිනවද,
නැත්නම් හායි පාරක් දානවද,
ග්ර්ර්ර්.....!!!!

ඉස්සෙල්ලාම අම්මටයි තාත්තටයි වදිනවා...!

ගත්තා අන්තිම තිරණේ. ඔය අතරේ තමයි ඇස් දෙක දකින්න බලා පොරොත්තු උන රූපේ දර්ශණ පථයට වැටෙන්නේ. අම්මා ගහයි නිකං කරන්ට් එක වැදුනා වගේ. ඒ තුන්දෙනාගෙම මූණු වල හිනා මල් පිපිලා. මට හිනා වෙන්න අමතක වෙලා හිටියද මංදා. බට්ටිච්චි මගේ ලගට ඇවිත් ඇස් දෙක දිහා බලන් ඉන්න ඇති විනාඩියක්, දෙකක්, සමහරවිට තුනක්. කොහොම හරි ඊ ලග මොහොතේ අහිංසකි මගේ තුරුලේ.  කෙල්ලගේ ඇස්වල කදුලු. මම අහන්න ගියේ නෑ ඇයි අඩන්නේ කියලා. ඒකිම උත්තරේ දුන්නා.

මේ සතුටු කදුලු අපූ...!

මහරජ කෙලියා නේද තාප්පෙටම. යකෝ ප්ලෑන් කරන් හිටියේ ආව ගමං අම්මටයි තාත්තටයි වදිනවා කියලා නේද, එතකොට කෝ අපේ අම්මියි, එයාගේ අම්මයි තාත්තයි. වෙලා තියෙන්නේ ලෙසටම වැඩේ. තුන්දෙනාම ලස්සනට පිචෑර් එක බලන් ඉන්නවා. කන පැලෙන්න නෝන්ඩියා. ලැජ්ජාව දෙකට තුනට නවලා සාක්කුවේ ඔබාගෙන වැන්දා ඩබලට. බට්ටිච්චි දැංමම අපේ අම්මිව සින්නක්රේටම අරං.

අම්මලාට කතා බහ කරගන්න ගොඩක් දේවල් තියනවා කිවා,
ඒ වගේම අපි දෙන්නටත් කතා කරන්න ගොඩක් දේවල් තියනවා.
ඇත්තටම ගොඩක් සතුටෙං මම ඉන්නේ දැන්.



ප.ලි. 1135hrs
කෙහෙම්මල් ඡන්දයක් නිසා ආයෙම කෑම්ප් එකට එන්ඩ උනානේ. ෂික් නෙද්දකිං. අනිතුමා කිවා අද ඇවිත් හෙට හවස ආයෙමත් පලයං කියලා. කස්ටියගේ ලෑස්තිය ඉක්මනට මාව හිරේ විලංගුවේ දාන්න. පර්මිෂන් ගන්නත් එපැයි දැං. ceremonial අදිනවද නැද්ද....

ප.ප.ලි.
අද ජෙමා කොල්ලා ලෙසටම බයිට් වෙනවා ඈ..! 

10 comments:

  1. හරියට හින්දි පිචර් එකක ජවනිකාවක් වගේ. ඔහොම යං ඔහොම යං. ජයවේවා!

    යකෝ අම්මල තාත්තල එකතුවෙලා ඔය කොරන්න හදන්නේ උඹලා දෙන්නා වෙනුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න. දැන් උඹලට සිද්ද වෙනවා ඒකට සංශෝධන ගෙනෙන්න. දැන්ම කම්පනාවෙන් හිටපල්ලා.

    ReplyDelete
    Replies
    1. ජවනිකාව අබ්ලික් වෙලා තියෙන්නේ සර්. කොල්ලා අද උදේ ආවා කෑම්ප් එකට. සීඕ එන්ඩ කියලා. හැබැයි ආයේ නිවාඩුව දෙන්නම් කීවා..

      අම්මපා ඔය මොකක්ද ක්‍රම ව්‍යවස්ථාව, සංසෝධන මතක් වෙනකොට ඇගේ මාලු ගගේ නටනවා සර්. කෙහෙල්මල් චන්දයක් නිසා එන්ඩ උනානේ නිවාඩු අතරතුර. සික්...!

      Delete
  2. ආදරේ හැමදාටම ඔය විදියටම පරිස්සම් කරගන්න​....
    මගේ සුභපැතුම් !

    ReplyDelete
    Replies
    1. පුළුවං උපරිමෙන්ම මචං ඉමා.

      Delete
  3. පරිස්සමෙන් කොල්ලෝ................

    ReplyDelete
    Replies
    1. හ්ම්... ආයේ මම මොනම විදියකින් වත් වරද්දවා ගන්නේ නෑ.
      තැන්ක්ස් මචං...

      Delete
  4. උඹ ඕ‍ෙලෙවල් ‍ෙකෙොල්‍ෙලෙක් වා‍ෙගෙේ

    ReplyDelete
    Replies
    1. ලව් ඉස් බයින්ඩ් ද මක්කද දොඩනව නෙව ඒ හන්ද වෙන්නැ හිහික්

      Delete
    2. @ අටම්පහුරAugust 17, 2015 at 11:27 AM
      අම්මපා කියහං...

      Delete
    3. @ Mahesh RathnayakaAugust 17, 2015 at 12:10 PM
      එහෙම වෙන්ඩ ඇතිනේ එහෙනම්...!!!

      Delete